පුටීන්ගේ හෙලිකොප්ටර් බලඇණිය
ඇමෙරිකානු ජනපති සතු මැරීන් වන්(Marine One) හෙලිකොප්ටරය මෙන් රුසියානු ජනපතිවරයාටද නිල හෙලිකොප්ටරයක් තිබේ.එය Mi-8(Hip)හෙලිකොප්ටරයකි.Mi-8 යනු Mi-24( Hind)හෙලිකොප්ටරයේ සහෝදරයෙකි.නමුත් එයට Mi-24 මෙන් භයානක පෙනුමක් නොමැත.සීත යුද සමය සිහිපත් කරන මෙම හෙලිකොප්ටර් දෙක නිපදවා දශක ගණනක් ගතවී තිබුණද තවමත් භාවිතයේ පවතියි.මේවන තෙක් නිපදවා තිබෙන Mi-8 හෙලිකොප්ටර් ගණන 17,000 ඉක්මවන බව කියවේ.මෙම සෝවියට් හෙලික්ප්ටර්වල මාරාන්තික හැකියාවන් දුටු එක් රටක් වන්නේ ඇෆ්ගනිස්ථානයයි.Mi-8 හෙලිකොප්ටරයේ බටහිර ප්‍රතිවාදියා වන්නේ ඇමෙරිකානු UH-60 Blackhawk හෙලිකොප්ටරයයි.
දශක ගණනක් ගතවුනද Mi-8 හි යාවත්කාලීන කල Mi-8M/Mi-17 මොඩලය රුසියානු හමුදාවේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානාව තබාගෙන සිටියි.රුසියාවට බටහිර නිෂ්පාදකයන්ගෙන් මිලෙන් අධික ද්විත්ව හෝ ත්‍රිත්ව එන්ජින් සහිත හෙලිකොප්ටර් යානා ලබා ගැනීමේ හැකියාව තිබුණද රුසියානු ජනපතිගේ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නේ Mi-8 හෙලිකොප්ටර් යානාය.
ජනපති පුටීන් Mi-8MTV හෙලිකොප්ටරයකින් බසින අවස්ථාවක්
නමුත් රුසියාව සතුව නවතම හෙලික්ප්ටරයක් තිබේ.එය Agusta Westland සමාගම නිපදවන AW139 නම් හෙලිකොප්ටරයයි.ද්විත්ව එන්ජින් මධ්‍යම ප්‍රමාණයේ එකක් වන මෙය බ්‍රිතාන්‍ය සහ ඉතාලි සම්භවයක් සහිතය.මෙහි පුද්ගලයන් 15 දෙනෙකුට ගමන් කල හැකිය.රුසියානු වර්ණවලින් හැඩ ගැන්වූ මෙම හෙලිකොප්ටර් කිහිපයක් රුසියාව තුල එකලස් කිරීමට රුසියාව සහ ඉතාලිය අතර ගිවිසුමක් ඇතිකරගෙන තිබිණි.දැනට රුසියාව සතුව තිබෙන AW139 හෙලිකොප්ටර් යුගල පාවිච්චි කරන්නේ රුසියානු අගමැති දිමිත්‍රි මෙඩ්වඩෙව් වන අතර ජනපති පුටීන් තවමත් පැරණි Mi-8 හෙලිකොප්ටරයට ඇළුම් කරන බව පෙනෙන්නට තිබේ.
දැනට රුසියානු ඉහළ පෙලේ නිලධාරීන් ගමන් කරන හෙලිකොප්ටර් යානා මෙහෙය වන්නේ Roosiya ගුවන් සමාගම හරහාය.ඉන් සමහරක් රුසියානු රජයේ ප්‍රවාහන බල ඇණිය යටතේ පවතියි.මෙම බලඇණිය සතුව ගුවන් යානා 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව කියවේ.ඇමෙරිකානු ජනපතිවරයා වෙනුවෙන් Air Force One නමින් නිල ගුවන් යානයක් තිබෙනවා සේම රුසියානු ජනපති වෙනුවෙන් විශේෂිත Ilyushin Il-96-300PU ගුවන් යානයක් තිබේ.
කෙසේවෙතත් විලැඩ්මීර් පුටීන්ගේ කැමැත්ත තවමත් තිබෙන්නේ Mi-8 හෙලිකොප්ටරය වෙතයි.ඔහු භාවිතා කරන්නේ Mi-8 හෙලිකොප්ටරයේ Mi-8MTV (Hip-H)නම් මොඩලයයි.එය Mi-8T හෙලිකොප්ටරයට බොහෝ සමානය.Mi-8MTV හෙලිකොප්ටරයේ තිබෙන්නේ චතුරස්රාකාර ජනේලයන්ය(අනෙක් මොඩලවල Mi-8 හෙලිකොප්ටර් යානාවන්හි වෘත්තාකාර ජනේල තිබේ).තවද ඒවා සතුව අමතර සහායක බල ඒකක,ඇන්ටෙනා සහ සතුරු ප්‍රහාරවලට එරෙහිව අධෝරක්ත තාක්ෂණික සහාය(infrared countermeasures) තිබේ.ඊට අමතරව laser countermeasure system පද්ධතියක් වන "PRESIDENT-S"(මෙය රුසියාව සිය ගුවන් යානා(විශේෂයෙන් හෙලිකොප්ටර් යානා වෙනුවෙන්)සතුරු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් වාසර ආරක්ෂක පද්ධතියකි) ආදිය පවා මෙහි ඇතුලත් කර තිබීමට ඉහල සම්භාවිතාවයක් තිබේ.
ඔබාමාගේ මැරීන් වන් හෙලිකොප්ටරය මෙන් පුටීන්ගේ හෙලිකොප්ටරයත් සුවපපහසු ගමනකට සරිලන අයුරින් නිමවා තිබේ.එහි ඇතුලත විශාල ප්‍රමාණයේ පුටු,වටිනා ලීයෙන් කල මේස,සුවපහසු කවිච්චි,විවේක ගැනීමට කාමරයක් ආදිය අඩංගුය.ඊට අමතරව සන්නිවේදන සහ වීඩියෝ පද්ධතිද අන්තර්ගතය.මෙම හෙලිකොප්ටරයේ පසුපස දොරවල් නිසා යානයට ඇතුලු නොවී පිටතින් අවශ්‍ය බඩුබාහිරාදිය තැන්පත් කල හැකිය.
Mi-8MTV යනු Mi-8M හෙලිකොප්ටර් පවුලේ එක් මොඩලයකි.එහි අපනයන මොඩලය Mi-17 නමින් හඳුන්වයි.Mi-8Mහි නවතම පරම්පරාව වන Mi-8MTV හෙලිකොප්ටර්වලින් ඉහල කාර්යසාධනයක් ලබාගැනීම සඳහා ඒවාහි එන්ජින් යාවත්කාලීන කර තිබේ.අනෙකුත් යාවත්කාලීන කිරීම් Mi-14 හෙලිකොප්ටරය ආශ්රයෙන් සිදුකර තිබේ.Mi-8 හි පැරණි මොඩලයන්ගෙන් අලුත් සංස්කරණ වෙන්කර හඳුනා ගැනීම ඒවාහි වල්ගයේ භ්‍රමකය නිරීක්ෂණයෙන් සිදුකල හැකිබව සඳහන් වේ.පුටීන් වෙනුවෙන් යාවත්කාලීන කිරීමට පෙර Mi-8MTV මොඩලය සතුව මුලිකවම කාලගුණ රේඩාර් පද්ධතියක් තිබිණි.කිසිදු අමතර අංගයක් එකතු කිරීමකින් තොරව Mi-8MTV වර්ගයේ හෙලිකොප්ටරයක් ඇ.ඩො.මිලියන 4ක් පමණ වේ.
රුසියානු ජනපතිගේ Mi-8 හෙලිකොප්ටර් බල ඇණියේ ප්‍රමාණය පැහැදිලි නැත.එසේ වුවද අවම වශයෙන් අලු ,රතු සහ නිල් පැහැයන්ගෙන් වර්ණ ගැන්වූ Mi-8 හෙලිකොටර් දෙකක්වත් තිබේ.ඊට අමතරව ඡායාරූපවල රුසියානු හමුදාව භාවිතා කරන කොල පැහැති විධායක ශ්‍රේණියේ පිරිස්වලට වෙන්කල එක් Mi-8 හෙලිකොප්ටරයක්ද තිබේ. Aeroflot නම් රුසියානු ගුවන් සමාගම මෙහෙයවන විධායක ශ්‍රේණියේ හෙලිකොප්ටරයක්ද පුටීන් භාවිතා කරයි.ඒ අනුව මෙම හෙලිකොප්ටර් බල ඇණිය හෙලිකොප්ටර් 4-6 ක් පමණ වේ යැයි දළ වශයෙන් අනුමාන කල හැකිය.කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය විටෙක රුසියානු හමුදාවේ සහ Aeroflot ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියට වෙන්වූ ප්‍රවාහන හෙලිකොප්ටර් භාවිතා කිරීමට හැකියාව තිබේ.
Source:foxtrotalpha.jalopnik.com
-HarshaLulzSec-

Mi-8MTV හෙලිකොප්ටර් දෙකක් ගුවන් ගත කරමින්

රුසියානු අගමැති දිමිත්ර මෙඩ්වඩෙව් AW139 හෙලිකොප්ටරයකට ගොඩවන්නට යමින්
රුසියානු අගමැති Agusta Westland AW139 හෙලිකොප්ටරයකින් බැස එන අයුරු
රුසියානු අගමැතිවරයා AW139 හෙලිකොප්ටරය ඇතුලත
දැනට රුසියානු ඉහළ පෙලේ නිලධාරීන් ගමන් කරන හෙලිකොප්ටර් යානා මෙහෙය වන්නේ Roosiya ගුවන් සමාගම හරහාය.ඉන් සමහරක් රුසියානු රජයේ ප්‍රවාහන බල ඇණිය යටතේ පවතියි.මෙම බලඇණිය සතුව ගුවන් යානා 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව කියවේ.ඇමෙරිකානු ජනපතිවරයා වෙනුවෙන් Air Force One නමින් නිල ගුවන් යානයක් තිබෙනවා සේම රුසියානු ජනපති වෙනුවෙන් විශේෂිත Ilyushin Il-96-300PU ගුවන් යානයක් තිබේ.
Ilyushin Il-96-300PU ගුවන් යානයක්
කෙසේවෙතත් විලැඩ්මීර් පුටීන්ගේ කැමැත්ත තවමත් තිබෙන්නේ Mi-8 හෙලිකොප්ටරය වෙතයි.ඔහු භාවිතා කරන්නේ Mi-8 හෙලිකොප්ටරයේ Mi-8MTV (Hip-H)නම් මොඩලයයි.එය Mi-8T හෙලිකොප්ටරයට බොහෝ සමානය.Mi-8MTV හෙලිකොප්ටරයේ තිබෙන්නේ චතුරස්රාකාර ජනේලයන්ය(අනෙක් මොඩලවල Mi-8 හෙලිකොප්ටර් යානාවන්හි වෘත්තාකාර ජනේල තිබේ).තවද ඒවා සතුව අමතර සහායක බල ඒකක,ඇන්ටෙනා සහ සතුරු ප්‍රහාරවලට එරෙහිව අධෝරක්ත තාක්ෂණික සහාය(infrared countermeasures) තිබේ.ඊට අමතරව laser countermeasure system පද්ධතියක් වන "PRESIDENT-S"(මෙය රුසියාව සිය ගුවන් යානා(විශේෂයෙන් හෙලිකොප්ටර් යානා වෙනුවෙන්)සතුරු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් වාසර ආරක්ෂක පද්ධතියකි) ආදිය පවා මෙහි ඇතුලත් කර තිබීමට ඉහල සම්භාවිතාවයක් තිබේ.
"PRESIDENT-S" system
PRESIDENT-S ආරක්ෂක පද්ධතිය සහ එය ක්‍රියාත්මක වන අයුරු
පුටීන් භාවිතා කරන Mi-8 හෙලිකොප්ටරයේ චතුරස්රාකාර ජනේල
ඔබාමාගේ මැරීන් වන් හෙලිකොප්ටරය මෙන් පුටීන්ගේ හෙලිකොප්ටරයත් සුවපපහසු ගමනකට සරිලන අයුරින් නිමවා තිබේ.එහි ඇතුලත විශාල ප්‍රමාණයේ පුටු,වටිනා ලීයෙන් කල මේස,සුවපහසු කවිච්චි,විවේක ගැනීමට කාමරයක් ආදිය අඩංගුය.ඊට අමතරව සන්නිවේදන සහ වීඩියෝ පද්ධතිද අන්තර්ගතය.මෙම හෙලිකොප්ටරයේ පසුපස දොරවල් නිසා යානයට ඇතුලු නොවී පිටතින් අවශ්‍ය බඩුබාහිරාදිය තැන්පත් කල හැකිය.
පුටීන් සමග Mi-8MTV හෙලිකොප්ටරයක ගමන් කරන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV හෙලිකොප්ටරයේ ඇතුලත
Mi-8MTV යනු Mi-8M හෙලිකොප්ටර් පවුලේ එක් මොඩලයකි.එහි අපනයන මොඩලය Mi-17 නමින් හඳුන්වයි.Mi-8Mහි නවතම පරම්පරාව වන Mi-8MTV හෙලිකොප්ටර්වලින් ඉහල කාර්යසාධනයක් ලබාගැනීම සඳහා ඒවාහි එන්ජින් යාවත්කාලීන කර තිබේ.අනෙකුත් යාවත්කාලීන කිරීම් Mi-14 හෙලිකොප්ටරය ආශ්රයෙන් සිදුකර තිබේ.Mi-8 හි පැරණි මොඩලයන්ගෙන් අලුත් සංස්කරණ වෙන්කර හඳුනා ගැනීම ඒවාහි වල්ගයේ භ්‍රමකය නිරීක්ෂණයෙන් සිදුකල හැකිබව සඳහන් වේ.පුටීන් වෙනුවෙන් යාවත්කාලීන කිරීමට පෙර Mi-8MTV මොඩලය සතුව මුලිකවම කාලගුණ රේඩාර් පද්ධතියක් තිබිණි.කිසිදු අමතර අංගයක් එකතු කිරීමකින් තොරව Mi-8MTV වර්ගයේ හෙලිකොප්ටරයක් ඇ.ඩො.මිලියන 4ක් පමණ වේ.
රුසියානු ජනපතිගේ Mi-8 හෙලිකොප්ටර් බල ඇණියේ ප්‍රමාණය පැහැදිලි නැත.එසේ වුවද අවම වශයෙන් අලු ,රතු සහ නිල් පැහැයන්ගෙන් වර්ණ ගැන්වූ Mi-8 හෙලිකොටර් දෙකක්වත් තිබේ.ඊට අමතරව ඡායාරූපවල රුසියානු හමුදාව භාවිතා කරන කොල පැහැති විධායක ශ්‍රේණියේ පිරිස්වලට වෙන්කල එක් Mi-8 හෙලිකොප්ටරයක්ද තිබේ. Aeroflot නම් රුසියානු ගුවන් සමාගම මෙහෙයවන විධායක ශ්‍රේණියේ හෙලිකොප්ටරයක්ද පුටීන් භාවිතා කරයි.ඒ අනුව මෙම හෙලිකොප්ටර් බල ඇණිය හෙලිකොප්ටර් 4-6 ක් පමණ වේ යැයි දළ වශයෙන් අනුමාන කල හැකිය.කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය විටෙක රුසියානු හමුදාවේ සහ Aeroflot ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියට වෙන්වූ ප්‍රවාහන හෙලිකොප්ටර් භාවිතා කිරීමට හැකියාව තිබේ.
ජනපති පුටීන් ඇමෙරිකානු ජනපතිගේ Marine One හෙලිකොප්ටරයට ගොඩ වෙමින්
පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero
පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero -2
ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා
ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2
රුසියානු ජනපතිට වෙන්වූ ප්‍රවාහන සේවා වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.