පුණ්‍ය නිධානය…
අපිට ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ දී අපි ගොඩාක් දක්ෂ වෙන්ට ඕනැ හැකිතාක් පිං රැස්කරගන්න. හැබැයි ඒ පිං රැස් කිරීම, අර්ථය දැනගෙන වැටහීමෙන් කරන්ට ඕනෙ. එතකොට තමයි ඒ කරන පින මහත් ඵල මහානිසංස වෙන්නේ. ඒ විදිහට මහත් ඵල මහානිසංස පිං කරන්නට බුද්ධ ශාසනයක් ලෝකයේ නැති කාලෙක මනුෂ්‍යයාට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. නමුත් ඒ කාලවලදීත් මිනිස්සු පිං කරනවා. හැබැයි ඒ කරන පින මහත් ඵල මහානිසංස කරගන්ට ඒ අයට තේරෙන්නේ නෑ. ඇයි..? පින මහත් ඵල මහානිසංස වෙන ආකාරය කියාදෙන බුදු කෙනෙක් ලෝකයේ නෑ. නමුත් ගෞතම බුදු රජාණන් වහන්සේ පින ගැන අපට කියා දුන්නා. පිනේ වටිනාකම ගැන, මහත් ඵල මහානිසංස වෙන විදිහට පින් රැස් කර ගන්න ආකාරය ගැන අපට පෙන්වා දුන්නා. අන්න ඒ විදිහට පින ගැන දැනගෙන පිං කරන කෙනාට, අවබෝධයෙන් පිං කරන නිසා, රැස්වන පින මහත් ඵල මහානිසංස පිනක් බවට පත්වෙනවා.
“නිධිකණ්ඩ” කියන සූත‍්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපිට මේ විදිහට පින ගැන කියල දෙනවා, “මේ පුණ්‍යය නිධානය හැම දෙනාටම බෙදා ගන්නට බෑ. හොරුන්ට පැහැර ගන්නට බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍යය නිදානයයි නුවනැත්තා පිං වශයෙන් රැස්කළ යුත්තේ.” කියල. එතකොට බලන්න, අපි පිනක් කළොත් ඒක වෙන කෙනෙකුට ගන්ට බෑ. ඒක තමාට ම සැපය ලබාදීම පිණිස උපකාර වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අපට පෙන්වා දෙනවා ”දෙවි මිනිසුන්ට තමන් කැමති හැම සැප සම්පතක් ම ලබා දෙන්නේ මේ පුණ්‍යය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප‍්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍යය නිධානයෙන් ලබා ගන්නට පුළුවනි. ලස්සන රූපයක් ලැබෙන්නටත්, මිහිරි ස්වරයක් ලැබෙන්නටත්, මනා අඟපසගින් යුත් සුන්දර සිරුරක් ලැබෙන්නටත්, ඉහල සමාජ තත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නටත් මේ පුණ්‍යය නිධානය හේතු වෙනවා.” කියල. එතකොට අපි යම් ප‍්‍රාර්ථනාවක් කරනවා නම් අපි රැස්කරගන්නා පින මඟින් එය ඉටුකර ගන්ට පුළුවන් කම තිබෙනවා. නමුත් අපි රැුස්කරගත්ත පිනක් නැතිනම් ඒක අපට ලබන්ට බෑ.
ඒ වගේ ම තමයි ප‍්‍රාදේශිය රජකම් ලබන්නටත්, සැප සම්පත් ලබන්නටත්, සක්විති රජකම ලබන්නටත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙන්නටත් මේ හැම දේකට ම පුණ්‍යය නිධානය හේතු වෙනවා. ඊලඟට භාග්‍යවතුන් වහන්සේ අපිට කියල දෙනවා, ”මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝකයේ සැපත්, තව සැප ඇත්නම් ඒවාත්, ඒ අමා නිවන් සුවයත් යන මේ හැම දෙයක් ම පුණ්‍ය නිධානයෙන් ලබා ගන්නට පුළුවන්. සමාධිය ඇතිකර ගැනීමත්, යෝනිසෝමනසිකාරයේ යෙදීමත් නිසා විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්නටත්, ඒ ගුණ ධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත් මේ හැම දේකටම පුණ්‍ය නිධානය හේතු වෙනවා” කියල. එතකොට බලන්න මේ පින කියන්නේ මොන තරම් වටින දෙයක් ද කියල.
අපි මේ විදිහට පිනේ විපාක ගැන දැන ගන්න කොට ඒ පිනට අපේ සිතේ කැමැත්තක් උපදිනවා. ඒ විදිහට පින ගැන කැමැත්තක් ඉපදෙන කොට ම ඒ කැමැත්ත මුල් වෙලා වීරිය උපදිනවා. ඒ වීරිය හේතුකොටගෙන අලසකම් නැති වෙලා යනවා. ඒකයි මේ ජීවිතේ පරිවර්ථනය වෙලා යන විදිහ. එහෙනම් අපි මේ ධර්මය ඉගෙන ගෙන මෙහි සාරය ගත්තොත් අපේ ජීවිතය පරිවර්ථනය වෙන්න පටන් ගන්නවා. මේ බලන්න භාග්‍යවතුන් වහන්සේ ඊලඟට කියල දෙන දේ, ”අර්ථ, ධම්ම, නිරුක්ති, ප‍්‍රතිභාන යන පටිසම්භිධාවන්, අෂ්ඨ විමොක්ෂයන්, ශ‍්‍රාවක බෝධියත්, පසේ බුදු බවත්, සම්මා සම්බුදු බවත් යන මේ හැම දේකට ම පුණ්‍ය නිධානය හේතු වෙනවා. ඔය විදිහට යම් පුණ්‍ය සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප‍්‍රඥාවන්ත සත්පුරුෂයින් කළ පිං ඇති බවට ප‍්‍රශංසා කරන්නේ.” එතකොට මේ බලවත් වු කුසලයන් උපදවා ගන්න අපිට පිනම තමයි උපකාර වෙන්නේ.
යම් කෙනෙක් මේ දේශනාව විස්වාසයෙන් ඉගෙන ගත්තා නම් එයා කවදාකවත් පිං කරන්න අකමැති වෙන්නේ නෑ. එයා එයාගේ ජීවිතේ හැම තප්පරයක් ම පිං කිරීම පිණිස යොදා ගන්නවා. ඇයි..? එයා දන්නවා සියලූ ම සැප සම්පත් පින මගින් ලැබෙන්නේ කියල. ඒක එයාගේ වැටහීමක් බවට පත් වෙනවා. එතකොට එයා නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. බලන්න නුවණ ඇති වුණේ කොහොමද? අපි කලින් දන්නැති දේ විස්වාසයෙන් ඉගෙන ගත්තා. යම් කෙනෙක් ඒ විදිහට මේ ධර්මය අදහා ගත්තොත් එයා බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා භාග්‍යවතුන් වහන්සේ කෙරේ ශ‍්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිගත් කෙනා ඒ ධර්මයට අනුව කටයුතු කරනවා. ඒ කියන්නෙ එයා ඒ ධර්මය පුරුදු කරනවා. ධර්මය පුරුදු කරනවා නම් එයා ධර්මයටත් පැහැදිලා. එතකොට එයා ඒ ධර්මය පුරුදු කරන්නා වූ, ඒ ධර්මයට පැහැදුණු පිරිස ගැනත් පැහැදිලා. එයා තෙරුවන් කෙරෙහි ම පැහැදිලා. තෙරුවන් කෙරෙහි පැහැදුනු කෙනා පිං කරගන්නවා. එයා දවස පුරාවට ම අන් අය සමග සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නේ පිං කරන නිසා. සතුට කියන්නේ සැපයක්. ඒ වගේ ම එයා තුළ හොඳ සිතුවිලි පවතිනවා. හොඳ වචන පවතිනවා. ඇයි සැප සහිතයි එයාගේ සිත. ඒ වගේ ම හොඳ කායික ක‍්‍රියාත් පවතිනවා. එයා සතුටු සිතින් වාසය කරනවා කියන එක සිද්ධ වෙන දෙයක්.
එතකොට බලන්න, පිනෙන් අපට නෙයෙකුත් සැප සම්පත් ලැබෙනවා. නමුත් ඒ අතර අග‍්‍ර වෙන්නේ නිවන් අවබෝධය යි. එහෙමනම් කරන හැම පිනක් ම නිවන් අවබෝධය පිණිස උපකාරවේවා කියන අදහසින් කරන්න. හැම වෙලාවෙම හැකි සෑම ආකාරයකින් ම පිං කරගන්ට බලන්න. එතකොට ඒ පින මේ ජීවිතේ සැප ඇති කර ගන්නටත්, මතු ජීවිතේ සැප ඇති කර ගන්නටත්, ඒ වගේ ම නිවන අවබෝධය පිණිසත් අපට උපකාර වෙවි. අපි සියලූ දෙනාට ම ආශිර්වාද කරනවා හැකිතාක් පිංකර ගැනීම පිණිස හැකියාව උදාවේවා කියල.

සියලූ දෙනාට ම තෙරුවන් සරණයි…!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
Last edited: