පුතුනි ! කෙලෙස අතැර යන්නද නුඹ ?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පුතුනි ! කෙලෙස අතැර යන්නද නුඹ ?

'පුතුනි ! කෙලෙස අතැර යන්නද නුඹ?' :(:(

තම කුසෙන් උපන් අලිපැටවා මියගොස් තිබියදීත් මව් ඇතින්න එම දේහය අසල රැඳී සිටිමින් එයට රැකවරණය ලබාදුන් ආකාරය ඊයේ (31) වැල්ලවාය දෙමළිය වැව ආශ්‍රිත ප්‍රදේශයකදී දකින්නට ලැබුණි.

දෙමළිය වැව අසල දහවල් කාලයේ ඇතින්නක රැඳී සිටින බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් පිලිබඳ සොයා බැලීමට එම ස්ථානයට ගිය ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරින් හට දකින්නට ලැබුණේ පැටවෙකු ලඟ රැඳී සිටින මවු ඇතින්නකි.

මේ බව සැලවී එම ස්ථානයට ගිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වීඩියෝ පටය සහ ඡායාරුප එවමින් බීබීසීයට කියා සිටියේ පසු දින (01) සවස් යාමයේ දීත් මව් ඇතින්න පැටවා අසලටම වී සිටින අයුරු දකින්නට ලැබුණු බවයි.

_90993283_03.jpg

ඇතින්නගේ ශරීර ලක්ෂණ අනුව පැටවා ඊයේ (31) උපන් බවට නිගමනය කළ හැකි බව වන ජීවී නිලධාරින් පැවසූ අතර අලි පැටවා එම අවස්ථාවේ මියගොස් තිබුණි.

මාස 22ක් තිස්සේ කුස දරා සිටි තම පැටවා අතහැර නොයා එම ස්ථානයේ රැඳී සිටිමින් පැටවාගේ ඇඟට වසන මැස්සන් එලවමින් සිටින ඇතින්නගේ මවු සෙනෙහස බලා සිටියවුන් ගේ දෙනෙතට කඳුළු නැංවීමට සමත් විය.

වන ජීවී නිලධාරින් පැය තුනකට වඩා කාලයක් එම ස්ථානයේ රැඳී සිටියත් ඇතින්න පැටවා කෙරෙන් ඉවත් නොවූ බැවින් ඇතින්නගේ මවු සෙනෙහසට බදා නොකරමින් වන ජීවී නිලධාරීන් ඉවත් ගියේ ඇතින්න අසලට නොයන ලෙස ප්‍රදේශ වාසීන් දැනුවත් කරමිනි.

 
  • Like
Reactions: 07sanjeewakaru