මම ආසයි පුංචි පුතෙකුට
අතේ එල්ලගෙන හැම තැනම ඇවිදින්න....
පිට රටවල ගෙනියන්න....
යුනිවර්සල්, ඩිස්නිලන්ඩ් පෙන්වන්න.....
බැට්මෑන් වගේ අන්දන්න....
බැට්‍රි කාර් එකක් එලවන්න....
දෙන්නා එකට ඉඳ....
කාටූන් බලන්න.....
බෙන් ටෙන් ටී ෂර්ට්...
ඔරලෝසු පළඳන්න.....
Concert ගෙනියන්න
සුපිරි තරු පෙන්වන්න
දුර දක්නයක් ගෙනැත්
රෑ අහස පෙන්වන්න
තරු රටා එළි දෙන්න
චූටි ඇස් දිලිසෙන්න
සැටියේ දෙපස ඉඳගෙන....
ප්ලේ ස්ටේෂන් ගේම් ගහන්න....
ගහන හැම ගේමම...
මම ඌට පරදින්න.....
උගේ අම්මිට හොරෙන්....
බර්ගර් කිංග් රිංගන්න.....
මහත් වේගෙන එතොත්....
ජිම් එකට ගෙනියන්න....
ඉස්කෝලෙ දම්මන්න.....
හොඳට වැඩ පෙන්නන්න....
වෙන මුකුත් නොකරතත්....
ගේම ඉල්ලන උන්ට....
මැඳැඟිල්ල පෙන්නන්න
උන් මූට බයවෙන්න....
මුගේ දඟ වැඩ නිසා....
මිස් මාව ගෙන්නන්න....
නව යොවුන් විය එද්දි....
කෙල්ලන්ගෙ හද ගැස්ම....
මොහොතකට නවතන්න....
තාත්තා වාගේම...
හැන්ඩි කොලුවෙක් වෙන්න....
ලොකු උනාම....
ඌ එක්ක සෙට් වෙන්න....
ෆිල්ම් ගැන දොඩවන්න...
ආස සෙක්සිම නිළිය...
මොකීදැයි අහගන්න....
ඒකිගේ අඟ පසඟ....
කියන හැටි දැක ගන්න....
"ඇයි යකෝ යුනි එකේ
සුද්දි කෙල්ලෙක් නැද්ද
තෝ එක්ක සෙට් වෙන්න? "
උගෙ කටින් අහගන්න....
"ඉන්නවා තාත්තී"
කියලා ඌ කිව්වාම
"එක්ක පළ ඩිනර් එකට
මැටි පිළිමේ වගෙ නොඉඳ....
එහෙමනේ දා ගන්නේ....
දන් නැද්ද ඒවා උඹ...?"
ඔය වගේ දොඩවන්න....
ඉඳ හිටලා කට් වෙන්න....
ගෙදර වැනි වැනි ඇවිත්....
"අනේ මගෙ දෙයියනේ
මරු තාත්තයි, පුතයි!"
බැණුම් පොදි අහගන්න....
කවද හරි දුර දිනක....
පළමු ලෝකෙ රටක....
පියවරුන්ගේ දිනට....
ඌ ගේන කාඩ් එක....
"ඩැඩී ලව්ස් යූ ටූ"
කියා ඔළුව සිඹ පිළිගන්න...
කුමන රස්සාවක් කළත්....
ඌ කොහේ නැවතුනත්....
අවසාන පණිවිඩය...
"Know that I`ve always being proud of You !"
රෝහලේ ඇඳක සිට...
උගේ ෆෝන් එකට යවන්න....
කවදා හරි සොහොන ළඟ...
ඌ ඇවිත් හවසකට...
විස්කි වීදුරුවක් තබා....
ෂොට් එකක් ඌත් බී...
"Wish you were here Dad !" කියන
පොඩි පුතෙක් මට ඕන..... ^_^


- තොගේ අප්පොච්චි




