ටිකක වෙලා අරගෙන හොදට මේ ටික කියවලා බලපන් මචන් . . .
"උබල හිතාගෙන ඉන්නේ අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපි ඒවට අනිත් අය ඉගෙන ගන්නවට ඉරිසියා නිසා කියලනේ. එහෙම තමයි උබලට පෙන්නේ, හැබැයි ඇත්ත ඒක නෙමෙයි මචන්. කෙලින්ම කියනවා නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.
පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි වගේම මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබලා පාඩම් කරලා, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරලා කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරලා එතනට එන්න හදන එකට විරුද්ධ වෙන එක අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආඅවේ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනවා අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.
කැපවීම වගේම විභාගෙන් හොඳ රිසාල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕනා. මහන්සියට කැපවීමට වටිනා කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටිනා කමක් ලැබෙන්න ඕනා. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට අපි මහ ආත්මාර්තකාමින් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන ?
ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ෂකම් මනින්න බැහැයි කියන එක, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියි කියන එක. ඒක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමයත් ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැහැ. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නේ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න, ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාධිය දෙන්න. එතකොට මැරිලා මැරිලා මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙකම සමාන වෙනවා. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව උබලා කොහොමද ඒක හරියි කියල කියන්නේ.
ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලට කැමත් අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනවා. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියලා. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද ? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද ? නෑ නේද ? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මමලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕනා.
හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවද කියලා තමයි හිතන්න වෙන්නේ."








