මචන් උබ මෙතන අහන ප්‍රශ්නයක් තමයි ලකුණ්ක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කයනේ මචන් උබ ඉන්නේ. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියල. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද? නෑ නේද? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මම ලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන කෙනා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති කෙනා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕන.
අපි කියන්නේ ඔය ප්‍රයිවට් කැම්පස් නවත්තලා විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශය ලැබෙන සංඛ්‍යාව තව වැඩි කරන්න කියලා, ඒකෙ කිසි කතන්දරයක් නෑ. ප්‍රයිවට් කැම්පස් නවත්තලා ඒකට විසඳුම සුදුසුකම් තියන ඕන කෙනෙකුට යන්න පුලුවන් වෙන්න රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක මිසක් සල්ලි කාරයින්ට විතරක් යන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල දාන එක නෙමෙයි. අලුත් විශ්ව විද්‍යාල ඇති කරලා, නව පාඨමාලා හඳුන්වා දීමෙන් හරි එහෙමත් නැත්තන් ඉල්ලුමට අනුව දැනට තියන වලට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන එක හරි අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. ඒ වගේම එතනින් එහාට තාක්ෂණික පාඨමාලා, වෘත්තීය පුහුණුව වගේ දේවල් තව වැඩි වැඩියෙන් එකතු වෙන්න ඕන.ඒ දේවල් කරන්නෙ නැතුව ආණ්ඩුව මෙතන නටන්න යන්නෙ වෙන නැටුමක්. ඒකට උඩගෙඩි දෙන්න නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙන ගත්තු පිරිසක් සූදනම් වෙලා ඉන්න එක තමයි දුක. මීයක් කඩන්නේ අත ලේවකන්න නෙමෙයිනේ.
habai intake aka wadi karala island 1st and island 1500 2ma ekama uni eke medicine giyoth thawa awulak ethana
අපෝ බං හිරිකිතයි
