පුදුම හෝඩියක් ! : බසක අරුමය

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පුදුම හෝඩියක් ! : බසක අරුමය




    පුදුම හෝඩියක් ගැන අපූරු කතාවක් මං මෑතකදි කියවපු පොතක තිබුණා. ඒ පොත ‘බුදුන් වදාළ උපමා’. ගල්කිස්සේ ධර්මේන්ද්‍රාරාමයේ වැඩ සිටින මීරිගම ගෝතම හාමුදුරුවන් ලියපු පොතක්. මගේ සිත තදින් ඇද ගත්තු ඒ කතාව පළ වුණේ ‘බැතිපුද’ නමින් වූ එහි පෙරවදනෙයි. තමන්ගේ ගුරු හිමියන්ට ගෞරව දක්වන්න පුළුවන් හොඳම විදිය ඒකයි කියල මට හිතුන. ඒ වගේ ම කියවල ඉවර වුණා ම අපේ උරුමය ගැන පුංචි ආඩම්බරයකුත් හිතේ ඇති වුණා. මෙන්න ඒ කතාව:

    දිනක් මා ඇමතූ ලොකු හාමුදුරුවන් මගේ මනසට ලොකු ගැටලූවක් ඇතුළු කළා මතකය. ”දැං පාළි සංස්කෘත පොඩි පොත් කියවන්න පුළුවන්නෙ.” ”එහෙයි හාමුදුරුවනේ.” ”හොඳයි, පුළුවන්ය කියල මං කියන්නං, මං කියන හෝඩියේ අකුරු දෙක කිව්වොත්. මං දන්න පාළි, සංස්කෘත, හින්දි, බෙංගාලි භාෂා හෝඩිවල පමණක් නෙවෙයි, දෙමළ හෝඩිවලවත් නැති අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු කියන්ඩ බලන්ඩ. ඕන්න එතකොට මං කියන්නං හපනා කියලා. දැං බැරි නං කල්පනා කරල පස්සෙ කියන්ඩ. හැබැයි අකුරු දෙකක් එකතු කරල එන ශබ්ද තියෙන අකුරු නෙමෙයි.”

    මම කාමරයට ගොස් කල්පනා කළෙමි. වැඩිදුර සිතීමට මට අවශ්‍ය නො වූයේ ශුද්ධ සිංහල හෝඩියත් සංස්කෘත හෝඩියත් මා හොඳින් ප‍්‍රගුණව සිටි නිසාය. ජයග‍්‍රාහී සිතක් ඇති වූ නිසා මම ලොකු හාමුදුරුවන් ළඟට ගොස් උන්වහන්සේට ඒ අකුරු දෙක කිව්වෙමි. කියවමින් සිටි පොතින්, ඉවත් කළ නෙතින්, මා දෙස බැලූ උන්වහන්සේ සුපුරුදු සෞම්‍ය සිනහ මුහුණින්, ”ම්හ්, මං කිව්ව අකුරු නොමෙයිනෙ. ‘ඍ ඍ ඏ ඏෘ’ අකුරු හතර ‘ඉ’ යන්න ‘රු’ යන්න එකතු කෙරුවහමත් ‘ඉරු’ කියල කියවෙනවනෙ. ‘ඉ’ යන්න ‘ලූ’ යන්න එකතු කරපුවහම ‘ඉලූ’ කියවෙනව. මං කිව්වෙ තනි අකුරු දෙකක් ගැනනෙ.” මගේ ජයග‍්‍රාහී සිත වයා බිඳ වැටුණි.

    මම නොයෙක් හෝඩි ඉගෙන ගතිමි. ඒ අතරින් සරල ම හෝඩිය වූ ඉංගී‍්‍රසි හෝඩියටත් එම බසටත් මගේ අවධානය යොමු විණ. මගේ සාමාන්‍ය පොත පතේ වැඩ මේ අකුරු සෙවීම නිසා අතපසු වන බව දුටු නිසා දෝ දිනක් මා ඇමතූ ලොකු හාමුදුරුවන් වහන්සේ ”පොඩි නම, අපේ සිංහල හෝඩිය පුදුම හෝඩියක්. දැන් ඉංගී‍්‍රසි අකුරු දන්න හින්ද, වැල්ලවත්ත කියල ලියන්න.” එය ඉංගී‍්‍රසි අකුරින් ලියවුණේ වෙල්ලවත්ත යනුවෙනි. මම සංස්කෘත අකුරින් ලියා බැලූවෙමි. එය වල්ලවත්ත විය. මට අවබෝධය ආවේ නිතැතිනි. අකුරු දෙක ‘ඇ ඈ’ ය. මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජුගෙන් ඇසූ අඹ ගසේ ප‍්‍රශ්නය මේ වන විට මා දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ගුරු හාමුදුරුවන් සඳහන් කළ හෝඩි අතර සිංහල හෝඩිය නො තිබූ බව මට සිතා ගන්නට තිබුණි.

    (මීරිගම ගෝතම ස්ථවිරයන්ගේ සූත‍්‍ර පිටකය ඇසුරින් බුදුන් වදාළ උපමා - ISBN 978-955-1887-06-3)