පුනර්භවය ගැන සංවාදයක්

Superuser

Member
Aug 30, 2015
723
73
0
පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්‍රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
පිටපත - එස්. සේනාරත්න.
ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.

I read several times just to find the relevance of the constant P to the equation and the definition of the constant M but I couldn't find them.

People who make these assumptions (the logical thinkers who don't care about the basic facts before constructing their ultimate logic) may mind that M, N and K are always described as infinite quantities making these assumptions utterly meaningless.
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය තර්කය පෙනේරයක් වගේ සිදුරු ගොඩක් විතරයි.
    කවුද කිවුවේ විශ්වය "0" ශුන්‍ය කියන තැනකින් ආරම්භ වෙනවා කියලා. මෙහෙම උපකල්පනයක් කරන්න අද කිසිම විද්‍යාවකට පදනමක් නැහැ (ඔබගේ තර්කය නිවැරදි වීමට නම් මෙය ඔබ විසින් සාදනය කර පෙන්වියයුතුය). මොන විද්‍යාවකින් විශ්වය ශුන්යෙන් පටන්ගන්නවා කිවුවත් අරම්භයට මැවුම්වාදය ඇදාගනිමට සිදුවන්නේ සාමාන්‍ය මිනිසෙකුට බුදුදහමේ එන පහත සංකල්පය ස්වයං-ඥානයෙන් තේරුම් ගත නොහැකි වීම නිසයි.

    ඔය ප්‍රශ්නය තේරුම් ගන්න බුද්ධාගමේ එන සංකල්පය එනම් .. විශ්වයේ ලාක්ෂණික ස්වභාවය තමයි අපිට කොතරම් කාලයක් ආපස්සට දකින්න පුළුවන් ද , ඒ හැම කාලයකදීම සතරමහා භූතයන් (පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ) විශ්වයේ පවතිනවා යන්න (එනම් විශ්වයට ශුන්‍යත්වයේ ආරම්භයක් නොමැති බවය.). මෙම සතරමහා භුතයන් අවිද්‍යාව නිසා එකිනෙක සම්භන්ද වීමෙන් නාම-රූප හටගනී, නාම-රූප ආශ්‍රිතව විඥානයද විඥානය ආශ්‍රිතව කර්මයද හටගනී (K අගය ඇතිවීම , මෙය නියතයක් විය යුතුම නොවේ. නියතයක් වීමට නම් ඉහත සදහන් කල ක්‍රියාවලිය නතරවිය යුතුය ) .

    පුනර්භවය - කලින් සදහන් කල විඥානය නාම-රූප පදනම් කරගෙන පවතින අතර , නාම-රූප බිදිගියද වෙනත් නාම-රූපයක් පදනම් කරගෙන එහි පැවැත්ම තහවුරු කරගනි. උදාහරණයක් ලෙස , නාම-රූප ලෙස ගිනි පෙට්ටියක් සහ ගිනි කුරක් ගතහොත්, මෙම වස්තුන් දෙක එකට ඇතිල්ලීමෙන් හටගන්නා ගින්දර, ගිනිපෙට්ටිහිවත් , ගිනි කුරේහිවත් කලින් තිබුනේ නැත. නමුත් එම වස්තුන් ගැටීමෙන් හටගන්නා ගින්දර මගින් වෙන පහනක් දැල් වුවහොත් , කලින් සදහන් කල ගිනි කූර දැවී අවසන් වුවද එමගින් දැල්වූ පහන පදනම් කරගෙන එම ගිනි දැල්ල පැවතිය හැකිය. නමුත් එම ගිනි දැල්ල මුල් ගිනි දැල්ල නොමැති නිසා , පරණ ගිනිදැල්ල නොවනවා සේම ස්වයං ජාත නොවූ නිසා වෙනත් ගිනිදල්ලක් ද නොවේ.

    බුද්දාගමේ ලෝකයේ උපත්තී කථාව ගැන සදහන් වෙන්නේ අග්ඥ සූත්‍රය එහි සදහන්වෙනවා අරසරබ්‍රහ්ම ලෝකයෙන් පැමිණි දෙවි වරු ප්‍ර්ටුවියේ තිබු යම් තරලයක් ආහාරයට ගෙන එමනිසා ඔවුන්ගේ ශරීර ගනබවට පත්වී භෞතික ජිවියා බිහිඋනා කියල..නමුත් අරස්සර බබුලොවට දෙවියන් පැමිණියේ කෙසේද කියල විස්රතයක් අග්ඥ සූත්‍රයේ නැ..ඔබ කියන සතර මහා බුතයන්ගේ කතාව සදහන් වෙන සුට්‍රය මොකක්ද..?එම සන්සිද්දීය පෘතුවි තලයෙන් එපිට සිදුවු දෙයක්ද?..බුද්දාගම ඇතුළු කිසිදු ආගමකින් ජීවයේ උප්පත්තීය ගැන කියල නැ..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ai ban maha loke winasa wenakota dewa lokath winasa wenawalune,etakota siyaluma sathwayo abassara loke thamai ipadenewa kiyanne.mind made.manasak athi sathwayo.body ekak ne.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මෙය ඉතාමත් මෝඩ තර්කයකි,,භොතිකවාදීන් එම චින්තනයෙන්ම බුදු දහම විග්‍රහ කිරීමට යැමෙන් පොට පටලවා ගනි,,,ඔවුහු කෙලවර දකිත් නම් ආරම්භය සොයා ගැනීමට උත්සාහ කරති,,,මුලු බටහිර විද්‍යාවම පදනම් වී ඇත්තේ මෙම සරල රේකීය චින්තනය මතයි,,,,ඒ තුළ පිහිටා බුදු දහමේ ඉගැන්වීම් විග්‍රහ කිරීමට යාම අමුම විහුලුවකි,,,,නමුත් බුදු දහම පමණක් නොව ඇතැම් පෙරදිග දර්ශනයන් වල ඉගැන්වීම් පදනම වක්‍රාකර චින්තනයක පදනම් වී ඇති බව ඔවුහු නොදනිති,,,,වක්‍රයක මුලක් නොමැත්,,නමුත් මේ වක්‍රය කොතැනින් හෝ කැඩිය හැක,,,,එය මුල නොවේ,,,මෙය අවබෝධ් කරගැනීමට නම් බටහිර දර්ශනයන් හා බුදු දහම ගැන හොඳ දැනුමක් තිබිය යුත්යි,,,,සත්ය වශයෙන් පවසනවානම් සිත දියුනු නොකල පුහුදුන් පුද්ගලයින් වන අප මෙම සරල රේකීය චින්තනයෙන් කටයුතු කිරීම ලෝක ස්වභාවයයි,,,,ඔබ පවසන ගණිත සංකල්පය නිවැරදි යයි හැඟෙනු ඇත,,, ඒ ඔබ හිතන රාමුව තුළයි,,,,නමුත් එය ඉක්මවාගිය තැනක සිට විග්‍රහ කල යුතු බව තේරුම් ගන්න,,,
    Facts නැති වේගෙන එනකොට ඕනෙම ආගමක් (බුද්දාගම ආගමක් ලෙස හදින්වීමත අකමැත්තෙමි ) කියන්නේ මේක තමා අද්යත්මය විද්‍යාවත් පටලවගන්න එපා කියලා..නමුත් විද්‍යාවෙන් ඕනෙම දෙයක් පැහැදිලි කරන්න පුළුවන් ආගම් පැහැදිලි කරන්න බැරි ඒවා pure බයිලා නිසා මේවා වැටෙන්න ජනප්‍රවාද හා සාහිත්‍ය ගණයට..මනෝ විද්‍යාවෙන් ආගම් හා දේව විසවාස පැහැදිලි කරන්න පුළුවන්..විද්‍යාවෙන් සොයා නොගත් දේවල් තියනවා තමා..ආගම් වලින් සොයා ගත් කිසිවක් නැති අතර facts වලට එච්චර තැනක් නොතිබුන අවරුදු 2000 වැනි එහා කලකදී කල උපකල්පන හා විස්වාස කීපයක්ප මණක් පවතී උදා දෙවියෝ..මෙ ලැබුන මාවලස් ලයිෆ් එක දුකක් කියල කියන ආගම්...
    [/SIZE]
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ගණිතය කියන්නෙ මිනිසාගේ නිර්මාණයක් පමණි. ගණිතයට සියල්ල විස්තර කල නොහැක..

    1/0=?
    :baffled:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මැට්ටා, උඹ නියත මිත්‍යා දෘෂ්ටිකයෙකි. උඹ මරණින් මතු නිරයට යා හැක. අපිත් Maths දන්නවා. Maths වලින් හැම දෙයක්ම විස්තර කරන්න බෑ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය බුද්ධාගමේ කියන පුනර්භව කතාව නං තේරෙන්නේ නෑ මටත් :oo:

    මේකයි වැඩේ. පුනර්භවය තියෙනවද නැද්ද යන්න සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ තමන්ගේ සර්වඥතා ඥානයෙන් දැකලාමයි. ඒක දකින්න නං පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පාත ඥානය වගේ ඥානයක්වත් තියන්න ඕනේ. ඉතිං මෙහෙම ඥානයක් නැති, අඩුම තරමේ එක විනාඩි පහක්වත් සිත එකඟ කරගෙන භාවනාවක්වත් කරලා නැති අය කියන ඒවා අහලා නිකං රැවටෙන්න එපා. ඔබ විශ්වාෂ කරන්නේ මේ වගේ මැට්ටන්ගේ කතාද නැතිනම් බුදුන්ගේ වචනයද? අඩුම තරමේ මේ ජීවිතය තුල සොවාන්වත් වෙන්න ඕනෙනං පුනර්භවය විශ්වාෂ කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තියෙනව කියල විස්වාස කරන්නත් ඒ මොකද්ද කියල දැනගෙන ඉන්න එපැයි. :oo: නිකන් පුනර්භවය ඇත්ත කියල විස්වාස කරා කියල ඉබේ නිවන් යන්නේ නෑ නෙ. විස්වාස නොකරා කියල වෙන්න තියෙන දේ නොවී තියෙන්නෙත් නෑ නෙ.
     
    දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය යනු කුමක්දැයි බලන්න:

    1) ණට්ති දින්නන් : දානයේ ආනිශංස නෑ.
    2) ණට්ති ‍යෙට්ටන් : විශාල දානයන්ගේ ආනිශංස නෑ.
    3) ණට්ති වූතන් : වටිනා පුද්ගලයන්ට ගරු කිරීමේ ආනිශංස නෑ.
    4) ණට්ති කම්මනන් පලන් විපකො : කර්ම ඵලයක් නෑ.
    5) ණට්ති අයන් ලොකො : වෙනත් ලෝක වල සිට මිනිස් ලෝකයේ මිනිසුන් ඉපදෙන්නේ නෑ.
    6) ණට්ති පරො ලොකො : නැවත ඉපදීමක් නෑ.

    7) ණට්ති අත : පීතෘ උපස්තානයේ වැඩක් නෑ
    8) ණට්ති පිත : මාතෘ උපස්තානයේ වැඩක් නෑ
    9) ණට්ති සට්ට ඔපපතික : ඕපපාතික උපත් නෑ.
    10) ණට්ති ලොකෙ සමනබ්‍රහ්මන සම්මග්ගත සම්ම පටිපන්න යෙ එමන්ච ලොකන් පරන්ච ලොකන් සයන් අභින්න සච්චිකට්ව පවෑඩෙන්ති : නිවන් දැකීමට දහම් දෙසිය හැකි උතුමන් නෑ.

    මේවා විශ්වාෂ කරන්න කොහොමටත්ම බැරිනම් ඔබ මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. මේවා පිළිගන්නේ නම් ඔබට ලෞකික සම්මා දෘෂ්ටිය තියෙනවා. මෙසේ සිට යම් දිනක ඔබ ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇතිවූ විට ඔබ සෝවහන් වනවා.
     
    දැන් මම කොච්චර හොඳට හිටියත් නැවත ඉපදීමක් නෑ කියන අදහස හිතේ තිබුනොත් කෙලින්ම අපායට යනවා එහෙමද :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    දැන් මම කොච්චර හොඳට හිටියත් නැවත ඉපදීමක් නෑ කියන අදහස හිතේ තිබුනොත් කෙලින්ම අපායට යනවා එහෙමද :baffled:

    පාට වෙනස් කරලා දන්නෑ වගේ ඉදහන්.. එතකොට අපායේ උනත් බේරිලා ඉන්න පුළුවන්.. :yes::yes::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21337301 said:
    පාට වෙනස් කරලා දන්නෑ වගේ ඉදහන්.. එතකොට අපායේ උනත් බේරිලා ඉන්න පුළුවන්.. :yes::yes::baffled:
    ලෙඩ පාටක් අරන් අසනීපයි කියල අපායේ රෝහලේ නතරවෙන්න බැරිවෙයිද දන්නේ නෑ. :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් මම කොච්චර හොඳට හිටියත් නැවත ඉපදීමක් නෑ කියන අදහස හිතේ තිබුනොත් කෙලින්ම අපායට යනවා එහෙමද :baffled:

    ඔව්.

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය යනු කුමක්දැයි බලන්න:

    1) ණට්ති දින්නන් : දානයේ ආනිශංස නෑ.
    2) ණට්ති ‍යෙට්ටන් : විශාල දානයන්ගේ ආනිශංස නෑ.
    3) ණට්ති වූතන් : වටිනා පුද්ගලයන්ට ගරු කිරීමේ ආනිශංස නෑ.
    4) ණට්ති කම්මනන් පලන් විපකො : කර්ම ඵලයක් නෑ.
    5) ණට්ති අයන් ලොකො : වෙනත් ලෝක වල සිට මිනිස් ලෝකයේ මිනිසුන් ඉපදෙන්නේ නෑ.
    6) ණට්ති පරො ලොකො : නැවත ඉපදීමක් නෑ.

    7) ණට්ති අත : පීතෘ උපස්තානයේ වැඩක් නෑ
    8) ණට්ති පිත : මාතෘ උපස්තානයේ වැඩක් නෑ
    9) ණට්ති සට්ට ඔපපතික : ඕපපාතික උපත් නෑ.
    10) ණට්ති ලොකෙ සමනබ්‍රහ්මන සම්මග්ගත සම්ම පටිපන්න යෙ එමන්ච ලොකන් පරන්ච ලොකන් සයන් අභින්න සච්චිකට්ව පවෑඩෙන්ති : නිවන් දැකීමට දහම් දෙසිය හැකි උතුමන් නෑ.

    මේවා විශ්වාෂ කරන්න කොහොමටත්ම බැරිනම් ඔබ මරණින් මතු අනිවාර්යයෙන්ම නිරයට යනවා. මේවා පිළිගන්නේ නම් ඔබට ලෞකික සම්මා දෘෂ්ටිය තියෙනවා. මෙසේ සිට යම් දිනක ඔබ ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇතිවූ විට ඔබ සෝවහන් වනවා.

    අනිවාර්යෙන් නිරයට යනවා කියලා මම හිතන්නේ කියලා නැහැ. මා වැරදිනම් නිවරදි කරන්න බැහැයි මේවා නැතිවුනාම අම් කොහොමටත් දුගතියට යැමක් නැහැ කියලානම් දෙශනාවල සදහන්වෙනවා
    ;)