පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

පුනරුප්පත්තිය ඔබ විශ්වාස කරනවාද?

  • ඔව්

  • නැත

  • බෞද්ධයන් නිසා විශ්වාස කරනවා

Results are only viewable after voting.

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    බුදුන් වහන්සේ ගේ දේශනාවෙන් පවසා ඇත්තේ බුදුන් කී පමනින්වත් පොත පතේ දැක ඇති පමනින්වත් යමක් තම හිතට එකග නොවේ නම් අන්ධ භක්තියෙන් පිළි නොගත යුතුය යන්නයි ඒ අනුව බුදුදහමේ හා හින්දු ආගම ඇතුලු තවත් ආගම් කිීපයක ඇතැයි කියන පුනරුප්පත්ිය පිළිබදව මෙරට ජනතාව දක්වන අදහස් විමසීමකි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    කොතනද මචන් බුදුන් කී පමනින් විශ්වාස කරන්න එපා කියල තියෙන්නෙ? මම නම් අහල තියෙන්නෙ ධර්ම කරුනු යම් කෙනෙක් දේශනා කරනවනම් බුදුන් දෙසූ ධර්මය සමග සසදන්න කියල. සූත්‍රයෙහි බහා බලන්න කියල. මම වැරදි ඇති . එහෙම තැනක් තියෙනව නම් දැනගන්න කැමතියී.

    පුනුරුප්පත්තිය පුරන්භවය දෙකක් නේද මචන් මමනම් ඔය දෙකෙ වෙනස හරියට දන්නෙ නෑ පුනර්භවය නම් විශ්වාස කරනවා.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    බුදුන් වහන්සේ ගේ දේශනාවෙන් පවසා ඇත්තේ බුදුන් කී පමනින්වත් පොත පතේ දැක ඇති පමනින්වත් යමක් තම හිතට එකග නොවේ නම් අන්ධ භක්තියෙන් පිළි නොගත යුතුය යන්නයි
    Mehema ekak koheda bn thiyenne. Dana ganda ahanne.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    බුදු දහමේ මූලිකත්වය දෙන්නේ මරණින් පසු ජිවිතේ ගැන නෙමේ. අපි ජීවත් වෙන වර්තමාන මොහොතේ සතුටින් ඉන්න එක ගැන. ඒකයි බුදු දහම ප්‍රායෝගික ධර්මයක් වෙන්නේ. බුදු දහමේ ආත්ම සංකලපය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා පුනරුප්පත්තිය කියන සංකල්පය එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. නමුත් පුනර්භවය සම්බන්ධයෙන් බුදුදහමේ තියෙන්නේ විවෘත මතයක්. මගේ නම් අදහස පෙර ආත්මේ ගැනවත් ලබන ආත්මේ ගැනවත් හිත හිත ජීවත් වෙන එක මොඩකමක් මේ ආත්මේ සතුටින් හොදින් ජීවත් වෙන එක තමයි වැදගත්. පුනර්භවය විශ්වාස කරන්න සාධකත් නෑ අවිස්වසා කරන්න සාධකත් නෑ එක නිසා පුනර්භවය ගැන මධ්‍යස්ථ මතයක් තමයි මම නම් දරන්නේ.
     
    Udenit

    Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    කොතනද මචන් බුදුන් කී පමනින් විශ්වාස කරන්න එපා කියල තියෙන්නෙ? මම නම් අහල තියෙන්නෙ ධර්ම කරුනු යම් කෙනෙක් දේශනා කරනවනම් බුදුන් දෙසූ ධර්මය සමග සසදන්න කියල. සූත්‍රයෙහි බහා බලන්න කියල. මම වැරදි ඇති . එහෙම තැනක් තියෙනව නම් දැනගන්න කැමතියී.

    පුනුරුප්පත්තිය පුරන්භවය දෙකක් නේද මචන් මමනම් ඔය දෙකෙ වෙනස හරියට දන්නෙ නෑ පුනර්භවය නම් විශ්වාස කරනවා.
    අදහස් දැක්වීම අතිශයින් අගය කරනවා. මචං, කාලාම සූත‍්‍රයේ පැහැදිලිව තියනවා තමන් වහන්සේ දේශනා කල පමනින්වත් හිතට එකග නොවේ නම් පිළිනොගන්නා ලෙස. මගේ මතය නම් හිතට එකග නොවී යමක් පිලිගන්නේ අන්ධ භක්තිකයින්.

    පුනරුප්පත්තිය සහ පුනර්භවය අර්ථ දැක්වීමට පුළුවන් කෙනෙක් මේ සහයෝගයක් දෙයි කියලා බලපොරොත්තු වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක

    කාලම සුත්‍රයේ එහෙම බුදු හාමුදුරුවන්වම සදහන් කරල නෑ නේද.
     
    Udenit

    Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    පුනුරුපත්තිය තියෙන්නේ හින්දු , ජෛන ආගම් වල නේ. බුදු දහමේ තියෙන්නේ පුනර්භවය .
    අදහස් දැක්වීමට ස්තූතියි . පුනරුප්පත්තිය සහ පුනර්භවය අතර වෙනස මොකද්ද?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    හොරාගෙ අම්මගෙන් පේන අහල කාලෙ නාස්ති කරගන්න එපා.
     
    Udenit

    Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    Mehema ekak koheda bn thiyenne. Dana ganda ahanne.
    කාලාම සූත‍්‍රයේ පැහැදිලිව තියනවා තමන් වහන්සේ දේශනා කල පමනින්වත් හිතට එකග නොවේ නම් පිළිනොගන්නා ලෙස. මගේ මතය නම් හිතට එකග නොවී යමක් පිලිගන්නේ අන්ධ භක්තිකයින්. බුදුදහම කියන්නේ ආගමකින් එහාට ගිය ප‍්‍රබල දර්ශනයක්
     
    • Like
    Reactions: jeffhardy

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කාලාම සූත‍්‍රයේ පැහැදිලිව තියනවා තමන් වහන්සේ දේශනා කල පමනින්වත් හිතට එකග නොවේ නම් පිළිනොගන්නා ලෙස. මගේ මතය නම් හිතට එකග නොවී යමක් පිලිගන්නේ අන්ධ භක්තිකයින්. බුදුදහම කියන්නේ ආගමකින් එහාට ගිය ප‍්‍රබල දර්ශනයක්
    කාලාම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා නම් ඒ පාඨය මෙතන සදහන් කරන්න. එතකොට අපිට පිලිගන්න පුලුවන් එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියලා.

    මම හිතන්නෙ ඔයා අදහස් කරන දෙය නෙමෙයි ඔය කියන දෙයින් ඉස්මතු වෙන්නෙ. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කාලයක් එක්ක ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් සිදුවෙලා තියෙන එක. අන්න එතනදි අපිට සිද්ද වෙනවා නුවනින් විමසලා ගත් යුත්ත ගන්න.
     
    • Like
    Reactions: Champ HB and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    අදහස් දැක්වීමට ස්තූතියි . පුනරුප්පත්තිය සහ පුනර්භවය අතර වෙනස මොකද්ද?
    මාත් අර @johnferna678 කියන දේට එකගයි . දන්නා විදියට බුදු දහමේ එන පුනර්භවය ඇතිවීම , නැතිවීම එක්ක වෙන දෙයක්.
    හින්දු ආගමේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැති ආත්මයක් වගේ දෙයක්. ශරීරය නැති උනාට ආත්මය දිගින් දිගට යනවා. ඇතිවීම නැතිවීමක් නෙවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලාම සූත්‍රයේ පැහැදිලිව තියෙනවා නම් ඒ පාඨය මෙතන සදහන් කරන්න. එතකොට අපිට පිලිගන්න පුලුවන් එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියලා.

    මම හිතන්නෙ ඔයා අදහස් කරන දෙය නෙමෙයි ඔය කියන දෙයින් ඉස්මතු වෙන්නෙ. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කාලයක් එක්ක ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් සිදුවෙලා තියෙන එක. අන්න එතනදි අපිට සිද්ද වෙනවා නුවනින් විමසලා ගත් යුත්ත ගන්න.
    “කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්.

    කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය.

    https://pitaka.lk/main?n=28165
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    පුනරුත්පත්තිය තමා තුලින් දකින අකාරය බුදු දහම තුළ පැහැදිලි කර ඇත. හතරවන ධ්‍යානයෙන් පසුව පවතින සිත තුලින් තමාගේ පෙර බවය තමන්ට මතක් කරගත හැක. එය හතරවන ධ්‍යාන තලයෙන් නැගී සිටීම යි.
     
    • Love
    Reactions: Udenit

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පුනර්භවය හා පුනරුප්පත්තිය කියන්නේ දෙකක්. කෙසේ නමුත් බුදු දහමේ පුනර්භවය පිළිබද සදහන් වෙන බැවින් පිළිගන්නවා. (බෞද්ධ දර්ශනය තුළ පුනර්භවය කියන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක්. පුනර්භවයෙන් තොර වූ බෞද්ධ දර්ශනයක් නෑ.)