කාලාම සූත්රයේ පැහැදිලිව තියෙනවා නම් ඒ පාඨය මෙතන සදහන් කරන්න. එතකොට අපිට පිලිගන්න පුලුවන් එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියලා.
මම හිතන්නෙ ඔයා අදහස් කරන දෙය නෙමෙයි ඔය කියන දෙයින් ඉස්මතු වෙන්නෙ. බුදුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒක තමයි පරම සත්‍යය. අපිට එතනින් එහාට දෙයක් කතා කරන්න බෑ. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කාලයක් එක්ක ත්‍රිපිටකයේ යම් යම් වෙනස්වීම් සිදුවෙලා තියෙන එක. අන්න එතනදි අපිට සිද්ද වෙනවා නුවනින් විමසලා ගත් යුත්ත ගන්න.
“කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්.
කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය.
https://pitaka.lk/main?n=28165