පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවේ නයිවල දරුවාගේ කේස් එකෙන් පස්සේ ආයෙම පුනුරුප්පත්ති කේස් ඇදිලා ආවනේ. ලංකාවේ ඉන්න පුක් විද්‍යාඥයෝ ඒවාට යම් අර්ථකතනත් දුන්නනේ. මම කියන්නේ නෑ ඒ ළමයා පුනුරුප්පත්තිය කියනව හෝ පුනුරුප්පත්තිය නොකියවනවා කියලා. හේතුව දැන් ඒ ළමයා වයසින් වැඩියි ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. දැන් ඒ ළමයට අමතකවෙන කාලේ. කොහොමහරි 1950 කාලේදී ලෝකේ ලොකු රැල්ලක් ආවා ඔය පුනුරුප්පත්ති කෙස් ගැන. විශේෂයෙන්ම නැවත ඉපදුන ජුලිස් සිසර්ලා, පාරාවෝ රජවරු, ඒ කාලේ හිටපු නැවත ඉපදුන හොලිවුඩ් තරු එහෙම හෝ ගාලා ටීවී එකේ පෙන්නන්න ගත්තා. ඉතින හැමදේම වගේ මේවා පට්ට බොරු. මිනිස්සු ප්‍රසිද්ධිය ලබාගන්න ගොතපු කතා.

    ඉතින් මගේ අදහසත් උනේ ඕවා කියවන උන් පට්ට බොරු, ඕවා මිනිස්සු ගොතපු කතා කියලා. මොකද මම ඒ කාලේ පට්ට හෙතුවාදියෙක්. ඊට පස්සේ විද්‍යාඥයෝ ඒ මගේ තර්කය සාධාරණීකරණය කරන්න යම් හේතුත් දීලා තිබුනා. ළමයි පොඩි කාලේ විවිද දේවල් කියනවා, මොකද එයාලගේ මොළය විවිද දෙවල් ඒ අයට දෙනවා මේ ළමයි ඔහේ ඒවා කියවනවානේ. ඊට පස්සේ මේවා සැබෑ ජිවිතේ සිදුවීම් එක්ක එයාලගේ දෙමව්පියෝ ඒ දේවල් ගලපලා ඒ ආශ්‍රයෙන් කතාවක් නිර්මානය කරනවා. ඊට පස්සේ ඒකට ගැලපෙන මැරුණ celebrity කෙනෙක් හොයාගෙන උගේ විස්තර එක්ක ගලපනවා. කොහොමත් confirmation bias එක නිසා ඒක එහෙමමයි වගේ පේනවා. විශේෂයෙන්ම ඔයපුනුරුප්පත්ති කේස් එන්නේ පුනුරුප්පත්තිය විශ්වාස කරන ආසියානු සමාජ වලින්මයි.

    ඕක තමයි භෞතිකවාදී විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔය සිදුවීම් පිටුපස තියෙන. ලංකාවෙත් කොවුර්ගෙන්, රැන්ඩිගෙන් ෆෝම් උන චූටි හේතුවාදී ගිරව් ටිකක් මේ කතා මෙහෙමම කියව කියව යනවා ගොඩක් අය දැකලා ඇති. නමුත් මේ කතාව මෙතනින් පිළිගෙන නවතින්න හොඳ නෑ.

    ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ පිළිබඳව කෙරුණු වියාත්මක පරීක්ෂණ ටිකක්. ඒවා බලද්දී අපිට තේරෙනවා මේ දේවල් හුදෙක් ළමයි නිකන් කියන random දේවල් නෙවෙයි, මේ සමහර සිද්දි ළමයි pin point accuracy එකක් එක්ක කියන්නේ කියල. මෙච්චර කාලෙකට හොඳම සිද්ධිය තමයි James lenninger ගේ සිද්දිය. James lenninger ඉපදෙන්නේ ඇමරිකාවේ දැඩි baptist පවුලක. මෙයාලා කිසිම දවසක පුනුරුප්පත්තිය විශ්වාස කරන අය නෙවෙයි. James lenninger කියන පොඩි එකා අවුරුදු 2ක් විතර වෙද්දී හැමදාම නරක හීන පේන්න ගන්නවා. එකපාරම බයවෙලා ඇහැරිලා කකුල් වලින් සිවිලිම දිහාට ගහනවා, ඊට පසේ අම්මා ඇයි කියාලා අහද්දී ඒ ළමයාගේ පිළිතුර "Air plane catch on fire, Little man can't get out"(ප්ලේන් එක ගිනි ගන්නවා, පොඩි මනුස්සයට එලියට යන්න බෑ) නමුත් ඔහුගේ අම්මා මේ ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ මොකද ළමයි ඔය වගේ හීන දකින නිසා. නමුත් මේක නවතින්නේ නෑ, මාස ගානක් මේ ළමයා එකම හීනේ දකිනවා. එයාලගේ අම්ම හිතනවා ටීවී එකෙන් දැක්ක දෙයක් වෙන්න ඇති කියලා. නමුත් අවුරුදු 2 පොඩි එකා බලන්නේ "Telly tubbies" විතරයි ටීවී එකේ.

    කොහොමහරි ටික දවසකින් මේ කතාව පොඩි එකාගේ අම්මා එයාගේ අම්මට කියනවා. එයා කියනවා සමහරවිට කලින් ජිවිතේ දෙයක් දකිනවා ඇති කියලා. ඒ කතාවට පොඩි එකාගේ තාත්ත ගොඩක් විරුද්ධ වෙනවා. මිනිහා දැඩි ක්රිස්තියානිකාරයෙක්. මිනිහට ඕනේ වෙනවා මේක බොරු කියලා ගෑනිටයි නන්දම්මටයි ඔප්පු කරන්න. කොහොමහරි කාලෙත් එක්ක ඕක යද්දී දවසක් මේ කොල්ලගේ අම්මා ගෙනවා පොඩි toy plane එකක්. ඊට පස්සේ කොල්ලා ඒකෙන් සෙල්ලම් කරද්දී අම්මා කියනවා "මේ බලන්න මේක පහල බෝම්බත් තියෙනවා" එතකොට කොල්ල කියනවා "ඒක බෝම්බයක් නෙවෙයි අම්මේ, ඒක drop tank එකක්" කියලා. උගේ අම්මා ජිවිතේට අහලා නෑ drop tank එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තමයි අම්මා මේ පුනුරුප්පත්ති කේස් එක ටිකක් දරුණුවට හොයන්න ගන්නේ.

    ඊට පස්සේ දවසක් අම්මයි තාත්තයි මේ පොඩි එකාව අල්ලාගෙන කතාව ටිකක් ගැඹුරට අහනවා නින්දට කලින්. තාත්තා අහනවා

    "ඔයාගේ ප්ලේන් එකට මොකද උනේ?" - ඒක ගිනිගත්තා
    "ඇයි එක ගිනිගත්තේ" - එකට වෙඩි වැදුන නිසා
    "කවුද එකට වෙඩි තිබ්බේ" - කොල්ලා නිකන් තාත්තා මෝඩයෙක් වගේ ලුක් එකක් දීලා "ජපන්නු" කියලා කියනවා.

    ඊට පස්සේ කොල්ලගේ තාත්තා දකිනවා මේක මේ නිකන්ම කියවනවා නෙවේ. එකම සිද්දිය ගැන තමයි මේ පොඩි එකා කියවලා තියෙන්නේ කියලා.

    ඊට පස්සේ කොල්ලගේ තාත්තා කොල්ලව අල්ලගෙන තව අහනවා.

    "මොකක්ද ඔයා drive කරපු ප්ලේන් එක" - කොර්සේරා එකක්

    ඒ විතරක් නෙවේ කොල්ලට නිකන් ප්ලේන් ෆොටෝ තියෙන පොතක් පෙන්නුවම ඌ කොර්සේරා එක අඳුරගෙන "මේ තියෙන්නේ කොර්සේරා එකක්, ඔයාලා දන්නවද කොර්සේරාවල හරියට ටයර් පුපුරනවා" කියලා කියනවා. පස්සේ බලද්දී ඒ කතාව ඇත්ත. ඒ කාලේ තිබුන කොර්සේරා බානකොට ටයර් පුපුරන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඊටත් පස්සේ ආයෙම දවසක මේ කොල්ලව අල්ලාගෙන තාත්තා අහනවා.

    "ඔයාගේ ප්ලේන් එක ගියේ මොන ගුවන් තොටුපලෙන්ද මතකද" - ඒක ගියේ බෝට්ටුවකින්
    "මොකක්ද ඒ බෝට්ටුවේ නම" - ඒකෙ නම Natoama
    "ඔයාටමතකද ඔයාගේ නම ඒ කාලේ" - මගේ නම James

    කොහොමත් ක්ල්ලගේ නම ජේම්ස් නිසා අම්මලා හිතලා තියෙන්නේ කොල්ලට ප්‍රශ්නේ තේරුනේ නෑ කියලා. ඊට පස්සේ අහනවා ඔයා එක්ක හිටිය තව කෙනෙක්ගේ නම මතකද? කොල්ලා කියනවා "ඔව් ජැක් ලාර්සන්" කියලා. ජැක් ලාර්සන් ඒ වෙද්දීත් ජිවත් වෙන කෙනෙක්.

    පස්සේ කොල්ලගේ දෙමව්පියෝ හොයලා බලද්දී ඇත්තටම natoama bay කියලා නැවක් තිබිලා තියෙනවා පොඩි aircraft carrier එකක්. ඒකෙ ඉඳලා තියෙනවා Jack larson කියලා එකෙකුත්. පස්සේ මේ දෙමව්පියෝන්ට පුලුවන් වෙනවා ඒ මනුස්සයව සම්බන්ධ කරගන්න. මේ internet ජනප්‍රිය වෙන්න කලින් කාලේ. ඉතින් මේ අම්මලට මේ දේවල් හොයාගන්න ගොඩක් කල් ගිහින් තියෙනවා. මේ සියලු තොරතුරු ජැක් ලාර්සන් හරි කියලා පිළිගෙන තියෙනවා. ඒ වගේම ඔහු එක්ක James huston jr කියලා එකෙක් වැඩ කරා කියලත් කියනවා.

    මේ කාලේ වෙද්දී කොල්ලා චිත්‍ර අඳින්න පටන් අරන්, මේ හැම චිත්රයක්ම එයා අත්සන් කරනවා James 3 කියලා. තාත්තා අහනවා මොකටද මේ James 3 කියලා අත්සන් කරන්නේ හැම එකක්ම? කියලා. එතකොට කොල්ලා කියනවා "මම තමයි පවුලේ තුන්වෙනි ජේම්ස්"

    දෙවෙනි කොටස පස්සේ ගහන්නම් තව තියෙනවා කතාවේ ගොඩක්. අපි මේකට ආපු විවිද චෝදනා සහ අවසානේ හැමෝටම මේ කතාව පිළිගන්න උන හැටි ගැන සියලු දේ ගැන ඉස්සරහට කතා කරමු. එතකල් කොල්ලා ඇන්ද චිත්රේ බලපල්ලා.

    1608372202797.png
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත් නෑ .
    ආගමක් අදාල කරගන්න එපා, එහෙම බලද්දී අපේ හිතේ bias එකක් ඇතිවෙනවා. විවෘත මනසකින් සිද්දිය දිහා බලපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ආගමක් අදාල කරගන්න එපා, එහෙම බලද්දී අපේ හිතේ bias එකක් ඇතිවෙනවා. විවෘත මනසකින් සිද්දිය දිහා බලපන්.
    මාතෘකාවේ තියන "විද්‍යාත්මක පරීක්ෂණයක" තොරතුරක් කතාවේ නෑ නේ බන්. නිකන් ගොතපු කතාවක් වෙන්න පුලුවන් විවෘත මනසකින් සිද්දිය දිහා බැලුවම.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    පුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත් නෑ .
    උදෙත් එකෙක් මාත් එක්ක ඔය ගැන කතා කලා.මම ඌට කිව්වා ඒ ලමයා භාශා 3ක් කතා කරන්න පුලුවන් නිසා ඒකෙන් පුනර්භවයක් තියනවාමයි කියලා කියන්න බෑ කියලා.ඌ මගෙන් අහුවා එහෙනන් නිර්වාණය කියලා එකකුත් නැති වෙන්න ඕනිනේ කියලා. දායක සභාව එකතු කරගෙන කෑගහන්න ගත්තා..ආගමික මතයක් එකතු වුනාට පස්සේ අපිට එතනින් එහාට තර්ක කරන්න බෑ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මාතෘකාවේ තියන "විද්‍යාත්මක පරීක්ෂණයක" තොරතුරක් කතාවේ නෑ නේ බන්. නිකන් ගොතපු කතාවක් වෙන්න පුලුවන් විවෘත මනසකින් සිද්දිය දිහා බැලුවම.
    ඔය තියෙන්නේ අම්මලා කියන කතාව, තවම කතාව ප්‍රසිද්ධ වෙලත් නෑ. මේක ප්‍රසිද්ධ උනාට පස්සේ තමයි පරීක්ෂකයෝ ඇවිත් මේ කතා ඇත්තද කියලා හොයලා බලන්නේ. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් ලමයව එකපාර පරීක්ෂණ කරන උන්ට ගිහින් දෙන්නේ නෑනේ. ඉස්සරහට ඒ ටික කියන්නම්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    පුනුරුප්පත්තියක් බුදු දහමේ පිළිගන්නෙත් නෑ .
    Reincarnation is a Hindu concept. In Buddhism it's Rebirth.

    Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.

    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඔය තියෙන්නේ අම්මලා කියන කතාව, තවම කතාව ප්‍රසිද්ධ වෙලත් නෑ. මේක ප්‍රසිද්ධ උනාට පස්සේ තමයි පරීක්ෂකයෝ ඇවිත් මේ කතා ඇත්තද කියලා හොයලා බලන්නේ. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් ලමයව එකපාර පරීක්ෂණ කරන උන්ට ගිහින් දෙන්නේ නෑනේ. ඉස්සරහට ඒ ටික කියන්නම්.
    බිලියන ගණන් මිනිස්සු ඉන්න ලෝකේ ඔය වගේ එහෙන් මෙහෙන් ඇහෙන හුදකලා සිද්දි තමයි බන් තියෙන්නේ. දැන් ඔය කතාවත් අවු සෑහෙන ගානක් පරණයි නේ. කතාව දෙමව්පියන්ගේ බොරුවක් වෙන්නත් පුලුවන් උබ ලියලා තියන ටිකේ විදියට. ඔය වගේ කතා වලට හොද වටිනාකමක් තියනවා. එකනේ ඒ වගේ කතා නිර්මාණාත්මක දේවල් වලට පාදක කරගන්නේ. රසයි, කුතුහලය තියනවා.. සමාජයේ අවදානයක් ගන්න පුලුවන් දේවල්..
    නැවත ඉපදීමක් තියනවද නැද්ද කියන එක දෙයක්, නැවත ඉපදීමක් තිබිල ඒක ගැන මතක් වෙනවද නැද්ද කියන එක තව දෙයක්.
    මම උඩම "බුදු දහමේ පුනුරුප්පත්තියක් ප්‍රතික්ෂේප වෙනවා" කිව්වේ, fact එකක් විදියට ත්‍රෙඩ් එකට. උබට වැරදිලා ටයිප් කරා කියලා හිතුවේ. කොහෙන් ගියත් තව ටිකකින් මේකේ කට්ටිය බණ කියන එක උබට නවත්තන්න බෑ . :rofl:
     
    බිලියන ගානක් මිනිස්සු ලෝකේ හිටියා කියලා බිලියන ගානක් කේසස් හැදෙන්නේ නෑ. එහෙනම් බිලියන ගානක් මිනිස්සු සිගරට් බොනවා. බිලියන ගානක් මිනිස්සුන්ට ලය පිළිකා හැදෙන්නේ නෑනේ. ඒ උනාට සිගරට් පැකට් එකේ ගහලා එනවනේ "දුම්බීම පිළිකා ඇති කරයි" කියලා. එහෙන් මෙහෙන් තමයි පිළිකා හැදෙන්නෙත්.

    මේ වගේ කතාවක් කිව්ව ගමන් හැම එකාම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් අර්ථකතන දෙන්න යනවා. පුනුරුප්පත්තිය පිළිගන්නේ නැති උන් ඒක එහෙම වෙන්න හේතු හොයනවා කතාව ඇතුලේ, පිළිගන්න උන් තමන් විස්වාස කරන ක්‍රමයටම ඒකට අර්ථකථන දෙන්න උත්සහ කරනවා. මිනිස්සු හැම එකාම තම තමන්ගේ දෘෂ්ටි කෝණයට වහල්ලු. උන් බලන්නේ උන් කලින් විශ්වාස කරපු දේට ගලපලා කොහොමද මේකට අර්ථකතන දෙන්නේ කියලා. එකෙක්වත් මේක විවෘත මනසකින් බලන්නේ නෑ. ඒක දැනගෙන තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙත්. මම ඔය සියලුම කඳවුරුවල ඉඳලා තියෙනවනේ.

    අනිත් එක බුදු දහමේ එන පුනර්භවය හරියටම මොකක්ද කියලා විස්තර කරන්න මෙතන රහත් උන එවුන් නෑනේ. අපි විවෘත මනසකින් සිද්දියක් දිහා බැලුවම ඔය කිසි ප්‍රශ්නයක් නෑ. තමන් කලින් හිතාගෙන හිටිය මතවාදය එක්ක ගැටෙනවා කියලා ඒකට මට බැනලා වැඩක් නෑ. ඒක තමන්ගේ අවුලක්.
     
    ඒකතමයි බන් කිව්වේ. ඕවා එහෙන් මෙහෙන් ඇහෙන හුදකලා සිද්දි. කිසි ඔප්පු කිරීමක් නෑ ...... ඕන කෙන්ක්ට ඕන බොරුවක් හදල කියලා අවදානය ගන්න පුලුවන්. දැන් අපේ රටේ භාෂා තුනක් කතා කරන අවු 5ක් වගේ ළමයෙක් හිටිය මේ ලගදි . ඔය වගේ ළමයි ගොඩක් ඉන්නව ලෝකේ. youtube ගහලා බලුවොත් භාෂා 7ක් කතා කරන ළමයිනුත් ඉන්නව. ඒ දක්ෂකම. අපේ වගේ රටවල තියන අවුල මේ වගේ ලමයෙක්ට සමාජයේ තියන මොකක් හරි බලයක්, භාවනාවක් වගේ දෙයක් දාල media අවදානය අරගෙන අන්තිමට ඒ ලමයාගේ හැකියාවත් නැති කරලා නිකන්ම අත්භූත බලයකට හැමදේම බාර කරනවා.
    පිලික හැදෙන එකයි, මේකයි එකට ගන්න බෑ බන් . ඒක ඇත්තටම වෙන දෙයක් සහ ඕන තරම් රෝගීන් ඉන්නවා ජනගහනය ඇතුලේ. මේ අවු 60කට ලෝකේ එකෙක් වගේ නෙවෙයි. එකත් අන්තිමට නිකන් කතන්දරයක් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    ලන්කාවෙ බෞද්ධයන් අනාත්මයක් ගැන කතා කරන ගමන් ආත්මයක් ගැන වාද කරන එක තමා මට නන් කන්ෆියුස් වෙනම ප්‍රශ්නෙ මේ ටිකේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උදෙත් එකෙක් මාත් එක්ක ඔය ගැන කතා කලා.මම ඌට කිව්වා ඒ ලමයා භාශා 3ක් කතා කරන්න පුලුවන් නිසා ඒකෙන් පුනර්භවයක් තියනවාමයි කියලා කියන්න බෑ කියලා.ඌ මගෙන් අහුවා එහෙනන් නිර්වාණය කියලා එකකුත් නැති වෙන්න ඕනිනේ කියලා. දායක සභාව එකතු කරගෙන කෑගහන්න ගත්තා..ආගමික මතයක් එකතු වුනාට පස්සේ අපිට එතනින් එහාට තර්ක කරන්න බෑ
    බිලියන ගණන් මිනිස්සු ඉන්න ලෝකේ ඔය වගේ එහෙන් මෙහෙන් ඇහෙන හුදකලා සිද්දි තමයි බන් තියෙන්නේ. දැන් ඔය කතාවත් අවු සෑහෙන ගානක් පරණයි නේ. කතාව දෙමව්පියන්ගේ බොරුවක් වෙන්නත් පුලුවන් උබ ලියලා තියන ටිකේ විදියට. ඔය වගේ කතා වලට හොද වටිනාකමක් තියනවා. එකනේ ඒ වගේ කතා නිර්මාණාත්මක දේවල් වලට පාදක කරගන්නේ. රසයි, කුතුහලය තියනවා.. සමාජයේ අවදානයක් ගන්න පුලුවන් දේවල්..
    නැවත ඉපදීමක් තියනවද නැද්ද කියන එක දෙයක්, නැවත ඉපදීමක් තිබිල ඒක ගැන මතක් වෙනවද නැද්ද කියන එක තව දෙයක්.
    මම උඩම "බුදු දහමේ පුනුරුප්පත්තියක් ප්‍රතික්ෂේප වෙනවා" කිව්වේ, fact එකක් විදියට ත්‍රෙඩ් එකට. උබට වැරදිලා ටයිප් කරා කියලා හිතුවේ. කොහෙන් ගියත් තව ටිකකින් මේකේ කට්ටිය බණ කියන එක උබට නවත්තන්න බෑ . :rofl:
    පැනි වෙදා ගැන තර්ක කරලා එපා උනා මූ එක්ක
    ඔව් කියලා ඉදපල්ලා
    කොහෙන්හරි එකක් උස්සන් එනවා හැමදාම:rofl::lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒකතමයි බන් කිව්වේ. ඕවා එහෙන් මෙහෙන් ඇහෙන හුදකලා සිද්දි. කිසි ඔප්පු කිරීමක් නෑ ...... ඕන කෙන්ක්ට ඕන බොරුවක් හදල කියලා අවදානය ගන්න පුලුවන්. දැන් අපේ රටේ භාෂා තුනක් කතා කරන අවු 5ක් වගේ ළමයෙක් හිටිය මේ ලගදි . ඔය වගේ ළමයි ගොඩක් ඉන්නව ලෝකේ. youtube ගහලා බලුවොත් භාෂා 7ක් කතා කරන ළමයිනුත් ඉන්නව. ඒ දක්ෂකම. අපේ වගේ රටවල තියන අවුල මේ වගේ ලමයෙක්ට සමාජයේ තියන මොකක් හරි බලයක්, භාවනාවක් වගේ දෙයක් දාල media අවදානය අරගෙන අන්තිමට ඒ ලමයාගේ හැකියාවත් නැති කරලා නිකන්ම අත්භූත බලයකට හැමදේම බාර කරනවා.
    පිලික හැදෙන එකයි, මේකයි එකට ගන්න බෑ බන් . ඒක ඇත්තටම වෙන දෙයක් සහ ඕන තරම් රෝගීන් ඉන්නවා ජනගහනය ඇතුලේ. මේ අවු 60කට ලෝකේ එකෙක් වගේ නෙවෙයි. එකත් අන්තිමට නිකන් කතන්දරයක් විතරයි.
    දැන් උඹ මෙතන ගොඩක් දේවල් පටලාගෙන ඉන්නේ. මම කිව්වද භාෂා 3ක් කතා කරපු ළමයා පුනුරුප්පත්තියක් කියලා? දැන් මම කිව්වද Youtube එකේ ළමයි නෑ කියලා එහෙම කතා කරන? මෙතැන බලයක් බාවනාවක් ආත්ම වාදයක් පටලාගෙන දඟලන්නේ උඹ මිසක් මම නෙවෙයි. මම මේ පැහැදිලි කරන්නේ සිදුවීමක් විතරයි. උඹ තමයි ඒකට ආගමික නිරාගමික පුනුරුප්පත්ති පුනර්භව රෙද්දවල් දාගෙන පටලවාගෙන ඉන්නේ. සමාජයේ මගුල් අපිට වැඩක් නෑ. සමාජය කියන එකම පිළිගන්න කියලා මම කොහෙවත් කියලා නෑනේ.

    සිගරට් වලින් පිළිකා හැදෙනවා කියලා කිසිම scientific proof එකක් නෑ. මොකද ඒක එහෙම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් එක කවුද උඹට කිව්වේ අවුරුදු 60කට සිද්දවුන එකම සිද්දිය මේක කියලා? දැන් උඹට ඕනේ කොහොමහරි මේක කතන්දරයක් කියලා හිතාගෙන උඹේ මනස නිදහස් කරගන්නනම් එහෙම හිතාගෙන හිත නිදහස් කරගනින්. ඒකෙන් උඹට සැහැල්ලුවක් දැනෙයි.

    ලන්කාවෙ බෞද්ධයන් අනාත්මයක් ගැන කතා කරන ගමන් ආත්මයක් ගැන වාද කරන එක තමා මට නන් කන්ෆියුස් වෙනම ප්‍රශ්නෙ මේ ටිකේ.
    අනාත්ම කියන ත්රිලක්ෂණයේ එන ලක්ෂණය කියන්නේ ආත්මයක් නෑ කියලා තියෙන්නේ කොවුර්ගේ පොතක(දෙවියෝ සහ බුතයෝ) ඒක තමයි ලංකාවේ හේතුවාදී කබ්බෝ පට්ට ගහන්නේ. මුන් බුදු බණ අහලා තියෙන්නෙත් පොඩි කාලේ ඉඳන් කතෝලික ෆාදර් කෙනෙක්ගේ පුතෙක් වෙච්චි කොවුර්ගෙන්. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම විහිළුව 😂 😂 😂 😂

    බුදු දහමේ අනාත්ම කියන්නේ සැමදා පවතින ස්ථිර ආත්මයක් නෑ, අපි ආත්මය කියන්නේ චිත්තක්ෂණ ඇතිවෙමින් නැතිවෙමින් යන චිතක්ක්ෂණ පරම්පරාවකට කියන දේ. එහෙම නැතුව කොවුර්ගේ පොතේ තියෙන ආත්මයක් නෑ කියන එක නෙවේ. 😁 ඉස්සෙල්ලා කොවුර්ගෙන් බුදු බණ අහන්න කලින් ගිහින් බෞද්ධපොතක් පතක් කියවපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    දැන් උඹ මෙතන ගොඩක් දේවල් පටලාගෙන ඉන්නේ. මම කිව්වද භාෂා 3ක් කතා කරපු ළමයා පුනුරුප්පත්තියක් කියලා? දැන් මම කිව්වද Youtube එකේ ළමයි නෑ කියලා එහෙම කතා කරන? මෙතැන බලයක් බාවනාවක් ආත්ම වාදයක් පටලාගෙන දඟලන්නේ උඹ මිසක් මම නෙවෙයි. මම මේ පැහැදිලි කරන්නේ සිදුවීමක් විතරයි. උඹ තමයි ඒකට ආගමික නිරාගමික පුනුරුප්පත්ති පුනර්භව රෙද්දවල් දාගෙන පටලවාගෙන ඉන්නේ. සමාජයේ මගුල් අපිට වැඩක් නෑ. සමාජය කියන එකම පිළිගන්න කියලා මම කොහෙවත් කියලා නෑනේ.

    සිගරට් වලින් පිළිකා හැදෙනවා කියලා කිසිම scientific proof එකක් නෑ. මොකද ඒක එහෙම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් එක කවුද උඹට කිව්වේ අවුරුදු 60කට සිද්දවුන එකම සිද්දිය මේක කියලා? දැන් උඹට ඕනේ කොහොමහරි මේක කතන්දරයක් කියලා හිතාගෙන උඹේ මනස නිදහස් කරගන්නනම් එහෙම හිතාගෙන හිත නිදහස් කරගනින්. ඒකෙන් උඹට සැහැල්ලුවක් දැනෙයි.
    මම කොහෙද බන් කිව්වේ උබ ලමයෙක් ගැන, youtube ගැන, ආත්ම වාදයක් ගැන කිව්වා කියලා ? මම කිව්වේ මම දකින දේ. :rofl: ඔයා පටලවාගෙන එතන නම්. මේ ත්‍රෙඩ් එක උබ ගැන නෙවෙයි නේ. ඒක නිසා කියන හැමදේම උබට පුද්ගලිකව කිව්වා කියලා හිතන්න එපා.
    කෝ මේ title එකේ තියන "පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ" ? මම සිරාවට අසාවෙන් ආවේ එහෙම එකක් ත්‍රෙඩ් එකේ ඇති කියලා මීට කලින් දැකල නැති නිසා. නිකන් කතන්දර කියවන්න වත් උබ එක්ක රණ්ඩු වෙන්නවත් නෙවෙයි බන්. :rofl:
     
    • Like
    Reactions: ewijesekara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කොහෙද බන් කිව්වේ උබ ලමයෙක් ගැන, youtube ගැන, ආත්ම වාදයක් ගැන කිව්වා කියලා ? මම කිව්වේ මම දකින දේ. :rofl: ඔයා පටලවාගෙන එතන නම්. මේ ත්‍රෙඩ් එක උබ ගැන නෙවෙයි නේ. ඒක නිසා කියන හැමදේම උබට පුද්ගලිකව කිව්වා කියලා හිතන්න එපා.
    කෝ මේ title එකේ තියන "පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ" ? මම සිරාවට අසාවෙන් ආවේ එහෙම එකක් ත්‍රෙඩ් එකේ ඇති කියලා මීට කලින් දැකල නැති නිසා. නිකන් කතන්දර කියවන්න වත් උබ එක්ක රණ්ඩු වෙන්නවත් නෙවෙයි බන්. :rofl:
    නිකන් කතාන්දරයක් මෙතන නෑ, මේ කතාවේ ඉස්සරහට විද්‍යාත්මක පැත්තක් එනවා. මේ ගැන පරීක්ෂණ කරන්නේ professor Jim B. Tucker, උඹට එච්චර හදිස්සිනම් මේ link එකේ තියෙනවා ඔය වගේ සිද්දි 3000ක් අවුරුදු 50ක් තිස්සේ එකතු කරපු. බොහොම විද්යතම්ක පසුබිමකින් කරපු දේවල්.

    https://med.virginia.edu/perceptual...emember-previous-lives-academic-publications/
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පැනි වෙදා ගැන තර්ක කරලා එපා උනා මූ එක්ක
    ඔව් කියලා ඉදපල්ලා
    කොහෙන්හරි එකක් උස්සන් එනවා හැමදාම:rofl::lol:
    හරි හරි දෙවියන් වහන්සේ විසින් අපිව ස්වර්ග රාජ්‍යයට කැඳවයි. මේවා බොරු. දැන් ආමෙන් කියලා පලයන්.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරි හරි දෙවියන් වහන්සේ විසින් අපිව ස්වර්ග රාජ්‍යයට කැඳවයි. මේවා බොරු. දැන් ආමෙන් කියලා පලයන්.

    උඹලත් පුදුම මිනිස්සු. ත්‍රෙඩ් දාලා නිරා ජෙප්පෝ ගූඇන්පී සෙට් එක ටිගර් කරලා ආතල් ගන්නවා.
     
    • Haha
    Reactions: nicjosh83