පුනුරුප්පත්තිය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ II

marasinhe

Active member
  • Jun 22, 2008
    239
    94
    28
    එකෙක් බම්ප් කරේ නෑ, අපිට ත්‍රෙඩ් බම්ප් කරගන්නත් බෑ. මගේ මහන්සියවත් නෑ type කරපු නිසා ආයෙම දැම්මා.

    Marty Martins ගේ කතාව.

    මේක pro. Jim Tucker කියන විදියට ඔහුට හම්බවුන හොඳම පුනුරුප්පත්ති කේස් වලින් එකක්. මේකටහේතු වෙන්නේ Oklohoma වල ඉපදුන Ryan hammons කියලා ළමයෙක්. මේ ළමයා ඉපදීලා බහ තොරණ වයසේදී රෑට හීනෙන් එක එක ඒවා කියලා කෑ ගහනවා. පස්සේ ඩොක්ටර් කෙනෙක් ලඟට ගියාම ඩොක්ටර් කියනවා ටික දවසකින් ඕක හරියයි කියලා. හැබැයි මේ ළමයාගේ හීනෙන් බය වෙන එක නවතින්නේ නෑ. දවසක් කොල්ලා අම්මට කියනවා.

    "අම්මේ මම හිතන්නේ මම වෙන කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා"

    මූ කියනව උගේ ගෙදර ගැන Hollywood වල තියෙන. සුදුපාට ලොකු ගෙදරක් swimming pool එකක් තිබුන. එයාට ළමයි 3 දෙනෙක් හිටියා ඒ ළමයි තුන්දෙනාගේ නම් මතක නෑ කියලා මේ කොල්ලා අඩනවා. මේක ගැන දිගින් දිගටම කොල්ලා කරදර කරන්න ගත්තට පස්සේ උගේ අම්මා පොත් ටිකක් ගෙනත් කොල්ලට දෙනවා ඔයකියපුකාලෙට ගැලපෙන්න. මේ සිද්දිය මාස ගානක් උනාට පස්සේ දවසක මේ දෙනා අර පොත් පෙරල පෙරල ඉද්දි 1930 release උන Night after night film එකේ ෆොටෝ එකක හිටිය එකෙක් පෙන්නලා කොල්ලා කියනවා "මේ ඉන්නේ ජෝර්ජ්, අපි ෆිල්ම් එකක් කරා එකතුවෙලා" කියලා. ඒ ෆොටෝ එකේම කෙලවරේ හිටිය එකෙක් පෙන්නලා කොල්ලා කෑ ගහනවා "මේ ඉන්නේ මම, මම මාව හොයාගත්තා" කියලා.

    1611199157376.png

    මේ ඉන්නේ රයාන්, එයාගේ මව සහ මහාචාර්ය ජිම් ටකර්

    මේ කොල්ලගේ අම්මා මේ සිද්දිය ගැන තවදුරටත් හොයන්න කෙනෙක් බැලුවම එයාට Jim Tucker ගේ email එක හම්බ වෙනවා. ඉතින් මේ අම්මා ජිම් ටකර්ගෙන් ඉල්ලනවා මේ කෙනා ගැන වැඩි විස්තර හොයල දෙන්න කියලා. ඊට පස්සේ එයා මේ රයන් හැමදාම මේ සිද්දිය ගැන වේලාවෙන් වෙලාවට කියන වාඛ්‍ය ටික ජිම් ටකර්ට යවනවා. ජිම් ටකර් ඒකයි කියන්නේ මේක හොඳ සිද්දියක් කියලා මොකද මේ සිදුවීම වෙන්නේ ජිම් ටකර්ගේ අධීක්ෂණය මුල ඉඳන්ම වගේ වෙද්දී. ඒ වගේම ඒක ඔප්පු කරන්න ළමයාගේ අම්මගේ emails ටික තියෙනවා.

    මේ කොල්ලා කියපු දේවල් අතර, නිතරම යුරෝපේ ගියපු නිවාඩු. ඒ කාලේ හම්බ උන හොලිවුඩ් නළු නිළියන්ගේ නම්. නටපු හැටි, ඒ වගේම කොල්ලා කියනවා මම ඒජන්සි එකක වැඩ කරා මිනිස්සු තමන්ගේ නම් වෙනස් කරන. ඒ වගේම කොල්ලට මතකයි Rock කියලා නම තියෙන පාරක තමන්ගේ ගෙදර තිබුනා කියලත්.

    1611200057233.png

    කොල්ලා දැක්ක ෆොටෝ එක, මේකේ දකුණු කෙලවරේ ඉන්න පසුබිම් අතිරේක නළුවා තමන් කියලා තමයි කොල්ලා කිව්වේ. මේ නළුවට මුළු ෆිල්ම් එකේම එක දෙබසක්වත් නෑ.
    1611200142020.png

    මේ ඉන්නේ ගිය ආත්මේ කොල්ලා

    කොහොමහරි ඔය විස්තර හොයාගත්තට පස්සේ මේ කවුද කියල හොයන්න jim Tucker උත්සහ කරනවා, වැඩේ මේක ලේසි නෑ මොකද මේ අතිරේක නළුවෝ අඩුගානේ film credits වලවත් සඳහන් වෙලා නෑ. කොහොමහරි අවසානේ හොලිවුඩ්වල පරණ records කිහිපයක් බලලා මේ ඉන්නේ මුල් කාලේ ෆිල්ම් වල අතිරේක නළුවෙක් උන Marty Martins කියලා හොයාගන්නවා. ඒ වගේම පස්සේ මෙයා Hollywood agent කෙනෙක් විදියට වැඩ කරා කියලත් හොයාගන්නවා.

    Jim Tucker ට පුළුවන් වෙනවා Marty Martin ගැන Ryan කිව්ව දේවල් 55ක් හරියටම ගැලපෙනවා කියලා හොයාගන්න. මෙයා ගිය ආත්මේ paris වල කරපු සංචාර, ඩාන්ස් කරපුවා, වගේම පස්සේ කාලෙක මිනිස්සුන්ට stage names දෙන agency එකක වැඩ කරා කියලත් jim Tucker හොයාගන්නවා. ඒ වගේම මෙයා ජිවත් වෙලා තියෙන්නේ 825 North 'Rox' bury Dr. Beverly Hills. ඒ කියන්නේ අර rock කතාවත් ඇත්ත.

    Ryan කියන ඒවා කොච්චර ගැලපුනාද කියනවනම් Marty Martin ගේ දුව දැනගෙන ඉඳලා තියෙන්නෙත් තමන්ගේ තාත්තට එක සහෝදරියක් ඉන්නවා කියලා නමුත් Ryan කියලා තියෙනවා දෙන්නෙක් හිටියා කියලා. Jim Tucker හොයාගන්නවා ඇත්තටම Marty martinට සහෝදරියෝ දෙන්නෙක් හිටියා කියලා.

    නමුත් මෙතන එක කරුණක් ගැලපෙන්නේ නැති වෙනවා, ඒ තමයි Ryan කියනවා "මම දන්නේ නෑ දෙයියෝ මගේ වයස 61ක් කරලා ආපහු පොඩි එකෙක් කරේ මොකටද කියල" නමුත් Marty මැරෙන්නේ අවුරුදු 59දි කියලා තමයි මරණ පරික්ශනේ තියෙන්නේ. නමුත් පස්සේ ඔප්පු වෙනවා Marty martin 1905 නෙවේ ඉපදිලා තියෙන්නේ 1903 කියලා.
    Lankawe Galle wala jeewathwuna prof Abrahma T Kovoor kiyana mahathtmaya "punaruppthiya" gena parikshana karala poth kihipayak liyala thiyenawa.Interest ekak thiyena kenek hoyagena kiywala balanna. eyanam kiyanne Punaruthpathiya kiyanne boru kathawak kiyalai
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,950
    113

    ලංකාව වගේ රටක පුනුරුප්පත්ති පරීක්ෂණ කරනවා කියන්නේ මෝඩ වැඩක්. මොකද ලංකාව වගේ පුනුරුප්පත්තිය විශ්වාස කරන සමාජයක වාර්තාවෙන සිද්දි ගොඩක් බොරු ඒවා. මිනිස්සු හරිම ඉක්මනින් දේවල් ගලපලා ඒවා පුනුරුප්පත්තිය කියලා හිතනවා. හැබැයි මේ පරික්ශනේ ලෝකේ ගොඩාක් රටවල සිද්දි තියෙනවා. විශේෂයෙන්ම පුනුරුප්පත්තිය විශ්වාස නොකරන පවුල් වලින් සමාජ වලින් ආපු ඒවා. මේ සමහර කේස් පවුලේ අයම හංගන්න උත්සහ කරපුවා එයාලගේ ආගමික විශ්වාස වලට පිටින් යන හින්දා. ඒ වගේම මේ රිසර්ච් වලට ඕනේ තරම් චෝදනා කරන්න එයාලා ඉඩ දෙනවා. කාටවත්ම බොරු කියන්න බැරි, හැකිතාත් විද්යාත්මක පසුබිමක ඉඳන් තමයි මේ අය මේ දේවල් කරන්නේ.

    කොවුර් කියන්නේ එක අන්තයක ඉඳන් රිසර්ච් කරපු අන්තවාදී හෙතුවාදියෙක්. කොවුර් හැම වෙලාවේම පොත්වල ලියන්නේ තමන්ගේ මතය සනාථ කරන්න උදාහරණ හම්බ උන ඒවා විතරයි. කොවුර්ගේ පොතේ කොවුර් ලියන්නේ කොවුර්ව පොර වෙන දේවල්නේ. කොවුර් කියන්නේ අනාත්ම කියන එක විකෘති තේරුමකින් තමන්ගේ පොතක ලිව්ව ඩයල් එකක්. ඊට පස්සේ කාලයක්ම ඔය හේතුවාදීන් කොවුර්ගෙන් බණ අහලා ඕක විකෘති අදහසකින් හැම තැනම කියෙව්වා. පස්සේ නෝන්ඩි උනා එකපාරක් හාමුදුරු කෙනෙක්ට අනාත්ම උගන්නන්න ගිහින් :rofl:
     
    • Like
    Reactions: aneasarayana

    Budu hamuduruwoth deshana kale anathma wadayak neda ?????????? hindu agame uganwana aathma wadayath ekka ada budu dhama kawalamwela kiyala matanam hithenne................
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,950
    113
    Budu hamuduruwoth deshana kale anathma wadayak neda ?????????? hindu agame uganwana aathma wadayath ekka ada budu dhama kawalamwela kiyala matanam hithenne................
    එහෙම තමයි කොවුර් පොතේ ලිව්වේ, අනාත්මවාදයක් බුදු දහමේ නෑ ඒ තියෙන්නේ ත්රිලක්ශ්නයේ එක කොටසක් විදියට. කොවුර් කියන්නේ කතෝලික ෆාදර් කෙනෙක්ට ඉපදුන පුතෙක්. මිනිහා දන්නා බුදු දහමක් නෑ. මම ඕක කලින් ත්‍රෙඩ් එකෙත් පැහැදිලි කරා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,100
    11,667
    113
    මාලඹේ
    Thread Bump කරන්න නම් මේකේ මගේ bot ඉන්නවා @kasun_kbp කියලා . ඕනේ නම් කියපන් උබේ Thread එක සතියක් එක දිගට Bump කරලා දෙයි 🤩🤩🤣
     
    • Like
    Reactions: asylum