පුරාණ නිලමෙලාට වඩා මගේ ඇමතිවරු හොඳයි-president
බටහිර බලවේග යළිත් රට අල්ලා ගන්නට සැරසුණත්
එදා වගේ සුද්දන්ට රැවටෙන නිළමෙලා අද නැහැ;
දැන් ඉන්නේ රටට ආදරය කරන නිළමෙලා පමණයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර බෝගම්බර පිටියේදී කියයි
රට එකට මංගල ජන රැලිය
සිරිල් විමලසුරේන්ද්‍ර හා තිවංක අභයරත්න - මහනුවර
බටහිර බලවේග දැන් උත්සාහ කරනවා ඉතිහාසයේ වගේ බලයෙන් උන්මාද වෙච්ච නිළමෙලා අල්ලාගෙන එදා කන්ද උඩරට අල්ලා ගත්තා වගේ මේ රට අල්ලා ගන්න. එදා වගේ රැවටෙන නිළමෙලා මේ සමගි පෙරමුණ තුළ නෑ. අද ඉන්නේ මේ රටට ආදරය කරන නිළමෙලා විතරයි කියන එක පැහැදිලිව අපි ජාත්‍යන්තරයට කියන්න ඕනෑ යෑයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 31 දා මහනුවරදී පැවැසීය.
"රට එකට" යන මැයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත ජන රැලි මාලාවේ මංගල ජන රැලිය මහනුවර බෝගම්බර පිටියේ පැවැති අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා ජනතාව අමතමින් එසේ පැවැසීය. එහිදී තවදුරටත් රැලිය ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
අද රට පුරා විශාල ජනතාවක් මේ සහය දක්වන්නේ රජයට පමණක් නොවෙයි. අධිරාජ්‍යවාදී මතවාදයට හා බෙදුම්වාදයට එරෙහිවයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕනෑ.
වසර දහස් ගණනක් තිස්සේ මේ රටේ නිදහස රැකගත් මහනුවර ජනතාව මේ රටේ නිදහසේ යළි තීරණාත්මක මොහොතක අමතන්න ලැබීම මහත් සතුටක්.
ඇමරිකා එක්සත් ජනපදය එදා අපේ රටට එරෙහිව යෝජනාවක් ගෙන එන්න උත්සාහ කරනකොටම එයට විරුද්ධව මුලින්ම අත්සන් කළේ මල්වතු අස්ගිරි අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා. අපි ඒ බව ගෞරවයෙන් මතක්a කර සිටිනවා. ගරුතර මහා සංඝරත්නය වගේම අනෙකුත් ආගමික නායකතුමන්ලාත් විශාල ශක්තියක් ලබාදුන්නා.
ජාතික ධජය අතට අරගෙන වීථි බැසපු මේ රටේ ජනතාව දැක්කාම අපට විශාල පන්නරයක් ශක්තියක් ලැබුණා. ජනතාව විශාල ශක්තියක් අපට ලබාදීලා තියෙනවා.
අපේ ජනතාව ගැන යුරෝපය තේරුම් ගන්න ඕනෑ. අපි දැක්කා එක එක රටවල් වල නායකයෝ ඝාතනය කළ අවස්ථාවල ඉතා සියුම් ලෙස ජනතාව එළියට ඇද ගැනීමේ මතවාදයක් ඇතිකරන්න බටහිර බලවේග උත්සාහ කරනවා. නමුත් අපේ රටේ ජනතාව කළේ ඒකේ අනික් පැත්ත. අපේ රටේ ජනතාව දිවිහිමියෙන් රටත් රජයත් රකින්න ඕනෑම බලවතෙකුට එරෙහිව නැගී සිටින බව ලෝකයට පෙන්නුම් කළා.
අතීතයේ ඉංග්‍රීසීන් මේ රට යටත් කර ගන්න අවස්ථා කිහිපයකදීම උත්සාහ අරගත්තා. එදා හිටපු නිළමෙලාගෙන් කිහිපදෙනෙක් අල්ලාගෙන රජයට විරුද්ධ මත දරපු අය තෝරාගෙන ඒ අයට බලය ගැන උන්මාදයක් ඇති කරලා ඒ අය ලවාම කැරලි ඇතිකරලා කලබල ඇතිකරලා තමයි උඩරටට අත පොවන්න උත්සාහ කළේ.
කන්ද උඩරට ජනතාවට නීතිය සාමය යහපත ආරක්ෂාව යන දේ ඉදිරියට දාලා කන්ද උඩරටට එදා ඔවුන් රිංගා ගත්තා.
ඒ ඉංග්රීසින්ගේ බලයෙන් උන්මාද වෙච්ච පන්දම් අල්ලපු උන්ට රට පාවාදීපු උන්ට රට බාර දුන්නේ නෑ. එදා උඩරට ජනතාවට සහනය යුක්තිය ලබාදුන්නේ නෑ. ඒ වෙනුවට උඩරට ජනතාවගේ ඉඩකඩම් දේපළ උදුරාගත්තා.
මේ බටහිර හෙන්චයියලා අදත් කරන්න උත්සාහ ගන්නේ ඒ දෙයමයි. අපි කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි පෙරමුණේ නායකයන් එදා නිළමෙලා වගේ රවට්ටන්න පුළුවන් නිළමෙලා නෙවෙයි කියන එකත් රටට ආදරය කරන දේශප්‍රේමීන් කියන එකත් පැහැදිලි කරල දෙන්න ඕනෑ.
හැබැයි රට ඇතුළෙන් ද්‍රෝහියෝ ටිකක් අල්ලාගෙනත් ඉන්නවා. රාජ්‍ය නොවන සංවිධානකාරයෝ කියනවා. සමහර පක්ෂවල හීන බල බලා ඉන්න කොටසක් කියනවා ඒ අය කියනවා අපි මහින්ද ඇදගෙන ගිහින් මහින්ද එළවනවා කියලා. මහපාරේ සටන් කරනවා කියලා. මම කියනවා ඒ අයට එහෙම කරන එක හොඳයි. සටන් කරමින් ඉන්න. පාරට බැහැලා ඉන්න ඕනෑ. හැබැයි සමගිවෙලා අත් අල්ලාගෙන තමන්ගේ පක්ෂ තුළවත් සමගියෙන් ඉන්න කියලා. අනුන්ගේ පක්ෂ වට්ටලා රට අල්ලන්න ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂ අල්ලාගන්න කියලා අපි ඒ අයට මතක් කරල දෙනවා.
මම ඒ අයට කියනවා මානව හිමිකම් නාමයෙන් මේ රටේ ජනතාවගේ උරුමයන් විනාශ කරල දාන්න සූදානම් වෙන්න එපා කියලා. අපි තමුන්නාන්සේලාට කියනවා මේ රටේ නිදහස නැති කරන්න ඉඩ තියන්න එපා. මේ රට නිදහස් කරගත්තේ ත්රස්තවාදීන්ගෙන්. මේ රට යළිත් ත්රස්තවාදීන්ට භාරදීලා යන්න නෙවෙයි කියන එකත් මතක තියා ගන්න ඕනෑ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කල්පනාකාරීව මේ කාලය තුළ රට තුළ ඇතිකරන්න යන මතවාද හා උසිගැන්වීම් වලට නොරැවටී ජනතාව එක්සත්ව අත්වැල් බැඳගෙන මේ සටන ඉදිරියට ගෙනියන්න කියලා.
අපි සියලු දෙනාම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ අපේ ගමන හැඩගස්සාගෙන ජනතාවගේ වුවමනාවන් ඉටුකරන්නට අපි සූදානම් කියන එකත් මම මතක් කර සිටිනවා යෑයිද පැවැසීය