පුරාණ සිතුවම්වල දැක්වෙන UFOs?
පිටසක්වල ජීවීන් සමග මනුෂ්‍යයන් ඈත අතීතයේ පටන් සම්බන්ධතා පැවැත්වූයේ යන්නට සාක්ෂි ජනප්‍රවාද,ඵලක,ශෛලමය ප්‍රතිමා,ගල් කැටයම් සහ අනෙකුත් සිතුවම් සහ මූලාශ්‍රවලින් සොයාගත හැකිය.නමුත් සමහර සිතුවම්වල යානා(UFOs) ලෙස පෙන්වා තිබෙන්නේ කාචාකාර වළාකුලු බවයි සමහරුන්ගේ මතය.
පහත දැක්වෙන (කටුසු හිසක් සහිත )කුඩා ප්‍රතිමා ඌර්(Ubaid)සංස්කෘතියට අයත් ඒවාය.මේවා ක්‍රි.පූ.5000 තරම් අතීතයේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.ඌර් ශිෂ්ඨාචාරය ක්‍රි.පූ.6000 සමය අවසානයේදී දකුණු ඉරාකයේ දියුණු වූවකි.ඉන්පසු එය මෙසපොතමියාව තුල ව්‍යාප්ත විය.මෙහි වම්පස ප්‍රතිමාවෙන් ගැහැණියක් දරුවෙකුට කිරි දෙන අයුරු නිරූපිතය.
ක්‍රි.පූ.7000 -මෙම තැටිය සොයාගෙන තිබෙන්නේ නේපාලයෙනි.එහි මධ්‍යයේ මණ්ඩලාකාර වස්තුවකි.ඉන් විහිදී යන නාලාකාර මාර්ගයක් තුල කටුස්සන්,බූවල්ලන් සහ මනුෂ්‍යයෙකුට සමාන ජීවියෙක් නිරූපණය කර තිබේ.
මෙම සිතුවම හමුවී තිබෙන්නේ ඉතාලියේ වැල් කැමොනිකා මිටියාවතෙනි.එය ක්‍රි.පූ.10,000 පමණ කාලයට අයත් යැයි විශ්වාස කෙරේ.ආරක්ෂක ඇඳුමක් දමා ගත් ජීවියෙක් එහි නිරූපණය කර තිබේ.
ක්‍රි.පූ. 4,000 පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම අපූර්ව ඇඳුමක් පැළඳගෙන සිටින ජීවියාගේ රුව යුක්රේනයෙන්(Kiev) සොයාගෙන තිබේ.
මෙක්සිකෝවේ Queretaro පලාතෙන් සොයාගත් මෙම ගල් කැටයම වසර 7000ක් වත් පැරණි යැයි සැලකේ.එහි අණ්ඩාකාර වස්තුවක් යම් කිරණ වර්ගයක් විහිදුවමින් සිටින අතර පහළ සිටින ජීවින් අත් පා විහිදුවාගෙන සිටියි.
වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරිතදිග ප්‍රදේශයේ විසූ ස්වදේශීය ඇමෙරිකානුවෝ(රතු ඉන්දියානුවෝ)නිර්මාණය කල සිතුවමක් පහත දැක්වෙන අමුතුම වස්තූන් දෙක අඩංගුවේ.ඔවුන්ගේ ජනප්රවාදයක මෙසේ සඳහන් වේ.වස්තූන් දෙකක් අහසේ ගමන් කරමින් තිබියදී එකක් මරණයේ මිටියාවතට කඩා වැටිණි.ඉන්පසු තවත් යානයකින් පැමිණි පිරිසක් කඩා වැටුණු යානය අලුත්වැඩියා කර තිබේ.රූපයේ දැක්වෙන යානා අතරින් වම් පස තිබෙන්නේ පසුව ආ යානයයි.දකුණුපස කඩා වැටුණු යානය පෙන්වා තිබේ.
ස්පාඤ්ඤයේ ඌතා හි සෙගෝ කැනියමේදී හමුවූ සිතුවමක්.මෙය ක්‍රි.පූ.5,500 තරම් පැරණි යැයි සැලකේ.මෙහි සිතුවම් කර තිබෙන ජීවීන් අමුතු ඇස් ඇති හිසෙන් ඇන්ටෙනා වැනි දෙයක් පැනනැගුණු පිරිසකි.
අප්‍රිකාව
සහරා කාන්තාරයේ ඇල්ජීරියානු ප්‍රදේශයක පිහිටි Tassili n'Ajjer නම් කඳුකරයේ තිබී මෙම සිතුවම හමුවී තිබේ.මෙම සිතුවම් ක්‍රි.පූ.10,000 පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ.සමහරක් සිතුවම්වල අභ්‍යාවකාශ ඇඳුම්වලට සමාන ඇඳුම් ,හිස් වැසුම් පැළඳ ගත් ජීවින් ඇතුලත් වේ.
ටැන්සානියාව
ක්‍රි.ව. 1479 පමණ නිර්මාණය කල අරාබි චිත්‍රයක්.මෙහි රොකට්ටුවකට සමාන වස්තුවක් දැක්වේ.
බෙල්ජියමේ බර්ගස් නගරයේ තිබූ මෙම සිතුවම(Summer's Triumph) ක්‍රි.ව.1538 පමණ නිර්මාණය කර තිබේ.සිතුවමේ වම්පස ඉහළ කෙළවර හොඳින් බැලුව හොත් පියාඹන පීරිසි හැඩැති වස්තූන් 2ක් දැකගත හැකිය.
ජර්මනිය
ජර්මනියේ නිව්රම්බර්ග් හි 1561පමණ නිර්මාණය කල මෙම සිතුවමේ හිරු සහ මිසයිල හැඩැති වස්තූන් දැක ගත හැකිය.මෙම සිතුවමින් පිටසක්වලයන් සහ මිනිසුන් අතර සටනක් නිරූපණය වන බවයි බොහෝදෙනාගේ අදහස.
ජර්මනියේ හැම්බර්ග් නගරයේ අහසේ මැවුනා යැයි කියන රෝද හැඩැති වස්තූන් දෙකක්. ක්‍රි.ව.1697 නොවැම්බර් 4
අද්මිරාල් Blaeuගේ Theatrum Orbis Terrarum නම් පොතේ ඇතුලත් මෙම සිතුවමේ මණ්ඩලාකාර වස්තු 2ක් අහසේ නිරූපණය කර තිබේ.
ක්‍රි.ව. 1680 පමණ අච්චු ගැසූ ප්‍රංශ කාසියක මණ්ඩලාකාර වස්තුවක් අහසේ පාවෙන අයුරු ඇතුලත්ය.
15 වන සියවසේ සිතුවම් වල දැක්වෙන අමුතුම ආකාරයේ ආකාශ වස්තූන්
ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙක් වන Aert De Gelder විසින් නිර්මාණය කල මෙම සිතුවමේ(The Baptism of Christ) මණ්ඩලාකාර වස්තුවකින්, ජේසුතුමන්ව භෞතීස්ම කරන අවස්ථාව අලෝකමත් කරන අයුරු පෙන්වා තිබේ.(ක්‍රි.ව 1710 ඇදි සිතුවමකි.)
17වන සියවසේ නිර්මාණය කල මෙම සිතුවමේ මණ්ඩලාකාර පියාඹන වස්තූන් 2ක් ජේසුතුමන්ගේ දෙපසින් පෙන්වා තිබේ.
Paolo Uccello ගේ සිතුවමක් වන මෙහිද මණ්ඩලාකාර වස්තූන් නිරූපණය කර තිබේ(La Tebaide-ක්‍රි.ව.1460-1465)
ජේසුතුමන් කුරුස ගත කරන අයුරු දැක්වෙන මෙම සිතුවමේද ඉහළ දෙකෙලවර ගුවන් යානාවලින් ගමන් කරන මිනිසුන් දෙදෙනෙක් දක්වා තිබේ.(ක්‍රි.ව.1350 පමණ )
Bonaventura Salimbeni අඳින ලද Glorification of the Eucharist නම් චිත්‍රය(ක්‍රි.ව.1600)
මෙම චිත්රයේ ස්පුට්නික් චන්ද්‍රිකාවට සමාන වස්තුවක් දක්නට ඇත
The Madonna with Saint Giovannino නම් මෙම චිත්‍රය 15 වන සියවසේදී Domenico Ghirlandaio විසින් නිර්මාණය කර තිබේ.කාන්තාවගේ උරහිසට ඉහළින් සිටින මිනිසා අහසේ ගමන් කරන දිප්තිමත් වස්තුවක් දෙස බලා සිටින අයුරු පෙනේ.
ක්‍රි.ව .1490 දී නිර්මාණය කර තිබෙන මෙම සිතුවමේ(The Assumption of the Virgin) මණ්ඩලාකාර වස්තූන් රැසක් අහසේ තිබෙන අයුරු නිරූපණය කර තිබේ.
14වන සියවසට අයත් මෙම චිත්රයේද වම්පස ඉහළ කෙළවරට වන්නට පියාඹන වස්තුවක් පෙනෙන්නට තිබේ.
Carlo Crivelli නම් චිත්‍ර ශිල්පියා ක්‍රි.ව. 1486 දී අඳින ලදැයි සැලකෙන මෙම සිතුවමේ(The Annunciation with Saint Emidius) දැක්වෙන ආකාශ වස්තුවකින් කිරණයක් නිකුත් කරන අයුරු පෙන්වා ඇත.
ක්‍රි.ව.1420 සිත්තම් කල මෙහිද අහසේ ආකාශ වස්තූන් හෝ අසාමාන්‍යය හැඩයක් ගත් වළාකුලු හෝ පෙන්වා තිබේ.
මෙම සිතුවමේ ඉහළ කොටසේ පෙන්වන්නේ වළාකුලුද නැතිනම් වෙනත් අද්භුත යානා පෙළක්ද?
Source:Crystalinks.com
-HarshaLulzSec-
පිටසක්වලයන් සම්බන්ධව ලිපි කිහිපයක් පළ කරන්න යැයි මෙම ෆෝරමයේ සාමාජිකයෙක්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත්විය.UFOs සහ පිටසක්වලයන් ගැන පළවන පළමු ලිපිය මෙලෙස දිගහැරෙනු ඇත.
පිටසක්වල ජීවීන් සමග මනුෂ්‍යයන් ඈත අතීතයේ පටන් සම්බන්ධතා පැවැත්වූයේ යන්නට සාක්ෂි ජනප්‍රවාද,ඵලක,ශෛලමය ප්‍රතිමා,ගල් කැටයම් සහ අනෙකුත් සිතුවම් සහ මූලාශ්‍රවලින් සොයාගත හැකිය.නමුත් සමහර සිතුවම්වල යානා(UFOs) ලෙස පෙන්වා තිබෙන්නේ කාචාකාර වළාකුලු බවයි සමහරුන්ගේ මතය.
ඉරාකය
ඉරාකයෙන් හමුවූ උරගයන්ට සමාන ප්‍රතිමාව - ක්‍රි.පූ.5000-4500
සුමේරියන් දෙව්වරු
සුමේරියන් දෙවියෙක්ගේ ප්‍රතිමාවක්
සුමේරියන් දෙව්වරු
සුමේරියන් දෙවියෙක්ගේ ප්‍රතිමාවක්
පහත දැක්වෙන (කටුසු හිසක් සහිත )කුඩා ප්‍රතිමා ඌර්(Ubaid)සංස්කෘතියට අයත් ඒවාය.මේවා ක්‍රි.පූ.5000 තරම් අතීතයේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.ඌර් ශිෂ්ඨාචාරය ක්‍රි.පූ.6000 සමය අවසානයේදී දකුණු ඉරාකයේ දියුණු වූවකි.ඉන්පසු එය මෙසපොතමියාව තුල ව්‍යාප්ත විය.මෙහි වම්පස ප්‍රතිමාවෙන් ගැහැණියක් දරුවෙකුට කිරි දෙන අයුරු නිරූපිතය.
නේපාලය
ක්‍රි.පූ.7000 -මෙම තැටිය සොයාගෙන තිබෙන්නේ නේපාලයෙනි.එහි මධ්‍යයේ මණ්ඩලාකාර වස්තුවකි.ඉන් විහිදී යන නාලාකාර මාර්ගයක් තුල කටුස්සන්,බූවල්ලන් සහ මනුෂ්‍යයෙකුට සමාන ජීවියෙක් නිරූපණය කර තිබේ.
ඉතාලිය
මෙම සිතුවම හමුවී තිබෙන්නේ ඉතාලියේ වැල් කැමොනිකා මිටියාවතෙනි.එය ක්‍රි.පූ.10,000 පමණ කාලයට අයත් යැයි විශ්වාස කෙරේ.ආරක්ෂක ඇඳුමක් දමා ගත් ජීවියෙක් එහි නිරූපණය කර තිබේ.
යුක්රේනය
ක්‍රි.පූ. 4,000 පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මෙම අපූර්ව ඇඳුමක් පැළඳගෙන සිටින ජීවියාගේ රුව යුක්රේනයෙන්(Kiev) සොයාගෙන තිබේ.
මෙක්සිකෝව
මෙක්සිකෝවේ Queretaro පලාතෙන් සොයාගත් මෙම ගල් කැටයම වසර 7000ක් වත් පැරණි යැයි සැලකේ.එහි අණ්ඩාකාර වස්තුවක් යම් කිරණ වර්ගයක් විහිදුවමින් සිටින අතර පහළ සිටින ජීවින් අත් පා විහිදුවාගෙන සිටියි.
ඉක්වදෝරය
ඉක්වදෝරයෙන් හමුවූ අමුතු ඇඳුම්(මොවුන් පුරාණ ගගනගාමීන් යැයි විශ්වාස කල හැකිය )ඇඳගත් ජීවීන්
එක්සත් ජනපදය
වර්තමාන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරිතදිග ප්‍රදේශයේ විසූ ස්වදේශීය ඇමෙරිකානුවෝ(රතු ඉන්දියානුවෝ)නිර්මාණය කල සිතුවමක් පහත දැක්වෙන අමුතුම වස්තූන් දෙක අඩංගුවේ.ඔවුන්ගේ ජනප්රවාදයක මෙසේ සඳහන් වේ.වස්තූන් දෙකක් අහසේ ගමන් කරමින් තිබියදී එකක් මරණයේ මිටියාවතට කඩා වැටිණි.ඉන්පසු තවත් යානයකින් පැමිණි පිරිසක් කඩා වැටුණු යානය අලුත්වැඩියා කර තිබේ.රූපයේ දැක්වෙන යානා අතරින් වම් පස තිබෙන්නේ පසුව ආ යානයයි.දකුණුපස කඩා වැටුණු යානය පෙන්වා තිබේ.
ස්පාඤ්ඤය
ස්පාඤ්ඤයේ ඌතා හි සෙගෝ කැනියමේදී හමුවූ සිතුවමක්.මෙය ක්‍රි.පූ.5,500 තරම් පැරණි යැයි සැලකේ.මෙහි සිතුවම් කර තිබෙන ජීවීන් අමුතු ඇස් ඇති හිසෙන් ඇන්ටෙනා වැනි දෙයක් පැනනැගුණු පිරිසකි.
අප්‍රිකාව
සහරා කාන්තාරයේ ඇල්ජීරියානු ප්‍රදේශයක පිහිටි Tassili n'Ajjer නම් කඳුකරයේ තිබී මෙම සිතුවම හමුවී තිබේ.මෙම සිතුවම් ක්‍රි.පූ.10,000 පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ.සමහරක් සිතුවම්වල අභ්‍යාවකාශ ඇඳුම්වලට සමාන ඇඳුම් ,හිස් වැසුම් පැළඳ ගත් ජීවින් ඇතුලත් වේ.
ටැන්සානියාව
පහත දැක්වෙන්නේ ටැන්සානියාවෙන් හමුවූ ගුහා චිත්‍ර දෙකකි.මේවා අවුරුදු 29,000 පමණ පැරණි යැයි සැලකේ.ඉහළින්ම පෙන්වා තිබෙන්නේ මණ්ඩලාකාර වස්තූන් දෙකකි.
ක්‍රි.ව. 1479 පමණ නිර්මාණය කල අරාබි චිත්‍රයක්.මෙහි රොකට්ටුවකට සමාන වස්තුවක් දැක්වේ.
ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි හි තිබෙන ගුහා චිත්‍ර.මේවා වසර 5000ක් පමණ පැරණිබව කියවේ.ඒවාහි අමුතුම හිස් සහිත ජීවීන් නිරූපණය කර තිබේ.
චීනය
ක්‍රි.ව. 1400 පමණ ලියූ Illustrated Survey of Weird Countries නම් ග්‍රන්ථයේ මෙම පියාඹන රථය දක්වා තිබේ.
ජපානය
ජපානයෙන් හමුවූ සිතුවමක ගුවන් යානාවලින් ගමන් කරන මිනිසුන් දඬයමේ යෙදෙන අයුරු පෙන්වා තිබේ.
ගිණිගෙන දැවෙන රෝදයක් සහිත සිතුවම.මෙය වසර 900කට පෙර ජපානයේ නිර්මාණය කල එකකි.
බෙල්ජියම
බෙල්ජියමේ බර්ගස් නගරයේ තිබූ මෙම සිතුවම(Summer's Triumph) ක්‍රි.ව.1538 පමණ නිර්මාණය කර තිබේ.සිතුවමේ වම්පස ඉහළ කෙළවර හොඳින් බැලුව හොත් පියාඹන පීරිසි හැඩැති වස්තූන් 2ක් දැකගත හැකිය.
ජර්මනිය
ජර්මනියේ නිව්රම්බර්ග් හි 1561පමණ නිර්මාණය කල මෙම සිතුවමේ හිරු සහ මිසයිල හැඩැති වස්තූන් දැක ගත හැකිය.මෙම සිතුවමින් පිටසක්වලයන් සහ මිනිසුන් අතර සටනක් නිරූපණය වන බවයි බොහෝදෙනාගේ අදහස.
ජර්මනියේ හැම්බර්ග් නගරයේ අහසේ මැවුනා යැයි කියන රෝද හැඩැති වස්තූන් දෙකක්. ක්‍රි.ව.1697 නොවැම්බර් 4
අද්මිරාල් Blaeuගේ Theatrum Orbis Terrarum නම් පොතේ ඇතුලත් මෙම සිතුවමේ මණ්ඩලාකාර වස්තු 2ක් අහසේ නිරූපණය කර තිබේ.
ක්‍රි.ව. 1680 පමණ අච්චු ගැසූ ප්‍රංශ කාසියක මණ්ඩලාකාර වස්තුවක් අහසේ පාවෙන අයුරු ඇතුලත්ය.
15 වන සියවසේ සිතුවම් වල දැක්වෙන අමුතුම ආකාරයේ ආකාශ වස්තූන්
රෝමය
රෝමයේ අහස ආලෝකමත් කලායැයි කියන ආකාශ වස්තූන්(Prodigiorum Liber)
ආගමික සිතුවම්වල එන හඳුනානොගත් ආකාශ වස්තූන්
මෙම සිතුවම බෙල්ජියමෙන් හමුවි තිබේ.මෝසෙස් දේව ආඥා 10 ලබාගන්නා ආකාරය එහි දැක්වෙන අතර අහසේ වස්තූන් කිහිපයක්ද පෙන්වා ඇත.චිත්රයේ නිර්මාණකරු සහ වර්ෂය නොදනියි.
ජේසුතුමන් සහ UFOs - සිතුවම්
ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙක් වන Aert De Gelder විසින් නිර්මාණය කල මෙම සිතුවමේ(The Baptism of Christ) මණ්ඩලාකාර වස්තුවකින්, ජේසුතුමන්ව භෞතීස්ම කරන අවස්ථාව අලෝකමත් කරන අයුරු පෙන්වා තිබේ.(ක්‍රි.ව 1710 ඇදි සිතුවමකි.)
17වන සියවසේ නිර්මාණය කල මෙම සිතුවමේ මණ්ඩලාකාර පියාඹන වස්තූන් 2ක් ජේසුතුමන්ගේ දෙපසින් පෙන්වා තිබේ.
Paolo Uccello ගේ සිතුවමක් වන මෙහිද මණ්ඩලාකාර වස්තූන් නිරූපණය කර තිබේ(La Tebaide-ක්‍රි.ව.1460-1465)
ජේසුතුමන් කුරුස ගත කරන අයුරු දැක්වෙන මෙම සිතුවමේද ඉහළ දෙකෙලවර ගුවන් යානාවලින් ගමන් කරන මිනිසුන් දෙදෙනෙක් දක්වා තිබේ.(ක්‍රි.ව.1350 පමණ )
Bonaventura Salimbeni අඳින ලද Glorification of the Eucharist නම් චිත්‍රය(ක්‍රි.ව.1600)
මෙම චිත්රයේ ස්පුට්නික් චන්ද්‍රිකාවට සමාන වස්තුවක් දක්නට ඇත
The Madonna with Saint Giovannino නම් මෙම චිත්‍රය 15 වන සියවසේදී Domenico Ghirlandaio විසින් නිර්මාණය කර තිබේ.කාන්තාවගේ උරහිසට ඉහළින් සිටින මිනිසා අහසේ ගමන් කරන දිප්තිමත් වස්තුවක් දෙස බලා සිටින අයුරු පෙනේ.
ක්‍රි.ව .1490 දී නිර්මාණය කර තිබෙන මෙම සිතුවමේ(The Assumption of the Virgin) මණ්ඩලාකාර වස්තූන් රැසක් අහසේ තිබෙන අයුරු නිරූපණය කර තිබේ.
14වන සියවසට අයත් මෙම චිත්රයේද වම්පස ඉහළ කෙළවරට වන්නට පියාඹන වස්තුවක් පෙනෙන්නට තිබේ.
Carlo Crivelli නම් චිත්‍ර ශිල්පියා ක්‍රි.ව. 1486 දී අඳින ලදැයි සැලකෙන මෙම සිතුවමේ(The Annunciation with Saint Emidius) දැක්වෙන ආකාශ වස්තුවකින් කිරණයක් නිකුත් කරන අයුරු පෙන්වා ඇත.
15 වන සියවසේදී Masolino Da Panicale විසින් නිර්මාණය කල The Miracle of the Snow නම් සිතුවමේ ආකාශ වස්තූන් හෝ කාචාකාර වලාකුලු රැසක් පෙන්වා තිබේ.

Last edited: