පුරාණ හත්ථිකුච්චි විහාරය

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
පුරාණ හත්ථිකුච්චි විහාරය

රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති පුරාණ හත්ථිකුච්චි විහාර සංකීර්ණය සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත.

කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.

ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.

දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.

දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.

තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.

''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.

ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි.

මෙම සියළු කරුණු සළකා බැලූ විට සිරිසගබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය හත්ථිකුච්චි විහාරය හෙවත් අතීත රාජාංගනය බව පැහැදිලි යැයි පුරාවිද්‍යාඥ මතයකි.


සිරිසගබෝ රජතුමා සිහිවීම පිණිස ඉදිකළ වටදාගෙයක් සහිත දාගැබ
150.jpg


මෙම බෝධිඝරය පිහිටි ස්ථානයේ සිරිසගබෝ රජතුමාගේ දේහය මිහිදන් කැර ඇතැයි කියති. පසෙකින් චෛත්‍යය පිහිටා ඇත.
219.jpg


බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිස`ගබෝ රජුගේ යැයි කියති
38.jpg


බෝධිඝරය වටා ඇති මල් ආසන අතර ඇති සොහොන සිරිසගබෝ රජුගේ යැයි කියති
49.jpg


ලෙන් විහාරයෙහි ඇතුලත පිහිටා ඇති මහනුවර යුගයේ සැතපෙන පිළිමය තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
58.jpg


තවමත් ඉතිරිව ඇති ලෙන් විහාරය
68.jpg


උපෝස්ථාගරය
77.jpg


හිරු සඳු නොදුටු පොකුණ මෙයට කිසිදා හිරුගේ හෝ සඳුගේ ඡායාව වැටෙන්නේ නැත.
86.jpg


සිරිස`ගබෝ රජතුමා හිස දන්දුන් බව කියන ස්ථානයයට රජු සිහිවීම පිණිස තැනූ දාගැබ පෙනෙන අයුරු
97.jpg


හිස දන්දුන් ස්ථානය
1012.jpg


පිළිමගෙයක නටඹුන්
1113.jpg


තවත් ගොඩනැගිල්ලක නටඹුන්
1212.jpg

http://www.lankadeepa.lk/index.php/articles/6195
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
වටින පෝස්ට් එකක් ..මහන්සිවෙලා ලිව්වට ගොඩක් පින්...
 

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම ගිහින් තියෙනවා ඔතනට.මාර place එක බන්.සිරිසගබෝ රජ තුමා භාවනා යෝගීව හිටපු ගල් ලෙනක් තියෙනවා.එතනම තියෙනවා පොඩි පොකුණක් , එකේ කවදාවත් වතුර හිදෙන්නේ නැහැලු.ඒ ඔක්කොම තියෙන ලොකු කන්දක් වගේ ගලක් උඩ.