පුරාන සිංහලයන්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුරාන සිංහලයන්


    පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව කුමක්දැයි මනාසේ දැන සිටියෝය. ඒ නිසාම ඔවුන් තාක්ෂනික දියුනුවක් පසුපස හඹා නොගියෝය. බුදුන් වහන්සේගේ කාලයේ පවා නොයෙක් ධ්‍යාන ලැබූ පෘතක්ජන පුද්ගලයන් සිටිබව ඕනෑ තරම් සාධක තිබේ. එවනි දියුනු කල මනසක් ඇති පුද්ගලයන් සිටියානම් මෙවැනි තාක්ෂනික දියුනුවක් එදා නොලැබුනේ ඇයිදැයි කෙනෙකුට ප්‍රෂ්නයක් මතු වීමට පුලුවන, එයට ඇත්තේ සරල පිලිතුරකි එනම් ඔවුන් මේ අපදැන් ලබා තිබෙන දියුනුව හා බැඳී තිබෙන විනාෂයද කල් තියාම දුටු බැවිනි. දැන් කන හාල් වල විස කලවම්ය, කන එලවළු වල විස කලවම්ය, බොන වතුර වල විස කලවම්ය කොටින්ම අප ගන්නා හුස්ම පොද පවා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු වලින් දූෂනය වෙලාය. පෙර මුතුන් මිත්තන් ලෙඩක් දුකක් හැදුන විට ගසක කොලයක් පොත්තක් ගෙඩියක් මුලක් භාවිතා කර එම රෝගය සුවපත් කලෝය, නමුත් දැන් අපට තිබෙන්නේ එක ලෙඩක් සනීපකර තව ලෙඩක් ඇති කරනා බේත් හේත් ක්‍රමයකි.

    පුරාන සෘෂිවරුන් ආයුර්වේදය හා ජ්‍යෝතිෂය යන නිවුන් සහෝදරයන් දෙදෙනා අපට දායාද කලෝය.. දරුවෙක් උපන් වෙලාවේදී සකස් කරගන්න වෙලාපත්කඩය ඇසුරෙන් ඔහුගේ ජීවිතයේ සුභ අසුභ කාලයන් බලා ගැනීමටත් අසුභ පල අඩු කරගෙන සුභ පල වර්ධනය කිරීමටත් ජ්‍යොතිෂ උපකාරී විය.. හොඳ අහාර රටාවක් තිබූ නිසා ලෙඩදුක් අඩු විය. ඉඳහිට හෝ ලෙඩක් දුකක් හැදුන විට ස්වභාවධර්නයෙන්ම සපයාගත් බෙහෙත් මගින් ඔවුන් ඉක්මනින්ම සුව විය. අපේ පැරැන්නෝ සතුව බොහෝ කෙම් ක්‍රම විය. බේත් හේත් වලට අමතරව ඔවුන් මේ කෙම් ක්‍රම මගින්ද තම කටයුතු සාර්ථක කරගත්තෝය. ශබ්ධ ශක්තිය උපයෝගී කරගනිමින් නොයෙක් මන්ත්‍ර ඔවුන් සොයාගෙන තිබිනි. බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට පැමිනීමත් සමග පිරිත් හා සූත්‍ර වල කොටස් තැනින් තැන ගෙන හෝ සම්පූර්න වෂයෙන් ගෙන බුද්ධ මන්ත්‍රද නිර්මානය කලෝය. සතුන් මැරීමේ ආදීනව දැන සිටි පැරැන්නන් මේ මන්ත්‍ර භාවිතයෙන් හා කෙම් ක්‍රම භාවිතයෙන් තම වගාව සතුන් ගෙන් රැක ගත්තෝය. එමෙන්ම පුෂ්කර යෝග යෙදෙන වගා නැතැත් මගින් ඔවුන් පලදාව වැඩි කරගත්තෝය. එකල පලදාව වැඩි කරගැනීමට රසායනික වස විස දැම්මේ නැත. නමුත් අක්කරයකින් දැන් ලැබෙන පලදාවම ලැබුවෝය එකතු කලානම් එකතු කලේ කාබනික පොහොර පමනි.

    අපේ කමට ආදරය කරන පාඨකයාගේ දැනගැනීම උදෙසා පැරැන්නන් භාවිතා කල බෙහෙත් හා කෙම් ක්‍රම කීපය දක්වමී.

    ගැබිනි මවකට දරුවා අපහසුවකින් තොරව බිහි කිරීමට රන්දෙරණේ ගාථාවෙන් තෙල් මතුරා උදරයේ ගෑම පුරානයේ පැවතුන ඉතා විශිෂ්ඨ ප්‍රථිඵල ලබාදෙන ක්‍රමයක් බව සඳහන්ය

    දරු ප්‍රසූතියෙන් පසුව විසබීජ නාශකයක් ලෙස කොහොඹ තෙල් දමා දුම් ඇල්ලීමද, මවගේ පහසුව සඳහා පාවට්ටා, නික,බේත් එඬරු,කොහොඹ යන කොළ වර්ග මිශ්‍ර කරගනිමින් සිදු කරන කොළ තැවීමද එකල සිදු විය.

    මීට අමතරව පැරැන්නන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවි තැනේදීද ඔවුන් මේ ශාස්ත්‍රය උපයෝගි කරගත්හ.
    ඔවුන් බීජ වැපිරුවේ ත්‍රීපුෂ්කර නම් යෝගය යෙදෙන විටදීය. මේ මගින් ඔවුන් විශාල පලදාවක් ලැබුවෝය. රසායනික පොහොර භාවිතයක් නොවීය නමුත් එකල අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූ බව අප දනිමු.
    ත්‍රීපුෂ්කර යෝගය යෙදෙන්නේ ඉරිදා අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනයක, දිය වක,සතවක හෝ දොලොස්වක (පුර අව බේදයක් නැත ) තිථියක් යෙදෙන විට කැති, උත්‍රපල්,උත්‍රසල,පුනාවාස,විසා පුවපුටුප යන නැකතක්ද යෙදෙන විටය.

    මීට අමතරව ගොයම් මැස්සන් පලවා හැරීමට දුම්මල කුඩු තවරන ලද් කොහු ලනුවක් දෙදෙනෙක් දෙපස නියර දේකේ සිට අල්ලා ගොයම් ගසේ ගැවෙන සේ නියර දිගේ ගමන් කරවීම.

    පහත මන්ත්‍රයෙන් වැලි ( කිසිවෙකුට නොපෑගුන ) මතුරා කුඹුරේ ඉස පසුව බිත්තර වී වැපිරීමෙන්ද ඔවුන් කෘමි උවදුර දුරු කරගත්හ.

    සබ්බ පාපස්ස අකරණං කරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනා
    මේතං බුද්ධානුසාසනං​


    පිරිසිඳු වැලි මිටක් ගෙන පහත මන්ත්‍රයෙන් 21වර මතුරා කුඹුරේ ඉසීමෙන්ද මැසි උවදුරු වලින් ආරක්ෂා වූ බව සඳහන්ය
    "නමෝ නීල නීල අනිලේස්වාහඃ"​

    කීඩෑවන් ඉවත් කිරීම සඳහා රුක්කත්තන ගහේ පොතු වේලා කුඩු කර කිඩෑවන් සිටින ස්ථාන වල ඉසීමෙන් කීඩෑ උවදුර දුරු කර ගත්තෝය..

    වගාවට වල් ඌරන් ගෙන් වන හානිය වැලැක්වීමට පහත දැක්වෙන මන්ත්‍රය තල් කොල පත්තිරු 4ක ලියා (අඟල් 1 පලල අඟල් 3 දිග ) එම මන්ත්‍රයෙන්ම දහස්වර ජප කර වගා භූමියේ සිව් කොන එල්ලීමෙන් ඒම අවෂ්‍යතාව ඉටු කරගත්හ.
    මන්ත්‍රය
    "නමෝ අනලිච්චමයෙන් ඌරන් ඊරියන් මුඛ බන්ධ බන්ධ ඒස්වාහඃ"​

    ඉහතින් දැක්වූයේ පැරනි කෙම් ක්‍රම කීපයකි තවත් මෙවැනි ලිපියක් සමග ඉදිරි දිනකදී හමුවෙමු..


    http://www.tharaka-eli.blogspot.com/2014/03/blog-post.html
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16372389 said:
    ඔව් ඊලඟට දාන්නම් බෙහෙත් කෙම්
    000204AE.gif

    නැකැත් රාල;16372400 said:
    ඌ කරන් තියන ආරක්ෂාවල් වල හැටියට මමනම් හිතන්නේ නැ..

    සිරාවට ??
    00020070.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
    නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........

    මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
    නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........

    මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......

    සිරාවට:yes:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකේ ඉන්න උන්ට ඕව කියල වැඩක් නෑ බන්ස්.මම ඒකයි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නැත්තේ.දැන් බලපන් ඇමරිකන් පෙන්ටගන් එක වෙනම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් රුසියන් ජනාදිපතිගේ ඉරියව් විශ්ලේෂනය කරල පූටින්ගේ අනගත තීරණ පිළිබඳ නිගමනයකට එන්ඩ.ඒකට දැනටමත් මුදලක් ඇමරිකන් කාරයෝ යටකරල.ඇමරිකාව දැනුයි ජ්‍යෝතිෂ්‍යයේ දනගාන්ඩ පටන් අරන් තියෙන්නේ.හැබැයි උන් කියන ඒව නම් අපේ බයියල බහුතරයක් පිළිගනී.ඇයි ඇමරිකවනේ කියන්නේ.

    අර ප්‍රොෆෙසර් නලින්ද සිල්වා කියනව වගේ කරුමෙට බුද්ධාගමයි ජ්‍යෝතිෂ්‍යයයි බිහිවුනේ ඉන්දියාවේ.ඒකනේ මේක ගනන් ගන්නේ නැත්තේ.හැබැයි ඔය ඔය දෙක යුරෝපේ හරි බටහර රටකින් බිහි වෙච්ච දෙයක් නම් හප්පා අපේ අය පැල් බැඳගෙන අදහන්නේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ දේවල් වල ලොකු විද්‍යාවක් තියනවා.....
    නමුත් මේව ගැන කිව්වම අපි නිකං හණමිටි, ලොන්ත කොකටු, ගල් යුගයෙ උන් වෙනවා........

    මොළ හෝදල තියෙන්නේ ජාත්‍යන්තරවාදියො වෙන්න ඕන කියල නේ......

    සහතික ඇත්ත..:)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ ඉන්න උන්ට ඕව කියල වැඩක් නෑ බන්ස්.මම ඒකයි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නැත්තේ.දැන් බලපන් ඇමරිකන් පෙන්ටගන් එක වෙනම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් රුසියන් ජනාදිපතිගේ ඉරියව් විශ්ලේෂනය කරල පූටින්ගේ අනගත තීරණ පිළිබඳ නිගමනයකට එන්ඩ.ඒකට දැනටමත් මුදලක් ඇමරිකන් කාරයෝ යටකරල.ඇමරිකාව දැනුයි ජ්‍යෝතිෂ්‍යයේ දනගාන්ඩ පටන් අරන් තියෙන්නේ.හැබැයි උන් කියන ඒව නම් අපේ බයියල බහුතරයක් පිළිගනී.ඇයි ඇමරිකවනේ කියන්නේ.

    අර ප්‍රොෆෙසර් නලින්ද සිල්වා කියනව වගේ කරුමෙට බුද්ධාගමයි ජ්‍යෝතිෂ්‍යයයි බිහිවුනේ ඉන්දියාවේ.ඒකනේ මේක ගනන් ගන්නේ නැත්තේ.හැබැයි ඔය ඔය දෙක යුරෝපේ හරි බටහර රටකින් බිහි වෙච්ච දෙයක් නම් හප්පා අපේ අය පැල් බැඳගෙන අදහන්නේ.

    ඔයාගේ කථාව ඇත්ත.. නමුත් සහෝ අපේ දේවල්වලට ආදරේ කරන, මේවා අධ්‍යයනය කරන්න හරි කැමැත්තක් තියන ඉතාම විෂාල පිරිසක් එලකිරියේ ඉන්නවා. ඒ අය ගොඩ වෙලාවට මෙතන තර්ක විතර්ක වලට එන්නේ නැති අය. නිශ්ෂබ්ධව ත්‍රෙඩ් එක බලලා යමක් දැනගන්න ඕනෙනම් PM එකක් එවලා ඒක අහනවා. නමුත් මෙවා පිලිනොගන්න අය තමා ගොඩක් වෙලාවට ත්‍රෙඩ් එකට රිප්ලයි කර කර ගැටලු ඇති කරන්නේ. ඒක් නිසා එලියෙන් බලන කෙනෙක්ට පේන්නේ වැඩි දෙනා මේක විෂ්වාස කරන්නේ නෑ කියලා.. අනික තමයි සමහරු මට නොමිලේ හඳහන් බලලා දෙන්න කියලා මම ඒක ප්‍රතික්ෂේප කලාම එදා ඉඳලා එයාලත් ජ්‍යොතිෂයට විරුද්ධව රිප්ලයි කරනවා. ඔයාටත් ඔය වගේ අත්දැකීම් ඇතිනේ..
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔට්ටුවක් අල්ලමුද ලක්ෂ 10ක. LB එකට පොත තියලා මාසෙකින් ඔට්ටුව අල්ලන්න එන්නම්. නැකත් රාල මොකෝ කියන්නේ? මම රුසියාවේ ඉන්නේ. හැබැයි ඒ උනාට මම පාවිච්චි කරන්නේ එටිසේලාට් එකේ ඉන්ටෙර්නෙට් පැකේජ් එකක් :):):)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත් රාල සාරාවලිය පොත කියවලා තියනවද ?

    සිංහල එක නම් කියවලා නෑ. ලබන මාසේ ප්‍රින්ට් එක නිකුත් වෙනකන් බලන් ඉන්නේ. ඉංග්‍රීසි පිටපත නම් කියවලා තියනවා. කවුරු හරි ගාව පොත තියනවනම් මම කැමතියි මිලදීල ගන්න.