නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඇතුලු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, යාපනය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය Australian Latrobe University එකන් පිරිසක් ගෙන්වලා ඒ ප්‍රදේශය තවත් යටට හාරලා ඊටත් පරණ "දෙමල බෞද්ධ" ශිෂ්ඨාචාරයක ලක්ෂණ පහල වී ඇති බව කාරනා එලි කරනවා.
නමුත්, තවත් උතුරට වෙන්න, ක්ලිඕඩේ ප්‍රදේශයෙන් හමු වෙනවා මේ වගේ ශිලා ලේඛන. මේවා හමු වෙන්නේ සංගයා වහන්සේලාට පුජා කරපු පැරණි ලෙන් ඉදිරිපිට. මේ ආකාරයට ගොතම බුදුන්ට පුජා කරපු ලෙන් ගැන ලියවෙලා තිබුයදීත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ පරිවර්තනය විකුර්ති කරලා හංගනවා.
486 -> ගෘහපති තිස්සගේ පුතුන් වන දෙසොහොයුරන්ගේ ලෙණ. ගොතම තෙරුණ් විසින් කරවන ලද්දා වූ. [කියවන්න..]
656 -> බ්‍රාහ්මණ මරුකූටහි ගොතමගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. [කියවන්න..]
එතකොට, දිඹුලාගල සෙල්ලිපියෙන් එදා සුද්දෝදන රජ කල කපිලවස්තු පුරය දිඹුලාගල බව අමු අමුවේ ඔප්පු වෙනවා. එකේ ගෝතම බුදුන්ගේ නම සදහන් වෙනවා. තව දුරට, සිදුහත් කුමරාගේ මාලිගා විස්තරක් තියෙනවා.
නමුත් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන ඒවා හංගලා ඉනිදියාවේ කැනීම් කරන්න යනවා. ගිහිල්ලා මේ වගේ දේවල් එයා සොයා ගෙන.
කපිලවස්තු නගරයේ දැන් කැණීම් ආරම්භ වී ඇත. මේ කැණීමේ විශේෂත්වයක් වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ කැණීම් සඳහා සහභාගී වීමයි.
මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා එම ස්ථානය සම්බන්ධයෙන් මෙසේ පවසයි.
‘‘ ඉන්දියාවත් නේපාලයත් එකිනෙක දේශසීමාවලින් වෙන්කරන්නට පෙර කපිලවස්තුපුරය කියන්නේ ඉතා විශාල ප්‍රදේශයක්. දැන් එය දෙකඩ වී තිබෙනවා. නමුත් නේපාලයේ තිලාරාකෝට් කියන ප්‍රදේශයේ සුද්දෝධන රජුගේ මාළිගාව තිබෙන්නට ඇතැයි සිතිය හැකි සාධක දක්නට ලැබෙනවා. මේ ස්ථාන දෙකම පැරණි කපිලවස්තු රාජධානියේ කොටස් බවනම් පැහැදිලියි. ’’
සංහිදියාව අවශ්‍ය වුනේ යුද්දයක් ඇතිවුන නිසා
යුද්දයක් ඇති වුනේ ඉතිහාසය නිසා. මේ රටේ යුද ගිනි ඇවිලෙන මොහොතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යුද්දය නිමා කල හැකි බලවත්ම සාදකය හංගගෙන හිටියා. බලවත්ම සාදකය මේ රටට අයිති හෙළ බොදු ඉතිහාසය.
එතකොට, ලංකාවේ පුරවැසියන්ගේ බදු සල්ලි වලින් යැපෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නොතිබුන දෙමල ඉතිහාසයක් මතු කරනවා. ඒ ගමන්ම, බොහෝ විපත් වලට මුහුණ දෙන්න සිදිවුන සිංහල මිනිහාට අයිති වටිනාම සම්පත යටපත් කරනවා.
පුරා විද්‍යාව කියන්නේ සංහිදියාවක් ඇතිකරන මෙවලමක් නොවේ. ඒක "විද්‍යාවක්" වන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන කරන දෙයක් නිසා. සංහිදියාව සාමාජ සේවයට බද්ද වුන ක්‍රියාවක්.