පුරුෂ පියයුරු පිළිකා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    පුරුෂ පියයුරු පිළිකා

    කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා පවසයි.
    ඔහු ඒ බව කියා සිටියේ වසරකට බ්‍රිතාන්‍යයේ පුරුෂයන් සිය ගණනක් පියයුරු පිළිකාවලට ගොදුරුවන බවට පළ වූ සමීක්ෂණ වාර්තාව පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
    පියයුරු පිළිකාවක් වැළඳුණු පුරුෂයකුගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා විස්තර කළේය.

    රෝග ලක්ෂණ


    • තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
    • තන පුඩුව වටා සමේ වර්ණය වෙනස් වීම
    • තන පුඩුව කැසීම
    • කිහිලි ප්‍රදේශයේ කුද්දැටි හට ගැනීම

    පියයුරු පිළිකාවලට ගොදුරුවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තාවන බව කී විශේෂඥ වෛද්‍යවරයා පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පෙන්වා දෙයි.
    පියයුරු පිළිකාවලට ගොදුරුවන පුරුෂයන් ඇතැම් විට මිය යන බවත් ඔහු පැවසීය.
    "ඒකට හේතුව තමයි පුරුෂයන්ට පියයුරු නැති නිසා ඉතා ඉක්මනින් පෙනහළු, පපු බිත්තිය දෙසට පිළිකාව විහිදෙන්න පුළුවන්"
    පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුණි.

    පිළිකාවට හේතු විය හැකි කරුණු


    • අධික තරබාරු භාවය
    • සාමාන්‍ය පිරිමියෙකුට වඩා පියයුරු ප්‍රමාණයෙන් විශාල වීම

    "කාන්තාවකගේ වගේ පියයුරු ලොකු වූ තරුණයින් ඉන්නවා. එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය පිළිබඳ පරික්ෂා කර කිසියම් ප්‍රතිකාරයක් කළ යුතුයි."
    පුරුෂයන්ගේ පියයුරු විශාල වීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

    පුරුෂයින්ගේ පියයුරු විශාල වන්නේ ඇයි?


    • ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම
    • ජානමය හේතු
    • අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස්)
    • අධික රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ
    • ඇතැම් නිදි පෙති වර්ග
    "පුරුෂයකුගේ පියයුරු පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් පොඩ්ඩක් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි."
    පුරුෂ පියයුරු පිළිකා ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා මිනිස්සු ඒ පිළිබඳ දන්නා ප්‍රමාණයත් අඩුයි" පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,343
    113
    ඔය ආටිකල් එකේ නැති දෙයක් මේක.මේකත් ගෑණු,පිරිමි දෙගොල්ලොන්ටම අදාළයි..


    dezedor-3.png


    deoderant1.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රජයේ රෝහල් වල කාන්තා/පුරුෂ දෙගොල්ලටම සුව දිවි සායන තියෙනවා.
    මමත් යන්න ඉන්නෙ. වයස අවු. 35ට වැඩි නම් හැමෝම තමන්ගෙ සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න.