පුලුවන්ද බලන්න

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුලුවන්ද බලන්න

    මතකයිනේ ගහක උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක්, ඇදල ගත්ත දමල ගැහුවා මලක් පිපුන මාල පරවුණ වගේ තේරවිලි. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්න හදන්නේ. ඉස්සෙල්ල කතාව හොඳින් කියවන්න. :yes:
    මම යාලු වෙලා ඉන්න කෙල්ලගේ ගෙදර ගියපු වෙලාවේ එයාගේ මද්දු ආච්චි මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ. මට නම් දවස් කිහිපයක් ගියා උත්තරය හොයන්න. ඔයාල උත්සහයක් දීල බලන්න. සිකුරාදා හවස් වෙද්දී උත්තරය නොලැබුනොත් හරි ඒක දාන්නම්. :yes:

    තරුණ ලස්සන අම්මා කෙනෙක් හිටියලු. එයාට හිටියේ එකම ඒක පුතෙක් විතරයිලු. මේ අම්මා දවසක් පුතායි එයාගේ යාලුවොයි එක්ක ගියාලු ට්‍රිප් එකක් කැලයක් බලන්න. මෙයාල ඇවිදින අතරේ අම්මයි පුතයි යාලුවොන්ගෙන් මග ඇරිලා ගොඩක් දුර ඇවිල්ලා. යාලුවොන්ට කතා කරන්න ෆෝන් එකක් වත් නැතිලු.:cool:

    මේ දෙන්න මෙහෙම ගියාලු පාරක් හම්බ වෙනකන්. ඒත් මෙයාල අතරමං වෙලා. අම්මට ගොඩක් මහන්සි. අම්මා පුතාට කිවුවලු,
    "පුතේ, මට තිබහයි. බොන්න වතුර ටිකක් හොයන වරෙන් " කියල

    ඉතින් පුතා ගියාලු අම්මට වතුර ගෙන්න. ගොඩක් දුර යනකොට පුතාට හම්බ උනාලු ලොකු පිරිසිදු වතුර වලක්. මෙතනින් වතුර ගන්න හදද්දී, එතන වතුරට අධිපති යක්ෂණියක් මතු වෙලා කොල්ලව අල්ල ගත්තලු.
    දැන් මගෙන් අහන්න එපා ඒ යක්ශනී ලස්සනයිද කියල. මම දන්නේ නැ.:P

    ඉතින් දැන් අම්මා බලන් ඉන්නවලු පුතා එනකන් වතුර තිබහේ. අන්තිමට අම්මා තීරණය කලාලු පුතාව හොයන් යන්න. ගොඩක් දුර ගියත් පුතේ කියල කතා කලත් පුතාව හොයාගන්න බැරි උනාලු. අම්මට ගොඩක් දුක හිතිලා කෑ ගහල අඩන්න ගත්තලු ලොකු ගහක මුල වාඩි වෙලා. :(

    ඒක පාරටම ලස්සන එලියක් ඇවිල්ලා ගහේ රුක දෙවියෝ මතු උනාලු. පළාතම සුවදයිලු. :love:

    ලස්සන කෑල්ලක් දැක්කම අපේ එවුනුත් තියෙන තරම් සෙන්ට් නානවනෙ. දෙවියොත් ගහේම ඉඳල ගස් ගද යන්නත් එක්කලු සෙන්ට් ගැහුවේ.

    දෙයියෝ දැක්කම අම්මා බය උනාලු. මූ නම් කැලෑ පාලුවෙක් වගේ. මට වැඩේ දෙන්න තමයි හදන්නේ කියල හිතල, කෝකටත් කියල
    "අනේ දෙවියනි" කියල වැඳ වැටුනලු. දෙවියොත් සීන් ඒක හොඳින් ඇහුවලු. අන්තිමට දෙවියෝ දුන්නලු ගුලියක්.

    දැන් අහන්න එපා දැන් දෙවියෝන්ට ඒක ගුලියයිනේ තියෙන්නේ කියල. උඹල හිතන දෙයක් නෙවෙයි ඒ ගුලිය. සිතුම් පැතුම් ඉටු කර දෙන ගුලියක්:P

    "මේ ගුලිය බිම දාල කකුලෙන් පාගන ගමන් ඕන දේ කියන්න. එතකොට ඒ දේ ලැබේවි" කියල දෙවියෝ මනමාල බැල්මක් එහෙම දැම්මලු .

    අපි එතන හිටියනම් මොන ගුලිද නේද. :P

    හදිස්සියේම මොකක් හරි මතක් උනා වගේ දෙවියෝන්ටත් මොකක් හරි මතක් උනා.
    "නැගණිය, ඔය ගුලියට හරියන්න මටත් මොනවා හරි දෙයක් ඕන" කියල දෙවියෝ කිවුවලු.

    "අනේ ස්වාමිනි මට පුතා නැතිව කිසිවක් වැඩක් නැ. ඒ නිසා ඕන දෙයක් ඉල්ලන්න පුතා නැතිව" කියල අම්මා කිවුවලු.

    මේ දෙවියොත් චින්තන සභාපතිතුමාගේ ආණ්ඩුවේ ඉදලා චුත වෙලා ගිහිල්ලත්, පුරුද්ද අත ඇරලා නැ. ඒ නිසයි පගාවම ඉල්ලන්නේ.:rolleyes:

    ඉතින් අම්මගේ ඇස් දෙක ඉල්ලුවලු දෙන්න කියල. ඉතින් අම්මත් ලජ්ජා නැති චන්ද දායකයෙක් වගේ ඉල්ලන කොටම ඇස් දෙක දුන්නලු. එකත් අරගෙන, දෙයිය කියනවලු,

    "නැගණිය, ඔයා ගුලියෙන් ඔයාට ඉල්ලන්න පුළුවන් ඒක ඉල්ලීමක් විතරයි" කියල

    මුගේ ආච්චිට හාල් ගරන කේස් එකක්නේ යකෝ ඒක කියල අම්මට නිකන්ම කියවිලා.:growl:

    කොහොම හරි දැන් ඉතින් ඇස් දෙකත් නැ. පුතත් නැ. වතුරත් නැ. පුතා හොයන් යනවා කියන්නේ කළුවරේ ඇවිදිනවා වගේ කක්ක කේස් එකක්. ලයිට් නැති වෙලාවට කාමරෙන් කාමරේට යන්න බැරි ගෑනු, ඇස් දෙකත් නැතිව කොහේ කියල යන්නද.

    ඒත් මේ අම්මා පුතා එක්ක කැලෙන් එලියට ගියාලු, වතුරත් බිවුවලු, ඒ අම්මගේ ඇස දෙකත් ලැබුනලු,

    එක බලාපොරොත්තුවකින් ඒ තුනම කලාලු. තනි වාක්‍යයකින් කියන්නත් ඕන. ලියනකොට නම් කොමා දැම්මට කියද්දී එහෙම බැහැනේ.

    පුතාව දකින්න ඕන කිවුවොත් වතුරත් නැ, ඇස් දෙකත් නැ.
    වතුර ඕන කිවුවොත් පුතත් නැ, ඇස් දෙකත් නැ.

    කට්ටිය හිතල බලල කොමෙන්ට් දෙන්න බලන්න. නිකන් වැඩක ගන්නේ නැතිව තියෙන ඔලු ගෙඩිය වෙහෙසවන්න. බලල නිකන් යන්න එපා පිට මිනිස්සු වගේ.:D

    බම්ප් එකක් දැම්මත්, රෙපක් දුන්නත්, කොමෙන්ට් කලත්, මගේ රෙප් පවර් එක 2යි. හැමෝටම 2 බැගින් දෙන්නම්. කලින් දීපු අයට දෙන්න බැරි වෙයි. ඒත් නිකමට වත් බැලුවොත් කොමෙන්ටුවක් දෙන්න.

    සුබ දවසක්.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක ගුලියට ඇස් දෙකත් ඉල්ලුව නම්, ගුලි සීයට මොනවා ඉල්ලවිද බන්.
    ++

    එකෙන් එක ගුලියක් අරන් කියනවා ආයෙත් මගෙන් මුකුත් ඉල්ලන්න බෑ කියල :lol::lol::lol::lol:
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මගෙ පුතා මගෙ ඇස් දෙකට චු කරලා මගෙ ඇස් දෙක සනිප වෙන්න ඔන කියලා ඉල්ලුවා