පුලුවන්නම් විසදන්න

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    පුලුවන්නම් විසදන්න



    පුළුවන් නම් විසඳන්න. හොඳ රහස් පරීක්ෂක බුද්ධියක් තියන කට්ටියට නම් මේක විසඳන එක සුළු දෙයක්.





    අපේ මිත්‍ර පොලිස් පරීක්ෂක වික්‍රම මහත්මයා හොඳ දක්ෂයෙක්. එයා එක නිවාඩු දවසක උදෑසනින්ම පොඩි walk එකක් දාන්න ගියා. ආපසු එන ගමන් පාර අයිනේ මිනිස්සු වට වෙලා ඉන්නවා දැකපු එයා එතනට ගිහිල්ලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. බලනකොට පාර අයිනේ ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්!!

    වහාම ළඟම තියන පොලීසිය දැනුවත් කරපු එයා බැලුවේ මොනවාහරි හෝඩුවාවක් හොයාගන්න. හොඳ වෙලාවට මියගිය කාන්තාවගේ කියලා හිතන්න පුළුවන් එකකුත් එතන තිබුණ. වික්‍රම මහත්මය ඒ බෑගය ඇතුලෙන් හොයාගත්ත ඩයරියේ තිබුණු අංකයට කතා කතාකලා.

    "මේ ලීලා මහත්මියගේ ගෙදරද?"
    "ඔව්. මේ වෙලාවේ නම් එය ගෙඩර නැහැ. මොකද්ද වුවමනාව?"
    "ලීලා මහත්මියට පොඩි කරදරයක් වෙල...."
    "මොනවා මොකද වෙලා තියෙන්නේ..?!"
    "විස්ත කියන්න අපහසුයි. මහත්මයාට වහාම මෙතනට එන්න!"
    "හරි මම එනව"

    මිනිත්තු දහයක් විතර ගතවෙනකොට නිසාන් වර්ගයේ සුදු පාට මෝටර් රථයක් එතැනට ආව. ඉන් බැහැපු මැදිවියේ කෙනෙක් ඒ වෙනකොට එතැන ඇවිල්ලා තිබුණු පොලිස් නිලධාරීන් අතරින් ගිහින් දේහය ගාවට ආවා. ටික වෙලාවක් ඒ දිහා බලාගෙන හිටපු ඔහු ඉකිබිඳිමින් ආපසු මෝටර් රථය වෙත ආවා.

    මේ සියළුදේ දිහා හොඳින් බලාගෙන හිටපු වික්‍රම මහත්මයාට එක් වරම යම් දෙයක් මතක් වුණා. ඔහු වහාම ඒපුද්ගලයාව අත්අඩංගුවට අරගෙන පොලීසියට භාර දුන්නා.




    ප්‍රශ්නය මේකයි. වික්‍රම මහත්මයා අර පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ ඇයි?

    පුලුවන්නම් කියපල්ලා





    හොද උත්තර දෙන බුවාලට REP++++ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     
    • Like
    Reactions: Thilantdm

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සමහරවිට බෑග් එක මැරිච්ච කෙනාගෙ නෙමෙයි වෙන්න ඇති එයාත් එක්ක ගිය කෙනෙක්ගේ වෙන්න පුලුවන් ඉතින් වික්‍රම හිතන්න ඇති මැරිලා හිටපු කෙනාව මරලා දාලා පැනලා ගිය කෙනාගේ කාව හරි ඇරෙසිට් කරන්න

    තවත් හේතු

    ආපු මනුස්සය මිනිය බලලා ආපහු කාර් එක ගාවට ගිහිල්ලා ඇඩුවේ එයා දන්න කෙනෙක් නිසා කියලා හිතන්න පුලුවන්
    මොකද අපේම කවුරැහරි මැරැනනම් අපි පැත්තකට ගිහින් අඩන්නේ නෑ මැරිච්ච කෙනාව බදාගෙන අඩනවා මිසක්

    මොකද කියන්නේ කට්ටිය මේ හේතු ගැන.....
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පොලිස් පරීක්ෂක කිව්වේ නෑ කොහෙද තැන කියලා.ඒවගේම මැරිලා කියලා කිව්වෙත් නෑ.විනාඩි 10 ආවා කියන්නේ එන්න සුදානම් වෙලා ඉදල තියෙන්නේ.වෙන කෙනෙක් මැරුවනම් බෑග් එක ඔතන තියල යන්නෙත් නෑ.අනික මිනිහා ගෙදර ඉදලා තියෙන්නේ.සාමාන්‍යයෙන් මිනිහට වහනෙකුත් තියෙනවනම් ඒ මිනිහා ගෙදරත් නම් ඉන්නේ අනිවා බිරිදව එක්කන් එන්න යනවනේ.සමහරවිට මේ මිනිහා දම්මපු කෙනෙක් මැරුවද දන්නේ නෑ.ඒත් මිනිහා කලින්ම වැඩේ දැනගෙන ඉදලා තියෙනවා.
     

    AmilaUdayanga30

    Junior member
  • Mar 9, 2012
    214
    12
    18
    galle
    machan mehema wennath puluwan genu kenawa kalin maruwa
    eth bag eka amataka una awama serama dakka namuth kalabaleta
    police mahathtaya kiayan nathiwama thena hoyagaththama police mahathtayaka seka hithuna wenna puluwan nada
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..


    පුළුවන් නම් විසඳන්න. හොඳ රහස් පරීක්ෂක බුද්ධියක් තියන කට්ටියට නම් මේක විසඳන එක සුළු දෙයක්.





    "විස්ත කියන්න අපහසුයි. මහත්මයාට වහාම මෙතනට එන්න!"
    "හරි මම එනව"






    තැන සදහන් කරන්න කලින් පොර ඇවිල්ල... :rofl: