පුලුවන්නම් හොයල දෙන්න ...........

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පුලුවන්නම් හොයල දෙන්න ...........

    ගොඩක් ස්තූතියි ෆාදර්
    tongue.gif
    ෆාදර් - “පීටර්.... පීටර් ඔහොම ඉන්නවා..... තමුසේ ඔය පාත්තයෝ දෙන්නව හොරකම් කලා නේද ? දන්නවනේ හොරකම හොඳ නෑ කියලා. ..... තමුසේ එනවකෝ පල්ලිය පැත්තේ මම කියල දෙන්නම් හොරකමේ ආදිනව. ඒක බොහොම භයානකයි පීටර්.....“

    පීටර් - “එහෙනම් මේ පාත්තයෝ දෙන්නා ෆාදර් භාර ගන්නවද ?”

    ෆාදර් - “අපෝ මට එපා..... තමුසේ මුං දෙන්නව උන්ගේ අයිතිකාරයට දෙනවා”

    පීටර් - “එතකොට අයිතිකාරයා භාර ගන්න බෑ කිව්වොත් මොකද ෆාදර් මම කරන්නේ.”

    ෆාදර් - “එහෙනම් ඉතිං තමුසේටම අරං යනවා, වෙන මොනව කරන්නද ”

    පීටර් - “ගොඩක් ස්තූතියි ෆාදර්”
    tongue.gif
    හිසකෙස් ගැලවීයාම සහ පැසීමට ෙහ්තු

    චූටිදුව - ආනේ..... මේ අම්මිගේ කොන්ඩේ කෙස් ගහක් ඉදිලා. මට දුකයි. කොහොමද අම්මි එහෙම වෙන්නේ?

    අම්මා - ඒකනේ මම ඔයාට වැරදි කරන්න එපා කියන්නේ. ගෑණු ළමයෙක් නැහැදිච්ච, අවිනීත වැඩක් කලොත්, එයාගේ අම්මගේ කොන්ඩේ එක කෙස් ගහක් ඉදෙනවා. තාත්තිගේ එක කෙස් ගහක් ගැලවෙනවා. චූටි දුවත් ඒ වගේ වැඩක් කරන්න ඇති. ඒක තමයි මගේ කෙස්ගහක් ඉදෙන්න ඇත්තේ. අපි දන්නැති උනාට තාත්තිගෙත් එක කෙස් ගහක් වැටෙන්න ඇති.

    චූටි දුව - ඒ කියන්නේ අම්මි හරිම අවිනීත , නැහැදිච්ච ගෑණු කෙනෙක්

    අම්මා - ඒ මොකද චූටි දූ ?

    චූටිදුව - සීයගේ තට්ටෙ පෑදිලා, ආච්චි අම්මගේ මුළු කොන්ඩෙම ඉදිලා

    tongue.gif
    Bus Rasa Bus

    නත්තලට තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බෙ‍ාහොමයකි. “මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව” , “ගන්නව ගන්නව සල්ලි” , “කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා “ “මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව”, “‍පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං”, “ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ ... පරක්කු වෙනවා” මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි.

    පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන්.... ආදරයෙන් පුතු අමතා...... “අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා”... “ අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ..” . “කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා”... “මගේ හොඳ පුතානේ”. කියා ඔහුට අවවාද දුනි.

    ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි. “ආ.... ඔන්න ඔක්කොමල බහින්න.......” බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය.

    “මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... ” . “පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ට.....න් එකටත් බස් එක ගහල”

    thumbsup.gif
    New Boss !

    තමන්ට ලැබුණු තනතුර පිළිබඳව මහත් උද්දාමයට පත් හේ සිය කාර්යාලය සිසාරා නෙත් හෙළුයේ ඉතා
    උජාරුවෙනි. තමන් දෙසට එන අමුත්තා දුටු ඔහු තමන් මහත් වූ සම්බන්ධකම් ඇති ඉතා උසස් පුද්ගලයෙක් බව මිනිසුන්ට හැඝවීමට සිතා.... මේසය මතවූ ටෙලිෆෝනය ගෙන ප්‍රසිද්ධ දේශපාලකයෙකු සමග ඒක පාර්ශවීය දුරකථන සංවාදයක නිරතවීය.
    අමුත්තා ඔහු ඉදිරියේ සිටගෙන සිටී. ඔහුගේ කථාව හමාරවීය. මහත් ගාම්භීර ලෙස අමුත්තා ඇමතූ හේ..... “ඔව් මොකක්ද කාරණාව ?”
    අමුත්තා - “ස..ර්... කථාකර කර හිටපු ලයින් එක පහුගිය කාලේම කපලයි තිබුනේ.... මම එකේ කනෙක්ෂන් එක දෙන්නයි ආවේ.” කීවාලු.

    tongue.gif
    Counting !

    අළුත විවාපත් ගොවියෙක් සිය බිරිඳ සමග අශ්වකරත්තයකින් සිය නිවස බලා පැමිණෙද්දී....... එක් අශ්වයෙක් කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “එකසැරයයි” කියා තමන්ටම කියා ගත්තේය. තව ටික දුරක් ගිය පසු නැවතත් පෙර කී අශ්වයා කෙඳිරිලි ශබ්දයක් නැගීය. එවිට ගොවියා “දෙසැරයයි” කියා තමන්ටම කියා ගති. දෙදෙනාම නිශ්ශබ්දව ගමනේ යෙදෙයි. නැවත සැරයක් පෙර කී අශ්වයා කෙඳිරි ගෑය. කිසිත් නොදොඩා කරත්තය නැවැත්වූ ගොවියා අසුන යටින් ගිනි අවියක් රැගෙන අර අශ්වයාට වෙඩි තබා මරා දැමීය.

    මේ දෙස බලා හුන් ගොවියාගේ නවක බිරිඳ ....... “මොකක්ද මි‍නිහෝ උඹ කරපු පවුකාර වැඩේ..... තමුසෙනම් මහා පවුකාරයෙක්.....” යි කියමින් දොස් නගන්නට පටන් ගති.

    ගොවිරාල - “‍එකසැරයයි” කියා නැවත තමන්ටම කියාගත්තාලු....

    tongue.gif
    Good Husband !

    විනිශ්චයකාර තුමා - “තමන් තමුන්ගේ බිරිඳ මරණයට පත් කිරීම සම්බන්ධව වැරදි කරුද? නිවැරදි කරුද ?

    විත්තිකරු - “නිවැරදිකරු ස්වාමීණී”

    විනිශ්චය කරු - “නිවැරදිකරු !!”

    විත්තිකරු - “එසේය ස්වාමීණී”

    විනිශ්චයකාරතුමා - “එසේ වන්නේ කෙසේද ?”

    විත්තිකරු - “ජීවිත ගණනක් බේරාගැනීමට ඒක ජීවිතයක් රකිනවාඩ වඩා හොඳයැයි මම සිතන නිසා ස්වාමීණී”

    විනිශ්චයකරු - “ඔව්, පැහැදිලි කරනු !”

    විත්තිකරු - “මාගේ බිරිඳගේ පහස ලැබීමට එන මිනිසුන් සියල්ල බේරීමටයි ස්වාමීණි මා එසේ කළේ”


    +රෙප් එකක් දුන්නට තරහ වෙන්නෙ නැහැ
    ගත්තෙ මේකෙන් හොදේ,