තොත්තබබා;8859248 said:
මට මතක විදිහට මේක කුමාරතුංග මුනිදාස හෝ එම කාලයේ සිටි දක්ෂ කවියෙක් විසින් ගොතන ලද කවියක්.
යම් රැස්වීමක්දී එක්තරා ගුරුතුමියක් ඔහුට මෙම අභියෝගය කරතිබේ.
එම අභියෝගය වුයේ පද හතරකින් සමන්විත, එක පදයක අකුරු දෙකකින් පමනක් සමන්විතවන සෑම පදයක්ම එකම අකුරකින් අවසන් වන්නාවු පැහැදිලි අර්ථයක් ඇති කවියක් එම අවස්ථාවේදීම ගොතා කියන ලෙසයි.
එම අභියෝගය බාරගත් ඔහු ඒ මොහොතෙහි එම ගුරුවරියගෙ සාරි පොට මදක් පහතට වැටී තිබෙනු දැක මෙම කවිය ඇයට කියා ඇත. 
ඔව් ඔව්.....කුමාරතුංග මුනිදාස මහත්මයා තමයි....
එතුමා කියල තිබ්බා තනි වචනෙ සිව් පද( එක කවි පදයකට එක වචනයයි ) කියන්න පුලුවන් කියල...එක්තරා අවස්ථාවක ඔය කියන කාන්තාව ඇවිත් අභියෝග කරල තියෙනව එතුමාට, එහෙම තනි වචනෙ සිව් පද කියන්න බැහැ,පුලුවන්නම් කියන්න කියලා. ඉතින් එවෙලාවෙ ඒ කාන්තාවගෙ සාරි පොට එහෙ මෙහෙ වෙලා තියෙනව ඩැකල තමයි එතුමා ඔය කවිය කියල තියෙන්නෙ.
අනේ
පනේ
තනේ
පෙනේ