ජ්‍යොතිෂ ඉගෙන ගන්නා ඒ ගැන උනන්දු හා වෘතිය වශයෙන් නියැලෙන එළකිරි සාමාජිකයන් වෙනුවෙනි.
පුෂ්කල යෝගය සමහර පැරණි පොත් වල රාජ යෝගයක් ලෙසද සඳහන් වේ. කෙසේ නමුත් ඉතා යහපත් බලවත් යෝගයක් වන මෙය, යෝගය ඇති කෙනාව ප්‍රසිද්ධියට හා පිලි ගැනීමට පත් කරවන අතර එම ප්‍රසිද්ධිය හා පිලිගැනීම තමන් ගම රට වෙනුවෙන් කල සේවයක් නිසා ලබෙන දෙයක් වීමට බොහෝ විට ඉඩ කඩ ඇත. එමෙන්ම මෙම යෝගය ධනය ලැබීමටද යහපත් යෝගයක් වන අතර මෙම යොගය තිබෙන මාගේ සෙවාදායකයන් බොහෝමයක්දෙනා යහපත් ආර්ථික තත්වයක් ලබාගෙන සිටින අයය. එමෙන්ම මෙම යොගය සහිත අය කතා බහේදී බොහොම පරෙසමින් වචන භාවිතා කරන්නන්ය.
යෝගයේ පල ගැන දැනගත් ඔබ මේ යෝගය ඔබේ ජන්ම පත්‍රයේ හෝ ඔබේ සෙවාදායකයාගෙ ජන්ම පත්‍රයේ යෙදී තිබේදැයි පරික්ශා කිරීමට උත්සුක වන බැවින් ඒ පිලිඹඳව මීලඟට කියමි. මෙම යෝගය සාර්ථකව යෙදීමට කරුනු 3ක් සම්පූර්න විය යුතුය.
01. ලග්නාධිපතියා හා චන්ද්‍රයා සංයෝග විය යුතුය
02. චන්ද්‍රයා සිටින රාශියේ අධිපතියා කෙන්ද්‍රස්ථානයක විය යුතුය
03. ලග්නයේ යහපත් බලයක් ලබා දෙමින් ග්‍රහයෙක් තැම්පත්ව සිටිය යුතුය.
මෙම යෝගය සැදීමට හවුල් වන ග්‍රහයන් මිත්‍ර, ස්වක්ෂෙත්ර හා උච්ච ලෙසින් බලයෙන් වැඩිවත්ම යෝගයේ සුභ පල දීමද වඩි වනු ඇත. මීට අමතරව ශ්‍රී කල්යාණවර්මයන් පවසන පරිදි ලග්නාදිපතියා හා චන්ද්‍රයා යම් රාශියක මුල් කොටසේ තැම්පත්වී නම් යොගය ප්‍රභල තාවයෙන් වැඩි අතර මැද කොටසේ තැම්පත් වීනම් යෝගයේ පල මධ්‍යම වශයෙන්ද අග කොටසේ නම් අඩු වශයෙන්ද යෙදෙන බවයි. සරාවලිය රචනයේදී ඔහු මෙය දක්වන්නේ මුල් කොටසේදී නම් රජෙක් වීමටද මැදනම් මණ්ඩලාධිපතියෙකු වීමටද අග නම් ග්රාමාධිපතියෙකු වීමටද වාසනාව ඇති බවයි.
මෙම යෝගය යෙදෙන ආකාරය උදාහරනයක් මගින් තවත් පැහැදිලි කර ගනිමු.
ඉහත ජන්ම පත්‍රයේ ලග්නාධිපතියා කුජය ඔහු චන්ද්‍රයා සමග යෝගවී පුෂ්කල යෝගයේ පලමු අවශ්‍යතාව සපුරා ඇත. චන්ද්‍රයා සිටින්නේ මකර රාශියේය. එහි අධිපතියා වන්නේ සෙනසුරුය. ඔහු කේන්ද්‍රස්ථානයක් වන හත්වැන්නේ තැම්පත්වී ඇත. මේ අනුව යෝගය යෙදීමට දෙවන අවශ්‍යතාවයද සම්පූර්නය. ලග්නයේ ගුරු හා බුධ තැම්පත්ව සිටී. මේ අනුව අවශ්‍යතාවයන් තුනම සම්පූර්නව පුෂ්කල යෝගය සම්පූර්නව ඇත.
විශේෂයක්
කටක ලග්න හිමියන්ට ලග්නාදිපතියාද චන්ද්‍රයාම වන බැවින් පලමුවන අවශ්‍යතාවය අමුතුවෙන් සම්පූර්න කිරීමට අවශ්‍යතාවයක් නැත. දෙවන හා තුන්වන අවශ්‍යතාවයන් සම්පූර්න වීම පමනක් ප්‍රමානවත්ය.
තාරකා එලි ජ්‍යොතිෂ අඩවිය

)