පුහුල් ගෙඩියෙ පොතුත් විසිකරන්න එපා...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අදින් පස්සේ අළු පුහුල් කොළ විතරක් නෙවෙයි පුහුල් ගෙඩියෙ පොතුත් විසිකරන්න එපා...
    පළමුව නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඬු කෝප්ප 02ක් දමා හොඳින් බෙරි වන්නට තම්බා උයා පොඩි කරගන්න.
    එයට,
    🔸
    අළු පුහුල් දළු දෙමිටක්
    🔸
    කරපිංචා කිණිති 03ක්
    🔸
    අමු පොල් දෙමිටක්
    🔸
    රම්පා කෑල්ලක්
    🔸
    අමු ඉඟුරු කලං 01ක් (5g)
    🔸
    සුදුළූණු බික් 06ක්
    සරක්කු
    ••••••••••••
    🔸
    අබ
    🔸
    සූදුරු
    🔸
    උළුහාල් ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 03 බැගින්
    🔸
    මාදුරු ඇට 05
    🔸
    ගම්මිරිස් ඇට 05
    🔸
    කරදමුංගු කරල් 01
    🔸
    කරාබු නැටි 01
    🔸
    කුරුඳු පොතු ටිකක්
    මේ සියල්ල හොඳින් අඹරාගත යුතුයි.
    ඉහත පුහුල් දළු, පොල්, කරපිංචා ආදී ද්‍රව්‍ය සියල්ල තුන් වරක් කොටා වතුර බෝතල් 1/2 බැඟින් දමා ඉස්ම බෝතල් 1,1/2ක් පිළියෙල කරගන්න. ඊට පසු අඹරාගත් සරක්කු පිළියෙල කල ඉස්මට දියකර පෙරා කැඳ බතට දමා විනාඩි 05ක් පමණ පැසවා ලුණු ඇති පදම දමා නිවුණාට පසු බීමට ගන්න.
    🟧
    මෙහි ගුණ
    🌿
    . මත්ද්‍රව්‍ය විෂට
    🌿
    . අබිං විෂට
    🌿
    . අත්තන විෂට
    🌿
    . රත් පිතෙන් අර්ශස් වලින් දැවිල්ලට
    🌿
    . ඊයම් ඇලුමිනියම් වාත්තු වැඩකරන අයට ඇති වන විෂට
    කැඳ සෑදීමේදී පුහුල් ගෙඩියේ පොතු ගැනීම ඉතා හොඳයි

    436230026_755727360011399_2672930307735269398_n.jpg
     
    • Wow
    Reactions: Mr Bones