පූජා වේවා ....!!!

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    :love::love::love:

    පැල් කවියක් වගේ හිත ලග...
    තියාගෙන ඉන්නම් හදත් නැති රෑක...
    අමුනා තරු දෙපොටකට ආදරේ...
    තුරුලු කර ගන්නම් එක පොදකට ඔබව...

    මල් පෙරහරක් සේ නෙත ලග...
    තියාගෙන යන්නම් හදවතේ වීදි මත...
    තබා සද්දන්ත ඇතෙකු පිට ඔබේ ආදරේ...
    වන්දනා කරන්නම් ධාතු කරඩුව සේ ඔබව...

    පූජා නගරයක් වගේ හදවත...
    පේවී එන්නේ වන්දනාවේ මේඝසර...
    ගල් කණුවක් වගේ ආදරේ...
    සියවස් සියයක් ගියත් ඉදිරී නොවෙටෙන...

    ප්රෙමයේ ප්රාණය තිබූ ලේ මත...
    ජීවි සය්ලයක් වගේ රැකගමි ඔබව...
    පලා සැනෙකින් බලනා දාක මළ සිරුර...
    පෙනේවි මම තුරුල් කරගෙන උන් හැටි ඔබව...

    ඔබේ පා ගැටුනු මේ මලුවේ...
    පස් පිඩක් පවා පින්බරය් සිතමි...
    ඔබේ අත්වල පහසින් පිපුණු...
    මේ මල් පවා දෙවිදුන්ගේ යැය් සිතමි...

    සතර අත නියන් සායෙන් පෙලුනත්...
    සදාකාලයටම හෙමි හෙමින් ගලන...
    සීතල පද්මෙ පාමුළ...
    පොඩි දිය කඩිත්තක් නොවෙද ඔබ...

    ජීවිතේ කටුසර හේන් වපුරා...
    ජීවිතයම වපුරමි ආදරේ මල් බලාගෙන...
    මේ කටුක නියන් සායේ දිය බිදුවක් නැතත්...
    ඇස් පලා කදුළු ගල්වා පුබුදවමි මේ කුසුම... :love::love::love:
     
    Last edited: