පූජා ??

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    FB_IMG_1655900843817.jpg
    FB_IMG_1655901540278.jpg
    FB_IMG_1655901528035.jpg
    FB_IMG_1655901537532.jpg
    FB_IMG_1655446274310.jpg

    පිරිනිවන් පාන මොහොතේ මිනිසුන් තමාට කරන පුද පූජාවන් දෙස බලා සිටි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතෙහිම ආනන්ද හිමියන් කැඳවා ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර වන වෙනස පිළිබඳ සඳහන් කර තිබේ.

    "ආනන්ද, මා මේ දිගු සසර පුරා සොයමින් පැමිණි; මෙයට වසර 45කට පෙර සාක්ෂාත් කර ගත් ශ්‍රී සද්ධර්මය පසු ගිය හතළිස් පස් වසර මුළුල්ලේ සියලු ලෝ වැසියා වෙනුවෙන් දේශනා කර තිබියදීත්, මේ මිනිසුන් මගේ ඇවෑමෙන් පසුව ද මාව ගඳින් මලින් පුදන්නට පමණක් වැඩි වෙහෙසක් දරන්නේ නම් මා විසින් ලෝකයට දායාද කළ ධර්මයෙන් පලක් නොමැති වනු ඇත. එසේම ප්‍රතිපත්තිමය වශයෙන් ධර්ම කාරණා අවබෝධ කර ගැනීම සහ ඒවා පිළිපැදීමකින් තොරව ආමිසයට පමණක් ඉඩ දීම බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය සහ පූජාව බවට පත් වන්නේ නැහැ. බුදුන්ට කරන ඉහළම පූජාව වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නිරත වීමයි. එය මේ මිනිස්සුන්ට කියා දෙන්න."

    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට කරන ලද එබඳු ප්‍රකාශයක් පිළිබඳව මහා පරිනිබ්බාණ ආදී සූත්‍ර ධර්මයන්හි සඳහන් වේ. සිය සංසාර ගමන නිමා කර අවසාන භවයෙහි කෙළවර සිට පවා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිබඳව බුදු රජාණන් වහන්සේ ලොවට උපදෙස් දී තිබෙන බව එම ප්‍රකාශයෙන් මැනවින් පසක් වේ.

    බුදුරජාණන් වහන්සේ ආමිස පූජාව කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නැත. නමුත් ආමිස පූජාවෙන් පමණක් සෑහීමකට පත් වී ප්‍රතිපත්තිමය වශයෙන් පූජා පැවැත්වීමට මිනිසුන්ට අමතක වී ගිය හොත් ඔවුන් සිදු කරන ආමිස පූජාවෙන් ද පලක් නොවේ.

    ආමිස පූජා මඟින් සිදු වන්නේ කුසල් වැඩි දියුණු වීම සහ ශ්‍රද්ධාව වැඩි වීම වන නමුත් එයින් බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන් නිවන් මාර්ගය පසක් වන්නේ නැත.

    මිනිසුන් ආමිස පූජා කිරීම සඳහා ඉතා විශාල පින්කම් සූදානම් කරති. අසූහාරදහසක පහන් පින්කම්, සමනල කන්ද තරම් විශාල මල් පූජා, කප්රුක් පූජා වැනි විවිධාකාර නම්වලින් හැඳින්වෙන විවිධ පූජාවන්, සිවුරු පිරිකර මහා දානමය පින්කම් ආදිය, ගොඩනැඟිලි සාදා පූජා කිරීම වැනි දේ ද ඇතුළු සියල්ල අයත් වන්නේ ආමිස පූජාවටය. එම සියලු පූජාවන්ගෙන් නිවන් මාර්ගය සඳහා විශාල බලපෑමක් සිදුවන්නේ නැත. එයින් සෑම දෙනාගේම ශ්‍රද්ධාව දියුණු වන නමුත් නිවන් මඟෙහි පළමු පියවර ශ්‍රද්ධාවයි. එබැවින් ආමිස පූජාවෙහි යෙදෙන තැනැත්තන් එයින් ශ්‍රද්ධාව දියුණු කර ගනිමින් එතැනින් ප්‍රතිපත්ති පූජාව වෙත යොමු විය යුතුය. එයින් ගොඩනඟා ගත් ශ්‍රද්ධාව වඩාත් අර්ථවත් වේ. එසේම බලවත් වේ.

    (කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අදහස් දැක්වීම ඇසුරෙන්)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,446
    113
    සමහරු පාටි වල කෝටි ගණන් වියදම් කරනව සමහරු දාන මාන වලට වියදම් කරනව. දෙකම එක එක්කනා කැමති වියදම් විදියට සලකල කැමති දෙයක් කරගන්න ඇරල තමන්ටත් පුලුවන් විදියට කැමති දේකට වියදම් කරගන්න එකනෙ හොද
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,452
    7,775
    113
    සමහරු පාටි වල කෝටි ගණන් වියදම් කරනව සමහරු දාන මාන වලට වියදම් කරනව. දෙකම එක එක්කනා කැමති වියදම් විදියට සලකල කැමති දෙයක් කරගන්න ඇරල තමන්ටත් පුලුවන් විදියට කැමති දේකට වියදම් කරගන්න එකනෙ හොද
    ubawa dakka kal....
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    "ආනන්ද, මා මේ දිගු සසර පුරා සොයමින් පැමිණි; මෙයට වසර 45කට පෙර සාක්ෂාත් කර ගත් ශ්‍රී සද්ධර්මය පසු ගිය හතළිස් පස් වසර මුළුල්ලේ සියලු ලෝ වැසියා වෙනුවෙන් දේශනා කර තිබියදීත්, මේ මිනිසුන් මගේ ඇවෑමෙන් පසුව ද මාව ගඳින් මලින් පුදන්නට පමණක් වැඩි වෙහෙසක් දරන්නේ නම් මා විසින් ලෝකයට දායාද කළ ධර්මයෙන් පලක් නොමැති වනු ඇත. එසේම ප්‍රතිපත්තිමය වශයෙන් ධර්ම කාරණා අවබෝධ කර ගැනීම සහ ඒවා පිළිපැදීමකින් තොරව ආමිසයට පමණක් ඉඩ දීම බුදුරජාණන් වහන්සේට කරන ඉහළම ගෞරවය සහ පූජාව බවට පත් වන්නේ නැහැ. බුදුන්ට කරන ඉහළම පූජාව වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නිරත වීමයි. එය මේ මිනිස්සුන්ට කියා දෙන්න."
    මේ ටික තියෙන තැන හරියටම කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: isuru5 and S_M_S

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    කොහොමත් කෑම අහක දාන එක නරකයී.
    නමුත් කොලබ හොටෙල් වල අහක දාන කෑම ටික ගැනත් පොඩ්ඩක් හොයලා බලමු නේ.
    ආමිස පූජාව නරකක් නෑ පප්‍රතිපත්තිය වැදගත්....මේ වගේ වෙලාවකනම් ඒක සිය දහස් ගුනයකින් දැනෙනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නෑ.

    මේ විදිහට තියෙන්නෙ....

    අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි ... දිව සඳුන් සුණු ද අහසින් හෙයි ... දිව තුරු ගොසු දු ... දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපචිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී වැ වෙසෙයි ද, හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙහි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.
    ------ Post added on Jul 1, 2022 at 7:55 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671

    aiyooo meka kawruhari translate karala dennooo....
     
    • Like
    Reactions: isuru5

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    aiyooo meka kawruhari translate karala dennooo....
    එසමයෙහි ඒ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

    එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

    “ආනන්දයෙනි, මේ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන්ට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

    ආනන්දයෙනි, මෙපමණකින් තථාගත තෙමේ සත්කාර හෝ නොකරන ලද්දේ ය. ගෞරව හෝ නොකරන ලද්දේ ය. බුහුමන් හෝ නොකරන ලද්දේ ය. පිදුම් හෝ නොකරන ලද්දේ ය. සැලකීම් හෝ නොකරන ලද්දේ ය. ආනන්දයෙනි, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතුව, සාමීචිප්‍රතිපදාවෙන් යුතුව, අනුධම්මචාරී ව වාසය කරයි ද, ඔහු තථාගතයන් හට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි. ගෞරව කරයි. බුහුමන් දක්වයි. පුදයි. සලකයි. එහෙයින් ආනන්දයෙනි, ‘ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, සාමීචිප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරෙමින් වාසය කරන්නෙමු’ යි මෙසේ ම ආනන්දයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ය.”

    https://mahamevnawa.lk/sutta/dn2_3/
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වැඩක් බලාගනින් කලවම් පොන්නයා අපේ අාගම ගැන අපි බලාගන්නම්
     
    • Haha
    Reactions: isuru5

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සමහරු පාටි වල කෝටි ගණන් වියදම් කරනව සමහරු දාන මාන වලට වියදම් කරනව. දෙකම එක එක්කනා කැමති වියදම් විදියට සලකල කැමති දෙයක් කරගන්න ඇරල තමන්ටත් පුලුවන් විදියට කැමති දේකට වියදම් කරගන්න එකනෙ හොද

    එතන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ "සමහරු" කියලා හඳුන්වන උදවිය කුමන කුමන ආගම්, දර්ශන තමන්ගේ ජීවිතයට අනුබද්ධ කරගෙන ඉන්නවාද කියන එක බලන්න ඕනෙ. අද කාලෙ මේකට අදාලව තිබෙන එක ප්‍රශ්නයක් තමා භික්ශූන් වහන්සේලා "විසින්" පෙළඹවීම් සහ මගපෙන්වීම් සහිතව සිදුකෙරෙන්නාවූ මහා යාගහෝමපූජා. ආන්න එතනයි ප්‍රශ්නය පැන නගින්නෙ.

    ආමිසය කියන්නෙ සංසාරය හදන ක්‍රියාවලියක්. කොටින්ම කීවොත් බණ අහන එකත් සංසාරය හදන ක්‍රියාවලියක්. සංසාරය හැදීම නතර කරන්නේ බුදුහාමුදුරුවො ලෝකයට හඳුන්වාදුන් "විපස්සනා වෙන්" එහෙමත් නැතිනම් සතරසතිපට්ඨානයෙන්.

    බුදුවරු මේ ලෝකයට බිහි වෙන්නෙ ඒ සංසාරය නවත්වන විදිහේ සංසාරයක් සකස්කර ගන්නෙ කොහොමද කියන එක කියලා දෙන්න. ඒකෙ පලමු පඩිය තමා දානය. නමුත් ඒ පඩිය තියෙන්නෙ ඒකමතින් වාරු අරගෙන ඊලඟ පඩිය එනම් සීලයට පය තබන්න මිසක්. යට පඩියටම වෙලා ඒ පඩියට කැටයම් දදා ඉන්න නෙමෙයි. ආන්න ඒකයි මම හිතන්නෙ මේ ලිපියෙන් කියන්න හදන්නෙ.

    වෙන අය කරන පුද පුජාවල අඩුපාඩු දොස් හොයන අයට අකුසලයක් වෙන්නේ නැද්ද?
    සරලව බැලුවොත්, ඒක තීරණය වෙන්නෙ ඒ ඒ අයගෙ "චේතනාව" අනුව කියන්න පුලුවන්.
    ------ Post added on Jul 1, 2022 at 8:26 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    • Like
    Reactions: isuru5