පෘථිවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ ත&

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    පෘථිවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ ත&

    පෘථිවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ තනි වූ අභ්‍යවකාශගාමීන්

    1991 ⁣දෙසැම්බර් 26 වැනිදා සෝවියට් සංගමය බිඳ වැටෙන විට Sergei Krikalev සහ Alexander Volkov පෘථිවි කක්ෂයේ තිබූ මීර් අභ්‍යවකාශ නැවතුම්පොළේ වාසය කරමින් සිටින ලදී. සෝව්යට් සංගමය බිඳ වැටී ස්වාධීන රටවල් 15කට බෙදී ගිය අතර අභ්‍යවකාශ ව්‍යාපෘතිය රුසියාව නම් රාජ්‍යයට අයිති විය. නමුත් මෙතෙක් කල් සෝව්යට් අභ්‍යවකාශ යානා දියත් කළ බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ යානා ගොඩ බසින ප්‍රදේශය අයත් වූයේ කසකස්තානයටයි. තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය භාවිත කිරීමට කසකස්තානය විශාල මුදලක් ඉල්ලා සිටි අතර දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි රුසියාවට මේ නිසා අභ්‍යවකාශයේ සිටින ගගනගාමීන්ව පෘථිවියට ගෙන්වා ගැනීමට නොහැකි විය.

    ඔවුන් දෙදෙනා "සෝවියට් සංගමයේ අවසාන පුරවැසියන්" ලෙස හැඳින්වූ අතර ඔවුන්ව නැවත ගෙන්වා ගැනීමට මුදල් නොමැති බව දැනුම් දෙන ලදී. මාසයකට පසුව ඔවුන්ට නැවතත් එම පිළිතුරම ලැබුණි. මෙහෙයුම් පාලන මැදිරිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තව ටික කාලයක් එහි රැඳී සිටින ලෙසයි. මුලින්ම මීර් අභ්‍යවකාශ නැවතුම්පොළට පැමිණි ක්‍රිකලෙව්ගේ මෙහෙයුම මුලින් සැලසුම් කළ කාලය මෙන් දෙගුණයක් පැවතුනි. ඔහු නොදැනුවත්වම දින 311 ක් අභ්‍යවකාශයේ ගත කරමින් ලෝක වාර්තාවක් තබන ලදී. අභ්‍යවකාශයේ රැඳී සිටින සෑම දිනකම ඔවුන්ගේ මාංශ පේශි ක්ෂය වීම, විකිරණවලට නිරාවරණය දීම, පිළිකා අවදානම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන අතර රුසියානු අභ්‍යවකාශ ආයතනය හැකි සෑම අයුරකින්ම තමන්ගේ මුදල් ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කරන ලදී. අධික උද්ධමනය හේතුවෙන් රුසියානු ආර්ථිකය දරුණු ලෙස පහත වැටී තිබුනු අතර ඔවුන් අනිත් රටවල්වලට මීර් නැවතුම්පොළට ගමන් කිරීමට අවස්ථාවන් මුදලට අලෙවි කරන ලදී. ඔස්ට්‍රියාව ඩොලර් මිලියන 7 කට ආසනයක් මිලදී ගත් අතර ජපානය රූපවාහිනී වාර්තාකරුවෙකු යැවීම සඳහා ඩොලර් මිලියන 12 කට එකක් මිලදී ගත්තේය. පසුව කසකස්තාන ගගනගාමියෙක් අභ්‍යවකාශ නැවතුම්පොළට යැවීමේ පොරොන්දුව මත කසකස්තානය තම අභ්‍යවකාශ මධ්‍යස්ථානය භාවිත කිරීමට රුසියාවට ඉඩ දෙන ලදී.

    මොවුන් දෙදෙනා 1992 මාර්තු 25 වන දින නැවත පෘථිවියට පැමිණෙන ලදී. සර්ගේ ක්‍රිකලෙව් රුසියාවේ වීරයෙකු බවට පත් වූ අතර වසර දෙකකට පසුව තවත් අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ඔහු ඇමරිකානු ෂටලයක අභ්‍යවකාශයට ගිය අතර නාසා අභ්‍යවකාශ යානාවක ගමන් කළ පළමු රුසියානු අභ්‍යවකාශගාමියා බවට පත්විය. අවුරුදු කිහිපයකට පසු නව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගමන් කළ පළමු කණ්ඩායමටත් මොහු ඇතුළත් විය.

    -අන්තර්ජාලය ඇසුරිනි-
    Copied
     
    Last edited: