පෘථිවියට_සමාන_අළුත්_ග‍්‍රහලොවක්
නිල් ග‍්‍රහලෝකය , එසේත් නැතිනම් පෘථිවිය යනුවෙන් හැඳින්වෙන අපේ ග‍්‍රහලෝකය සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති ජීවින් සහිත එකම ග‍්‍රහලෝකය ලෙස සලකනු ලබයි. ජීවින් හෝ ජලය සහිත පෘථිවියේ පරිසර තත්ත්වයන්ට සමාන ග‍්‍රහලෝකයක් සොයා දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ සිදු කෙරුණත් මේ දක්වාම සාර්ථක ඵල නෙලා ගැනීමට හැකි වී නැත. තෙරක් නොපෙනෙන විශ්වයේ සිටින එකම ජීවින් අප පමණක්ද යන්න සිතෙන තරමට අප විශ්වය තුළ හුදෙකලා වී ඇත. එහෙත් මේ විශ්වයේ කොතැනක හො ජීවය පවතින ග‍්‍රහලොවක් ඇතැයි යන්න විද්‍යාඥයින් බොහෝ දෙනාගේ විශ්වාසය විය. එබැවින් අතීතයේ සිටම ඒ පිළිබඳ බොහෝ ගවේෂණ සිදුකෙරිණි.
එම ගවේෂණයන්හි සාර්ථක ප‍්‍රතිඵල පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි පුවතක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබිණි. ඒ පෘථිවියට සමාන ලක්‍ෂණ පවතින ග‍්‍රහලෝකයක් සොයා ගැනීම පිළිබඳ පුවතයි. තාරකා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන අයගේ පමණක් නොව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් එපිට ජීවය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් පවා මේ පුවතින් සතුටට පත්වූවාට සැක නැත. ස්විස් , ප‍්‍රංශ හා පෘතුගාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම ග‍්‍රහලෝකය සොයා ගැනීමට සමත් වී ඇත. ඡ්ඉර්‍ණ 3.6 ථ නම් වූ දූරේක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් මෙම අලුත් ග‍්‍රහලෝකය සොයා ගැනීමට සමත් වී ඇති අතර එය පෘථිවියේ ස්කන්ධය මෙන් පස් ගුණයක ස්කන්ධයකින් යුක්ත බවද සොයාගෙන ඇත.මෙම නව ග‍්‍රහලෝකය රතු වාමන තාරකාවක් වටා භ‍්‍රමණය වෙයි. එය එහි මව් තාරකාවේ සිට පිහිටි දුර ප‍්‍රමාණය ජීවය පැවතීමට යෝග්‍ය බව පැවසෙන අතර එහි මතුපිට ද්‍රව තත්ත්වයේ ජලය තිබීමටද වැඩි ඉඩක් පවතින බව විශ්වාස කෙරෙයි.
ග‍්‍රහලෝකයක ද්‍රව තත්ත්වයේ ජලය පැවතීම එහි ජීවය පැවතීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකයක් බැවින් විද්‍යාඥයින් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙහි යම් ආකාරයක ජීවයක් පවතින්නට වැඩි ඉඩක් ඇති බවයි. අනාගතයේදී පිටස්තර ග‍්‍රහලෝකවල ජීවය සොයා සිදු කෙරෙන අභ්‍යවකාශ ගවේෂණ වලදී මෙම ග‍්‍රහලෝකය වැදගත් ඉලක්කයක් වනු ඇතැයි ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්ව විද්‍යාලයේ ක්‍ෂේවියර් ඩෙල්ෆොස් පවසයි. වසරකට පසුව එම ග‍්‍රහලෝකයේ පවතින දේශගුණය පිළිබඳ අධ්‍යයනය කළ හැකි වඩාත් සංවේදී උපකරණ එහි යැවීමට හැකි වෙතැයි විද්‍යාඥයින් විශ්වාස කරයි.දැනට ග්ලයිස් 581 ජල යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය පෘථිවිය මෙන් 50 % ගුණයක් එනම් පෘථීවිය මෙන් 11/2 ගුණයක් විශාලත්වයෙන් යුක්ත වේ.
ග්ලයිස් 581 නම් රතු වාමන තාරකාවක් වටා කක්‍ෂ ගත වී ඇති එය තුලා රාශියට ආසන්නව පෘථිවියේ සිට අලෝක වර්ෂ 20 ක් පමණ දුරකින් පිහිටා ඇත. දැනට විද්‍යාඥයින් හඳුනාගෙන ඇති පරිදි නෙප්චූන් ග‍්‍රහලෝකයට සමාන ස්කන්ධයක් සහිත ග‍්‍රහලෝකයක්ද මෙම රතු වාමන තාරකාවට කක්‍ෂ ගත වී පිහිටයි. එනම් පෘථිවි ස්කන්ධය මෙන් 15 ගුණයක් පමණ වූ මෙම ග‍්‍රහලෝකය එම තාරකාව වටා එක් වටයක් ගමන් කිරීමට දින 5.4 ක් ගත කරයි. ඊළඟට සොයාගෙන ඇති පෘථිවියට සමාන නව ග‍්‍රහලෝකය හැරුණූ විට ග්ලයිස් 581 තාරකාවට කක්‍ෂ ගත වූ තවත් ග‍්‍රහලෝකයක් තිබෙන බවට ප‍්‍රබල සාධක හමු වී ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි එය පෘථිවිය මෙන් 8 ගුණයක ස්කන්ධයකින් යුක්ත වන අතර එම තාරකාව වටා එක්වටයක් භ‍්‍රමණය වීමට දින 84 ක් ගත කරයි. පෘථිවියට සමාන ග‍්‍රහලෝකය හෙවත් විද්‍යාඥයින් හඳුන්වන පරිදි සුපිරි පෘථිවියට එම තාරකාව වටා භ‍්‍රමණය වීමට ගත වන කාලය දින 13 කි.
එනම් සුපිරි පෘථිවියට සෑම දින 13 කටම වරක් අවුරුද්දක් උදාවෙයි.ග්ලයිස් 581 තාරකාවට අයත් දැනට සොයාගෙන ඇති ග‍්‍රහලෝක අතරින් කුඩාම ග‍්‍රහලොව ලෙස ග්ලයිස් 581 ජල හෙවත් සුපිරි පෘථිවිය සැලකෙයි. සූර්යයාගේ සිට පෘථිවිය පිහිටා ඇති දුර මෙන් 14 ගුණයක් රතු වාමන තාරකාවට ආසන්නව සුපිරි පෘථිවිය පිහිටා ඇත. නමුත් රතු වාමන තාරකාව අපගේ සූර්යයාට වඩා කුඩාවන අතරම උෂ්ණත්වයෙන්ද අඩුය. එමෙන්ම එහි දීප්තියද අපගේ සූූර්යයාට වඩා බොහෝ සෙයින් අඩු වේ. එසේ වුවත් මෙම ග‍්‍රහලෝකය වාසයට සුදුසු කලාපයක්් ලෙස සැලකෙයි. ග‍්‍රහලෝ්කයේ තාරකාවට ආසන්නව පිහිටි කලාපයේ ජලය ද්‍රව තත්ත්වයේ පවතින බව විශ්වාස කෙරෙයි.ස්විට්සර්ලන්තයේ ජීනීවා තාරකා නිරීක්ෂණාගාරයේ ස්ටීවන් උඩ්රි පවසන අන්දමට මෙම සුපිරි පෘථිවිය සෙල්සියස් අංශක 0 සිට 40 අතර උෂ්ණත්වයකින් යුක්ත වේ.
ඒ හැරුණු විට පෘථිවියේ අරය මෙන් 1.5 ගුණයක් විශාලත්වයකින් යුක්ත වන මෙම ග‍්‍රහලෝකය පාෂාණ වලින් හෝ අපේ පෘථිවිය මෙන් සාගරවලින් ආවරණය වී ඇත.ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්වවිද්‍යාලයේ , ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වූ ක්‍ෂේවියර් ඩෙල්ෆොස් පවසන අන්දමට ද්‍රව තත්ත්වයේ පවතින ජලය ජීවය බිහිවීමට ඉතාමත් යෝග්‍ය සාධකයකි. එබැවින් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වලදී මෙම ග‍්‍රහලෝකය ඉතා වැදගත් සාධකයක් වනු ඇත. ග්ලයිස් 581 තාරකාව අපට ආසන්නතම තාරකා 100 අතුරින් එකක් ලෙස සැලකෙයි. එබැවින් එයට අයත් ග‍්‍රහලෝකයක ජීවය පැවැත්ම හෝ ජීවය ඇතිවීමට ඉඩකඩ පැවතීම යනු මුළු මානව සංහතියටම ඉතා වැදගත් අවස්ථාවක් වනු නොඅනුමානය.
මංජුල දිසානායක
ආලෝක වර්ෂ 20කට එපිටින් පෘථිවියට
සමාන අළුත් ග‍්‍රහලොවක්