විශ්වයේ සම්භවය
පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමුවුවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?.එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද?
අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.
හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත
මෙම විශ්වය හොදින් නිරීක්‍ෂණය කලේ නම් එය මනුෂ්‍යා මවිතයට පත්කරයි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද?
ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද?
ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද?
ඒවා සියල්ල විශ්වයේ ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද?
බුද්ධිමත් යයි පවසාගන්නා මනුෂ්‍යා රිය පැදවීමේදී කොතරම් මාර්ග නීතිද?
එයින්ද පාලනය කිරීමට බැරි තැන රතු, කොල, කහ වීදිලාම්පු. එහෙත් විශ්වයේ අධික වේගයන්ගෙන් ගමන් කරන මෙතරම් විශාල ග්‍රහ වස්තුන් පාලනය කරන්නේ කව්රුන්ද?.
එසේනම් මෙම විනය ඇති කලේ කව්රුන්ද?.
කොතනක විනයක් පවතින්නේද?.
එතැන විනය ක‍්‍රියාවට නගන්නෙකු සිටීම අත්‍ය අවශ්‍ය.
බුද්ධියක් නැති තැන විනයක් නැත
යමක් ඉටුකරන්න කිසිවකු නොවේ නම් එහි කිසිවක් ඉටුනොවේ. මෙය සියලූ දෙනා පිලිගන්නා සත්‍යයකි. එසේනම් මේ මහා විශ්වයත් එහි ඇති ග්‍රහ වස්තුන් හා පෘථිවියත් ඇති වුනේ කෙසේද?.
ඒවා ඉබේ එසේත් නැත්නම් ස්වයංව ඇති වුවක් යයි පවසන්නේ කුමන පදනමෙන්ද?.
එසේ නම් මිනිසා විසින් කක්‍ෂගත කරන ලද චන්ද්‍රකාවන් ස්වයංව නතර වී සිටීද? එසේත් නැත්නම් ඒවා පාලනයකට යටත්ව පවතිනවාද?.
ඩොලර් බිලියන ගනන් වියදම් කර සකස් කල මෙයටම පාලනයක් අවශ්‍ය නම්. ඉතා සංකීර්ණ වු මෙම විශ්වය බිහි කරන්න හා පාලනය කරන්න බලයක්, බුද්ධියක් ඇයි අනවශ්‍ය යයි සිතන්නේ?.
විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වු එම වස්තුව අධික තෙරපීම නිසාත් රසායනික ප්‍රතික්‍රියාව නිසාත් පිපිරී යන ලදී. එසේ පිපිරීමෙන් මුළු විශ්වයම දුවිල්ලෙන් වැසීයන ලදී. පසුව එම දුවිලි හා වායු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ටික ටික ගොනුවී මෙම පෘථිවිය හා අනිකුත් ග්‍රහලෝක, තාරකා, මණ්දාකිණි හා ග්‍රහ වස්තුන් ඇතිවිය.
- ඉටුකරන්නෙකු නොමැතිව ඉටුවුවක් නැත – හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත
- බුද්ධියක් නැතිතැන විනයක් නැත – නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැත
මෙම මහා පිපිරීම් න්‍යාය ව්ශ්වයේ ආරම්භය පිලිබද ඉතා සරලව කථා කල බවකි පෙනීයන්නේ. මෙහි,
එසේම මෙම තෙරපුමට හා රසායනික ප්‍රතික්‍රියාවට භාජනය වු
- පිපිරීයාමට හේතුවුයේ කුමක්ද?
- තෙරපීම හා රසායනික ප්‍රතික්‍රියාව පිපිරීමට හේතුව යයි පැවසුවත් එම තෙරපීම කෙසේ ඇතිවුවක්ද?.
- එම තෙරපීමට හේතුව කුමක්ද?
- එම තෙරපුමේ ස්වභාවය කුමක්ද?
- එම තෙරපුමට පෙර අවස්ථාව කුමක්ද?
- එම රසායනික ප්‍රතික්‍රියාව ඇතිවුයේ කෙසේද?
- එම ප්‍රතික්‍රියාවට භාජනය වු මුලද්‍රව්‍යයන් කුමක්ද?
- එම ප්‍රතික්‍රියාව කුමක්ද?
- එම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද?
- එම ප්‍රතික්‍රියාවට පෙර අවස්ථාව කුමක්ද?
මෙම ප්‍රශ්න සියල්ල හමුවේ විද්‍යාව තවමත් නිරුත්තරය. එය පැහැදිලි කලානම් ඉහත සදහන් තෙරපුමෙන් හා රසායනික ප්‍රතික්‍රියාවෙන් එම වස්තුවට
- එම වස්තුව කුමක්ද?
- එහි ස්වභාවය කුමක්ද?
යන්න අධ්‍යනය කල හැක. නමුත් මේ කිසිවකට පිලිතුරු නැතිව විද්‍යාව මුනිවතරකී. විශ්වය කෙසේද බිහිවුනේ යන්නට තවම පැහැදිලි පිලිතුරක් නැත.
- බලපෑමක් ඇතිකරයිද?
- එයට එම ශක්තිය තිබේද?
- එය මනුෂ්‍ය බුද්ධියට ගෝචරද?
විශ්වය බිහිවුනේ ඇයි?
යන දෙවන ප්‍රශ්නය ද තවම ඉදිරිපත් නොවී ඉතිරිව පවතී. මෙවැනි බොහෝ ප්‍රශ්න මධ්‍යයේ අසරණවී සිටින මහා පිපිරුම් න්‍යාය බුද්ධියට ගෝචරවු න්‍යායක්ද?.
හේතුවක් නොමැතිව පලක් නැත යන්න බුදු දහමේ පවා පවසන සත්‍යයකි. හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත යන්න විද්‍යාව ද පිලිගන්නා දර්ශණයකි. එසේනම් මෙම මහා පිපුරුම් න්‍යායට හේතුව කුමක්ද?
හේතුවක් නොමැතිව පිපිරීමක් ඇතිවිය නොහැක.
වදුරෙකු පෑනක් ගෙන කුරුටු ගෑමේදී කවියක් ලියවුනා යයි කිසිවකු පවසයි නම් එය පිලිගත හැක. මන්ද එම වදුරා පෑනක් අත ඇතිව සිටී නිසා සහා කුරුටු ගෑමක් කලනිසා. නමුත් කිසිවකු අත නොගා පෑන කවියක් ලිව්වායයි කව්රුන්හෝ පවසයි නම් එය පිලිගත හැකිද?.
යන්ත්‍රයක් බිහිවීමට නම් ඉන්ජිනේරුවකු අවශ්‍යය. කවියක් බිහිවීමට නම් කවියකු අවශ්‍යය. එසේ නොමැතුව එක් යකඩයක ඇති වු තෙරපුම හේතුවෙන් එය පිපිරී විවිධ යන්ත්‍රයන් ඇතිවුවා යනුවෙන්ද එසේත් නැත්නම් මුද්‍රණාලයක ඇතවු පිපිරීමක් හේතුවෙන් එහි අකුරු විසිවී ගොස් ශේක්‍ෂ්පියර්ගේ කවි නිර්මානය වුවා යයිද කිසිවකු පවසයි නම්. එය විහිළුවක් වනු ඇත. එසේ පවසන්නන් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඉන්ජිනේරුවරුන් හා කවියන් යයි ඔවුන්ද පිලිනොගනු ඇත. බුද්ධිය ඇති කිසිවකු මෙය අනුමත නොකරනු ඇත. ඉන්ජිනේරුවකු දන්නවා යමක් නිර්මානය කිරීම සදහා බුද්ධියත්, උත්සාහයත්, ශ්‍රමයත් අවශ්‍ය බව. ඒවා නොමැතිව නිර්මාණයක් කල නොහැක. කරුණු එසේ තිබිය දී ඉතා නිවරුදි ආකාරයට ක්‍රියා කරමින් පවතින මෙම සංකීර්ණ වු විශ්වය ඉතා බලවත් ශක්තියකින් තොරව නිර්මාණය වී ක්‍රියා කරනවා යන්න බුද්ධිමත් තර්කයක්ද?. එය තර්කාණුකූලද?.
මහා පිපිරුම් න්‍යාය සහමුලින්ම ප්‍රතික්‍ෂෙප නොකරමි. නමුත් එම පිපිරුම කුමක් නිසා ඇතිවුනේද?
එයට පසු කිසිදු හේතුවක් දක්නට නැත්තේ ඇයි?
හේතුවක් නොමැතිව පලයක් නැත යන විද්‍යාත්මක වාදයට වුනේ කුමක්ද?.
නිශ්චය වශයෙන්ම මහා පිපිරුමට හේතු කාරණයක් තිබිය යුතුයි. එම හේතු කාරණය ඇතිකලේ ඉතා ප්‍රබල ශක්තියකින් විය යුතුයි. එම ශක්තිය සියල්ල කෙරෙහි ශක්තියක් හා බුද්ධියක් තිබෙන යමක් වියයුතුයි. එවැනි ශක්තියකටයි හැකිවන්නේ මෙම සංකීර්ණ වු විශ්වය සැලසුම් කරන්නත්, මවන්නත්, පරිපාලනය කරන්නත්.
ඒ අනුව මෙම විශ්වයට පසුපසින් එක් සුවිශේෂ වු ශක්තියක් හා සැලසුම් කරනයක් තිබේ යන්නත්. මෙම විශ්වය තුල ඇති වස්තුන් නිසි ලෙස මවා පරිපාලනය කරන්න සුවිශේෂ බුද්ධියක් ඇති යම් ශක්තියක් ක්‍රියා කරන බවත් නියතය. එම ශක්තිය තමා දේව ශක්තිය ලෙසත් එම ශක්තිය ක්‍රියා කරවන්නා සර්ව බලධාරී දෙවියන් ලෙසත් ඉස්ලාම් විශ්වාස කරන්නේ.
සර්ව බලධාරී දෙවියන් කාගේ නිර්මාණයක්ද?බුද්ධියක් නැතිතැන විනයක් නැත – නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැත
මම එළකිරි එකේ මුස්ලිම් සහෝදරයෙක්ගෙන් ඇහුවා දෙවියන් විශ්වය සහ මිනිසුන් මැවීමට හේතුව කුමක්ද කියල. ඔහු කිව්වේ මිනිසුන්ට කියා දෙවියන්ට වන්දනා මාන කරවා ගනිමටලු දෙවියන් විශ්වය නිර්මාණය කලේ. මෙතරම් විශාල අනන්ත විශ්වයක් නිර්මාණය කිරීමට හේතුව ඒ වගේ සරල දෙයක්ද??


මිනිසුන් කොතරම් මේ ලෝකයේ දුක් විදිනවද. එසේ නම් ඒ දුක් සියල්ලට හේතුව දෙවියන්ට මිනිසුන්ගෙන් වන්දනා මාන ලබා ගැනීමට ඇති ආශාවයි.



