පෘථිවිය එදා සහ අද
පෘථිවිය ජනාවස වීම ආරම්භ වීමේ පටන් මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙන්ම දේශගුණික විපර්යාස නිසාද විවිධ වෙනස්කම් වලට ලක්ව තිබේ.මෙම වෙනස්වීම සහ වෙනස් කිරීම් මනාව දිස්වන්නේ ගුවනේ සිට පෘථිවිය නිරීක්ෂණය කිරීමේදීය.ඒ සඳහා චන්ද්‍රිකා භාවිතා කල යුතුය.නමුත් එවැනි හැකියාවක් තිබෙන්නේ ලෝක රටවල් සුළු ප්‍රමාණයකට පමණි.කෙසේ වෙතත් දැන් එම අවස්ථාව සියලුම ලෝක වාසී ජනයාට ලබාදෙන්නට ගූගල් සමාගම කටයුතු කර තිබේ.ඒ ගූගල් අර්ත් වැඩසටහනේ Timelapse නම් අංගය ඔස්සේය.
පසුගිය දශක තුනක කාලය තුල ලොව පුරා නගර විශ්මය දනවන පරිවර්තනවලට ලක් විය.ගූගල් අර්ත් Timelapse ඔස්සේ මෙම පරිවර්තන සිදුවූ ආකාරය පැහැදිලිව දැක බලා ගත හැකිය.ගූගල් Timelapse වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ 1984 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප යොදාගෙනය.ඊට ඇතුලත් කර තිබෙන නැරඹිය යුතුම නගර ලෙස දක්වා තිබෙන්නේ ඩුබායි,ඩාලියන් සහ චොන්කින්.මන්ද ඒවා පසුගිය වසර 30ක පමණ කාලයේ දැඩි වෙනස්වීම්වලට ලක්වූ ඒවා වීමයි.
1984 යනු එතරම් කාලයක් නොවුවද පෘථිවි භූදර්ශනය විශාල වශයෙන් වෙනස්ව තිබෙන බව Timelapse වැඩසටහනෙන් ඉදිරිපත් කෙරේ.Timelapse වැඩසටහන ලොව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැකිය.එහිදී ඔබ කල යුත්තේ අවශ්‍ය ස්ථානය ඇතුලත් කිරීම පමණි.1984-2016 කාලය තුල ඔබ ලබාදුන් ස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප පිළිවෙලින් පෙළ ගස්වා ඔබට ඉදිරිපත් කෙරේ.
Timelapse වැඩසටහන නිර්මාණය කිරීමට Carnegie Mellon විශ්වවිද්‍යාලයේ CREATE Labහි සහාය ලැබී තිබේ.මෙහිදී චන්ද්‍රිකා පහක් මගින් දශක තුනක් පමණ කාලයක් තිස්සේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මිලියන 5ක් පමණ භාවිතා කර තිබේ.ඡායාරූපවලින් බහුතරයක් ලබාගෙන තිබෙන්නේ ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා ඔස්සේය[නාසා ආයතනයේ ලෑන්ඩ්සැට් වැඩසටහන,ලෑන්ඩ්සැට් 4(1984-1993),ලෑන්ඩ්සැට් 5 ටීඑම්(1984-2012),ලෑන්ඩ්සැට් 7(1999-2013),ලෑන්ඩ්සැට් 8(2013-2016)]
USGS/NASA ආයතනවල පෘථිවි නිරීක්ෂණ වැඩසටහන යටතේ කක්ෂ ගත කල ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා ජාලය 1970 පටන් පෘථිවිය නිරීක්ෂණය කරමින් සිටියි.ඊට අමතරව 2015-2016 වර්ෂවල ඡායාරූප සඳහා යුරෝපානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පෘථිවි නිරීක්ෂණ වැඩසටහන යටතේ කක්ෂ ගත කල සෙන්ටිනල්-2 ඒ චන්ද්‍රිකාව යොදාගෙන තිබේ.
Timelapse වැඩසටන යටතේ යම් ස්ථානයක් සොයාගැනීම,එහි ඉතිහාසය ඡායාරූප ඔස්සේ නිරීක්ෂණය කිරීම,විශාලනය කිරීම ආදිය සිදුකල හැකිය.ඔවුන්ගේ යූටියුබ් චැනලය ඔස්සේ විශේෂිත ස්ථාන සම්බන්ධව නිර්මාණය කල වීඩියෝපට නැරඹීමට පුලුවනි.අවශ්‍ය නම් Timelapse වැඩසටහන යටතේ ඔබ සලකුණු කල ස්ථානයක ඉතිහාසය ඔබේ වෙබ් අඩවියේ ඔබ්බවන්නට ඉඩ ලබාදී තිබේ.ඊට අමතරව Timelapse Tour Editor නම් අංගය ඔස්සේ ඔබට නිර්මාණාත්මක යමක් සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත.
Source:earthengine.google.com
-HarshaLulzSec-

ඇරල් මුහුද ,1984-2016
චීනයේ බීජිං නගරය,1984-2016
චීනයේ ෂැංහයි නගරය,1984-2016
චීනයේ චොන්කින් නගරය,1984-2016
පසුගිය දශක තුනක කාලය තුල ලොව පුරා නගර විශ්මය දනවන පරිවර්තනවලට ලක් විය.ගූගල් අර්ත් Timelapse ඔස්සේ මෙම පරිවර්තන සිදුවූ ආකාරය පැහැදිලිව දැක බලා ගත හැකිය.ගූගල් Timelapse වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ 1984 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප යොදාගෙනය.ඊට ඇතුලත් කර තිබෙන නැරඹිය යුතුම නගර ලෙස දක්වා තිබෙන්නේ ඩුබායි,ඩාලියන් සහ චොන්කින්.මන්ද ඒවා පසුගිය වසර 30ක පමණ කාලයේ දැඩි වෙනස්වීම්වලට ලක්වූ ඒවා වීමයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය,1984-2016
චැඩ් රාජ්‍යයේ චැඩ් විල,1984-2016
සිංගප්පූරුව,1984-2016
1984 යනු එතරම් කාලයක් නොවුවද පෘථිවි භූදර්ශනය විශාල වශයෙන් වෙනස්ව තිබෙන බව Timelapse වැඩසටහනෙන් ඉදිරිපත් කෙරේ.Timelapse වැඩසටහන ලොව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැකිය.එහිදී ඔබ කල යුත්තේ අවශ්‍ය ස්ථානය ඇතුලත් කිරීම පමණි.1984-2016 කාලය තුල ඔබ ලබාදුන් ස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප පිළිවෙලින් පෙළ ගස්වා ඔබට ඉදිරිපත් කෙරේ.
ගූගල් සමාගම Timelapse අංගය ගූගල් අර්ත් වැඩසටහනට එකතු කලේ 2013 වර්ෂයේදීය.
මෙහිදී ඔබේ නිරීක්ෂණයට භාජනය විය යුතුම ස්ථාන පහත දැක්වෙන ලෙස පෙල ගැස්සවිය හැකිය.
*බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය - ගුවන් තොටුපොල සහ ඔලිම්පික් ක්‍රීඩාංගනය ඉදිකරන අයුරු.

*ඇරල් මුහුද - 1960 දශකයේදී සෝවියට් දේශය විසින් ක්‍රියාවට නැංවූ වාරි මාර්ග ව්‍යාපෘති නිසා එය ක්ෂය වී ගිය අයුරු
* ඇලස්කාවේ කොලොම්බියා ග්ලැසියරය - සැතපුම් 12ක් දක්වා පසුපසට ගොස් තිබෙන අයුරු.
*එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය
මෙතෙක් වේලා අප කතා කලේ ලෝකය ගැනයි.දැන් ශ්‍රී ලංකාව පසුගිය වසර 32ක කාලය තුල වෙනස්වී ඇති අයුරු දැක ගනිමු.පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුල ආරම්භ කල දැවැන්ත ව්‍යාපෘති දෙකක් වන්නේ කොළඹ වරාය පුලුල් කිරීම සහ හම්බන්තොට වරාය ඉදිකිරීම සහ නගරය සංවර්ධනය කිරීමයි.

කොළඹ වරාය,1984-2016
හම්බන්තොට වරාය සහ නගරය,1984-2016
ඊට අමතරව කාලයක් තිස්සේ කතා බහට ලක්වන දෙයක් වන්නේ විල්පත්තුව ආශ්‍රිතව සිදුකෙරෙන වනාන්තර හරණයයි.හිටපු රජය මෙන්ම පවතින රජයේද ආශිර්වාදය ඇතුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මහා පරිමාණයෙන් මුස්ලිම් ජනාවාසකරණයක් සිදුවෙමින් පවතියි.
විල්පත්තුව වනෝද්‍යානයේ උතුරු මායිමේ මුස්ලිම් ජනාවාසකරණය,1984-2016
Timelapse වැඩසටහනේ මේ වසරේ යාවත්කාලීන කිරීම් යටතේ ඇන්ටාර්ටිකාවේ ග්ලැසියරවල සංචලනයන් එක් කර තිබේ.ඊට අමතරව චීනයේ බීජින්,ඇමෙරිකාවේ නියෝර්ක් වැනි නගරද 1984 වර්ෂයේ පටන් පරිවර්තනයන්ට ලක්ව තිබෙන අයුරු නැරඹිය හැකිය.
ඇන්ටාක්ටිකාවේ Shirase ග්ලැසියරය,1984-2016
Timelapse වැඩසටහන නිර්මාණය කිරීමට Carnegie Mellon විශ්වවිද්‍යාලයේ CREATE Labහි සහාය ලැබී තිබේ.මෙහිදී චන්ද්‍රිකා පහක් මගින් දශක තුනක් පමණ කාලයක් තිස්සේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මිලියන 5ක් පමණ භාවිතා කර තිබේ.ඡායාරූපවලින් බහුතරයක් ලබාගෙන තිබෙන්නේ ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා ඔස්සේය[නාසා ආයතනයේ ලෑන්ඩ්සැට් වැඩසටහන,ලෑන්ඩ්සැට් 4(1984-1993),ලෑන්ඩ්සැට් 5 ටීඑම්(1984-2012),ලෑන්ඩ්සැට් 7(1999-2013),ලෑන්ඩ්සැට් 8(2013-2016)]
ඇලස්කාවේ Columbia ග්ලැසියරය,1984-2016
USGS/NASA ආයතනවල පෘථිවි නිරීක්ෂණ වැඩසටහන යටතේ කක්ෂ ගත කල ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා ජාලය 1970 පටන් පෘථිවිය නිරීක්ෂණය කරමින් සිටියි.ඊට අමතරව 2015-2016 වර්ෂවල ඡායාරූප සඳහා යුරෝපානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පෘථිවි නිරීක්ෂණ වැඩසටහන යටතේ කක්ෂ ගත කල සෙන්ටිනල්-2 ඒ චන්ද්‍රිකාව යොදාගෙන තිබේ.
මෙතෙක් කාලයක් කක්ෂ ගත කර තිබෙන ලෑන්ඩ්සැට් චන්ද්‍රිකා පෙළ
Sentinel-2A චන්ද්‍රිකාව
Timelapse වැඩසටන යටතේ යම් ස්ථානයක් සොයාගැනීම,එහි ඉතිහාසය ඡායාරූප ඔස්සේ නිරීක්ෂණය කිරීම,විශාලනය කිරීම ආදිය සිදුකල හැකිය.ඔවුන්ගේ යූටියුබ් චැනලය ඔස්සේ විශේෂිත ස්ථාන සම්බන්ධව නිර්මාණය කල වීඩියෝපට නැරඹීමට පුලුවනි.අවශ්‍ය නම් Timelapse වැඩසටහන යටතේ ඔබ සලකුණු කල ස්ථානයක ඉතිහාසය ඔබේ වෙබ් අඩවියේ ඔබ්බවන්නට ඉඩ ලබාදී තිබේ.ඊට අමතරව Timelapse Tour Editor නම් අංගය ඔස්සේ ඔබට නිර්මාණාත්මක යමක් සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත.
Google Timelapse tour - Youtube
Timelapse Tour Editor
Google Timelapse වැඩසටහන විද්‍යාඥයින්,පර්යේෂකයින්,මාධ්‍යවේදීන් මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද ප්‍රයෝජනවත් අංගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.