පෙට්‍රල් ඉතුරු කරන්න ගිහින් කෙලව ගැනීම.
මුලින්ම කියන්න ඕනේ මේ නුලට මාතෘකාව ගත්තේ අරුණ47 ගේ මේ නුලෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1580525
Aruna47 ගේ අවසරය මත තමා එයාගේ මාතෘකාව ඉස්සුවේ..

අරුණගේ Thread එකේ දාලා තියෙනවා වගේ රටේ නැති ඒවා විකුනනවා පෙට්‍රල් ඉතුරු කරන්න පුළුවන් මේවගෙන් කියලා.. ඒවාගෙන් මෙන්න මේ වගේ Items තමා ප්‍රධාන..
1. කාන්දම් (Magnets)
මේවා විකුනන්නේ ඉන්ධන වල තියෙන අණු වල දිශානතිය වෙනස් කරල පෙට්‍රල් ඉතුරු කරන්න පුළුවන් විදියට පෙළ ගස්සවනවා කියලා..හැබැයි පෙට්‍රල් කියන සංයෝගය සම්පූර්ණයෙන්ම නිර්ධ්‍රැවීය සංයෝගයක්. නිර්ධ්‍රැවීය එකකට අහල පහල මොන කාන්දම තිබ්බත් වැඩක් නැහැ.. නිසා කාන්දම් එල්ලුවා කියලා වැඩක් වෙන්නේ නැහැ.. අයියෝ සල්ලි !!

2. Voltage Stabilizers
ඔන්න හිත ඇදිලා යන තව ගැජට් එකක්..මේකේ විස්තරේ ඇහුවම අනිවා හැමෝම ගන්නවා.. විකුණන උන් කියන්නේ මෙහෙම.. " වාහනේ Accelerate කරන වෙලාවට වාහනේ තියෙන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ලැබෙන වෝල්ටීයතාවය අඩු වෙනවා.. එතකොට ඔල්ටනේටරයට සිදු වෙනවා වැඩිපුර විදුලිය ලබාදෙන්න. එතකොට එන්ජිම ලෝඩ් වෙන නිසා පෙට්‍රල් කරන්නේ නැහැ. අපේ ගැජමැටික් එකෙන් එඅ වෙලාවට ඕනේ කරන අමතර විදුලි ප්‍රමාණය ලා දෙනවා එ නිසා ඔල්ටනේටරය ලෝඩ් වෙන්නේ නෑ...." ඔන්න ඔහොමයි උන් කියන්නේ.. ගොඩක් අය දැකලා ඇතිනේ ඔය ලොකු Sound System ගහපු ඒවට Capacitor එකක් දාලා තියෙනවා..එකේ සයිස් එකත් දැකලා ඇතිනේ.. වාහනේ Sound System එකේ Voltage එක stabilize කරන්න එච්චර ලොකු Capacitor එකක් ඕනේ නම් මුළු වාහනෙම Voltage Stabilize කරන්න කොච්චර විතර ලොකු Capacitor එකක් ඕනේ වෙයිද??? ඔය කියන ගැජමැටික් එකේ සයිස් ඒක දැකලා ඇතිනේ... එකෙන් පුළුවන් වෙයිද ඔය කියන වැඩේ කරන්න.
මේ වගේම තව ගැජට් එකක් එනවා Cigarette Lighter එකට ගහන්න. ඒ අනික් සුපිරි පචේ.. ඒ වගේ එකක් ගලවලා බැලුවොත් පෙනෙයි ඇතුලේ තියෙන්නේ LED වැඩ කරන්න හදපු Circuit එකක් විතරයි කියලා..
3. Vaporizers\ Mixtures
වාහනයක ඉන්ධන සහ වාතය මිශ්‍ර වෙන්නේ Intake Port, Intake Manifold ඩිසයින් එකෙන් ඇති කරන ආකුල ස්වභාවය නිසා.. ඉන්ධන සහ වාතය හොදින් මිශ්‍ර වෙනවා නම් අපේ එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඔය කියන ගැජමැටික් වලින් ඒ වැඩේ කරන්න පුළුවන්ලු.. බම්බුව තමා. වාහනයක එන්ජිමේ Design එක මත ඔය කිව්ව Turbulence උපරිමයෙන් ඇති කරන්න පුළුවන් විදියටයි හදලා තියෙන්නේ. අනික ඒ ඒ එන්ජිමේ ඕක ඇති කරන්නේ එක එක විදියට..අනික ඒ ඩිසයින් ඒක ගොඩක් සංකීර්ණ ඩිසයින් එකක්..එහෙම බැලුවම කවදාවත් හැම වාහනයටම හයි කරන්න පුළුවන් එකක් කවදාවත් හදන්න බෑ.. මේවා හයි කරාම වෙන්නේ Intake Manifold, Intake Port block වෙන ඒක.
හරි..දැන් තේරෙනවනේ ඔය ගොඩක් Devices කරන්නේ තනිකරම බොරුවක් කියලා.. දැන් බලමු ඉන්ධන එක්ක කලවම් කරන දේවල් (Fuel Additives) ගැන..සාමාන්‍යයෙන් පිළිගත්ත Fuel Additives විදියට සලකන්නේ මෙන්න මේවා.. මේවා බහුතරයක් ඉන්ධන පිරිපහදුවෙදීම එකතු කරලයි තියෙන්නේ..
1. Anti-knock Agents
මං කලින් නුලකදී Octane Rating ඒක ගැන කිව්ව..ඒ නුලට ලින්කුව මේ පොස්ටුවේ අන්තිමට තියෙනවා.. ඔන්න ඔය කිව්ව Octane Rating එක වැඩි කර ගන්න තමා Anti-Knock agents පාවිච්චි කරන්නේ.. මේකෙන් ඇත්තටම කරන්නේ එන්ජිම Knock වෙන්න තියෙන සම්භාවීතාවය අඩු කරන එක..ඒ නිසා තමයි මේවට Anti-Knock Agents කියලා කියන්නේ. මෙතැනදී මම Octane Rating එක වැඩි කරනවා කිව්වට ඇත්තටම මේවගෙන් වැඩි කරන්නේ ස්වයං-ජ්වලන උෂ්ණත්වය (Flash-Point) කියන සාධකය. හැබැයි ඉතින් Flash Point එක වැඩි කරනකොට ඉබේම Octane Rating එකත් වැඩි වෙනවා..ඒ නිසා දෙකම ඒක වගේ.. මුල් කාලේදී වැඩිපුරම ප්‍රසිද්ධ උන Anti-Knock Agent එක තමා Tetra-Ethyl-Lead කියන්නේ. කෙටියෙන් නම් TEL. නමුත් පස්සේ කාලේ පරිසර දූෂණය අවම කරන්න Catalytic Converter කියන උපාංගය හදුන්වලා දුන්න. නමුත් මේ TEL සහිත ඉන්ධන නිසා Cat Converter එකට බරපතල හානි සිදු උනා..ඒ නිසා බොහෝ යුරෝපීය රටවල අනූ ගණන් වල මුල් කාලෙදිම TEL භාවිතයෙන් ඉවත් උනා. 1999-2000 දී වගේ අපේ රටෙත් භාවිතයෙන් ඉවත් කරා. නමුත් TEL කියන්නේ බොහොම බලවත් Anti-Knock Agent එකක්..ඒ නිසා මෑතක් වෙනකනුත් Racing Fuels වලට TEL පාවිච්චි කරා. පරිසර බුවාලගෙන් ලෙඩ වැටුන නිසා Racing Field එකෙන් දැනටමත් මේවා ඉවත් කරා. ඒ වෙනුවට දැන් Iso-Octane (බහුලවම),MMT, Toluene වගේ ආදේශක පාවිච්චි කරනවා. නමුත් මම කිව්ව වගේ TEL ගොඩක් බලවත්. ඔය දැන් මුඩුක්කු ගානෙත් විකුණන අනංමනං Fuel Saving කෙහෙල්මල් වල මේ TEL අඩංගු වෙන්න පුළුවන්. එතකොට එහෙම එකක් පාවිච්චි කරාම වාහනේ Performance වැඩි වෙන්න පුළුවන්.. මං කලිනුත් කිව්ව Cat Converter එකට මෙයා සෑහෙන්න හානි කරනවා කියලා. බොහොම ඉක්මනින් TEL වලට පුළුවන් Cat Converter එකේ ක්‍රියාකාරීත්වය අඩපන කරන්න. Cat Converter එකක මිල දන්නෝ දනිති. ඒ ගාන දීල හරි ගන්න තියෙනවා නම් හිත හදාගන්න පුළුවන්. ගන්නත් නෑ. තිබ්බත් තව ඉන්දියන් බයික් එකක් ගන්න ගාන වෙනවා...
2. Oxygenates
මේවගෙන් කරන්නේ දහනයේදී අමතර Oxygen ටිකක් ලබාදෙන එක. ප්‍රධාන වශයෙන් Alcohol සංයෝග සහ Ether සංයෝග තමා පාවිච්චි කරන්නේ..හැබැයි මේවා අධික ලෙස භාවිතයෙන්Fuel System එකේ ( කොහොමත් Alcohol අපේ රටටත් හෙනයක් උන එකේ වාහන ගැන කවර කතාද ) රටේ නැති ලෙඩ ඇති වෙන්න පුළුවන්. මං කිව්ව වගේ දහනයේදී අමතර Oxygen ලබාදෙන ඒක තමා මෙයාගේ රාජකාරිය. අමතර ඔක්සිජන් කියන්නේ අමතර බලය.ඒ වගේම අඩු නොදැවුණු කාබන් ප්‍රමාණය. ඒ නිසා මේවා පාවිච්චි කරාම වාහනේ නිකන් පට්ටයි වගේ දැනෙනවා. පස්සේ කාලෙක හොයන්න බැරි ලෙඩ ආවම හරී සනීපයි.. ඒ හන්දා Form වෙන්න කියලා අනංමනං දාලා කෙලව ගන්න එපා..
3. Antioxidants
දහනය වෙන වෙලාවට ඉන්ධන සහ ස්නේහක ඔක්සිකරණය වෙලා බහුඅවයවීකරණය (මේ වචනේ ටයිප් කරාට මට තෑග්ගක් දීපල්ලා..) වෙලා ඕනේ නැති රෙද්දවල් හැදෙන ඒක නවත්තන්න තමා මේවා එකතු කරන්නේ. විශේෂයෙන් ඔය මැකැනිකල් කුරුල්ලොන්ට ගහන ඉන්ධන වලට මේවා සෑහෙන්න වැදගත්..පාරේ යන අපිට නම් වැඩිම උනොත් මග ඉන්න වෙයි. මැකැනිකල් කුරුල්ලෙක්ගේ එන්ජිම නැවතුනොත් ඉතින් අපේ වෙලාව නරක නම් අපේ ඔලුවට කඩන් වැටෙන්න පුළුවන්..
4. ඩයි වර්ග
ඩයි වර්ග කිව්වට මෙව්වට කුකුල් සායම් දාන්නේ නෑ බොලව්..ඒකටම හදපුවා තමයි දාන්නේ. එහෙම කරන්නේ සමහර නහය නැති (Anosmia හැදිච්ච උන් මං හිතන්නේ මං කිව්ව ලෙඩේ හරි..වැරදි නම් ඩොකාලා මාව නිවැරදි කරන්න..) උන් වතුර කියලා පටලවා ගන්න ඒක නවත්තන්න..
තව කීපයක් තියෙනවා..මේවට අමතරව ඔය අනික් ගැජමැටික් ගැන නම් කියන්න තියෙන්නේ ඒවගෙන් එහෙම පෙට්රෝල් ඉතුරු කරන්න පුලුවන්නම් Variable Valve Timing, Variable Valve Lift වගේ මොලේ කචල් වෙන රෙද්දවල් දාගෙන, Fail වෙවී Fail වෙවී Hybrid හදාගෙන, නටන්න ඕනේ නෑනේ නිෂ්පාදකයොන්ට. කෙලින්ම ඕව විකුණන ගෙම්බෙක්ට ඕඩරේ දීලා කන්ටේනරයක් පිටින් අරන් ගිහින් හයි කරලා එවන්න තිබ්බනේ. උන්ටත් අර පරීක්ෂනේට මේ තාක්ශනේ වැඩි දියුණු කරන්න කියලා වියදම් කරන සල්ලි ඉතුරුයි. ගජ රාමෙට තෙල් කරන වාහනයක් දෙන්න තිබ්බා සෑහෙන අඩුවට.. අපේ සාක්කුවටත් වාසියි එතකොට.. ඒ නිසා එක එකාගේ උගුල් වලට නම් අහු වෙන්න එපා..
අරුණගේ Tread එකේදී kushan_mg පෙට්‍රල් එක්ක Acetone කලවම් කරන ඒක ගැන ඇහුවා.. ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..
Acetone කියන්නේ Solvent එකක්..ඒ කිව්වේ ද්‍රාවකයක්. හරියට තිනර්,ටර්පන්ටයින් වගේ.. තිනර්, ටර්පන්ටයින් පේන්ට් කරපු හෝ නොකරපු ලෝහ මතුපිටක් උඩට වැටුනම මලකඩ කන වේගය ඔයාලා දැකලා ඇති.. Acetone උනත් එහෙමයි.. අනික Acetone වලට පුළුවන් Fuel System එකේ තියෙන මෘදු රබර් වොෂර්,සීල් වගේ දේවල් දිය කරන්න.. එතකොට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දිය කරනව කිව්වට සමහර වෙලාවට වොෂර් එකේ, සීල් එකේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්.. අනික ඕනෙම ගරාජ් එකකට ගිහින් අහන්න ඉන්ජෙක්ටර් සුද්ද කරන්න තිනර්,ටපන්ටයින් හෝ Acetone ගන්නවද කියලා.. කවදාවත් ගන්නේ නෑ.. ආයෙම කියන්න තියෙන්නේ මං දන්නා තරමින් කිසිම නිෂ්පාදකයෙක් අනුමත කරපු ද්‍රව්‍යක් නැහැ ඉන්ධන සමග මිශ්‍ර කරන්න... (2T oil ඇරුනම..) අනික් පැත්තට මං දන්න තරමින් Octane Booster ඇරුනම වෙන කිසිම අමතර ද්‍රව්‍යක් අනුමත කරලා නැහැ කිසිම ඉංජිනේරුවෙක් විසින්.. Octane Booster අපිට ඒ තරම් වැදගත් නෑ.. අපේ රටේ තියෙන 95 Octane හොදටම ඇති ඕනෙම වාහනයකට.. හැබැයි ඉතින් Race පදිනවා නම් ඕනේ වෙනවා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වෙනකල් මට කිසිම සමාගමක් අනුමත කරපු Fuel Additive එකක් ගැන අහන්න ලැබිලා නෑ.. ඒ නිසා කියන්න තියෙන්නේ වාහනේට පෙට්‍රල් , ඩීසල් ඇරුනම වෙන දේවල් දාල කෙලව ගන්න එපා කියලා.. Short term or Long term ප්‍රශ්න එන එක එනවාමයි..
ඔන්න ඕකයි කතාව.. තමන්ගේ මාතෘකාව මට දුන්න අරුණට හැමෝම Thank You කියන්න.. ගල් මුල් වලින් මට ගහන්න.. කොමෙන්ටුවක් නොදා යන උන්ගේ ඔලුවට අර කිව්ව මැකැනිකල් කුරුල්ලෙක් කඩා වැටියන් !!!!

නැත්තන් කිඹුලම කාපියව් උන්ව...
එහෙනම් අපි ගියා.. ටටා බායි...
(Petrol ඉතුරු කරන Drive කරන විදිය ගැන Thread එක ළඟදීම දානවා ඔන්න..ලැස්ති වෙලා ඉන්දපියව්...)

නැත්තන් කිඹුලම කාපියව් උන්ව...එහෙනම් අපි ගියා.. ටටා බායි...