පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    අයියෝ තෙල් ඇමති සැහෙන ගානක් සාක්කුවට දාගෙන නේද ජෙපි logic අනුව :lol:

    මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

    ඒ අනුව, රුපියල් 332ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක් ලෙස සටහන් වුණා.

    රුපියල් 307ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 283ක්.

    එමෙන්ම රුපියල් 352ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 319ක්

    එමෙන්ම රුපියල් 202ක්ව පැවති, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 183ක්

    ඔක්ටේන් 95 පෙට්‍රල් සංශෝධනය වී නොමැති අතර, එහි පැවති මිල ලෙස ලීටරයක මිල රුපියල් 377ක් ලෙස පවතිනවා.

    - https://www.hirunews.lk/383559/ඉන්ධන-මිල-පහළට
     
    • Dislike
    Reactions: haunte

    gama22

    Well-known member
  • img_1_1727593915287.jpg
     
    • Haha
    Reactions: $onny