පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි
දිගින් දිගටම පාඩුයි
අයි.ඕ.සී. පෙට්‍රල් සැපයුම සියයට 50කින් කපයි
copyright :divaina newspaper
සමන් ගමගේ
නව රජය මගින් ඉන්ධන මිල පහත දැමීම හමුවේ දිගින් දිගටම පාඩු සිදුවන බව සඳහන් කරමින් අද (5 දා) සිට තම පිරවුම්හල් සඳහා පෙට්‍රල් සැපයීම සියයට පනහකින් කපා දැමීමට ඉන්දීය ඔයිල් සමාගම තීරණය කර තිබේ.
රජය මගින් ඉන්ධන මිල පහත දැමීමේදී රජයේ දින සියය තුළ ඉන්ධන සඳහා පනවා තිබෙන බදු සංශෝධනය කර සහන සලසන බවට සඳහන් කළ ද එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බව අදාළ තීරණය දැනුම් දෙමින් ඉන්දීය ඔයිල් සමාගම සිය පිරවුම්හල් හිමියන්ට දැනුම් දී ඇත.
ඉන්දීය ඔයිල් සමාගමේ මෙම තීරණය නිසා මාසයක පෙට්‍රල් පරිභෝජන අවශ්‍යතාව හරි අඩකින් කපාදැමීම හමුවේ ඉදිරියේදී රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෙක් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බැවින් ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව පැවසීය.

හාපෝ!