ඔබත් හෝමාගම ගලවිලවත්ත ශෙඩ් එකෙන් පෙට්රල් ගැහුවද.
ඊයේ දින රාත්රීයේ (2021/08/03) මා මාගේ යතුරු පැදියට පෙට්රල් ලබාගැනීමට හෝමාගම ගලවිලවත්ත ශෙඩ් එකට (B & S auto enterprises) ගිය අතර, මා යතුරු පැදියට පෙට්රල් ලබාගත්තා. පසුව පෙට්රල් වල සුවද බැලීමේදී දැඩිලෙස භූමිතෙල් ගදක් වහනය ඌ අතර විමසීමේදී ඔවුන් පවසා සිටියේ දැන් එන පෙට්රල් වල භූමිතෙල් ගදක් එන බවයි. පසුව ශෙඩ් එකට පැමිණ පෙට්රල් ලබාගත් කීපදෙනෙක්ම විමසීම් කල අතර ඔවුන්ටද ලැබුනේ එම පිලිතුරය. අවසානනේදී 119 අමතා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගෙන්වා ගත් අතර ඔවුන්ද පැවසූයේ භූමිතෙල් මුසුවී ඇති බවකි. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා මැදිහත්ව ඒ මොහොතේ තාවකාලිකව ශෙඩ් එක වසා දැමුනු අතර, මා ශෙඩ් එකෙන් පෙට්රල් සාම්පල් එකක් සමග බිලක් ගෙන හෝමාගම පොලීසියේ පැමිනිල්ලක් දැමූවෙමි. පසුව තවත් දෙදෙනෙකු ද එයට සාක්ෂි ලෙස කට උත්තර ලබාදුන් අතර මා ලබාදුන් පෙට්රල් සාම්පලය හා බිල්පත නඩු භාණ්ඩ ලෙස සීල් තබා පොලිසිය බාරගත් අතර මා දිගින් දිගටම ඉල්ලා සිටියේ උසාවි දමා සාධාරණයක් ඉශ්ට කරන ලෙසය. එයට පොලිසිය එකග ඌ අතර ඉදිරි දිනකදී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මා තවත් දැනුවත් කලයුතු ආයතන මොනවාද.. මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවන තුරු දිගටම මේ සම්බන්ධව මා සොයාබලන අතර තවත් ආයතන දැනුවත් කලයුතු නම් එයද අනිවාර්යයෙන්ම කරමි.
ඔබත් ශෙඩ් එකකින් පෙට්රල් ගසනවානම් ගොඩක් සැලකිල්ලෙක් ඒ ගැන සොයා බලන්න. නැතිනම් වාහනයට වන හානියට වගකියන කිසිවෙකු අවසානනේදී ඉතිරි නොවනු ඇත.
ප්රදීප් ලක්ශිත. 2021/08/04

