පෙට්‍රෝල් ගහන්නෙ පරිස්සමට.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama


    ඔබත් හෝමාගම ගලවිලවත්ත ශෙඩ් එකෙන් පෙට්‍රල් ගැහුවද.

    ඊයේ දින රාත්‍රීයේ (2021/08/03) මා මාගේ යතුරු පැදියට පෙට්‍රල් ලබාගැනීමට හෝමාගම ගලවිලවත්ත ශෙඩ් එකට (B & S auto enterprises) ගිය අතර, මා යතුරු පැදියට පෙට්‍රල් ලබාගත්තා. පසුව පෙට්‍රල් වල සුවද බැලීමේදී දැඩිලෙස භූමිතෙල් ගදක් වහනය ඌ අතර විමසීමේදී ඔවුන් පවසා සිටියේ දැන් එන පෙට්‍රල් වල භූමිතෙල් ගදක් එන බවයි. පසුව ශෙඩ් එකට පැමිණ පෙට්‍රල් ලබාගත් කීපදෙනෙක්ම විමසීම් කල අතර ඔවුන්ටද ලැබුනේ එම පිලිතුරය. අවසානනේදී 119 අමතා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගෙන්වා ගත් අතර ඔවුන්ද පැවසූයේ භූමිතෙල් මුසුවී ඇති බවකි. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා මැදිහත්ව ඒ මොහොතේ තාවකාලිකව ශෙඩ් එක වසා දැමුනු අතර, මා ශෙඩ් එකෙන් පෙට්‍රල් සාම්පල් එකක් සමග බිලක් ගෙන හෝමාගම පොලීසියේ පැමිනිල්ලක් දැමූවෙමි. පසුව තවත් දෙදෙනෙකු ද එයට සාක්ෂි ලෙස කට උත්තර ලබාදුන් අතර මා ලබාදුන් පෙට්‍රල් සාම්පලය හා බිල්පත නඩු භාණ්ඩ ලෙස සීල් තබා පොලිසිය බාරගත් අතර මා දිගින් දිගටම ඉල්ලා සිටියේ උසාවි දමා සාධාරණයක් ඉශ්ට කරන ලෙසය. එයට පොලිසිය එකග ඌ අතර ඉදිරි දිනකදී උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් මා තවත් දැනුවත් කලයුතු ආයතන මොනවාද.. මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවන තුරු දිගටම මේ සම්බන්ධව මා සොයාබලන අතර තවත් ආයතන දැනුවත් කලයුතු නම් එයද අනිවාර්යයෙන්ම කරමි.

    ඔබත් ශෙඩ් එකකින් පෙට්‍රල් ගසනවානම් ගොඩක් සැලකිල්ලෙක් ඒ ගැන සොයා බලන්න. නැතිනම් වාහනයට වන හානියට වගකියන කිසිවෙකු අවසානනේදී ඉතිරි නොවනු ඇත.

    ප්‍රදීප් ලක්ශිත. 2021/08/04
     

    Attachments

    • FB_IMG_1628100607977.jpg
      FB_IMG_1628100607977.jpg
      41.3 KB · Views: 153
    • FB_IMG_1628100605871.jpg
      FB_IMG_1628100605871.jpg
      70.2 KB · Views: 150
    • FB_IMG_1628100597679.jpg
      FB_IMG_1628100597679.jpg
      46.3 KB · Views: 154

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයා තව බෝතලයක් පුරවල තියාගන්න වෙනම .කියන්න බැනේ මේක ලංකාවනේ.නැත්නම් අන්තිමට කියයි මෙච්චර කල් ගැහුවේ නරක ඒවාය දැන් තියෙන්නේ ඔරිජිනල් එක කියල
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මු පට්ට ගොනෙක්නේ. ඕක කියන්න ඕන ඛනිජ තෙල් සංස්ථාවට. කිව්වනම් සෙඩ් එකට සීල් තියනවා. සෙවනගල සෙඩ් එකකට සීල තිබ්බ එහෙම.

    වෙන ආණ්ඩුවක් කාලේ නං ඕක වෙන්න තිබ්බ දැන් ඉන්නේ වියත්මග නේ.. එකේ නිතිය ක්‍රියාත්මක කරන්නේ වැඩ කරන එකාටයි ;)

    v5iT7VH.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    මු පට්ට ගොනෙක්නේ. ඕක කියන්න ඕන ඛනිජ තෙල් සංස්ථාවට. කිව්වනම් සෙඩ් එකට සීල් තියනවා. සෙවනගල සෙඩ් එකකට සීල තිබ්බ එහෙම.
    එහෙම කියන්නේ එපා. මු අඩුම ගානේ ක්‍රියාමාර්ගයක් අරන් තියනවා නේ. අතන මෙතන කියෝ කියෝ ඉන්නේ නැතිව. පොස්ට් එකේ පැහැදිලිව දාල ටිහ්යනවා නේ කරන්න ඕන දේ කරන්න උත්සහ ගන්නවා කියලා..... මෙහෙම වැඩ වෙනවා නම් මේවා අඩු වෙයි. මේවා නවතින එක නම් නැති වෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සරහට කොහොමත් බුමී තෙල් ගහල තමා යන්න වෙන්නෙ. එක හින්දා අවුලක් ගන්න එපා.
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම ශෙඩ් එකේම ලාම්පුතෙල් විකුණන්නෙ නෑ. එහෙම ලාම්පුතෙල් විකුණන්නෙ නැති ශෙඩ් එකකින් පෙට්‍රල් ගහන්න
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    හැම ශෙඩ් එකේම ලාම්පුතෙල් විකුණන්නෙ නෑ. එහෙම ලාම්පුතෙල් විකුණන්නෙ නැති ශෙඩ් එකකින් පෙට්‍රල් ගහන්න

    How to check ??
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    How to check ??
    ඉස්සෙරලා ගිහින් අහපන් ලාම්පු තෙල් තියනවද කියලා නෑ කිව්වොත් can එකක් අරන් එන්නම් පෙට්‍රල් ටිකක් ගහන්න කියපන්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ;-)
    එත් කලවම් ද කියලා හොයන විදිහ අරුගෙන්ම අහපන් කෝකටත්......
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඉස්සෙරලා ගිහින් අහපන් ලාම්පු තෙල් තියනවද කියලා නෑ කිව්වොත් can එකක් අරන් එන්නම් පෙට්‍රල් ටිකක් ගහන්න කියපන්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ;-)
    එත් කලවම් ද කියලා හොයන විදිහ අරුගෙන්ම අහපන් කෝකටත්......
    ok
     
    • Like
    Reactions: wqe123

    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    පෙට්‍රල් වල භූමිතෙල් mix කරලද කියල හරියටම test කරන්නෙ කොහොමද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    How to check ??
    ලාම්පුතෙල් කවලම් කරන්නෙ ගොඩක් වෙලාවට ශෙඩ් එකේ එවුන්. එනිසා ලාම්පුතෙල් විකුණන්නෙ නැති ශෙඩ් එකකින් පෙට්‍රල්ගහන එක ඇඟට ගුණයි.

    ඉස්සෙරලා ගිහින් අහපන් ලාම්පු තෙල් තියනවද කියලා නෑ කිව්වොත් can එකක් අරන් එන්නම් පෙට්‍රල් ටිකක් ගහන්න කියපන්... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ;-)
    එත් කලවම් ද කියලා හොයන විදිහ අරුගෙන්ම අහපන් කෝකටත්......

    පෙට්‍රල් වල භූමිතෙල් mix කරලද කියල හරියටම test කරන්නෙ කොහොමද?
    Density test, Evaporation test, Distillation test, Chemical Marker test, Gas Chromatography මේව අපිට තනියෙම කරන්න අමාරුයි. සිපෙට්කෝ එකට කෝල් කරල පැමිණිලි කරන්න පුලුවන් මම හිතන්නෙ