පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member
  • රිප්ලයි කරන හැමෝටම ස්තුතියි..


    හැකි ඉක්මණින් ඉතිරි කොටස් කියවන්න සලස්වන්නම්.. ඇත්තටම පොතක් විදියට පල කරන්න හිතාගෙනයි මෙහෙම කතාවක් ලියන්න හිතුවේ. බලමු ඉස්සරහට.
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]රනුක්ගේ මවත්, දීපිකාත් රෝහලට වී මගබලමින් සිටියේ රනුක් පැමිණෙන තුරු ය. [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]රණවීර විසින් රනුක්ව ආපසු රැගෙන එන බව මවට දැනුම් දී තිබිණි. සිතුමි ද රෝහලේ සිටියා ය. ඇය, එදින සිදු වූ සිද්ධිය රනුක්ගේ මවට විස්තර කිරීමට පැමිණ සිටය අතර ලැබුන දුරකථන ඇමතුම නිසා ඇයද රැඳී සිටියා ය. නමුත් ඇය සිටියේ රෝහලෙන් පිටත භූමියේ ය. මේ අතරේ ඔවුන්ගේ බලාසිටීම අපතේ නොයවමින් රණවීර පැදවූ රථයෙන් රනුක්ව රැගෙන එන ලදි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නැවැත් වූ රථයෙන් බිමට බැස පසු පස අසුනට දුව ගිය රණවීර දොර ඇර රනුක්ව කොළරයෙන් අල්ලාගෙන එළියට ගත් අතර ගුරුසිංහ රනුක්ගේ අනෙක් පසින් අල්ලා ගෙන සිටියේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මාව අතෑරපල්ලා යක්කුනේ.. මට ගමනක් යන්න තියෙනවා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කෑ නොගහ හිටපන් මිනිහො.. අර උඹෙ අම්මා බලන් ඉන්නවා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අම්මා.. මට කොහෙද යකෝ අම්මෙක් ඉන්නේ.. මාව අතෑරපල්ලා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔයින් මෙයින්, වදෙන් පොරෙන් රනුක්ව රෝහලට බාර දුන් නිලධාරීන් දෙදෙනා පිටත්ව ගියේ සුව වන තුරු ඔහුව රෝහලෙන් පිට නොකරන ලෙසට ඉල්ලීමක් ද කරමිනි. ඔහුව නැවතත් කාමරයට ඇතුල් කළ පසු වෛද්‍යවරයකු විසින් මවගේ ද උපදෙස් සහිතව නිර්වින්දන මාත්‍රාවක් ලබා දුන් අතර එය සමඟ රනුක් නින්දට වැටිණි. පසුව මවත්, දීපිකාත් ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා සමඟ සිද්ධිය සාකච්ඡා කළෝ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඩොක්ටර්.. මගේ පුතාට කිසිම දෙයක් මතක නෑ. දැන් එයාව ආපහු අරන් ආපු පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නා කියපු විදියට පුතා අද හැසිරිලා තියෙන්නේ මීට කලින් කවදාවත් හැසිරිලා තියෙන විදියට නෙමෙයි. ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වෛද්‍යවරයා ඔහුට ඇසෙන තොරතුරු නිශ්ශබ්දව අසා සිටියේ රනුක්ගේ ලිපිගොනුවද පරීක්ෂා කරමිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ රිපෝර්ට්ස් බලද්දීනම් මට හිතෙන්නේ රනුක්ට වෙලා තියෙන්නේ වෙච්චි ෂොක් එකට ටෙම්පරි මෙමරි ලොස්ට් එකක්. හැබැයි ඒක අපිට මේ වෙලාවේ හරියටම කියන්න බෑ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඩොක්ටර්.. පුතාට සනීප වෙන්න කොයි තරම් කල් යාවිද‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒක තියෙන්නේ දෙවියන්නේ අතේ මිස් දිසානායක. දීපිකා දන්නවනේ මේ ගැන ආ.. අනික මේ රනුක්ගේ කේස් එකේදි මහ පුදුම හිතෙන දෙයක් තියෙනවා මට.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒ මොකක් ද ඩොක්ටර්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘බලන්න රනුක්ට වැදෙන්නේ ඔළුවටම උණ්ඩයක්. දැන් මේ එක්ස් රේ එකේ උණ්ඩය පෙන්නුම් කරනවා. මේ තියෙන්නේ.... ඒත් වැඩේ කියන්නේ එයාව පිරියඩිකලි චෙක් කරන ඩොක්ටර්ස්ලගේ ඔපීනියන් බැලුවම මෙයාගේ තුවාල සනීප වෙන්නේ අසාමාන්‍ය විදියට. ඒක.. ඒක නිකම් හාස්කමක් වගේ.. තාම සිද්ධිය වෙලා දවස් දෙක තුනයි. රනුක්ට හොඳට ඇවිදින්න, කථා කරන්න පුළුවන්.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දීපිකාත් රනුක්ගේ මවත් වෛද්‍යවරයාට හොඳින් ඇහුම් කන් දුන් හ. කථා කළේ දීපිකා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඩොක්ටර් ඒ ඔක්කොම හොඳින් වුනත් එයා අපිව හඳුනගන්නේ නෑ නේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අන්න ඒක තමයි මටත් තියෙන අවුල. හැම දේම නෝමල් වෙලා මේක විතරක් අවුල් වුනේ කොහොමද කියන එක. හැබැයි එහෙම වෙන්නත් බැරි කමක් නෑ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඩොක්ටර් ඔයාගේ අයිඩියා එක මොකක් ද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අපි තව ටිකක් බලමු මිස් දිසානායක. හැබැයි මන් එක දෙයක් දන්නවා.. දැන් රනුක්ව හොස්පිටල් එකේ තියාගෙනනම් වැඩක් වෙන්නේ නෑ. එයාට දෙන්න ට්‍රීට්මන්ට් එකක් මට නම් රෙකමන්ඩ් කරන්න බෑ.‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වෛද්‍යවරයා සමඟ කල සාකච්ඡාවෙන් පසුව දීපිකා තමන්ගේ කාමරයට පැමිණියා ය. ඇයට පෙර දිනක රාත්‍රියේ දී අවසන්වරට රනුක් සමඟ සිදු වූ හමුවීම සිහිපත් විනි. එදින සිට රනුක් ඇය සමඟ කිසිඳු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. ඒත් දැන් සියල්ල වෙනස් ව තිබේ. රනුක් ට, විශේෂඥ වෛද්‍යවරයා කියනාකාරයට අතීතය අමතකව ඇත.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒ කියන්නේ රනුක්ට කලින් වෙච්ච අමතකයි නම්, එදා නවත්තපු තැන ඉඳලා ආපහු පටන් ගන්න පුළුවන් වේවි...‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය සිතුවා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘හැම දේම වෙන්නෙ හොඳට... හ්ම් බලමු..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතරේ සිතුමි සියලු පැතුම් බොඳ වී ඇගේ නවාතැන්පලට ම පැමිණියා ය. ඇයට කාර් රථයෙන් බස්සාගෙන රෝහලට රැගෙන යන රනුක්ව සිහියට පැමිණේ. ඔහු ඇයව ගණන්ගත්තා තියා හඳුනාගත්තේවත් නැත. ඇඳ මත වාඩි වී ඇය ඔහුට පැළැන්දීමට උත්සහ කළ පළඳනාව අතට ගත්තා ය. ඇයට පෙර දින රෝහලේ දී ඔහුට කෙතරම් සිහිපත් කිරීමට උත්සාහ කලත් තමුන්ව හඳුනා නොගැනීම ද වදයකි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘රෙද්ද... දිනුක්...රනුක්... මහ ලොකු පළමු ප්‍රේමය... ඌ මන් දීපු ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එක අතේ බැඳන් ඉඳලත් මාව ගණන් ගන්නේ නෑ. ‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය, එය පසකට වීසි කළා ය. දෙදන මත හිස තබා ගත් ඈ නින්දට වැටුනා ය. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: thedigit2s

    hpalpola

    Well-known member
  • [FONT=&quot](18)[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]‘ඊයා..... දුප් බල්ලා....‘[/FONT]


    [FONT=&quot]‘මොකෝ මොකෝ මිස්....‘[/FONT]


    [FONT=&quot]‘චික් අර බලන්නකෝ බල්ලෙක් දුවනවා මේක ඇතුලේ.... කොහොමද ඌ ආවේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හෝව් හෝව්.. මිස්.. ඒ අපේ අළුත් චෙයාර්මන් සර්ගේ බල්ලා..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මොකක්...බල්ලො කොහොමද ඕයි ඔෆිස් එකට ගේන්නේ..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘හරි මිස්. සර් අදමයි ඔෆිස් ආවේ.. ටිකක් ඉවසන්නකො.. ඕකා හපන්නෙ නෑ. හුරතල් බල්ලා.. ඉන්න මන් කතා කර ගන්න..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘බිංගා.. බිංගා.. කම් හියර් සන්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘සන්..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘ඔව්.. පොඩි සර් මූට කතා කරන්නේ එහෙම තමයි..‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘මළ විකාර‘[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාර්යාල සේවකයා එහෙ මෙහෙ දුවනා බල්ලාට කතා කළ විට ඌ, ඔහු වෙත දුව ආවේ හඳුනාගෙන තිබූ නිසාවෙනි. බිංගා යනු බොක්සර් වර්ගයට අයත් බලු පැටවෙකි. අද ඌ පළමු වරට මේ විසල් ගොඩනැගිල්ලට ඇතුල් ව ඇත්තේ වරප්‍රසාද සහිතව ය. වරප්‍රසාද ලැබී ඇත්තේ ආයතනයේ ප්‍රධානියා ඌගේ අයිතිකරු වීම නිසාවෙනි. බිංගාගේ අයිතිකරුවූයේ සුප්‍රකට ව්‍යාපාරික සූර්ය කුරේරා මහතාගේ දෙවැනි පුත්‍රයා ය. කුරේරා මහතා දිවයිනේ සිටි ධනවතුන් දස දෙනාගෙන් ඉදිරියේ සිටි අයකු විය. ඔහුගේ මූලිකත්වයෙන් නොයෙකුත් ව්‍යාපාර රට පුරා ව්‍යාප්තව තිබිනි. ඉදිකිරීම්, වාහන විකිණීම, මූල්‍ය ආයතන, රක්ෂණ ව්‍යාපාරය, පෞද්ගලික රෝහල්, වතු වගා ආදී නොයෙකුත් අංශ හරහා මේ ව්‍යාපාර විහිදී තිබිණි. ඔහුට දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් පුත්‍රයා චන්ද්‍ර කුරේරා විය. බිංගාගේ හිමිකරු වන දෙවන පුත්‍රයා තාරක කුරේරා විය. සූර්ය කුරේරා සහ සමාන ලක්ෂණ පෙන්වූයේ වැඩිමල් පුත්‍රයා පමණි. ඔහු සෑම ව්‍යාපාරයක්ම දියුණුවට ගෙන යෑමට නොයකුත් සැලසුම් සහිතව ඉදිරිපත්ව සිටියේ ය. තාරක සෙල්ලමින් කල් ගත කලේ ය. නමුත් ඔහුටත් ව්‍යාපාරික ඥානය ජානවලින්ම පැමිණ තිබිණි. ඔහුට නොයෙක් ආකාරයේ මිතුරන් විය. පියාගේ මුදල් ඒ යාළුවන්ට ඔහු වියදම් කළේ ය. තාරකගේ හොඳම යාළුවන් වූයේ ජනිත් වික්‍රමසිංහත්, රංගන දිසානායකත් ය. ජනිත් වික්‍රමසිංහ ගායකයෙකි. ජනප්‍රිය ගායකයෙකි. රංගන දිසානායක සිවිල් ඉංජිනේරුවරයෙකි. දෙදෙනාම තමුන්ගේ ජීවිතවල ඉහළ මට්ටමක සිටි අය ය. තාරක, ජනිත් සහ රංගන අනෙක් මිතුරන් හැඳින්වූයේ රජ තුන්කට්ටුව ලෙසිනි. මේ යහළුවන් සමඟ තාරක ගෙවන ජීවිතය ඔහුගේ පියාගේ මෙන්ම සොයුරාගේ දෝෂ දර්ශනයට ලක්විය. පසුගිය දිනක මේ තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්වූයේ යම් පුද්ගලයකුට දුරකථන ඇමතුම් දී වද කිරීමක් නිසාවෙනි. එදා පොලිස් අත්අඩංගුවට පත්වූ තිදෙනා ගොඩින් බේරා ගත්තේ තාරකගේ සොයුරා විසිනි. නිවසට පැමිණි පසු ලුණු ඇඹුල් සහිතව දේශනයට සවන් දීමට ඔහුට හැකියාව ලැබිණි. පසුව සූර්යත් චන්ද්‍රත් සාකච්ඡා කොට ඔවුන් සතුව තිබූ ‘[/FONT][FONT=&quot]SIA[/FONT][FONT=&quot]‘ සමාගම තාරකට පැවරීමට තීරණය කළේ ය. එය රක්ෂණ සමාගමක් වූ අතර අවුරුදු 20 ක පමණ අතීතයක් හිමිව තිබූවක් ද විය. සමාගමේ සභාපතීත්වය තමුන්ට පැවරීම සමඟ තාරක මහත් ප්‍රීතියට පත් වූවේ ය. ඒ අනුව ඔහු සේවයට වාර්තා කළේ ය. කෙසේවෙතත් නව තනතුරේ වැඩ කිරීම කෙසේදැයි ඔහු දැන සිටියේ නැත. ඒ ඔහුට ඒ පිළිබඳව කිසිඳු අත්දැකීමක් නොතිබූ නිසාවෙනි. සේවයට පැමිණෙන විට ඇති වූ බියමුසු හැඟීම නැති කර ගැනීමට තාරක කලේ ඔහුගේ සුරතලා වන බිංගා ද ඔහු සමඟ රැගෙන ඒමයි. නමුත් ලිපිගොනුවලට යොමු වූ ඔහුට බිංගා ගැන අමතක විය.
    [/FONT]



    [FONT=&quot]එදා තාරක සභාපති නිලකාමරයේ වැඩ කරමින් සිටිනා විට ලද දුරකථන ඇමතුමකින් කියැවුනේ ඔහුගේ සමාගම, ලබාගෙන ඇති අයිරා පහසුකම් පවා ගෙවා ගැනීමට නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. පසුව ඔහු විධායක නිලධාරියකු වන සරත් දිසානායක අමතා ඒ පිළිබඳව තොරතුරු විමසුවේ ය. එහිදී ඔහුට දැන ගැනීමට ලැබුනේ, පසුගිය අවුරුදු කීපය තුළ මේ රක්ෂණ සමාගම නිසි ලෙසින් පරිපාලනය වී නොමැති බවයි. කොටින්ම එය නමට පමණක් ක්‍රියාත්මක වූ සමාගමක් බවට පත්ව තිබිණි. සේවක පඩි නඩි පවා බේරා ඇත්තේ ව්‍යාපාර ජාලයට අයත් අනෙක් ව්‍යාපාරයන්ගෙන් මුදල් ලබා ගෙන ය. තොරතුරු දැනගත් පසු තාරකට තම පියා සහ අයියා පිළිබඳව ඇති වූයේ කියා ගැනීමට නොහැකි තරමේ කේන්තියකි. එසේම දුකකි. ඔවුන් සිදු කර තිබුනේ ගිලෙන්න යන බෝට්ටුවේ කපිතාන් තනතුරට තමන්ව පත් කිරීම බව ඔහුගේ අදහස විය. ගිලෙන බෝට්ටුවට මීයකුවත් නගින්නේ නැත. රක්ෂණාවරණ ලබා ගැනීම සිදු නොවන විට ආයතනයෙන් ලාභ නොලැබෙයි. එසේම ගෙවන්නට සිදුව ඇති ප්‍රතිලාභ ප්‍රමාණය, ආදායම් ඉක්මවා ගොස් ඇත. මේ සියල්ල සමඟ ඔහුට හැඬිනි. කෙසේවෙතත් මේ පිළිබඳව පියා හෝ සොයුරා සමඟ තර්ක කිරීමෙන් පලක් නොමැති බව තාරක තේරුම් ගත්තේ මව අහිමිවූ පසු අවුරුදු විස්සකටත් වඩා ඔහු ජීවත්වූයේ ඔවුන් දෙදෙනා සමඟ නිසාවෙනි. ළිඳට වැටුණු මිනිසා ගොඩ ආ යුත්තේ ළිං කටෙන්ම ය. ඔහු කෙසේ හෝ තමුන් භාරයේ ඇති සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඉටා ගත්තේ ය. ඒ සඳහා හවුල් කර ගත යුතු විශේෂ තැනැත්තකු පිළිබඳව රූපය ඔහුගේ සිහියේ ඇඳී තිබේ. ඒ ඔහුට මෑතකදී හමු වූ විශේෂ තරුණියකි. ඔව්... ඇය ව්‍යාපාරය සහ සම්බන්ධ වුවහොත් ලාභ ලැබීමේ පොටක් පාදා ගත හැකි බව ඔහුගේ අදහස විය.
    [/FONT]



    [FONT=&quot]************
    [/FONT]


    [FONT=&quot]කල්පනාවේ පැමිණි සිතුමි බෝඩිං කාමරයට ලං වූවා පමණි. සාක්කුවේ තිබූ දුරකථනය නාද විය. ඇය ඊට ප්‍රතිචාර දැක්වූවා ය.
    [/FONT]



    [FONT=&quot]‘හෙලෝ..‘[/FONT]


    [FONT=&quot]‘මොකක්... රිසිට් එකක් දෙන්න කියන්නේ හරි වැඩක් නේ. මන් සල්ලි ගත්තැයි‘[/FONT]


    [FONT=&quot]‘තාත්තා... මට කොහෙද තාත්තෙක්..‘[/FONT]


    [FONT=&quot]ඇගේ මුහුණ කෝපයෙන් වියරු වැටිණි. ‘තිරිසනා.‘ ඇය වහාම ආපසු පිටත්ව ගියාය. ඇයට ඇමතුම පැමිණියේ මුදල් පොළියට දෙන කාන්තාවකගෙනි. ඇගේ බෝඩිං කාමරයේ හිමිකාරිය වූයේ මේ කාන්තාවය. පියා මිය ගිය පසු සිතුමිගේ අම්මා, ජීවත් වූයේ පසුව ඇගේ ජීවිතයට පැමිණි බාප්පා සමඟිනි. මේ බාප්පා කිසිවිටක සිතුමිගේ සිත ගත්තේ නැත. බාප්පා නිසා ඇය තවදුරටත් මවගේ ජීවිතයෙන් ඈත් විය. ඔහු හරි හමන් රස්සාවක් නො කරන්නේ වුවද සූදු ක්‍රීඩාව ජීවිතය කර ගෙන ඇත්තෙකි. අවස්ථා කීපයකදීම සිතුමිගේ නම විකුණා මුදල් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත. මෙවරද සිදුව ඇත්තේ එයයි. ඔහු ඇගේ බෝඩිං කාමරය අයිති කාන්තාවගෙන් ඇය කියූවා යැයි කියා මුදල් ලබා ගෙන තිබේ. බස් රථයට නැගි සිතුමි පැමිණියේ ඔහුත්, ඇගේ මවත් වාසය කරනා නිවසට ය. ඇය පැමිණෙන විටත් නිවසේ දොර වසා තිබිණි. ඇය පැමිණ දොරට ගසමින් ඔහුගේ නම කියමින් කෑ ගසන්නට විය. නමුත් දොර නම් ඇරුණේ නැත. මේ අතරේ ඇයට පසුපසින් කටහඬක් ඇසිණි.[/FONT]


    [FONT=&quot]‘ගෙදර කව්රුත් නෑ.‘[/FONT]


    [FONT=&quot]ආපසු හැරී බැලූ ඇය දුටුවේ අයිස් කෝනයක් පෙරේත කමින් කමින් සිටිනා බකතරි කුඩා කොල්ලෙකි. ඇය ඔහුව හඳුනා ගත්තා ය. මේ ඇගේ වමගේ දෙවැනි කසාදයේ දරුවායි. ඇයට ඔහු මල්ලී ය.[/FONT]


    [FONT=&quot]‘ඇයි කොහේද මේ ගෙදර මිනිස්සු ගිහින් ඉන්නේ..‘[/FONT]


    [FONT=&quot]‘මන් දන්නෙ කොහොමද, හැමදාම ඔහොම තමයි. අම්මනම් .. හොස්පිට්ල් එකේ ඇති.‘[/FONT]


    [FONT=&quot]‘මේ අහනවා, යතුර තියෙනවාද ගෙදර‘[/FONT]


    [FONT=&quot]‘ඔව් ඇයි...‘[/FONT]


    [FONT=&quot]‘එහෙනම් මේක අරිනවා.. තමුසෙගෙ මහලොකු තාත්තා මගේ සල්ලි හොරකම් කරලා තියෙනවා. මට හොයා ගන්න ඕනා... දොර අරිනවා.‘[/FONT]


    [FONT=&quot]සිතුමිගේ සහෝදරයාට ඇයත්, ඔහුගේ මව සහ පියාත් අතර ඇති ආරවුල ගැන දැනුමක් නොතිබුනත්, ඇය ඔහුගේ සහෝදරිය බවට වැටහීමක් තිබිණි. ඔහු ඇයට ආදරය කළේ ය. මල්පෝච්චියක් යට සඟවා තිබූ යතුර ගෙන දොර ඇර දුන්නේ එහෙයිනි. නිවසට ඇතුල් වූ සිතුමි තිබූ එකම කාමරය පුරා සෙවීමේ මෙහෙයුමක් දියත් කළේ තමන්ගේ නම විකුණා ලබා ගත් මුදල් සෙවීමට ය. ඇය කරනා කාර්යය බකතරියා බිම වාඩි වී බලා සිටියේ ලොසින්ජරයක් හපමිනි. අසුමුලු අතරේ සොයා බැලීම් කළ ඇයට අල්මාරිය යට කෙලවරක වැටී ඇති පත්තර කොළයකින් ඔතා ඇති පාර්සලයක් පෙනිනි. කොස්සේ මිටෙන් එය පිටතට ඇදගත් ඈ එය විවෘත කර බැලුවාය. එහි තිබුනේ පොලිස් නිලධාරියකුගේ අංකයත්, බඳපටියත්, මුදල් පසුම්බියත්, සාක්කු පොතකුත් ය. ඇය, දුටු විගසම ඒවා තමන්ගේ පියාගේ බව හඳුනා ගත්තා ය.
    [/FONT]



    [FONT=&quot]‘ඕවා.. මම තමයි ඔතනට විසි කළේ..‘[/FONT]


    [FONT=&quot]‘තමුසේ.... ඇයි තමුසේ මේ ටික මෙහෙම විසි කරලා දැම්මේ...‘[/FONT]


    [FONT=&quot]‘මන් දන්නෙ නෑ අක්කේ.. අම්මා සමහරක් වෙලාවට ඕවා අතේ තියන් අඬනවා.. මන් කැමති නෑ අම්මා අඬනවාට. ඉතින් මන් ඔය ටික පත්තර පිටුවක ඔතලා ඔතන හැංගුවා...‘[/FONT]


    [FONT=&quot]‘විකාර‘[/FONT]


    [FONT=&quot]ඇය මුදල් පසුම්බිය විවර කර පරීක්ෂා කළා ය. විවෘත කළ විටම පෙනෙන්නේ ඇයව උකුලේ තබා ගෙන සිටින ඇගේ පියාගේ ඡායාරූපයකි. ඇයට එය දුටු විගස ම කඳුළු ගලන්නට විය. ඊට යටින් ඇය මැදි කර ගෙන මවත් පියාත් සිටිනා ඡායාරූපයකි. ඇය මෙන්ම දෙමාපියන් ද සිනහසෙමින් එහි සිටිනු දැකිය හැක. පසුම්බිය තුළ තිබී ඇයට නවා දමා තිබූ කොළ කැබැල්ලක් හමු විනි. එය පරීක්ෂා කළ ඇගේ ඇස් පුළුල් විය. එය අපිරිසිඳු අත් අකුරින් ලියා තිබූ පණිවිඩයකි. ඇය එය කියැවූවා ය.[/FONT]


    [FONT=&quot]‘ඔයාගේ මහත්තයා කකුල ලිස්සලා වැටුනා නෙමේ.. එතැන වුනේ මිනීමැරුමක්. මා ළඟ ඒකට සාක්ෂි තියෙනවා. ඔයා සාක්ෂි එක්ක විස්තර දැන ගන්න කැමැති නම් 21 වැනිදා හවස 3 ට ගලේ පන්සලට එන්න. හැබැයි තනියම.‘[/FONT]


    [FONT=&quot]‘මිනීමැරුමක්....‘ ඇය තමන්ටම කියා ගත්තා ය.[/FONT]


    [FONT=&quot]පියාගේ මරණය සිදුවූ දිනය ඇයට මතක ය. එවිට ඇය හුරතල් දැරියකි. ඇය සෙල්ලම් කර නිවසට පැමිණෙන විට ඇගේ පියා රාජකාරියට පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියේ ය. ඔහු සපත්තුවේ ලේස් ගැටගසමින් සිටියේ ය. එදා ඇය ඔහුගේ වටේ සෙලෙවෙමින් තිබූ සෙවණැල්ල දුටුවා ය.
    [/FONT]



    [FONT=&quot]‘තාත්තා... තාත්තා කොහේද යන්න හදන්නේ...‘[/FONT]


    [FONT=&quot]‘මන් වැඩට යන්න හදන්නේ මගේ දූ..‘[/FONT]


    [FONT=&quot]‘අනේ තාත්තා අද යන්න එපා..‘[/FONT]


    [FONT=&quot]‘ඇයි රත්තරනේ..‘[/FONT]


    [FONT=&quot]‘තාත්තා... ඔයාගේ ලඟ හෙවණැල්ල තියෙනවා මට පේනවා..‘[/FONT]


    [FONT=&quot]ඔහු ඇගේ මුහුණ ආදරයෙන් අතගෑවාය.
    [/FONT]



    [FONT=&quot]‘ඒත් මන් අද යන්නම ඕනා දුව.. මේ අහන්නකො.. අඬන්නෙ නැතුව හොඳ දූ වගේ මට බලලා කියන්නේ දූට පේන විදියට මන් මැරෙන්නේ කොහොමද කියලා..‘[/FONT]


    [FONT=&quot]‘අනේ...‘[/FONT]


    [FONT=&quot]‘කියන්නකො මගේ දූ..‘[/FONT]


    [FONT=&quot]ඇය පියාට දැක්වූයේ පුදුම ආදරයකි. ඔහු කියන්නේ කුමක් ද එය ඇය කලා ය. සිතුමි ඇගේ සිඟිති අත්වලින් සෙවණැල්ල හරහා පියාගේ හිස ඇල්ලුවා ය. ඇයට දක්නට ලැබුනේ උස ස්ථානයකින් ඇගේ පියා බිමට වැටෙන ආකාරයයි. නමුත් ඔහු වැටුනේ යම් පුද්ගලයකු විසින් තල්ලු කිරීම හේතුවෙනි. ඒ තැනැත්තා තොප්පියක් පැළඳ සිටි අතර එයින් ඔහුගේ මුහුණ වැසී තිබිණි. නමුත් ඔහු පියාව අල්ලා ගෙන සිටිනා විට ඔහුගේ අතේ පිටිඅල්ල ඇයට දක්නට ලැබිණි. එහි තිබූ පච්චය ඇයට හොඳින් පෙනිනි. නමුත් උඩින් බිමට වැටුණු පියාගේ රුව දුටු ඇය කෑ ගසා ඇඬුවා ය.
    [/FONT]



    [FONT=&quot]‘අඬන්න එපා රත්තරන්.. කියන්න ඔයා මොනාද දැක්කේ..‘[/FONT]


    [FONT=&quot]පියා ඇගෙන් ඇසුවේ ඇගේ කම්මුල් ඔහුගේ දෑතට මැදි කරවා ගෙනය.[/FONT]


    [FONT=&quot]‘මන් දැක්කා තාත්තාව කව්ද මිනිහෙක් උඩකින් පහළට තල්ලු කරනවා.. ‘[/FONT]


    [FONT=&quot]‘දූ ඒ මිනිහාව දැක්ක ද‘[/FONT]


    [FONT=&quot]‘නෑ.. ඒ මිනිහා දාගෙන ඉන්න තොප්පිය නිසා පේන්නේ නෑ..හැබැයි ඒ මිනිහාගේ අතේ පිටි අල්ලෙ පච්චයක් කොටලා [/FONT][FONT=&quot][FONT=&quot]තිබ්බා[/FONT]..‘[/FONT]


    [FONT=&quot]දුටු දේ ඇය පියාට විස්තර කළේ එලෙසිනි.
    [/FONT]



    [FONT=&quot]‘හ්ම්..‘
    [/FONT]



    [FONT=&quot]ඔහු නැගී සිටියේ ය.[/FONT]


    [FONT=&quot]‘යන්න එපා තාත්තේ... අනේ තාත්තා යන්න එපා..‘[/FONT]


    [FONT=&quot]‘මේ බලන්න දූ.. දූ ඒ මිනිහාව දැක්කානේ.. මන් ඉක්මණින්නම අතේ පච්චයක් ගහලා තියෙන මිනිහාව අල්ලා ගන්නම්.. එතකොට ඒ මිනිහාට මාව මරන්න බෑනේ.. මන් එනකම් දූ පරිස්සමින් ඉන්න...‘[/FONT]


    [FONT=&quot]ඔහු ඇයගේ හිස අත ගා නලල ඉම්බා ය.[/FONT]


    [FONT=&quot]‘මට අද නවතින්න බෑ දූ.. තාත්තා යන්නම ඕනා..‘[/FONT]


    [FONT=&quot]ඇය හඬමින් සිටියදී ඔහු පිටව ගියේ ය. ඇයද ඔහු පසුපස දුව ගිය නමුත්, කාර් රථයේ නැගී ගිය ඔහුව ඇයට අල්ලා ගැනීමට නොහැකි විය. පසුව එදිනම සැන්දෑවරුවේ ඔහුගේ මරණය පිළිබඳව ඇයටත් මවටත් ආරංචිය ලැබුණි. ඇයව එම ස්ථානයට රැගෙන නො ගියත්, ඇය බලහත්කාරයෙන් සහ සොරෙන් එහි ගමන් කළාය. ඇයට පියාගේ සිරුර අසලට යෑමට නොහැකි විය. එය ඉටි කොළයකින් වසා තිබිණි. ඇගේ පියා සමඟ එක්ව සේවය කළ, ඇය හඳුනන උප පොලිස් පරීක්ෂකවරයකු වන රණවීර ඇයව අස්වසාලූවේ ය. කෙසේවෙතත් ඇය හඬමින් රැස්ව සිටි පිරිස වෙත දෙනෙත් යොමු කරද්දී තොප්පියක් පැළඳ සිටිනා තැනැත්තකු දුටුවා ය. පසුව ඔහුගේ අත දෙස බැලූ විට ඇය උදයේ දුටු පච්චය ද දුටුවා ය. ඇය කෑ ගසන්නට විය.[/FONT]


    [FONT=&quot]‘තාත්තාව තල්ලු කල කෙනා ඉන්නවා අංකල්.. අනේ අර අතන ඉන්නවා.. එයාව අල්ලා ගන්න..‘
    [/FONT]



    [FONT=&quot]‘කෝ කොහේද දූ. ඉක්මණට පෙන්වන්න..‘[/FONT]


    [FONT=&quot]‘අර අතන පිටිපස්සේ...‘[/FONT]


    [FONT=&quot]ඇය පෙන්වූ දෙස රණවීර බැලූවත් එහි ඇය කියනාකාරයේ කිසිවෙකු සිටියේ නැත. ඇයටද ආපසු තොප්පිය පැළඳි තැනැත්තා දැකීමට නොහැකි වූවාය.
    [/FONT]



    [FONT=&quot]කොළ කැබැල්ල අතේ තබා ගෙන සිටි සිතුමිට පසුගිය මතකය ආවර්ජනය විනි. එය මිනීමැරමකි. වසර ගණනක් ඈතට දුව ගිය මිනීමැරමකි.
    [/FONT]



    [FONT=&quot]‘බතලයො.. කියනවා අම්මා දැන් කොහේද ඉන්නේ..‘[/FONT]


    [FONT=&quot]********[/FONT]


    [FONT=&quot]මව සිටිනා රෝහලට සිතුමි පැමිණෙන විටත් ඇය එක් වාට්ටුවක පිරිසිඳු කිරීමේ කාර්යයක යෙදී සිටියා ය.
    [/FONT]



    [FONT=&quot]‘අම්මේ... මට ඔයාට කතා කරන්න ඕනා..‘[/FONT]


    [FONT=&quot]‘මට ඔයත් එක්ක කතාවක් නෑ..‘[/FONT]


    [FONT=&quot]‘මේ අහන්න.. මන් මෙතන කෑ ගහන්න කලින් ඔයා එනවාද එළියට නැත්නම් මෙතන ම කතා කරමුද‘[/FONT]


    [FONT=&quot]ටික වේලාවක් සිතුමි දෙස බලා සිටි ඇය වාට්ටුවෙන් පිටව ගියා ය. සිතුමිද ඇය පසුපස වැටිනි. ඇය ගමන් කර නැවතුනේ වැරැන්ඩාවේ ය. එහි කිසිවෙකුත් නැත. ඔවුන් දෙදෙනාට කතා බහට ප්‍රමාණවත් ඉඩ එහි තිබිණි.
    [/FONT]



    [FONT=&quot]‘අම්මා මට ඔයා එක්ක වැඩි කතාවක් නෑ.. මට දැන ගන්න ඕනා මෙන්න මේක ගැන.‘[/FONT]


    [FONT=&quot]ඇය මවට කොළය පෙන්වූවාය. එය දෙස එතරම් වුවමනාවකින් මව නොබැලීම ගැන සිතුමිට ඇතිවූයේ කෝපයකි.
    [/FONT]



    [FONT=&quot]‘තාත්තා මැරුනේ නෑ, කව්රුහරි මැරුවා කියලා මන් එදා කෑ ගහලා කියද්දීත් කවුරුවත් මාව විශ්වාස කළේ නෑ. හැමෝම කිව්වේ තාත්තා කකුල ලෙස්සලා උඩින් වැටිලා මැරුණා කියලා.. ඔයත් ඒකමයි කිව්වේ.. ඒත් මේ කොලේ ලියලා තියෙනවා ඒක එහෙම නෙමෙයි කියලා.‘[/FONT]


    [FONT=&quot]‘ඉතින්...‘[/FONT]


    [FONT=&quot]‘ඉතින් අහන්නේ, ඔහේ හොයලා බැලුවේ නැද්ද මේක ගැන. මේ මිනිහාට කෝල් එකක්වත් ගත්තේ නැද්ද?‘[/FONT]


    [FONT=&quot]‘මන් මොකටද හොයන්නේ..‘[/FONT]


    [FONT=&quot]‘ඒක හරි කතාවක්නේ.. මගේ තාත්තා ඔයාගේ මහත්තයා.. ඒ මනුස්සයා තිරිසන් විදියට මරා දැම්මාම ඒ ඇයි කියලා හොයන්න ඔයාට ඕනා වූනේ නැද්ද...‘[/FONT]


    [FONT=&quot]‘නෑ මට වුවමනා වුනේ නෑ.. අනික හරි හෙව්වා කියමුකෝ.. ඒ මැරුණ කෙනා ආපහු එනවාද ඒකෙන්...‘[/FONT]


    [FONT=&quot]‘මැරුණ කෙනා ආයිත් නොආවට, අපිට මිනීමරුවාව වත අල්ලා ගන්න තිබුනා අම්මේ..‘[/FONT]


    [FONT=&quot]‘මොකක්ද ඒකෙන් ඇති වැඩේ.. මන් දැනන් හිටියා එදා එයා මැරෙනවා කියලා. ඉතින් මට එයා මැරුණත් එකයි, මැරුවත් එකයි.. ඒකෙන් වෙනසක් වෙන්නේ නෑ..‘[/FONT]


    [FONT=&quot]මවගේ අනුකම්පා විරහිත වාග් ප්‍රහාරයන් අතරේ සිතුමිගේ කඳුළු දෝර ගලන්නට විය.[/FONT]


    [FONT=&quot]‘මොකක් ද ඒ කතාව.. ඔයා දැනන් හිටියා තාත්තා එදා මැරෙනවා කියලා? ඇය එහෙනම් එයාව නැවැත්තුවේ නැත්තේ..‘[/FONT]


    [FONT=&quot]‘සිතුමි ඒක උඹට වැඩක් නෑ.. ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ..‘[/FONT]


    [FONT=&quot]‘නවත්තන්න බෑ කියන්නේ .... මට හිතාගතෑකි.. එහෙනම් එතකොටත් ඔහේට මේ බාප්පා කියන තිරිසනා හම්බවෙලා ඉන්න ඇත්තේ..‘[/FONT]


    [FONT=&quot]‘සිතුමි....‘ කෝපයෙන් කෑ ගැසූ සිතුමිගේ මව වේගවත් අතුල් පහරක් සිතුමිගේ මුහුණට එල්ල කළාය.[/FONT]


    [FONT=&quot]දෙදෙනාම හඬයි...[/FONT]


    [FONT=&quot]‘මට ගැහුවට ඇත්ත ඒක තමයි අම්මේ..‘[/FONT]


    [FONT=&quot]‘වැරදියි... හැම දේම වැරදියි.. ‘[/FONT]


    [FONT=&quot]‘මොකක් ද වරද කියනවා මොකක් ද වරද‘[/FONT]


    [FONT=&quot]‘උඹගේ තාත්තා හම්බවෙච්ච එකේ ඉඳන් ම වැරදියි.. ලොකුම වරද මන් ආදරේ කරපු එක.. ඊටත් වඩා වරදක් ඒ තාත්තාට දාව උඹව උපද්දපු එක‘
    [/FONT]



    [FONT=&quot]සිතුමිගේ මව වේදනාවෙන් හඬමින් කතා කරයි. සිතුමි ද හඬයි. ඇය මින් පෙර ඇගේ මව මෙයාකාරයෙන් කතා කරනවා අසා නැත.
    [/FONT]



    [FONT=&quot]‘කරුණාකරලා මෙතැනින් පලයන් දුවේ... මෙතැනින් පලයන්..‘[/FONT]


    [FONT=&quot]‘ඔව් මන් යනවා යනවා තමයි... තමුසෙගෙයි මගෙයි සම්බන්ධයක් නෑ තවත්‘[/FONT]


    [FONT=&quot]තර්ජනාත්මකව මවට පැවසූ සිතුමි පිටව ගියා ය.[/FONT]


    [FONT=&quot]‘පලයන් උඹත් පලයන්.. තාත්තා ගිය ලෝකෙටම පලයන්...‘[/FONT]


    [FONT=&quot]මවගෙන් මිදී මාර්ගයට පැමිණි සිතුමිට කරන්නේ කුමක්දැයි අවබෝධයක් නො තිබිණි. ඇගේ මව මෙසේ මින් පෙර කතා කර නැත. ඇය කියා සිටිනා ආකාරයට එදා පියා මියයන්නට නියමිත වී තිබේ. එයින් කියන්නේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබුනා කියා නොවේ ද? මේ කොළය ඒ බව සනාථ කිරීමට සාක්ෂියකි. මෙයට අනුව නම් පියා මියගොස් නැත, මරා දමා තිබේ. මාර්ගයේ ගමන් කරමින් යන ඇය පොලිස් ස්ථානය අසල නැවතුනා ය.
    [/FONT]



    [FONT=&quot]‘ඔව් මන් තාත්තාව මරපු එකා හොයා ගන්නවා...‘[/FONT]
     

    hpalpola

    Well-known member
  • [FONT=&quot]සිතුමිව පොලිස් නිලධාරියකු විසින් බලහත්කාරයෙන් මෙන් ගොඩනැගිල්ලෙන් පිටතට රැගෙන එන ලදි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මන් නිකන් ඉන්නේ නෑ, නඩු දානවා රාලහාමි. අපිට පැමිණිල්ලක් දාන්න බැරි පොලිසියකින් ඇති වැඩේ මොකක් ද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මිස් තේරුම් ගන්නේ නෑ නේ.. අපි ඇවිල්ලා මිනිස්සු හොයලා දෙන වැඩ කරන්නේ නෑ. දැන් කී සැරයක් කිව්වා ද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි බලා සිටිද්දී පොලිස් නිලධාරියා ආපසු පිටව ගියේ ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය පොලිස් ස්ථානයට ගියේ ඇගේ පියාගේ මිනීමැරුම පිළිබඳව දන්නා තැනැත්තා සොයා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට ඇය බලාපොරොත්තු විය. පොලිස් දෙපාර්තමේන්තුව එවැනි ආයතනයක් නොවේ. එනිසා ඇයට බලාපොරොත්තු වූ සහනය ඉන් නොලැබිණි. නමුත් ඇය දිගින් දිගටම පොලිස් නිලධාරීන්ට වදයක් වූ නිසා ඇයව නෙරපීමට නිලධාරීන් කටයුතු කරන ලදි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ම් ම් ... රනුක්....ඔව් මේ වෙලාවේ මට උදව් කරන්න පුළුවන් එකම කෙනා රනුක් තමයි.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය ඉක්මණින් රනුක් නතර කර තිබූ රෝහල බලා පිටත්ව ගියාය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රෝහලට පැමිණි ඇය පිලිගැනීමේ කවුන්ටරයෙන් ඔහු ගැන විස්තර විමසූ අවස්ථාවේ දි දැනගැනීමට ලැබුනේ ඇය පැමිණීමට පැයකට පමණ පෙර ඔහුව රෝහලෙන් මුදා හැර ඇති බවයි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මිස් මට ඒ පේෂන්ට්ගේ එඩ්‍රස් එකක් ගන්න පුළුවන්ද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය පිළිගැනීමේ කවුන්ටරයේ සිටි නිලධාරිනියකගෙන් ඇසුවේ වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසාවෙනි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘සොරි මිස්. අපේ පේෂන්ට්ලාගේ පර්සනල් ඩීටේල්ස් අපි පිටට දෙන්නේ නෑ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි රෝහලෙන් පිටතට පැමිණ කල්පනා කළේ රනුක්ව හොයා ගන්නේ කෙලෙසින් ද යන්නයි. ඇයට එක්වරම සිහිපත් වූයේ ඇය විසින් පාසැල් සමයේ දී දිනුක්ට ලිපි යැවු බවය. දිනුක් පාසැලෙන් අස්වී යද්දී ඔහුගේ නිවසේ ලිපිනය ඇයට ලබා දී තිබුනි. මේ ඉන්නේ රනුක් වුවත්, ඔහු දිනුක් බව සිතුමි විශ්වාස කළාය. එසේනම් ඔහු තවමත් ඇත්තේ ඒ ලිපිනයේ විය හැක.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව් දැන් වෙන කරන්න දෙයක් නෑ. ඒ එඩ්‍රස් එකට ගිහින් බලනවා. එතන හිටියොත් හරි.. ඒත් කෝ එඩ්‍රස් එක..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය කල්පනා කළා ය. ඇයට සිහිපත් විනි. කුලී රථයකට අත දිගු කළ ඇය එහි නැගී බෝඩිං කාමරයට පැමිණියා ය. ඇය යතුරු කටට යතුර ඇතුල් කලද එය ඇතුල් කිරීමට නොහැකිවීම නිසාවෙන් පරීක්ෂා කිරීමේ දී දුටුවේ තවත් යතුරක් දොරේ අනෙක් පසින් ඇතුල් කොට ඇති බවයි. ඇය තල්ලු කොට දොර ඇරියේ ය. නිවසේ බඩු එහා මෙහා කර තිබූ ආකාරය ඇය දුටු අතර ඒ වන විටත් ඇතුල් වූ තැනැත්තා නිවස තුල සිටිනා බව ඇසෙනා ශබ්දවලින් ඇය වටහා ගත්තා ය. ඇතුල් ව සොයා බැලීමේ දී ඇය දුටුවේ එක් තැනැත්තකු බාස්කට්, පෙට්ටි අවුස්සමින් සිටිනා යුරු ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒයි කව්ද උඹ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ආ පුංචි නෝනා... ආවද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘උඹ මොකක්ද මිනිහෝ කරන්නේ....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි කෝපයෙන් වියරු වැටුනා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඉවසපන් කෙල්ලේ.... මන් මේක ගත්තා....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ඔහුගේ අතේ තිබූ පාර්සලයක් ඇයට පෙන්වුවේ ය.[/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ.. මගේ සල්ලි ටික තියන්න..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු පාර්සලය විවෘත කරමින් ඇය අසලට පැමිණියේ සිනහ සෙමිනි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහනවා. මට මේ සල්ලි ටික දෙනවා. මන් මේක ඩබල් කරලා ගෙනැල්ලා දෙන්නම්..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ ඕක ගන්න එපා..‘ සිතුමි බැගෑපත් වුනා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මන් සල්ලි ටික තියා ගත්තේ බෝඩිං ෆීස් ගෙවන්න. තමුසෙ ඊයෙත් මගේ නම විකුණලා සල්ලි අරන් තියෙනවා. දැන් ඕකත් ගත්තම මන් ඒවා ගෙවන්නේ කොහොම ද?‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කෙල්ලේ... කෙල්ලේ.... මේ සල්ලි මෙතන තිබ්බා කියලා උඹට ඇති වැඩේ මොකක් ද? මන් මේක ඩබල් කරලා ගේන්නම්...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ ඕක ගන්න එපා..‘ ඇය නැවතත් කීවාය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහපන්... මම කව්ද ආ මම කව්ද උඹේ.. මම උඹේ බාප්පා... මගේ දේවල්වල කොටසක් උඹට අයිතියි වගේම උඹේ දේවලුත් මට අයිතියි හා නැද්ද...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනික තනිකඩ උඹ මෙහෙම සල්ල ඉතුරු කළා කියලා මොනවා කරන්නද බන්. උඹව කව්රුවත් කසාද බඳින්නෙත් නෑ නේ, පිස්සුව නිසා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මාස ගණනක් තිස්සේ නොකා නොබී ඉතිරි කර ගත් මුදල් මේ ආකාරයට කොල්ලා කෑම ඇය අනුමත කළේ නැත. කෙසේවෙතත් බාප්පා නැවැත්වීම පහසු කරුණක් නොවේ. ඇය ඊට උපායක් සිතුවා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහනවා.. තමුසෙ මන් කියන එක අහන්නෙ නෑ නේ. හරි තමුසෙ දන්නවානේ මට ශාප කරන්න පුළුවන් කියලා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මොකක්... අනේ උඹෙ ශාපේ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව් මන් ශාප කරනවා උඹට මැරෙන්න කියලා‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු මද වේලාවක් ඇගේ මුහුණ දෙස බලා සිටියේ ය. පසුව අසලට පැමිණියේ ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහපන් කෙල්ලේ උඹ මට ශාප කරලා මාව මැරුනත්, මේ සල්ලි ටික නොගත්තොත් මන් කොහොමත් මැරෙනවා. උඹ දන්නවනේ මගේ හැටි. හැමතැනම මගේ ණයකාරයෝ මාව හොයනවා. මේ සල්ලි මන් ගන්නේ එහෙම එකෙක්ගේ ණය බේරන්න. ඌට මේක නොදුන්නොත් ඌ මාව මරනවා. ඉතින් උඹේ ශාපෙන් මැරුණත් උගෙන් මැරුණත් කොහොමත් එකයි.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි දෙස අවඥාසහගත සිනහවක් හෙලූ ඔහු සිනහවෙමින් සහ මුදල් පාර්සලය තුරුලු කර ගනිමින් පිටවී ගියේ ය. තමන් දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදල ඒ ආකාරයට මංකොල්ලාකෑම සිතුමිට දරා ගත නොහැකි විය. ඇය බිම දිගා වී ඇඬුවේ ය. ඇයට වඩාත් දුක් සහිත වූයේ මුදල මංකොල්ලා කෑවේ තමුන්ගේ සුළු පියා වීම නිසාවෙනි. පිය මළ පසු ඇගේ මව මේ සුළුපියා සමඟ පවුල් කෑම ඇරඹුවාය. ඊට දාව තවත් දරුවකුද ඉපැදුණි. සිතුමිට ආහාර ලැබුනත් සුළුපියාගෙන් ආදරය නම් නො ලැබිණි. ඇය කරුණු තේරුම් ගන්නා තත්ත්වයට පැමිණි පසු ඔහුගෙන් මෙන්ම මවගෙන් ද ඈත් වූවාය. ඇගේ සුළු පියා පිළිගත් ජීවිකාවක් කළේ නැත. බොරුවෙන් වංචාවෙන් සොරකමෙන් සහ සූදුවෙන් ඔහුගේ ජීවිතය පිරී තිබිණි. දැන් ඔහු ඇගේ මුදල් ද මංකොල්ලාකයි. සිතුමි බිම වැටී හැඬුවා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ තාත්තා... ඇයි මාව දාලා ගියේ ... බලන්න මෙයාලා මට කරන දේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය හැඬුවා ය. හඬමින් සිටිනා අතරේ ඇගේ ඇස් පියැවිනි. සිහිනයෙන් මෙන් ඇය ගමන් කළේ ලස්සන ඉසව්වකට ය. ඇයට දකින්නට ලැබුනේ ඇස් පිනවන පරිසරයකි. ඇය වටපිට බලමින් සිටිනා විට බිම සිට ඉහළට දුමක් විසිරී යන්නට පටන් ගත්තේ ය. ඒ දුම නිසා ක්‍රමයෙන් අවට වටපිටාව නොපෙනී යන්නට විනි. ඇය බිය විය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘සිතුමි... සිතුමි...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දුම් අතරින් ඇයට ඇසුනේ ඇය වඩාත් ප්‍රියකරනා හඬකි. ඇය හඬ ආ දෙස විමසිලිමත්ව බැලුවා ය. එවිට ඇයට ක්‍රමයෙන් දුම් අතරෙන් ළමයකුගේ රුවක් දර්ශනය විනි. එම රුව ටිකෙන් ටික ඇයට හොඳින් පෙනෙන්නට විය. එහි සිටියේ දිනුක් ය. ඔව් ඇයට පියාට පසුව වඩාත් ආදරය කළ දිනුක් ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘දිනුක්... අයියා....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඔව් සිතුමි.. මේ මම. ඇයි ඔයා ඔහොම ඉන්නේ...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ අයියේ.. මට මෙහෙම ජීවත්වෙලා ඇති වෙලා තියෙන්නේ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘පිස්සී.. එහෙම කොහොම ද ළමයො... ඔයාට තව කොයිතරම් දේවල් තියෙනවාද දකින්න, කරන්න..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒත්... මට තේරෙන්නෙ නෑ... මාව තනිවෙලා... මට කව්රුත් නෑ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘විකාර හිතන්න එපා ළමයො.. ඔයාට ආදරේ කරන අය හුඟක් ඉන්නවා... ‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කෝ කව්ද ඉන්නෙ.. මාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා.. ඔයත්... ඔව් ඔයත්..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මම.... මම ඔයාව කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ සිතුමි.. මන් ඔයා ලඟම ඉන්නවා.. ඔයත් එක්කම‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කෝ කොහෙද ඉන්නේ.. කියන්න ඔයා කොහෙද ඉන්නේ..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මන් හුඟක් දුරක ඉන්නෙ සිතුමි. ඒත් මට ඔයාව පේනවා. දැනෙනවා. බයවෙන්න එපා මන් ඔයා ලඟම ඉන්නවා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අයියේ... මාවත් ඔයා ලඟට ගන්න....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ අහන්න සිතුමි.. මන් දැන් ආපහු යන්න ඕනා. ඔහොම ඉද්දී මටත් දුකයි. ඒ නිසා නැගිටින්න. කඳුළු පිහිදාගන්න. ජීවිතේට මුහුණ දෙන්න... අපි ආපහු හම්බ වෙමු..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘යන්න එපා දිනුක් අයියා.. යන්න එපා... ප්ලීස්...‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඉක්මණින් ම අපි හමුවෙමු.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිතුමි, දිනුක්ගේ රුව දෙසට පිය ඔසවද්දී දුමාරය අතරින් එය මැකී ගියේ ය. ඇස් ඇර බැලූ ඇය තමන් සිහින ලොවක සැරිසරා ඇති බව වටහා ගත්තා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘දිනුක්... ඔයා මා එක්ක ම ඉන්නවා නේද‘
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇයට තමුන් පැමිණි කාරණය යළිත් සිහිපත් විය. ක්ෂණයෙන් නැගී සිටි ඈ බෝඩිං කාමරයේ එක් පසෙක ගොඩා ගසා තිබූ පෙට්ටි කීපයක් එහෙ මෙහෙ විසි කර, එක් පෙට්ටියක් තෝරා ගත්තා ය. එහි ඇති ද්‍රව්‍ය ඇඳ මත හෙළු ඇය පරීක්ෂා කොට එක් සුදු පැහැ (නමුත් දැන් කහ වී ඇති) ලිපි කවරයක් අතට ගත්තා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේක තමයි. මේක මට ආපහු රිටර්න් වුන ලියුම. මේ තියෙන්නේ දිනුක් දිසානායක....‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇය ලිපි කවරයේ තිබූ ලිපිනය ජංගම දුරකථනයට ගබඩා කර ගත්තා ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතරේ රෝහලෙන් ටිකට් කැපූ රනුක්ව ඔහුගේ මව සහ දීපිකා විසින් නිවසට එක්කාගෙන එන ලදි. ඔහුව රැගෙන ආවේ ඔහුගේ නිවසටම ය. කාරයෙන් බසිද්දීත් ඔහුගේ මව ඔහුට පැවසුවේ ඇයත් සමඟ කාලය ගත කිරීමට පැමිණෙන ලෙසිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මන් කියන දේ අහන්න පුතා.. ටික දවසකටවත් මා එක්ක පිනකල් එකේ ඉමු. කෑම ටිකක්වත් කන්නේ කොහොමද ඔයා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘විකාර..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඕකනේ බැරි‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දීපිකා කථා කළාය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අම්මා.. එයාට මේ වෙලාවෙදි ඕවා කියන්න එපා කැමැත්තක් කර ගන්න ඉඩ දෙන්න.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රනුක් පසුපස දොර ඇරගෙන කාරයෙන් බැසීමට සූදානම් වූවේ ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘පුතා ටිකක් ඉන්න.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නැවතත් ඔහු අසුනේ හරි ගැසුනි.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහුගේ මව කොළ කැබැල්ලක් ගෙන එහි යමක් ලියා ඔහුට ලබා දුන්නා ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘මේ තියෙන්නෙ දොරේ පාස් වර්ඩ් එක. ඔයාට අමතක වෙයි කියලා හිතලයි ලිව්වේ... බලන්නකො අප්පා මූණෙ හැටි. හැමදේම වැරදියටනේ ගන්නේ.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොල කෑල්ල උදුරා ගත් ඔහු කාරයෙන් බැස නිවස දෙසට ඇවිද ගියේ ආපසු කාර් රථය දෙසවත් නොබලමිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘බලන්න දීපිකා.. මට හරි බයයි කොල්ලා ගැන. ගාණක්වත් නැතුව යන හැටි.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අම්මා වැඩිය හිතන්න එපා. ඩොක්ටර් කිව්වනේ මේක ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස්ට් එකක් වෙන්න පුළුවන් කියලා. අපි ඉවසීමෙන් බලා ඉමු.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අනේ මන්දා දූ... ඔයා එයා ගැන බලාගන්න ඕනා..‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘අම්මා මේ මොනවාද කියන්නේ.. රනුක් කියන්නේ මගේ ජීවිතේ. ඒත් මේ වෙලාවේ අපි වැඩිය කලබල නොවී ඉමු. ඒ එයාගෙම හොඳට.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘ඒක හරි. අපි ඉවසලා බලමු.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]*************[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාර් රථයෙන් බට රනුක් දිසානායක හිමින් සීරුවේ ගේට්ටුව ඇරගෙන මිදුලට පැමිණියේ ය. ඔහුට තමුන් ඉදිරියේ ඇති නිවස ගැන කිසිඳු මතකයක් නැත. නමුත් හිමින් සීරුවේ පා තබමින් ඔහු නිවස දෙසට ඇවිද ගියේ ය. කාර් රථයේ පැමිණි කාන්තාවක් ඔහුගේ මව ලෙසින් හඳුන්වා දුනි. අනෙක් කාන්තාව ලඟ සිටින විට ඔහුට අමුත්තක් දැනේ. එය දැනෙන්නේ පපුවට ය. ඔවුන් දෙදෙනා හැසිරෙන ආකාරයෙන් නම් පෙනී යන්නේ තමුන් ඔවුන්ට වැදගත් චරිතයක් බවයි. නමුත් ඔවුන් තමුන්ව දන්නේ නැත. තමුන් ඔවුන්ව දන්නේ ද නැත. නිවස සාමාන්‍යය නිවසක් නොවේ. විශාල නිවසකි. හිමින් සීරුවේ පඩි නගිමින් ඔහු දොර වෙත පැමිණියේ ය. එය ඔහු දැක ඇති සාමාන්‍ය දොරක් නොවේ. මනුෂ්‍ය ලෝකයේ ඔහු දැක ඇති සෑම දොරකම පාහේ යතුරු හිලක් තිබුනත් මේ දොරටුවේ එවැන්නක් නොවීය. මෙය අරින්නේ කෙසේ ද?
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘පාස්වර්ඩ් එකක් දුන්නා නේද මට‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔහු ජැකටයේ සාක්කුවට නවා දමා ගත් කොළ කැබැල්ල ගෙන දිගහැර බැලුවේ ය. එහි ඉලක්කම් කීපයක් ලියා තිබුණි. නැවත දොර දෙස විමසිල්ලෙන් බැලු විට ඔහු දුටුවේ බිත්තියේ සවිකර ඇති යතුරු පුවරුවක් වැනි අයිතමයකි. එය කවරයකින් ආවරණය කර තිබුණි. ඒ ආවරණය ඉවත් කළ පසු ඔහු ඉලක්කම් සහිත යතුරු පුවරුව දුටුවේ ය. කොළ කැබැල්ලේ ලියා ඇති අංක එයට ඇතුල් කල විට දොර ‘ටොක්‘ හඬින් විවර වූයේ ඔහු පුදුමයට පත් කරමිනි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘කැමැති තැනකින් ගිහිල්ලා කැමැති තැනකින් මතු වෙන මට අන්තිමට ඉලක්කම් ඔබලා ගේකට ඇතුල් වෙන්න වුනා කියහන්කො... මේ සේරම උඹ හින්දා.. උඹව අල්ලගන්නකම් මට මේ නාට්‍යය කරන්න වෙයි. කමක් නෑ පුතා.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]විවෘත වූ දොරෙන් ඔහු නිවසට ඇතුල් වුනේ ය. නිවසට ඇතුල් වන ස්ථානයේ ම විශාල ප්ලාස්ටික් මල් පෝච්චියක් තිබුනි. නොයෙකුත් අරුමෝසම් භාණ්ඩ එහි ඇත. එසේම සෙල්ලම් බඩු ද විය. බිත්තිවල නොයෙකුත් ඡායාරූප එල්ලා තිබුනි. ඔහු හිමින් සීරුවේ ඒවා පරීක්ෂා කළේ ය. නිවසේ සිටින්නාගේ කුඩා කල සිට මතක සටහන් එහි විදහා දැක්විනි. එක් ඡායාරූපයක කාර් රථයේ පැමිණි මව යැයි සැලකෙන කාන්තාව ද සිටිනවා ඔහු දුටුවේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]‘හ්ම් මනුස්ස ලෝකේ කොයි තරම් විච්ඡුර්ණ තියෙනවා ද... කාලයත් එක්ක මිනිස්සු නොයෙක් නොයෙක් දේ හොයා ගෙන. හැබැයි බැඳීම් නම් එදා වගේමයි.‘[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එක් ඡායාරූපයක් ලඟ ඔහුගේ ඇස් නතර විනි. එහි තිබුනේ සිනා සෙමින් සිටිනා ළමුන් දෙදෙනකුගේ රුවකි. එක් ළමයකු අනෙක් ළමයාට වඩා උස් වූ අතර ඔහු මිටි ළමයාගේ දෙඋරට අත් තබා ගෙන සිටියේ ය. දෙදෙනා සතුටින් සිටිනායුරු දක්නට ලැබේ. එසේම ළමුන් දෙදෙනාටම ඇත්තේ සමාන මුහුණුවරය. තවත් ඡායාරූපයක පෙර දින ඔහුට හමුවූ පිස්සු බල්ලා ද සිටිනවා ඔහු දුටුවේ ය. දෙදෙනාම පිස්තෝල දෙකක් තබා ගෙන යම් නිරූපනයක යෙදී සිටී. මේ සියල්ල විමසමින් ඔහු ඇවිද ආවේ ජනේලය වෙතට ය. ඒ වන විටත් සැන්දෑ කළුවර ගලාගෙන එමින් පැවැතුණි. ජනේලයෙන් ඔහු කිසිඳු කල්පනාවක් නොමැතිව පිටත බලා ගෙන සිටියේ ය. පොදයකින් ආරම්භ වූ මහා වැස්සක් නොසිතූ ලෙසින් ආරම්භ විනි. ඒ සමඟ අන්ධකාරය පැතිරී ගියේ ය. විදුලි කොටන්නට ද විය. ගොරහඬ පැතිරෙන්නට ද විය. [/FONT]
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩේ මම නම් බම්ප් කරන්නෙ නැත්තෙ කතාව කියවන උන්ට පේගජ් ගනන් හොයන්නෙ නැතුව ඉක්මනට කියවන්න හොඳේ. නැතුව ෆලෝ නොකරනව නෙමෙයි...
     

    hpalpola

    Well-known member
  • වේලාව සවස 7 පමණ වී ඇත. වැහි මන්දාරම නිසා රාත්‍රී 9, 10 වැනි ස්වරූපයක් පරිසරය උසුලා සිටී. මිනිසාගේ ඇසට නොපෙනෙන මේ පරිසරයේ නොයෙක් දේ සිදු වෙයි. සමහරක් සිදුවීම් මිනිසාට යහපතක් ගෙන එයි. සමහරක් සිදුවීම් මිනිසා රැගෙන යන්නේ නොහිතන මානයන්ට ය. පුරාණයේ මිනිසුන් මේ බව දැන සිටි අතර රාත්‍රී කාලයේ වීදි සංචාරය ඔවුන් සිදු නොකළ තරම් ය. යම් හෙයකින් රාත්‍රියේ මහමග කවුරුන් හෝ දැක්කානම් දැක්කේ එක්කෝ චණ්ඩියෙකි. නැත්නම් බේබද්දෙකි. නැත්නම් උන්මත්තකයෙකි. ඔවුන්ට රැයෙහි දවාලෙහි වෙනසක් නොතිබිණි. මේ හැර පියැවි ඇස අල්ලා නොගන්නා බොහෝ දේ මේ පරිසරයේ සිදු වෙයි. සෑම ආගමකම පූජකවරුන් ඒ පිළිබඳව දැන සිටියෝ ය. ඒ ඇසින් දැක නොවේ. මනැසින් දැකීමෙනි. කෙසේවෙතත් කාලයාගේ ඇවෑමෙන් රකුස්වෙස් ගත් මිනිසුන් පරිසරයට අරක් ගත්තේ පූජකයන්ට පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ට ද නොයෙක් මානයන් පෙන්නුම් කරමිනි.

    බුද්ධි ඒකකයේ නිලධාරීන් කීපදෙනා ද අද පැටලී ඉන්නේ එවැනි රකුසු වෙස් ගත්තෙකු විසින් එලනු ලැබූ නූල් බෝලයක ය. ප්‍රධාන සහ ප්‍රසිද්ධ රෝහලක මහදවාලේ සිදු වූ අතිශය බියකරු මිනීමැරුම සෑම ප්‍රවෘත්තියකම පාහේ පළවී තිබේ. බුද්ධි ඒකකය පමණක් නොව තවත් පොලිස් කොට්ඨාශ කීපයක්ම ඒ වන විටත් මේ මිනී මැරුම පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටී. මිනීමරුවා කවුරුන් වුවත් ඔහු සිහිබුද්ධියක් ඇත්තෙකු යැයි සිතිය නොහැක. මන්දයත් මේ මිනීමැරුම සිත්පිත් ඇත්තෙකුට කෙළසකින්වත් කළ හැක්කක් ලෙසින් කිසිවකු විසින් නො සැලකූ නිසාවෙනි. නිලධාරීන් සාකච්ඡා කරමින් සිටියදී, ඇඳ සිටි ඇඳුමේ දිය බේරෙමින් ඒකකයට ඇතුළු වූයේ උනන්දුවා ය. ඔහු පූර්ණ වශයෙන් මේ සිද්ධියේ පරීක්ෂණයට යොමු ව සිටියේ ය.

    ‘බොස්.. මොකද තත්ත්වය. මොනවා හරි හම්බවුනාද?‘

    ‘වැඩක් නෑ ගුරුසිංහ. සොකෝ එකට ෆින්ගර් ප්‍රින්ට් එකක්වත් හම්බවෙලා නෑ. ඒකත් කමක් නෑ කියපන්කෝ.. මේ යකා උන්න රූම් එකේවත් ෆින්ගර් ප්‍රින්ට් නෑ කියහන්කෝ. ප්‍රින්ට් තියා කෙස්ගහක්වත් නෑ නේ. අඩු තරමේ මූ ඉඳපු ඇඳේවත්..‘

    ‘ඒක වෙන්නේ කොහොමද බොස්... ඌ අවුරුදු ගාණක් එතැනි ඉඳලා තියෙනවානේ.‘

    ‘ප්‍රශ්නෙ ඒක නෙමෙයිනේ. ඔයා කියනවාවගේ ඒක අවුරුදු 12 ක් විතර එතන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔය හොස්පිට්ල් එක පටන් ගත්ත දවස්වල ඉඳන්ම. ඊට කලින් මිනිහා ඉඳලා තියෙන්නේ පිස්සන් කොටුවේ.‘

    ‘පිස්සන් කොටුවේ?‘

    ‘ඔව්.. පිස්සන් කොටුවේ. එතනින් මේ මිනිහාව කව්ද අරන් ගිහින් තියෙනවා. හැබැයි ගෙනිච්ච කෙනාගේ විස්තරයක් නෑ.‘

    ‘කොහොමද ඔයා එහෙම කියන්නේ?‘ ඇසුවේ ගුරුසිංහය.

    ‘එහෙම කියන්නේ අපි චෙක් කලා. මේ මනුස්සයාව හොස්පිට්ල් එකට භාරදීලා තියෙන්නේ මැරිච්ච මිනිහෙක්.‘

    ‘මොකක්. මැරිච්ච මිනිහෙක්.‘

    ‘ඔව්. ඒ ඩොක්‍යුමන්ට් චෙක් කලාම නම තිබ්බ මිනිහා අවුරුදු 30 කට විතර කලින් තමයි මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ කව්රුහරි ප්ලෑන් කරලා තමයි මේක කරලා තියෙන්නේ. අනික පිස්සන් කොටුවට බාර දීලා තියෙන්නේ වෙන කෙනෙක්. ඒ මිනිහාත් මැරිච්ච මිනිහෙක්.‘

    ‘ඒක මාර කතාවක්නේ.‘

    ‘ඉතින් මට තේරුන දේ තමයි මේ මිනිහාව පිස්සන් කොටුවට ගෙනිච්ච එකයි, ඒකෙන් අරන් ආපු එකයි හිතාමතා කරපු දෙයක් කියන එක.‘

    ‘ප්ලෑන් කරලා කියලද දැන් ඔයා ඔය කියන්නේ?‘

    ‘මන් නම් හිතන්නේ එහෙමයි. ඒත් හරියට ම කින්න දන්නේ නෑ.‘

    මේ අතරේ ගුරුසිංහගේ මේසය මත වූ දුරකථනය නාද විනි. ඔහු එහි මුල් නාදයෙන්ම ඇමතුමට සම්බන්ධ වූවේ ය.

    ‘හෙලෝ. යුනිට් 5‘

    ‘ඔයාට කෝල් එක. ජේ එම් ඕ ඔෆිස් එකෙන්.‘

    උනන්දුවා දුරකථනයට පැමිණියේ ය.

    ‘හෙලෝ ඔව් කියන්න.‘

    ‘... ඔව් ඩොක්ටර්...‘

    ‘එහෙමද....‘

    ‘ම් ම්...‘

    ‘හා ඩොක්ටර් තෑන්ක්ස්... මට හෙට රිපෝර්ට් එකේ කොපියක් ගන්න පුළුවන් වෙයිද?‘

    ‘හරි ඩොක්ටර්.. නෑ මම ම එන්නම්.. කොහොමත් ඩොක්ටර්ව හම්බවෙන්නත් ඕනා...‘

    ‘රයිට් බායි..‘

    ඒකකයේ සියලු දෙනා දුරකථනයට පිළිතුරු දෙන උනන්දුවා දෙස බලා සිටියේ උනන්දුවෙනි. ඇමතුම අවසාන කළ ඔහු නිලධාරීන් දෙස බැලුවේ ය.

    ‘ජේ එම් ඕ කියනවා මේක මිනීමැරුමක් ලු. ඇනලා තියෙන්නේ ඔක්කොම මරණීය තුවාල ඇති වෙන විදියට විතරයි කියලා තමා කියන්නේ. හාර්ට් එකට ඇනලා තියෙන විදියට හ්‍යුමන් ඇනටොමි ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනලු. අනික වික්ටිම් කොහෙත්ම බලාපොරොත්තුවෙච්ච නැති අවස්ථාවක තමයි සිද්ධිය වෙලා තියෙන්නේ.‘

    ‘මොකක් ද ඒ හාර්ට් එකේ කතාව?‘

    ‘පපුවට ඇනලා, ඇට නිසා හාර්ට් එකට පිහිය නොබැස්ස හින්දා, ඒ කටු අතරින් යන විදියට පිහිය අඹරවලා තමයි හාර්ට් එකට පිහිය බස්සලා තියෙන්නේ.‘

     
    • Like
    Reactions: Nu1Dnk

    hpalpola

    Well-known member
  • වර්ෂාව ඇදහැලෙන අතර ගෙරවුම් සමඟ අකුණු ද ගසයි. පොළොව තෙමෙන්නට වැස්ස වැටෙයි. ඔහු ඒ අකුණු අතරේ නොසැලී ජනේලයෙන් මිදුල දෙස බලා සිටී. එසේ බලා සිටින ඔහුගේ මුවග මදහසක් නැගිනි.

    වැස්ස වැටීමෙන් පාර පුරා ජලය ගලා යයි. සුළඟද හමන්නේ ය. මේ අතරේ හෙමින් සීරුවේ ඇවිද එන පුද්ගලයෙකි. වැහි අන්ධකාරය නිසා ඔහුගේ මුහුණ පෙනෙන්නේ නැත. නමුත් ඔහු ඇවිදයන්නේ එක්තරා නිවසකට බව ඕනෑම අයකුට සිතා ගත හැක්කේ ඔහුගේ ගමන් මාර්ගය ඒ නිවස කරා විහිදී ඇති නිසාවෙනි. මාර්ගයේ තබන සෑම පියවරක්ම එසවෙන විට සපත්තු අඩියෙන් රුධිරය ජලය සමඟ මුසු වී පාවී යන ආකාරය එදෙස බලා සිටින්නෙකුට දක්නට ලැබේ. මේ තැනැත්තා හිමින් සීරුවේ නිවස දෙසට පිය තබන්නේ, පුරුදු ස්ථානයට ගමන් කරන්නෙකු මෙන් බව පෙනී යයි. ඔහු නිවසට පැමිණෙන තුරු නිවසේ සිටින ඔහු බලා සිටින්නේ ය. ඒ ඉවසිල්ලෙනි.

    මිදුල හරහා ඇවිද ආ තැනැත්තා හිමින් සීරුවේ දොර අසල ඇති යතුරු පුවරුවේ අංක භාවිතා කර දොර විවෘත කරගත්තේ ය. ඔහු මිදුල හරහා ඇවිද එන ආකාරය නිවස තුළ සිට ඔහු ජනේලයෙන් බලා සිටියේ ය. යතුරු පුවරුව ක්‍රියාත්මක කරනා හඬට ඔහු සවන් දුන්නේ වුවමනාවෙනි.

    දොර විවෘත කරගත් ඔහු හිමින් සීරුවේ නිවස තුළට ඇවිද ආවේ ය. රනුක් දිසානායක හිසට වෙඩි පහර වදින අවස්ථාවේ දී ඇඳ සිටි ඇඳුම ඔහු ඇඳ සිටියේ ය. හිසෙන් ගලා ගිය රුධිරය ඇඳ සිටි කමිසයට වැටී තිබිණි. එසේම මුහුණේ එක් පසක රුධිරය ගලා ගොස් ඇති අයුරු දක්නට ලැබිනි. ඒ හිසට සිදු වූ තුවාලය නිසාවෙන් බව නිගමනය කිරීමට කිසිඳු සැකයක් නැත. සෘජුවම ඔහු ගමන් කළේ නිවසේ සිටින ආගන්තුකයා වෙත ය. නිවසෙන් පිටත මහා වැස්සකි. අකුණු ගසයි. ආගන්තුකයා ඉදිරියට පැමිණි ඔහු අඩි දෙක තුනක පරතරයක් තබා නතර වී සිට ගත්තේ ය.

    තමුන් ඉදිරියට පැමිණෙන තැනැත්තා දෙස බලා සිටි ඔහු, ඔහුව පිළිගැනීමට මෙන් පියවරක් දෙකක් ඉදිරියට ගොස් නැවතුනේ ය. තමුන් දෙස බලා සිටින්නාගේ මුහුණ දෙස මද වේලාවක් බලා සිටි ඔහුගේ මුවඟට සිනහවක් පැමිණිනි.

    සාලයේ සිටගෙන සිටිනා දෙදෙනා එකම ස්වරූපයේ ය. වෙනසකට තිබුනේ ඇඳ සිටිනා ඇඳුම් පමණි. නිවසට ප්‍රථමයෙන් පැමිණි තැනැත්තා ඇඳ සිටියේ කළු පැහැ කමිසයකුත් කළිසමකුත් ය. වැස්සේ ඇතුළු වූ තැනැත්තා ඇඳ සිටියේ රනුක් දිසානායක අවසන් මොහොතේ ඇඳ සිටි ඇඳුම් ය. දෙදෙනාම රනුක් දිසානායකලා ය.

    ********************​

    ‘ඒකත් එහෙම ද?‘

    ‘ඔව් තේරෙනවානේ. ඒ යකා අවුරුදු ගාණක් ඉඳපු කාමරෙන් අපිට ෆ්‍රින්ගර් ෆ්‍රින්ට් එකක් තියා ඩී එන් ඒ සාම්පල් එකක්වත් හොයා ගන්න බැරි වුනා.‘

    ‘බොස් මූ පිස්සෙක්නම් වෙන්න බෑ.‘

    ‘අනිවාර්යෙන්ම. මන් හිතන්නේ හොඳට ප්ලෑන් කරලා තමයි ගේම ගහලා තියෙන්නේ. නැත්නම් කොහොමද කිසිම සාක්ෂියක් නැත්තේ‘

    ‘ඔව් ඒක හරි. අනික මේ යකාව ඇඩ්මිට් කරපු විස්තර හිටන් බොරු ඒවානේ..‘

    ‘මාව නම් නිකන් කරකෝලා අතෑරියා වගේ හොඳ බොස්.. ආයිත් මොනවද?‘

    ‘මේ හැමෝටම කියන්නේ.. මන් මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා හරිද?‘

    ‘කියහන්කො බලන්න උඹත් මොනා හරි...‘

    ‘මේකයි බොස්.. හිතෙන්නෙ නැද්ද රනුක් කිව්වෙ ඇත්ත කියලා.‘

    සියළු දෙනාම කණිෂ්ඨ නිලධාරියා දෙස බලා සිටියේ අයා ගත් මුවිනි. උනන්දුවාට රනුක් විසින් මළ සිරුර පිළිබඳව කළ විස්තරය නැවත සිහිපත් විය. ‘ඇත්තටම මක් වෙලාද රනුක් ට.‘ ඔහු තමන්ටම කියා ගත්තේ ය.

    ********************​

    ‘කව්ද තමුසෙ...‘

    ‘හ්ම්... තමුසෙ එහෙනම් මාව හොයාගෙන පුරුදු ගෙදරටම ආවා නේද?‘

    ‘මන් ඇහුවෙ ප්‍රශ්නයක් තමුසෙගෙන්. කියනවා. කව්ද තමුසෙ?‘

    ‘මම ද.....‘ ඔහු සිනාසෙන්නට විය...

    ‘කිව්වා කියමුකො.. ඒත් තමුසෙ මාව දන්නෙ නෑ... අනික තමුසෙට මාව පේනවානේ යාළුවා.‘

    ‘කියනවා අන්තිම වතාවට මන් මේ හොඳින් අහන්නේ..‘

    ‘හික්ස්.... තමුසෙ හොඳින් තියා මොකෙන් ඇහුවත් වැඩක් නෑ ඕයි..හරි හරි බලනවාකෝ තමුසෙගෙ මූණ දිහා.. හොඳියි මතක් කරගන්නවා... මතක් කරගන්නවා තමුසෙට මොකද වුනේ කියලා.. කොහොමද ඔය ලේ ගෑවිලා තියෙන්නේ කියලා..‘

    ඇස් පිල්ලමට ගලා ආ ලේ බින්ඳුවක් හිමින් සීරුවේ කම්මුලට වැටුනා ඔහුට දැනුනි. මේ මිනිසා කියන්නේ කුමක් ද? තමන්ට වුවේ කුමක් ද? ඔහු කල්පනා කළේය. ඔහුගේ මතකය ආපස්සට ගමන් කළේ වේගයෙනි. ඔහුට සිහිපත් විය.

    ‘එකෙක්වත් ලඟට එන්න එපා... තියෙනවා මුගේ ඔළුව කුඩු වෙන්න...‘

    රනුක් දිසානායකව ප්‍රාණ ඇපකාරත්වට තබා ගත් හමුදා ඇඳුම් ඇඳගෙන සිටි තැනැත්තා කෑ ගසයි. ඔහු රනුක්ගේ හිසට රිපීටරයක් තබා ගෙන සිටින අතර එක් අතකින් රනුක්ගේ ගෙල තද කර ගෙන සිටී. විශේෂ බලකායේ නිලධාරීන් එක් එක් ස්ථානවල සිට සිද්ධියට සම්බන්ධ වී සිටී. නමුත් ප්‍රාණ ඇපකරුවා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන්ට ඇත. ප්‍රාණ ඇපකරුවා වී සිටින්නේ ද තමුන්ගේ ම සහෝදර නිලධාරියෙකි. මිනිසුන් ද බියට පත්ව නමුත් සිදුවීම බලා සිටී. අපරාධකරු කෑ ගසයි.

    ‘කොහෙද උඹ හැංගිලා ඉන්නෙ ගෑණියේ. වරෙන් එළියට. නැත්නම් මූ මැරෙයි. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා.. වරෙන් ඉතින්... මගේ ඉවසීමේ සීමාව පන්නන්න නම් එපා....‘

    ඔහු කෑ ගසමින් වරෙක රනුක්ගේ බෙල්ල තද කරයි. වරෙක පිස්තෝලය නලලට තද කරයි.

    මේ අතරේ ඉහළ සිට ස්නයිපර් වර්ගයේ තුවක්කුවක් රඳවාගෙන සිටි නමුත් මුහුණ ආවරණය කර ගෙන සිටින සෙබලකුගේ කණේ සවිකර තිබූ බ්ලූටූත් යන්ත්‍රය හරහා පණිවිඩයක් ලැබිණි.

    ‘මරලා දාපන් දැන් ඕකාව.‘

    සෙබලා කිසිවක් කීවේ නැත. ඔහුට ලැබුනේ අණකි. ස්නයිපරය නිසි එල්ලය ලඟා කරගත්තේ ය. දුරදක්නයට එල්ල ගත වූයේ අපරාධකරු නොවේ. රනුක් දිසානායකය. ඔහු මද වේලාවක් එල්ලය බලා සිටියේ අවස්ථාව පැමිණෙන තුරු ය. අවස්ථාව පැමිණුනි. අපරාධකරු, ඔහුගේ ආයුධය රනුක්ගේ නලලට තද කරමින් කෑ ගසන්නට විය.

    ‘මේක ඇත්ත තුවක්කුවක්.. අවේ නැත්නම් මන් මූට වෙඩි තියනවා. මාත් මැරෙනවා. වරෙන් හැංගිලා ඉන්න තැනකින්.‘

    ක්ෂණයෙන් අහසේ පාවී පැමිණි උණ්ඩය රනුක්ගේ හිස පසාරු කරගෙන ඇතුළුවූයේ අපරාධකරුද පුදුමයට පත් කරමිනි. ඔහුද පසෙකට විසි වී ගියේ ය. තමුන් වෙඩි නොතැබූ බව ඔහුට විශ්වාසය. නමුත් හිසට තුවාල සිදු වී ප්‍රාණඇපකරු විසි වී වැටුණි. හිසෙන් ගලා යන ලේ වැඩි වේලාවක් නො ගොසින් සිමෙන්ති පොළව මත රටා මවන්නට විය. මිනිසුන් කෑ ගසයි. ඔවුන්ට ද ඔවුන් දකිනා සිදුවීම බියමුසු හැඟීමක් ගෙන දුන්නේ ය.

    මේ අතර කෑ ගසනා මිනිසුන්ට පසුපස සිට තිදෙනෙක් මේ සිදුවීම බලා සිටී. නමුත් ඔවුන් තිදෙනා කව්දැයි හඳුනාගත නොහැක. අයකු උස් මුදුනක් ඇති තොප්පියක් පැළඳ සිටිනාකාරයක් සෙවණැල්ලෙන් මෙන් දක්නට ලැබේ.

    ‘මේ අහන්න. අපිත් නාඩගමක් බලනවා වගේ මේක බලන් ඉඳියා. මන් කියන්නම්, අපිටත් මේකට දඬුවම් විඳින්න වෙයි. හොඳේ තේරුනාද?‘

    තොප්පිය දමාගෙන සිටින්නා අනෙක් දෙදෙනාට කියයි. රනුක්ට එය ඇසුනා පමණක් නොව ඔහුට ඔවුන් තිදෙනාව දුරින් පෙනෙන්නේ ය.

    ‘මට බෑ ඔහේට හානියක් වෙනවා බලා ඉන්න.‘ ඔහු තවදුරටත් කියයි.

    ‘මන් මොනා වුනත් මගේ අත්දෙකෙන්ම උඹව අල්ලාගන්නවා.‘ අනෙක් දෙදෙනාගෙන් අයෙක් කියයි.

    රනුක් තමන් දෙසට ඇවිද එන තැනැත්තා දෙස අපහසුවෙන් බලා සිටියේ ය. ඒ වන විට රනුක් මියගොස් සිටියේ නැත. නමුත් සිටියේ පණ අදිමිනි. ඔහු වෙත ඇවිද ආ තැනැත්තා හිස අසල සිටගත්තේ රනුක්ට ඔහුව හොඳින් පෙනෙන ලෙසිනි. ඔහු දෙස මද වේලාවක් බලා සිටි රනුක් අවසන් හුස්ම පිට කලේය.

    මේ සියල්ල ඔහුගේ සිහියට පැමිණුනි. ඔහුට යමක් වැටහිනි. එදා ඇසුණු කටහඬක් අද ඔහුගේ ඉදිරිපිට සිටින මිනිසාගෙන් පිටවෙයි. එය ඔහුට මතකය. එය ඇසී වැඩි කාලයක් ගෙවී නැත. ඒ අතරේ එක දිගට මහා ගෙරවුම් සමඟ අකුණු කොටන්නට වුණි.

    ‘මතක් වෙනවාද ආ... මතක්වෙනවාද.... ‘

    වියරුවෙන් මෙන් සිනාසෙන්නට පටන් ගත් ඔහුගේ ස්වරූපය වෙනස් වන්නට පටන් ගත්තේය.

    ‘මතකද මතකද...‘

    ඔව්, මේ ඔහුයි.. ඔහුට සිහිපත් විය. තමුන් හිසට වෙඩි වැදී වැටුන අවස්ථාවේ දී අසලට පැමිණි කළු ඇඳගත් තැනැත්තා දැන් ඔහු ඉදිරිපිට සිටියි. ඒ ගැන කිසිඳු සැකයක් නැත.

    ‘මතකද රනුක් දිසානායක.. මතකද තමුන්ට... එදා ඉස්පිරිතාලෙදි තමුන් මැරුණා..‘

    ඔහුට තමුන් ආදරය කල දීපිකා අඬමින් ප්‍රතිකාර කරනාකාරය සිහිපත් විනි.

    ‘කව්ද උඹ කියපන්.‘

    ‘මම?‘ .... ඔහු සිනාසෙන්නට පටන්ගත්තේ ය. ඒ සිනා හඬ, හෙන හඬ පරයමින් නැගෙන්නට විය.

    ********************​

    මේ අතර මේ දෙදෙනාගේ හමුවීම අසල නිවසක සිට තවත් අයකු දුරදක්නයකින් බලා සිටියේ ය. දුරදක්නයට පෙනෙන්නේ දෙදෙනාගෙන් අයකු පමණි.

    ‘රනුක් ... රනුක්.... මන් හිතුවාට වඩා උඹේ පණ හයියයි වගේ.. ඊළඟ සැරේ එහෙම වෙන්නෙ නෑ... මන් උඹව මරනවාමයි..‘
     

    hpalpola

    Well-known member
  • (19)

    ‘උඹට විස්තර කියලා වැඩක් නෑ. ඒත් මන් කියන්නම් හොඳට අහගනින්.‘

    ‘මම විතරක් නෙමෙයි. මන් වගේ තව හුඟක් ඉන්නවා. උඹලා අපි ගැන අහලා ඇති. ඒත් ඇහුවට අමතක කරලා තමයි ඉන්නේ. දන්නවාද ඒ ඇයි කියලා. හහ් හහ්..... උඹලා කොච්චර මළමිනී දැක්කත් විශ්වාස කරන්නේ නෑ මැරෙනවා කියලා. මළගෙවල්වල ගිහිල්ලා මිනිය දිහා බලන් හැක හැක ගගා හිනාවෙන උඹලා කොහොමද බන් මරණෙ විශ්වාස කරන්නේ. උඹලගේ ලෝකයේ මරණය කියන්නෙත් මඟුලක්. අපි උඹලා මැරෙනකන් බලා ඉන්නවා. උඹලාව අපේ ලෝකෙට එක්ක යන්න. හැබැයි හැම කෙනෙක්වම අපේ ලෝකෙට එක්ක යන්න බෑ. අපිට එක්ක යන්න පුළුවන් එවුන්ව අපි එක්කන් යනවා. තවත් සමහරු තව ලෝකවලට යනවා. අපි සිය ගණනක් නෑ ලක්ෂ ගණනක් උඹලා අතරෙ, උඹලට නොපෙනී ඉන්නවා. හැබැයි උඹලා මැරෙනකම් මග බලාගෙන. අපි දූතයෝ විතරයි. නැත්නම් අතරමැදියො කියලා හිතාගනින් කො.‘

    ‘ඒ .... ඒ ... කියන්නේ මම දැන් මැරිලා කියලාද තමුසෙ කියන්නේ...‘

    ‘මැරිලා කියලා ද කියන්නේ?? හහ් හහ්.... මැරිලා කියලා නෙමෙයි, උඹ මැරුනා. ඇයි මතක නැද්ද උඹට. හිටින්කො ඒ කතාවත් කියන්න.‘

    ‘ආහ්...‘

    ‘අපේ ලෝකෙට එක එක විදියෙ අය එනවා. ඒ අතර ඉන්නවා සියදිවි නසා ගත්ත එවුන්. විශ්වාස කරපන් රනුක්.. තමුන්ගේ ජීවිතය තමුන්ම නැති කරගන්නවා කියන්නේ මහ පාපයක්. උඹ හිතනවාද ඒක හැමෝම හිතලම කරනවා කියලා... නෑ.. අපි අතරෙ ඉන්න සමහරු මිනිස්සුන්ව ඒ තැනට පොළඹවනවා. උඹට මන් සිද්ධියක් කියන්නම්...‘

    ‘මොකක් ද‘

    ‘උඹට මතක ඇති අර ගායකයෙක්ට සම්බන්ධ එකෙක් උඹට වෙඩි වදින්න කලින් උඩින් බිමට පැනලා මළා. මතකද... මතක් කරපන්..‘

    ‘ඔව්.. මට ඒ මිනිහාව බේර ගන්න තිබුනා. ඒත් බැරි වුනා.‘

    ‘බේරගන්න.. උඹ.. හිකෑස්.. පිස්සුද මිනිහො. උඹ කොහොමද ඌව බේරගන්නේ. ඌ දවස් ගාණක් තිස්සේ ඔය විදිහට මැරෙන්න උත්සාහ කලා. එදාත් ඌ උත්සාහ කරද්දී මම ඇවිල්ලා ඉඳියෙ ඌව අරන් යන්න. ඉතින් මාර දූතයා ලඟ ඉද්දී උඹට පුළුවන්ද ඌව බේරන්න. කොහෙත්ම බෑ. ඌ පැන්නා. මළා. හැබැයි කථාව ඒක නෙමෙයි.‘

    ‘මට ඔය වැල්වටාරම් වැඩක් නෑ.. මට මොකක් ද වුනේ කියලා කියනවා.‘

    ‘හ්ම්.. හරි කියන්නම්.‘

    ‘කලින් කිව්වා වගේ අපේ ලෝකෙට මෙහෙන් කෙනෙක් ආවම බලනවා කොහොමද ඒ කෙනා ආවේ කියලා. සියදිවි නසා ගත්ත එවුන් ව අපි වැඩිය ගණන්ගන්නේ නෑ. අනික හුඟක් සියදිවි නසා ගන්න එවුන් හුඟක් තරුණයි. ඒ නිසා උන්ගෙ කිසිම පාලනයක් නෑ. මගේ අවාසනාවට මටත් පාර්ට්නර් කෙනෙක් විදියට ලැබුනා එයින් එකෙක්.. ඒත් උඹ දන්නවාද ඌ ලැබෙනකම් මන් තමයි අපේ කණ්ඩායමේ හිටිය හොඳම මාර දූතයා. ඌ මාව නැතිකලා.‘

    ‘ම් ම් මට තේරෙන්නෙ නෑ මොනවත්‘

    ‘උඹට තියා මටත් මුලදි තේරුනේ නෑ. ඌ මහ අමුතු එකෙක්. ඌ එක්ක මම යනවනේ අපේ ලෝකෙට කට්ටිය අරන් එන්න. ඌ කරන්නේ ම විකාර. ඔන්න හිතනවාකෝ ගැටයෙක් හරි ගැටිස්සියෙක් හරි එන්න හදනවා කියලා. මූට කිව්වම එක්ක එන්න කියලා මූ කියනවා අයියෝ එයා තාම පොඩියි, මට මගේ පුංචි කාලෙ මතක් වෙනවා, එයා ඕනා නෑ කියලා. මැදිවයසෙ කෙනෙක් ව ගේන්න කිව්වොත් කියනවා, මට ඒ තරම් කල් ඉන්න බැරි වුනා, ඒ කෙනා තව ඉඳපුවාවේ කියලා. වයසක කෙනෙක් ගේන්න කිව්වොත් කියනවා පව් කියලා. ගෑණියෙක්ව ගේන්න කිව්වොත් කියනවා එය අම්මා වගේ නැත්නම් නංගි වගේ ඒ නිසා බෑ කියලා. පිරිමියෙක් ගේන්න කිව්වොත් කියනවා එයා තාත්තාවගේ නැත්නම් මල්ලි වගේ ඒ නිසා බෑ කියලා. ඌ මෙහෙම පිස්සු කෙලිද්දි මට අපේ ලෝකෙට ගෙන්න පුළුවන් වුන කට්ටිය ටික ටික අඩුවෙන්න ගත්තා. ඒකෙන් වුනේ මට තිබ්බ නම ටිකෙන් ටික හේදිලා ගිය එක.‘

    ‘ඉතින්..‘

    ‘ඉතින් දවසක් අපි දෙන්නා ගියා ඔය ප්‍රසිද්ධ ගේම් පාක් එකකට. ඒකෙ නොයෙක් සෙල්ලම් තියෙනවා. වතුරෙ ලිස්සලා යනවා, කතුරු ඔංචිල්ලා, මැරිගෝ රවුන්ඩ් වගේ එක එක ඒවා. සමහර ඒවායේ යන්න දෙන්නෙ නෑ පොඩි එවුන්ට. උන් බයවෙයි කියලා. ඒ වගේ එකක මන් ගියා. මගේ වටේ උන්න එවුන්ගේ හදවත ගැහෙන ශබ්දෙ වැඩි වෙනවා මට ඇහුනට එකෙක් මලේ නෑ. පස්සෙ තමයි දන්නෙ උන් වෙරිවෙලා කියලා. එදා මට හරි අප්සට්. ඔය අස්සෙ අර යකා නෑ. ඌව හොයද්දී මම දැක්කා මැරිගෝ රවුන්ඩ් එක ගාවා වැටක් අල්ලන් කැරකි කැරකි ඉන්නවා. හරියට ක්ලාන්තෙ හැදිලි වාගේ.‘

    ‘ඈ.. තමුසෙලටත් ක්ලාන්තය හැදෙනවාද‘

    ‘ඒක තමා කියන්නේ මූ මාව කෑවා කියලා. මන් ඌ දිහා බලන් ඉද්දි මගේ හොඳම යාළුවො දෙන්නත් ආවා. ඇවිල්ලා මට අරූ ගැන එක එක කියලා පල් එක දැම්මා.. ඉතින් මට ඌ එක්ක යක්ෂ කේන්තියි. මේ වැඩේ තවත් කරන්න බෑ මට. තමුසෙ දන්නවා ද මන් මොකක් ද කලේ කියලා.‘

    ‘මන් කොහොමද දන්නෙ.‘

    ‘ඒකත් ඇත්ත. මන් ගිහිල්ලා ඌව ඇදගෙන ආවා අපේ පොට් එකකට. ඒ කියන්නෙ කනත්තකට. එතැනින් තමයි අපි එහෙට මෙහෙට බෙදෙන්නෙ. අපිට එක්ක එන්න ඕනා අය ගැන තොරතුරු ලැබෙන්නේ අපේ ඉහළ කට්ටියගෙන්. මම හොඳම කෙනා. ඔව් හොඳම කෙනා. මන් එතැනට එද්දී අනිත් එවුන් අයින් වෙනවා. අපිට තැනින් තැනට යන්න වගේම එක එක පණිවිඩ හුවමාරු කරන්න උදව් වෙන පළිඟු බෝලයක් තියෙනවා. මන් මගේ පළිඟු බෝලෙ අරන් මූට දුන්නා දැන් ගිහිල්ලා කාව හරි අල්ලන් වරෙන් කියලා. එතැනින් තමයි සේරම වැඩ අවුල් වුනේ.‘

    ‘ඒ කියන්නේ.‘

    ‘ඌ පුදුම වුනා මොකක්ද ඒ වුනේ කියලා. මොකද ඊට කලින් ඌයි මායි දෙන්න එකට තමයි යන්නේ. එදා ඉඳන් ඌට තනියම යන්න වෙනවා. මූ බය වුනා. මගෙන් ඇහුවා..‘මොකක් දැන් මම තනියම කාවහරි අරන් එන්න ඕනා කියලා ද කියන්නේ‘ කියලා. මන් ඔව් කිව්වා. ඊට පස්සෙ විස්තර කළා. ‘තමුසෙ එතැනට ගිහිල්ලා මේ පළිඟුව අරිනවා. අපි දන්නෙ නෑ කොහේ කොහොම කවද කවුරු මැරෙනවාද කියලා. හැබැයි මේ පළිඟුවෙ ඒක පෙන්වනවා. ඒ නිසා තමුසෙ හොඳට ඒ පෙන්වන කෙනාගේ මූණ බලා ගන්නවා. ඊට පස්සෙ ඒ කෙනාගේ පස්සෙන්ම, ළඟින්ම ඉන්නවා. මැරුණ ගමන් මෙහෙට අරන් එනවා. තේරුනා ද?‘ ඌ මට කිව්වෙ බෑ කියලා. ඌ කිව්ව ඌට තනියම කරන්න බෑ කියලා. මට ගිය කේන්තිය තමුසෙට හිතාගන්නවත් බැරිවෙයි අයිසෙ. හුඟක් අය අපි දිහා බලන් උන්නා. තිබ්බ කේන්තියට මට ඒ අයව පෙනුනෙ නෑ. මන් පැනලා අල්ලා ගත්තා අරූගෙ බෙල්ලෙන්. ‘හොඳට අහගනින්, උඹේ පිස්සු විකාර නිසා මේ සැරේ අවුලක් වුනොත් උඹට කවදාවත් ඉහළ ලෝකෙට යන්න වෙන්නෙ නෑ. ඒ වෙනුවට උඹව නරකාදියට ම වැටෙයි.‘ ඌ අප්පිරියාවෙන් වගේ තමයි පළිඟුව ගත්තෙ.‘

    ‘මොකෝ තමුසෙ ගල් ගැහිලා ඉන්නෙ. ඉන්නවා ඉතින් කථාව කියනකම්.‘

    ‘කනත්ත වත්තෙ ගේට්ටුව ඇරන් ඌ යනවා මන් බලා ඉඳියා. මන් ඌට අනතුරු ඇඟෙව්වා. ‘මතක තියා ගනින්, පළිඟුවෙ පෙන්වන රූපෙ මැකෙන්න ගත්ත ගමන් ඒ කෙනා දිහා බලන් ඉඳලා මෙහෙට අරන් වරෙන්. එක මොහොතකටවත් උඹේ අවදානෙ ඈත් කරන්න එපා. දැන් පලයන්.‘ ඌ හැරි හැරි මගේ දිහා බල බලා තමයි ගියේ. ‘ඒකා ඔය වැඩේ තනියම නම් කරන්නේ නෑ‘ එහෙම කිව්වෙ මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්. මන් උත්තර දුන්නා. ‘ඔව්. ඌට බෑ තමයි. මන් ඒක දන්නවා. මොනවා හරි වෙලා මනුස්සයා අතෑර ගත්තම ඕකාව නරකාදියට යනවා, එතකොට මට අළුත් පාට්නර් කෙනෙක් ලැබෙයි. ඒකයි මන් මූව යැව්වෙ.‘ ඔය අස්සෙ මට අනිත් යාළුවා කෑ ගහගෙන එනවා ඇහුනා.. ‘මේ බලන්න මට තවත් පළිඟුවක් ලැබුනා.‘ ඒක දැක්කම තමයි මාව රත්වුනේ. යාළුවා ගෙනත් තිබ්බෙ මගේ පළිඟුව. එතකොට මන් අරූට දුන්නෙ මොකක් ද? ‘මල හත්තිලව්වයි. මන් හිතන්නෙ වැඩේ වැරදුනා. ඉහළින් වැරදි පළිඟුව එවන්න ඇති. ඇයි ඉතින් තමුසෙ දැඟලුවානේ.‘ මන් පළිඟුව අරගත්තා. ‘චික් මේ නාකි මනුස්සයා සේරම වැඩේ අවුල් කලානේ. ඉක්මනට මූව හොයා ගන්න ඕනා දැන් ඉතින්. නැත්නම් මන් ඉවරයි.‘ වැඩි දුරක් යන්න විදියක් නෑ කියලා හිතුන නිසා මමත් ඒකාගේ පස්සෙන්ම ආවා. අපි ඉතින් කොහේ හරි දොරක් ඇරන් යන එක තමයි කරන්නේ.‘

    ‘දොරක් ඇරන්?‘



    ‘ඔව්. අපිට ඕනා තැනකට එක පාරටම යන්න පුළුවන්, හිතන්න විතරයි ඕනා. මුලින්ම මන් ගිය තැන තුවා ඇඳන් ගෑණු ටිකක් පිරිලා උන්නා. මට යකා වැහුනෙ ඇඳුම් දාන අල්මාරිය වහන්නෙ නැති මිනිහා මොකා ද කියලා. ඒ කාලෙ ඉඳන්ම මට ගෑණු අරහං. උන් තමයි මිනිස්සුන්ට ගේන ප්‍රශ්නවලින් වැඩි හරියක්ම ගේන්නේ. අම්මපා.‘

    ‘ඒකනම් සහතික ඇත්ත.‘

    ‘දැක්කනෙ තමුසෙටත් තේරුනා.. ඊට පස්සෙ ඒ ලඟම තිබ්බ අල්මාරියේ දොර ඇරන් යාළුවෙකුත් ආවා. ‘අපිට ලොකු අවුලක් වෙලා තියෙන්නේ. මන් රස්තියාදු ගහද්දී බිම තිබිලා මේක හම්බවුනා.‘ කියලා පෙන්නුවෙ පළිඟුවක්. ඒ පළිඟුව තමයි මන් අරූට දීපු පළිඟුව. මේ මොකක් ද වෙන්නේ. ‘ඒකනේ මන් කිව්වෙ. ඒකා මේක විසි කරලා ගිහිල්ලා. මන් නම් කියන්නේ ඌ පැනලා ගිහිල්ලා.‘ අප්පට සිරි. ‘ඔහේ දන්නවනේ අපේ එකෙක් මනුස්ස ලෝකෙට පැනලා ගියා කියන්නේ ඌ මළ මිනියක හැංගිලා ඇති කොහේ හරි. අපි ඉක්මනට මේ ගැන ඉහළට වාර්තා කරමු.‘ යාළුවා කියද්දී මාව රත්වුනා. ‘පිස්සුද බොට, ඌ තාම මිනිහෙකුගේ ඇඟට රිංගන්නෙ නැතිව ඇති, අපි තව ටිකක් හොයමු.‘ මන් එහෙම කිව්වෙ අන්තිමට මට ම වරද එන නිසා.‘

    ‘ඉතින් බලනවා. මළවුනුත් මහා ආත්මාර්ථකාමීයිනේ.‘

    ‘නැත්නම් අයිසෙ. අපි පරාර්ථකාමී වුනානම් දිව්‍යලෝකෙටනෙ යන්න ඕයි. මෙහෙම වෙනවයි. පස්සෙ යාළුවා මාව එක්ක ගියා මිනිහාට පළිඟුව හම්බවුන තැනට. ඒක ඇවිල්ලා පට්ට බිල්ඩින් එකක්. අපි හිටියෙ කොරිඩෝවක. ‘මන් මේ පැත්තට යන්නම්, තමුසෙ මේ පැත්තට යනවා. ඌව කොහොම හරි හොයා ගමු. මළමිනියක් දැක්කොත් වටේ බලන්න.‘ ‘හරි.‘ ‘ඉක්මනට යමු.‘ අපි දෙන්න දෙපැත්තට ගියා. මම මට පුළුවන් විදියට හැමතැනම ඌව හෙව්වා. කාමරෙන් කාමරේට ගියා. කොරිඩෝවෙන් කොරිඩෝවට ඇවිද්දා. කක්කුස්සි අස්සෙ බැලුවා. එහෙම ඇවිදන් ගිහින් පටන් ගත්ත තැනටම එන්න ආවා. ඒ එද්දි එක සැරේටම මාව පහු කරන් මිනිහෙක් ගියා. මන් බැලුවා ඌගේ ඇඟේ වත් මේකා ඉන්නවාද කියලා. නෑ. හැබැයි තමුසෙ දන්නවාද මගේ ඇඟේ හැපිලා ගිය මිනිහා කව්ද කියලා.‘

    ‘කව්ද‘

    ‘තමුසෙ‘

    ‘මන්.. මේ මන්.‘

    ‘ඔව්, තමුසෙ. ඔය ඇඳුමමයි ඇඳන් උන්නෙ. තමුසෙ ඒ පැත්තට ගියා. මන් අනිත් පැත්තට ගියා. හැබැයි මට ඒ තරම් තමුසෙව දැනුනෙ නෑ. පස්සෙ මන් ආයිත් ආවෙ පටන් ගත්ත තැනටමයි. මාව රත්වෙලා තිබුනේ. එක සැරේක මට හිතුනා ඒ වෙනකොටත් මේකා කාගෙහරි ඇඟකට ඇතුල්වෙලා දෝ කියලත්.‘

    ‘ඇඟකට ඇතුල්වෙනවා කියලා කියන්නෙ මොකක් ද මට පැහැදිලි නෑ‘

    ‘තමුසෙ අහලා නැද්ද ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇඟට අපෙන් කෙනෙක් ඇතුල් වෙලා ආනන්ද හාමුදුරුවන්ගේ ඔළුව අවුල් කරලා බුදුහාමුදුරුවන්ව කල්පයක් ඉන්න නොදී කලින්ම පිරිනිවන් පාන්න සලස්වපු කතාව.‘

    ‘ම් ම්... ඔව් අහලා තියේ..‘

    ‘ඒකනෙ. ඉතින් මන් කර කියා ගන්න දෙයක් නැතුව ඉද්දි යාළුවො දෙන්නත් එතනට අවා. ‘මොකද අපි කරන්නෙ, තාම මේකව අපිට හම්බ වුනේ නෑනේ.‘ ‘මන් නම් කියන්නේ මේක අපි ඉහළට කියමු කියලා.‘ තරුණ ම යාළුවා තමයි එහෙම කිව්වේ. ‘පිස්සුද තමුසෙට. ඕක දැන් ඉහළට කිව්වොත් මෙයාටත් අවුලක් වෙනවා අනිවාර්යෙන්ම.‘ ‘මොකක්, ඒ ඇයි?‘ ‘ඇයි අහන්නෙ. අපිට අයිතියක් නෑ එහෙම මිනිස්සුන්ගේ ඇඟට ඇතුල් වෙන්න. එහෙම දෙයක් වෙලා නම් මෙයාට වගකියන්න වෙයි තමුන්ගේ සහායකයාව හරියට බලා නොගත්තට‘. ‘අප්පා. එහෙනම් මම කියන්නෙ නෑ කාටවත්, ඒත් අපි දැන් මොකද කරන්නේ.‘ ‘අපි කොහොම හරි ඌව අල්ලගන්න ඕනා.‘ මට තවත් ඒ කතා අහන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ නිසා එතැනින් නැගිටලා ගියා. කොරිඩෝව දිගේ දුවගෙන යන කොට මන් දැක්කා මිනිස්සු ටිකක් එක පැත්තක පිරිලා ඉන්නවා. ඒ අස්සෙ කවුද කෑ ගහනවත් ඇහුනා ලඟට එන්න එපා ආවොත් මරණවා කියලා. මන් එතැනට ආවා. ඒ එද්දි තමුසෙව, කව්ද එකෙක් බෙල්ලෙන් අල්ලන් ඔළුවට තුවක්කුවක් තියාගෙන කෑ ගහනවා. මන් මිනිස්සු අස්සට දුවන් යද්දී තමයි වෙඩි ශබ්දය ඇහුනෙ. ආපහු හැරිලා බලද්දී තමුසෙයි තමුසෙව අල්ලන් ඉඳපු මිනිහයි බිම වැටිලා ඉන්නවා. තමුසෙගෙ ඔළුවෙන් ලේ ගලා ගෙන යන්න පටන් ගත්තා. මම තමුසෙ ලඟට ආවා. යාළුවො දෙන්නත් ආවා. මන් ලඟට එද්දි තමුසෙ මාව දැක්කා.. හා නැද්ද.‘

    ‘ම් ම් එහෙම මතකයක් නෑ. හැබැයි මොකක් හෝ ඡායාවක් දැක්කා මතකයි.‘
     

    hpalpola

    Well-known member
  • ‘ඔව් තමුසෙගෙ පණ යන්න කලින් තමුසෙ මාව දැක්කා. ඒ අස්සෙ එක යාළුවෙක් පළිඟුව අරන් බැලුවා. බලද්දි තමුසෙගෙ රූපෙ තමයි පළිඟුවෙ තිබ්බෙ. ඒ කියන්නෙ තමුසෙ මැරෙන්නයි යන්නේ. ‘පොලිස් කාරයා මැරෙනවා‘ යාළුවා කිව්වා. පොලිස්කාරයා කිව්වම තමයි මන් දැක්කෙ තමුසෙගෙ බෙල්ට් එකේ පිස්තෝලයක් තියෙනවා. ඊට පස්සෙ තමුසෙව ඉස්පිරිතාලෙට ගෙනාවා. අපිත් තමුසෙ එක්කම ආවා. හැබැයි තමුසෙ ආයිත් ඇස් ඇරියෙ නෑ. ඉස්පිරිතාලෙදි කව්ද ගෑණියෙක් තමුසෙ දිහා බල බලා අඬ අඬ තමුසෙ මැරෙන්න නොදී බේරගන්න සෑහෙන්න උත්සාහයක් දැරුවා. ඒත් ඒකෙන් වැඩක් නැති බව අපි දන්නවා. ‘මට හොඳටම විශ්වාසයි මගේ පාට්නර් කාගෙ හරි ඇඟකට මේ වෙනකොටත් ඇතුල්වෙලා කියලා. ඌව අල්ලගන්න ඒ නිසා මටත් මනුස්ස ඇඟක් ඕනා වෙනවා. පොලිස්කාරයෙක්ගේ ඇඟක් නම් ඒක තවත් ලේසි වෙයි. මොකද මට තුවක්කුවකුත් ලඟ තියා ගන්න පුළුවන් නිසා.‘ ‘පිස්සුද තමුසෙට. ඒ වැඩේ කළොත් අපිටත් දඬුවම් විඳින්න වෙයි තමුසෙට ඒකට උදව් කලා කියලා.‘‘ඒ වුනාට මට බෑ මෙයා දඬුවම් විඳිනවා බලන්න ලොක්කා.‘ එහෙම කිව්වෙ පොඩි එකා. ‘මට මොනවා වුනත් මන්ම ඌව අල්ලගන්නවා.‘ අපි බලන් ඉද්දි තමුසෙ මැරුණා. යාළුවො මාව වළක්වද්දිත් මම තමුසෙගෙ ඇඟට ඇතුලු වුනා.‘

    ‘තමුසෙ කියන්නේ මා මැරුණා කියලා?‘

    ‘බෑ මට දැන්ම මැරෙන්න බෑ..‘

    ‘තමුසෙ විතරක් නෙමෙයි ඕයි, අවුරුදු සීය පැන්න එවුනුත් මැරෙන්න ගියාම ඕක තමයි කියන්නේ.‘

    ‘මට යන්න ඕනා. මට අහන්න ඕනා එයාගෙන් ඇයි මට මෙහෙම කලේ කියලා... .මට බැහැ මෙහෙම මැරෙන්න‘

    ඔහු වැළපෙද්දී ඔහු පසුපසින් කවුරුන් හෝ පැමිණෙනවා දැනුන නිසා හැරී බලද්දී දුටුවේ තොප්පියක් පැළඳගත් තලත්තෑනි තැනැත්තකු මෙන්ම තරුණයකු ඔහු දෙසට පැමිණෙන ආකාරයයි. ඔවුන් දෙදෙනා පැමිණ ඔහුගේ දෙපසින් සිට අත් දෙකෙන් අල්ලා ගත්තේ කිසිවක් කථා නොකරමිනි.

    ‘මට කරන්න ඉතුරුවුන දේවල් ගොඩක් තියෙනවා.‘

    නමුත් ඔවුන් දෙදෙනා ඔහුගේ හඬට කන් දුන්නේ නැත. ඔහුව රැගෙන ගියහ. එදෙස ඔහු බලා සිටියේ සිනා මුසු මුහුණෙනි.

    ‘ඇත්තටමට ඒක නම් මාර පුදුමයි. යකෝ හැම මිනිහාම ඕකමනේ කියන්නේ..

    ඒක ඉවරයි. කොහෙද මේ බූරුවා හැංගිලා ඉන්නේ.. එහෙ වෙන්න පුළුවන් ද‘
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ලියන ඒවා පෝස්ට් කරගන්න බෑ නේ. දැම්ම ම එඩිට් කරන්න කියනවා.

    edit this post.

    අපි හිතුවේ උබව මාරයා අරන් ගිහින් කියලා...