පෙනෙන නොපෙනෙන

hpalpola

Well-known member
  • පූර්විකාව​

    "ඉතින් පුතේ දුටුගැමුණු රජතුමා ඒ රථයෙ නැගලා තුසිත දිව්‍ය ලෝකයට ගියාලු"

    "ආච්චී ඒක ලස්සන කතාව. මන් දුටුගැමුණු රජුජුරුවන්ට හරි ආදරෙයි. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආච්චියේ"

    "ඒ මොකක්ද පුතේ?".

    "ඇයි අපිට දෙවියො පේන්නෙ නැත්තේ?".

    "අනේ පුතේ, පුතාට ඕවා තාම තේරෙන්නේ නෑ රත්තරනේ".

    "කියන්නකො ආච්චියේ..."

    "ම් ම් මෙහෙමයි. අපි දැන් මේ ඉන්න තැනත් හුඟක් කට්ටිය ඉන්නවා අපි දිහා බලන්. හැබැයි අපිට එයාලව පේන්නෙ නෑ"

    "දෙවියොද ආච්චි අම්මෙ"
    "දෙවියො විතරක් ම නෙමෙයි පුතේ. අපිට නොපෙනෙන අය ගොඩක් මේ වටේ ඉන්නවා. සමහරු අපිට ආදරෙන්. සමහරු අපිත් එක්ක තරහෙන්."

    "ඉතින් ආච්චියෙ අපිට කොහොමවත් ඒ අයව පේන්නෙ නැද්ද?"

    "පුතාලගේ මාමා දවසක් කියනවා මන් අහගෙනයි දැන් කැමරා හදලා තියෙනවාලු ඒ වගේ අයව දකින්න පුළුවන්. තව සමහරු කියනවා බල්ලොන්ට පූසන්ටත් ඒ වගේ අයව පේනවලු."

    "ආච්චි, ආච්චි යක්කුත් ඉන්නවා ද?"

    "යක්කු විතරක් නෙමෙයි මගේ පුතේ. භූතයෝ, ප්‍රේතයො, පිශාචයෝ වගේ හුඟක් අය ඉන්නවා."

    "එහෙනම් හොල්මන් කියන්නෙ ඇත්තනෙ ආච්චියේ. ඒත් හොල්මන් අපිට පේනවානේ"

    "සමහරුනම් කියන්නෙ හොල්මන් බොරුයි කියලා පුතේ. ඒත් ඇත්ත වුනත් බොරු වුනත් බුදුහාමුදරුවන්ගේ බලයට ඒ හැම කෙනෙක් ම යටයි. ඒ නිසා මගේ පුතයි දුවයි පොඩිකාලෙ ඉඳන් ම බුදුහාමුදුරුවො කියපු දේවල් අහලා ඉන්න ඕනා හොඳද"

    (1)​

    පොලීසිය දින කිහිපයක් තිස්සේ රබර් වත්ත පීරමින් සොයන්නේ කුමක් දැ යි ගම්වැසියන්ට කුහුලකි. පොලිස් නිලධාරීන් පනහක පමණ කණ්ඩායමක් ගම්වැසියන්ගේ සහභාගීත්වයකින් තොරව කුමක් හෝ සොයයි. මේ අක්කර ගණනක් පුරා දිවුණු රබර් වත්ත පිහිටා තිබුනේ ප්‍රපාතයකට ගමන් කරන්නා වූ ආකාරයට ය. වත්ත පහලින් සාමාන්‍ය තරමේ දොළපහරක් ගලා යයි. මේ වනවිට එය රබර් වත්තකටත් වඩා මූකලානක ස්වභාවයක් ගත්තේ නිසිලෙසින් නඩත්තු නොවීම නිසාවෙනි. වත්ත අයත් ව තිබූ එවකට ගම්වැසියකු වූ සිල්වා මහතාගේ උරුමකරුවෝ තවදුරටත් ගමේ පදිංචි ව නොසිටිය හ. නමුත් එදා රබර් වත්ත ලෙසින් හැඳින් වූ වත්ත මූකලානක් බවට පරිවර්තනය ව තිබුන ද අදත් හැඳින්වූයේ රබර් වත්ත ලෙසින්ම ය. රබර් වත්ත අතරින් වැටී තිබූ කඩතොළු සහිත මාර්ගයේ රාත්‍රී කාලයේ වාහනයක් පවා ධාවනය වූයේ කලාතුරකිනි. සුප්‍රසිද්ධ භීෂණ සමයේ දී මේ රබර් වත්තේ ද ටයර් සෑයවල් දැවිනි. දැන් නම් අවට සිටින්නේ ඒවා දුටු සාක්ෂිකරුවන් නොවේ. නමුත් ටයර් සෑයවල පණ පිටින් දැවුනු මිනිසුන් දුටු සාක්ෂිකරුවන් තවමත් පණ පිටින් ද සිටී. එවකට වෙඩි හඬ ඇසෙද්දී සැඟ වුනු පොඩිත්තෝ දැන් තරුණ තරුණියෝ ය. දැනුදු දවල් වරුවේත් මෙහි ඇත්තේ අඳුරු මූසල ස්වභාවයකි. භීෂණ සමයෙන් පසුව ගම්වාසීන් මේ රබර් වත්ත සමඟ ඇති සබඳතා ඉතා අවම විය. එකල මළ මිනිසුන් මෙහි හොල්මන් කරන්නේ යැයි විශ්වාසයක් ඔවුන් තුළ විනි. ඒ හොල්මන් දැක බියවූවන් ද සිටීම ඊට තවත් හේතුවක් විය. මෑත දී රබර් වත්ත මුල් කරගත් සිදුවීමක් වාර්තා නොවිනි. මෙනිසා ම මේ සෝදිසිය ගමැවාසීන්ට ප්‍රශ්නයක් විය. ඔවුන්ගේ මනසේ සාමය මේ සෙවිල්ලත් සමඟ දුරු වී තිබිනි.

    තමුන් සොයන්නේ කුමක්දැයි නිසිලෙසින් නොදත් පොලිස් නිලධාරීන් ද මේ සෙවිල්ලට එක්ව සිටී. ඔවුන් සොයන්නේ සැකකටයුතු දෙයකි. මේ අතරේ කඩවසම් නමුත් බියගුළු ස්වරූපයක් පෙන්වන, නිල ඇඳුමින් නො සැරසුණු නිලධාරියකු ද විනි. එවැනි කීපදෙනකුම එහි විය. ඔවුන් කණ්ඩායම පොලිස් නිලධාරීන් ම වුවත් බුද්ධි අංශයට අනුයුක්තයන් වීම මේ ඇඳුමේ වෙනසට හේතුව බව තතු දන්නා් දැන සිටිය හ. ඒ කඩවසම් නිලධාරියා තම සෙවීම් කටයුතු අන් නිලධාරීන්ගෙන් වෙන්ව සිදු කරනු ලැබුවේ ය. නැත්නම් ඔහුව අන්යන්ගේ අවධානයට ලක්වුයේ නැත. එහෙත් ඔහුද කුමක් හෝ සෙවී ය. එසේ කුමක් හෝ සොයමින් යන ඔහු අවසානයේ නතර වූයේ වත්ත පහලින් ගලා යන දිය පහරට ඇද වැටීමෙනි. නමුත් ඔහු අන්යන්ගෙන් වෙන්ව සිටීම නිසා ඒ බවක් කණ්ඩායමේ ඉතිරිවුන් දැන නොසිටිය හ.

    දිය පහරට ඇද වැටුන ඔහු එහි ගිලී ගියේ පෙනෙනවාට වඩා ගැඹුරක් එම ස්ථානයේ තිබූ නිසාවෙනි. දියට වැටුනු විගස ඕනෑම සතකු ගැඹුරට ගිලී යන අතර පසුව ඉහළට ස්වභාවයෙන් ම පැමිණීමට උත්සාහ දරයි. මේ නිලධාරියාට ද එහි වෙනසක් නොවිනි. නමුත් ඔහුගේ පිහිනීමේ හැකියාවේ දුබලතාවය නිසා ගොඩට එනවා වෙනුවට ඔහු ගිලෙන්න ට විය. එසේ ගිලෙන අවස්ථාවක මාරාවේශයෙන් දඟලන ඔහුගේ පාද කුමක හෝ පැටලිනි. ඒ ගලවා ගැනීමට උත්සාහ කරද්දී ඔහු අඳුරේ මෙන් දුටුවේ තමුන්ගේ පාද දොල පහරේ පතුලේ රැඳී ඇති කාරයක දොරක පැට ලී ඇති බවයි. එම සිදුවීම සමඟ විශ්මයට පත් නිලධාරියා හැකි වෙර යොදා කාරය දෙසට යොමු විනි. ඔහුගේ පාද පැටලී තිබුනේ රියදුරු අසුන ඇති පස දොරෙහි ය. එම අසුනේ කිසිවක් නොතිබිනි. නමුත් අනෙක් පස අසුන දුටු නිලධාරියා දිය මතුපිටට ආවේ පතුලෙන් උඩට තල්ලු කරන්නාක් මෙනි. ඒ පැමිණි ඔහු නැවතුනේ දියපහරේ ඉවුරේ ය. ඉවුරේ ඇලවුණු ඔහු, ඔහු දුටු දේ විශ්වාස නොකලේ ය. ඔහු තබා ඔහු ව හඳුනන කිසිවකු ඒ විශ්වාස නොකරනු ඇත. ඔව්, ඔහු ඒ දුටුවේ තමුන්ව ම ය. එහි කිසිඳු සැකයක් නැත. කාරයේ සිටියේ තමුන් ම ය. මේ දකින්නේ මායාවක්ද? ඔහුට නැගුනු පැනය එයයි. තමුන් එසේ දියේ ගිලුනේ කවදා කෙසේද? කුමක් හෝ ගැටළුවක් ඇතිව තිබේ. තමුන් දුටුවේ මායාවක් නොවන බවට විශ්වාසයක් ද ඔහු තුළ විය. තවමත් ඔහුගේ ඇඟෙන් දිය බේරෙයි. තමුන් කුමක් හෝ හේතුවක ට සත්‍ය ලෙසම දියපහරට ඇද වැටිනි. සිදුවූ සහ දුටු දේ සමඟ බියට පත් හේ දිය පහරෙන් පසුපසට තල්ලු වී පැමිණ, නැගිට, වේ⁣ගයෙන් අනෙක් පොලිස් නිලධාරීන් සිටින දෙසට දුව යන්නට පටන් ගත්තේ ය. හතිලමින් කන්ද දෙසට දුවයන ඔහු එක්වරම කකුල පැටලී තවත් වලකට ඇද වැටිනි.

    සෙවුම් කණ්ඩායමේ සිටි "උනන්දුවා" තමුන් සිටි දෙසට කෑ ගසමින් දුව එන බියගුළු නිලධාරියා දුටු අතර ඒ නිලධාරියා එක්වරම බිම වැටෙනවා ද දුටුවේ ය. කුමක් හෝ වරදක් සිදුව ඇති බව ඔහු ට වැටහුනේ සේවා පලපුරුද්දෙනි. ඔහු, තම යටත් නිලධාරියා වැටුණු ඉසව්වට දුවන්නට විය. උනන්දුවා යම් දෙසකට දුවන්නට පටන් ගත්තේ ද ඔහු පසුපස අනෙක් නිලධාරීන් ද දුවන්නට විනි. වැටුණු නිලධාරියා නොනැගිටින බව එදෙසට දිව යන උනන්දුවා නිරීක්ෂණය ක⁣ලේ ය. මෙනිසා ඔහු වේගවත් විනි. වැඩිවේලාවක් ගතවීමට පෙර බියගුල්ලා ඇද වැටුණු ස්ථානයට ඔහු පැමිණියේ ය. ස්වභාවික වලකට බියගුල්ලා වැටී සිටි අතර ඔහුගේ කිසිඳු සෙලවීමක් නොවිනි. ආ වේගයෙන් ම උනන්දුවා ද වලට පැන්නේ ය. වලට පැනි ඔහු මුණින් අතට වැටී සිටි සෙලවීමක් හෝ නැති පොලිස් නිලධාරියා හිමින් සීරුවේ අනෙක් පසට හැර වීය. පුදුමයෙකි. ඔහු තෙත බරියන්ව සිටී. නමුත් වලේ ජලය නැත. කුමක් හෝ සිදුව ඇත. අනෙක් නිලධාරීන් ද පැමිණි අතර බියගුල්ලා ව හිමින් සීරුවේ වලෙන් උඩට ගන්නා ලදි. බියගුල්ලා උඩට ගත් පසු උනන්දුවා ද වලෙන් උඩට නැගීමට සූදානම් විනි. නමුත් ක්ෂණයෙන් ඔහුගේ අදහස වෙනස් විය. නැවතත් උනන්දුවා හැරුනේ වල දෙසට ය. තමුන් සෙවූ දේ කුමක් වුවත් එය ඇත්තේ මෙහි බව ඔහුට දැනිනි.

    "කොල්ලනේ සොකෝ එකේ අයට මෙතන හාරන්න කියාපල්ලා".

    උනන්දුවා කෑ ගැසුවේ ය. නිලධාරීන් ද බලා සිටියේ උනන්දුවාගේ අණ ලැබෙන තුරු ය. මන්දයත් එහි සටි අණදෙන්නා ඔහු නිසාවෙනි. අණ ලද විගස සෝදිසියේ යෙදුන නිලධාරීන් තිදෙනකු වලට බැස ක්‍රමානුකූලව එය හාරන්නට විය. වැඩි ගැඹුරකට හෑරීමට ඔවුන් ට අවැසි නොවිනි. ප්‍රථමයෙන්ම කළු පැහැ පොලිතීන් දවටනය ඔවුන් ට හමු විය. දෙවනුව එයින් ඔතා තිබූ ඇටසැකිල්ලක් ඔවුනට හමු විනි.
     

    hpalpola

    Well-known member


  • (2)

    මහේස්ත්‍රාත්වරයා ස්ථානයට පැමිණෙන විට පොලිස් නිලධාරීන් ට අමතරව ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපරාධ ස්ථානය ආක්‍රමණය කර තිබිනි. නමුත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මාධ්‍යයේ ඇටසැකිල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    "කව්ද දැන් මේක හොයාගත්ත කෙනා?"

    "සර්, අපේ ඔෆිසර් කෙනෙක්මයි සැකිල්ල හොයා ගත්තේ. හැබැයි ඒ වෙලාවෙදි මෙයා වැටිලා පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නේ"

    ⁣"මොකක්ද ඒ නිලධාරියාගේ නම"

    "සර්. ඒ ඔෆිසර්ගේ නම රනුක් දිසානායක. බුද්ධි අංශයේ ම නිලධාරියෙක්."

    "ඔන්න බලහන් මල්ලි වෙලාව. මේ යකාට තාම සිහිය නෑ. ඒ වුනාට වැඩේ ගොඩ දැම්මනේ." රැස්ව සිටි පොලිස් නිලධාරීන් ඔවුනොවුන් සමඟ කතා බස් කරයි.

    මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව ඇටසැකිල්ල ගොඩ ගැනීමට සියල්ල සූදානම් කෙරිනි. රැස්ව සිටි ජනයා ස්ථානයෙන් ඉවත් කරන ලදි. ඔවුන්ට ද මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් විය. ඇටසැකිල්ලක් වැලලී තිබී හමුවීමට නම් කවුරුන් හෝ එය මෙහි තැන්පත් කල යුතු ය. එක්කෝ සිරුරක් ලෙස, නැත්නම් ඇටසැකිල්ලක් ලෙස. කවරකුට වුවත් මේ ස්ථානයේ එය කිරීමට බාධාවක් නැත. මන්දයත් දවල් දවසේ පවා වැඩි පිරිසක් මෙහි නොගැවසෙන නිසාවෙනි. භීෂණ සමයේ දී ටයර් සෑ මත දැවීම් සිදුවුවද මෙවැනි මරණයන් වාර්තා නොවීම නිසා මෙය ඒ ගිණුම ට ද බැර කළ නොහැක. නමුත් දැන් සියල්ලන්ටම පෙනෙන ලෙසින් සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුව තිබේ. ඒ සියල්ල මාධ්‍යයේ ඇටසැකිල්ල සොකෝ නිලධාරීන් විසින් ගොඩ ගන්නා ලදි.

    එහි කරුණු එසේ සිදුවද්දී මෙතෙක් වේලා අසිහියෙන් සිටි බියගුල්ලා නොහොත් රනුක් සිහියෙන් අවදි විය. ප්‍රථමයෙන් ඔහුට ඔහු සිටින්නේ කොහේදැයි නිනව් නොමැති වුවත් පසුව, තමුන් සිටින්නේ පොලිස් නිලධාරීන් ප්‍රවාහනය කල වෑන් රථයේ බව අවබෝධ විනි. ඒ සමඟ තමුන් ට සිදුවූ අතීත සිදුවීම් ද රනුක් ට සිහිපත්විය. තමුන් ඇද වැටුනේ... ඔව් එසේ ය. තමුන් සිහිනැතිවූයේ එක්තරා වලකට ඇදවැටීමත් සමඟය. සහෝදර නිලධාරීන් සිටිනා ඉසව්ව සොයාගත් රනුක් ඉක්මන් ගමණින් එදෙසට ගමන් කලේ කුඩා ජල බෝතලයක් ද පානය කරමිනි.

    සොකෝ නිලධාරීන් ගොඩගත් ඇටසැකිල්ල මෙන්ම එය වළදා තිබූ වල තවදුරටත් පරීක්ෂණයට ලක් කරයි. ඔවුන්ට තමුන්ට හමු වූ දේ හා බැඳුණු සාක්ෂි අවශ්‍ය විය. උනන්දුවා මේ සිදුවීම ඉති සියුම්ව නිරීක්ෂණය කලේ ය. ඔහුට මේ නම පටබැඳුනේ ද ඔහුගේ මේ හැසිරීම නිසාවෙනි. කුමාර ධර්මසේන නම් ක්‍රිකට් ක්‍රීඩකයාට ද පටබැඳුනේ උනන්දුවා යන නමම ය. ඒ ඔහුගේ ක්‍රීඩා හැසිරීම් විලාශය අනුව ය. මේ උනන්දුවා තමුන්ගේ රාජකාරියේ දී ලැබෙන සියළු රාජකාරි ඉටු කලේ පුදුමාකාර වූ උනන්දුවකිනි. දැනුදු ඔහු එසේම ය. ඔහුගේ උනන්දුව, ඔහු පොලිස් බුද්ධි අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා දක්වා ඔසවා තැබී ය. උනන්දුවාගේ ප්‍රධානියා වූ නිමල් ප්‍රනාන්දු ද දක්ෂ නිලධාරියකු වුවත් උනන්දුවා ගැන දැඩි විශ්වාසයක් තබා සිටියේ මේ හැසිරීම නිසාවෙනි.

    ඇටසැකිල්ල දෙස අවධානයෙන් සිටි උනන්දුවාට ඒ දෙසට පැමිණෙන රනුක් දක්නට ලැබිනි.

    "හත්ඉලව්වයි. අන්න අරකා එනවා. ඕක වහන්න රාළහාමි."

    නමුත් අනෙක් නිලධාරීන් ඇටසැකිල්ල වැසීමට පෙර රනුක් එහි පැමිණියේ ය. පැමිණියා පමණක් නොවේ. ඇටසැකිල්ල මතට වමනය ද කලේ ය. ඒ වමනය අසල සිටි නිලධාරීන්ගේ සිරුරුවලට ද විසිවිනි.

    "ඔන්න ඕකාව පැත්තකට කරපල්ලා. මේක විනාශ කරන්න දෙන්නෙපා."

    ඒ සමඟම පොලිස් නිලධාරීන් දෙදෙනකු රනුක් ව ඇටසැකිල්ලෙන් පසකට කර බිම ඉන්දවීය. මෙවැනි අවස්ථාවලදී, විශේෂයෙන්ම රුධිරය දකිද්දී රනුක්ගේ මේ හැසිරීම දක්නට ලැබිණි. බොහෝ නිලධාරීන් කීවේ එය පොලිස් නිලධාරියකුට නොගැලපෙන බවයි. නමුත් එය ඔහුගේ ස්වභාවය විය. එයම ඔහුට "බියගුල්ලා" යන අන්වර්ථ නාමය හඳුන්වාදීමට හේතුවක් විය. එය කෙතරම් ජනප්‍රිය ද යත් රනුක් දිසානායක යන නමින් ඔහුව නොදන්නා නමුත් බියගුල්ලා කියන්නේ ඔහුට බව දන්නා නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී.

    බියගුල්ලා ලේන්සුවෙන් කට පිහිදමින් තමුන්ට බනිමින්, රවමින් ඇටසැකිල්ල පිරිසිදු කරනා නිලධාරීන් දෙස බලා සිටියේ ය. මේ කාගේ ද, මෙතනට මෙය ආවේ කෙසේ ද වැනි ප්‍රශ්න ඔහුගේ සිත තුල මතු වූයේ ද නිරායාසයෙනි. එවිට ම ඔහුට සිහිපත් වූයේ ජලයේ ගිලී තිබූ කාරයයි. එ් ගැන මොවුන් දැනුවත් කරන්නේ ද? නැත, අවශ්‍ය නැත. එය සත්‍යයක්යැයි විශ්වාස කල නොහැක. එහි සිටියේ තමුන් ම මිස අන්කිසිවකු නොවේ. ඒවා කීමට ගොස් තමන් ලැජ්ජාවට පත් වන්නේ නේදැයි ඔහුට සිතිනි. මේ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණය සඳහා ඇටසැකිල්ල යොමු කිරීමට රැගෙන යන ලදි.

    "රනුක්.. තමුසෙ නම් වෙලාවකට මහ වදයක් අයිසේ. තව ටිකෙන් ඒක උඩ වැටිලා ඒක විනාශ කරනවා. බලනවා තාම මගේ ඇඟේ තමුසෙගෙ ගඳ ගහන වමනෙ. මල ජරාව"

    "සමාවෙන්න සර්, හිතලා කලා නෙමෙයිනේ"

    "මොකක් ද මිනිහො. තමුසෙ පොලිස් ඔෆිසර් කෙනෙක් නේද? මන් කී සැරයක් කියලා තියෙනවාද. අනික බලන් ඉන්න බැරි නම් ලඟට එන්න එපා අයිසෙ"

    "ඉතින් සර් මන් බලන්න ආවේ, මගේ ඇඟේ වැදුනෙ මොකක්ද කියලා."

    "හා හා..දැන් යන්. අපේ මෙතන වැඩ ඉවරයි."

    බියගුල්ලාත් උනන්දුවාත් රබර් වත්ත දිගේ මාර්ගය කරා යන පිරිසට එක් විනි. ඇටසැකිල්ල තිබූ ස්ථානය ආරක්ෂාවට ද නිලධාරීන් කීප දෙනකු නවත්වා තිබිනි. මාර්ගයට ගෙනා ඇටසැකිල්ල වෑනයකට දමා ගනු ලැබීය. නිලධාරීන් දෙස ගම්වාසීන් කුතුහලයෙන් බලා සිටී. කුමක් හෝ නොවිසඳුණු රහසක් මෙහි ඇත. නිලධාරීන් සතුටු වූයේ මූසල පරිසරයෙන් ඉවත්වීමට ඉඩ ලැබීම නිසා ය. තමුන්ගේ කාරයට ම උනන්දුවා විසින් බියගුල්ලා ව නංවා ගත්තේ ය. නමුත් කාරයට නැගීමට පෙර රනුක්, හිස් බවින් යුතු ව තමුන් පැමිණි මාවත බලා සිටිනවා උනන්දුවා දැක්කත් ඔහු ඒ ගැන තැකීමක් නොකලේ එය සාමාන්‍ය දෙයක් යැයි සිතමිනි. එහෙත් බියගුල්ලා බලා සිටි දිශාවේ ඇති රහස කිසිවකු දැන සිටියේ නැත.




     

    hpalpola

    Well-known member


  • (3)​

    රත්නසිරි හිමි⁣ගේ බණ අවසන්ව පිරිස විසිර ගියහ. අද උන්වහන්සේගේ බණ මුගලන් මහරහතන්වහන්සේ මුල් කර ගෙන දේශනා විනි. එහිදී මාරයා මුගලන් හිමිගේ සිරුරට ඇතුල්වීම මෙන්ම උන්වහන්සේගේ සෘධියට අසුවූ නොයෙක් ප්‍රේතයන්ගේ විස්තර රසවත්ව දේශනා කරන ලදි. අදටත් අප බියමුසුව වුවත් යක්ෂ කතා, ප්‍රේත කතා අසන්නේ සත්‍ය ලෙසම ඒවා අපේ පියැවි ඇසට නොපෙනෙන නිසාවෙනි. ඇසට පෙනෙන විට යක්ෂයෝ ද ප්‍රේතයෝ ද අපට අප මෙන් මිස විශේෂයක් නොවේ.

    බණ අසා විසිර යන පිරිස අතර බහුතරයක් දෙනා වූයේ කාන්තාවන් ය. රාත්‍රී 8, 9 වී තිබුනත් රත්නසිරි හිමිගේ බණ නොඅසන්නෝ නොවූහ.

    "ඉතින් බන්, ඇත්තටම මාරයාට පුළුවන් ද මිනිස්සුන්ගේ ඇඟට රිංගන්න."

    "ඇයි අනේ දැන් හාමුදුරුවෝ කිව්වේ. බොරු කියන්න ඕනා නෑ නේ උන්වහන්සේට."

    "අනික අපේ සිතුමි බලපන්. ඒකිට අපි පිස්සු කියලා හිනාවෙලා පැත්තකට කරලා තිබ්බට, ඒකිත් ඔයවගේ දේවල් දකිනවා කියලා අපිට කියන්නේ."

    "අනේ ඕකිගේ පට්ට කෙබර බන්. මුගලන් හාමුදුරුවෝ කියන්නේ සෘධිමතුන් අතර අගතැන්පත් උත්තමයෙක්. සිතුමි කියන්නෙ කව්ද, නිකන්ම නිකන් පිස්සු කියෝන ගෑණියෙක්. එහෙම ඉතින් පේනවානම් මොනාද බන් කරන්න බැරි".

    "මේ අහපන්කෝ. උඹලා ඔහොම කිව්වට දවසක් මාවත් හොල්මන් වෙන ⁣කතාවක් ඕකි කිව්වනේ."

    "මොකක් ද බන්, බොරු වුනාට කමක් නෑ කියහන්කෝ පාලු මැකෙන්නත් එක්ක."

    "ඉඳින්කො කියන්න. අර කුදු පෙරේරා මුදලාලිව උඹලා දන්නවනේ. කපිලයියගේ තාත්තා. දැන් අවුරුද්දකට විතර කලින් නැතිවුනේ"

    "ඔව් ඔව් ඉතින් ඉතින්."

    "අපි කෙල්ලො සෙට් එක දවසක් පිසික්ස් ක්ලාස් ගිහින් බස් එකෙන් බැහැලා එද්දී පෙරේරා මුදලාලි කා එක්කද මන්දා බර කතාවක්. මිනිහා තාප්පෙට අත තියාගෙන අතට බරවෙලා තමයි කයිය ගගහ ඉඳියෙ. අපිත් එක්ක සිතුමිත් උන්නා. ඉතින් ඉස්සරහට ඇවිදන් එද්දී සිතුමි පෙරේරා මුදලාලි දිහා බලන් පාරේ නැවතුනා. සිතුමිව දැක්කම අපිට බය හිතුනා. ඒකි හොල්මනක් දැක්කා වගේ බයවෙලා හිටියේ."

    "අනේ බන් මේ කළුවර වෙලේ ඔය බහුබූත නොකියා ඉඳින් කෙල්ලො බය නොකර"

    "අම්මා කෑ නොගහ ඉන්නකො. උඹ කියහන් කෙල්ලේ".

    "අපිත් ඉතින් හොල්මන්. අපි මේකිට කතා කරනවා, අතින් අදිනවා කිසිම හෙල්ලීමක් නෑ. පස්සේ ටිකකින් සිතුමි ම කියාපි පෙරේරා මුදලාලි මැරෙන්න යනවා කියලා. අපිට මාර අප්සට්. අපි ඇහුවා ඒ මොකෝ කියලා. මේකි කියාපි පෙරේරා මහත්තයාව පෙරේත ලෝකෙට අරන් යන්න පෙරේතයො බලන් ඉන්නවා කියලා. ඉතින් බන් මේවා අපි විශ්වාස කරන්නෙ නෑ නේ. අපි මේකිට හිනාවුනා. මේ අද වගේ. අපි හිනාවෙද්දී පෙරේරා මුදලාලිටත් ඒක ඇහිලද කොහෙද අපෙන් ඇහුවා මොකද අපි උන්දැට ද හිනාවෙන්නෙ කියලා. අපිට ඉතින් මුදලාලිට කියන්න බෑ නේ සිතුමියා කිව්ව කතාව. අපි නෑ මුදලාලි කියාගෙන සිතුමිවත් ඇදන් ගියා. ටිකදුරක් යද්දී සිතුමි මුදලාලි ලඟට හැරිලා ගියා. ⁣මුදලාලිට මොනවහරි කියනවත් අපි දැක්කා. අපිට බය හිතුනා මේකි උන්දැ මැරෙන කතාවවත් කිව්වද කියලා. අපිත් ඉක්මනට එතැනට ගියා. යද්දි මුදලාලි මේකිට බනිනවා පිස්සු කියෝනවා කියලා. පස්සේ මේකි මුදලාලිට කිව්වා, මන් මට පුළුවන් ⁣හැම විදියටම මුදලාලිට කිව්වා, පපුව රිදෙන්න ගන්න කලින් ⁣ඉස්පිරිතාලෙට යන්න කියලා අහන් නැත්නම් ඕන දෙයක් කර ගන්න කියලා. කියලා මේකි දඩබඩ ගාලා අපිවත් දාලා ඇවිදන් ගියා. අපිට කටඋත්තර නෑ. මුදලාලි අපිටත් බැන්නා සිතුමිව ආශ්‍රය කරනවා කියලා. අපි ඉතින් ගෙවල්වලට ගියා. අපිට සිතුමිව එදා හම්බවුනේ නෑ."

    "ඔය වගේ පිස්සු ඕකි හැමදාම වගේ කරනවානේ බන්. ඕකෙ ඉතින් මොකක්ද අමුත්ත."

    "අමුත්ත තාම කිව්වෙ නෑ නෙ නැන්දෙ. අපි කොහොමහරි ගෙවල් වලට යද්දි මන් හිතන්නෙ හවස 5, 6 වගේ වෙලා. මන් ඇඟපත හෝදන් අම්මගෙ තේක බොන්න ලෑස්ති වුනා. අම්මට මුදලාලිට සිතුමි කිව්ව කතාවත් කිය කිය. අම්මා ඒත් කිව්ව අපි සිතුමිට විහිලු කරන එක පව් කියලත්. මෙහෙම ඉද්දි අපේ තාත්තා ආවා. තාත්තා වාඩිවුනේම දන්නවාද වෙලා තියෙන දේ කියලා කියාගෙනම. අම්මත් ඇහුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මාත් ඉතින් තේකත් බිබී කතාව අහන්න සාලෙට ආවා.
    'අර කුදු පෙරේරා හවස පපුවෙ අමාරුවක් හැදිලා නැතිවෙලා කියන්නේ. තාම මිනිය ඉස්පිරිතාලෙ ලු.'
    මගේ කටින් බුරුස් ගාලා තේ විසිවුනා කියහන්කෝ ඒක ඇහුවම. අම්මත් තුෂ්නිම්භූත වෙලා මා දහා බැලුවා. ඒ මදිවට තාත්තා බැන්නා මොකක්ද මට වෙලා තියෙන්නෙ කියලා අහලා.
    'කොහොමද තාත්තෙ ඒක වෙලා තියෙන්නෙ. දැන් අපි එද්දි මුදලාලි කා එක්කද කතා කර කර උන්නනෙ ⁣පාර අයිනේ.'
    'ඔව් මාත් උදේ කතා කරලා තමයි ගියෙ. උන්දැ බඩු විකුණන්න ආපු රෙප් කෙනෙක් ද මොකෙක්ද එක්ක හවස කතා කර කර ඉඳලා තියෙනවා. ඒ කතා කර කර ඉද්දි අර පිස්සු සිතුමි කෙල්ල මොනා හරි උන්දැට කියලා මිනිහා අප්සැට් එකේ ඉඳලා තියෙන්නේ. පස්සෙ රෙප් යන්න හදද්දි උන්දැ කිව්වලු උන්දැගෙ පපුව ටිකක් රිදෙනවා වගේ කියලා. රෙප් කියලා තියෙනවා එයාලත් ටවුමට යන නිසා බේත් ටිකක් ගන්න යමු කියලා. ඒ වුනාට පෙරේරා ඒකට බෑ කියලා. උන්දැ කියලා තියෙන්නෙ ඒක නිකන් රිදිල්ලක් නොවැ ඇරිලා යයි කියලා. පස්සෙ රෙප් ගිහිල්ලා. ඔය අල්ලපනල්ලේ කුමාරිට ඇහිලා තියෙනවා මුදලාලි කතා කරනවා උගුරෙන් වගේ. කුමාරි ඉතින් ඇවිල්ලා බලන්න. ඒ බලද්දී මුදලාලි පපුව අල්ලන් පුටුවෙ ඈඳිලා ඉන්නවාලු. කුමාරි එතැනට දුවන් ගිහින්. මුදලාලි කතා කලේ නෑ ලු කුමාරි දිහා බලන් උන්නලු. කුමාරිට මතක තිබිලා තියෙනවා ඒ වෙලාවෙ උන්න රෙප්ව. ඉතින් කුමාරි ඒ කොල්ලට කෝල් කරලා. ඒ එනකොටත් මුදලාලි නැතිවෙලාලු. මිනිය තමයි හොස්පිටල් ගෙනහින් තියෙන්නෙ කියලා නිමල් කිව්වා.'
    'අනේ අම්මේ' මට නිකන් ක්ලාන්තෙට වගේ ආවා කතාව ඇහුවම. පස්සෙ අම්මා තාත්තාට මන් කිව්ව සිද්ධිය කිව්වා. තාත්තා කිව්වෙ ඒකි පිස්සුවෙන් කියවන්න ඇති කියලා. ඒත් මන් එතන උන්න නිසා දන්නවා ඒක එහෙම පිස්සුවක් නෙමේ කියලා. ඒකි මොකක් හෝ හේතුවකට ඒ කිව්ව දේ, ඒ වගේ උනා. අද බණ අහද්දි මට මේ සිද්ධිය මතක් වුනා බන්. ඒකිටත් පෙරේතයෝ පේනවා ඒ කියන්නේ."

    "උඹටත් සිතුමිට වගේ පිස්සු හැදිලද කෙහෙද අනේ මේ."

    "වෙලාවකට ඒකි කියන ඒවා ඇහුවම ඇත්තටම ද ඒකිට පිස්සුයි කියන්නෙ කියලා මටත් හිතිලා තියෙනවා බන්. ඒ මොනව වුනත් සිතුමි හොඳ කෙල්ල. දැන් ඒකි මොනව කරනවාද දන්නෙ නෑ නේ ද?"

    "කව්ද අනේ දන්නේ. දවසක් රම්‍යා නැන්දනම් කිව්ව ඒකි කොළඹ ගියා කියලා රස්සාවක් හොයන්. ඒ ගියත් ඔය පිස්සුව ඉහට ගැහුවම ඕකිට රස්සාවල් හරියන්නෙ නෑ නොවැ".

    "හරි හරි මේ කතාවෙන් කතාවෙන් අපේ ගේ ලඟටත් ආවා. මන් එහෙනම් ගෙදර යනවා. නැන්දත් එක්ක පරිස්සමෙන් පලයන් කෙල්ලෙ".

    "උඹත් පරිස්සමෙන් කෙල්ලෙ".

    "ඇත්තටම සිතුමි කෙල්ලට එහෙම පෙනුනානම්"...

     
    • Like
    Reactions: TNHM

    hpalpola

    Well-known member
  • [FONT=&quot](4)
    [/FONT]
    [FONT=&quot]අධිවේගී මාර්ගයෙන් බියගුල්ලාත්, උනන්දුවාත් ගමන් කළ ජීප් රථය ප්‍රධාන මාර්ගයට පිවිසුනි. මුළු ගමන පුරාම මේ දෙදෙනා එකිනෙකා සමඟ වචන කීපයකට වඩා කථා නොකළහ. රථය වේගයෙන් පදවන උනන්දුවා ඔහුගේ සිතුවිලිවලත්, වීදුරුවෙන් පිටත බලා සිටි බියගුල්ලා ඔහුගේ සිතුවිලිවලත් ගිලී සිටිය හ. ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වන රථය එක්තරා ආහාර අලෙවිසැලක් අසල නතර කරන ලදි. ඒ වන විට වේලාව රාත්‍රී 7 ට පමණ විය. මේ අලෙවිසැල තිබුනේ කාරය නතර කළ පස නොව මාර්ගයේ විරුද්ධ පස ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“රනුක් ගිහිල්ලා අපිට කන්න දෙයක් අරන් එන්න. කට්ටියටම ගේන්න. අද අපි කාලෙකට පස්සෙ වැඩක් පෙන්නුව නිසා කොල්ලො ටික හෙන ගැම්මෙන් ඉන්නෙ.“[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බියගුල්ලා කිසිවක් නොකියමින් රථයෙන් බැස, පාර මාරු වී වෙළඳසැලට ගමන් කළේ ය. ඔහු ඇතුල්වන විටත් මුදල් ගෙවනා කවුන්ටරය අසල තිබුනේ දිගු මිනිස් පෝලිමකි. ‘අනේ මන්දා මුන් ගෙදරක උයන් කන්නෙම නැද්ද මන්දා රෑට‘ එය දුටු විට ඔහුගේ සිතට නැගුන අදහස නිසා සිනහවක් ද මතු විනි. බෝ නොවන රෝග ප්‍රචාරණයට ප්‍රධාන හේතුවක් ලෙසින් වෛද්‍යවරු විසින් ක්ෂණික ආහාර ලබා ගැනීම හඳුන්වා දෙති. එහෙත් දිනෙන් දින ආහාර වෙළඳසැල් ප්‍රමාණාත්මකව වැඩි වෙයි. පෝලිම ද වැඩි වෙයි. මේ වෙළඳසැලෙහි ද මුදල් ගෙවීම සඳහා කවුන්ටර දෙකක් තිබිණි. ස්වයං සේවා සැපයීමකි. බියගුල්ලා එක් කවුන්ටරයක පෝලිමකට එක්විය.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තමුන් ඉදිරියේ සිටිනා මිනිසුන් ගේ කර උඩින් ඔහුගේ ඇස් කවුන්ටරයේ සිටිනා තැනැත්තා වෙත යොමු විනි. ඔහු සිටිනා පෝලිමට අදාළ කවුන්ටරයේ මුදල් අය කිරීමට සිටියේ ඔහු දැක ඇති රූමත් ම තරුණිය ය. මද වේලාවකට බියගුල්ලාගේ හුස්ම නතර විනි. නමුත් පෝලිම ඉදිරියට ඇදෙන නිසා ඔහුගේ සිතුවිලි චංචල වෙයි. කෙසේවෙතත් ඔහු උද්යෝගයෙන් මේ තරුණිය දෙස බලා සිටියේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ අතර ඔහුගේ ඉදිරියෙන් සිටි මැදිවියේ පුද්ගලයකු කුමක් හෝ ආහාර අයිතමයන් සඳහා මුදල් ගෙවනා ආකාරය බියගුල්ලා නිරීක්ෂණය කළේ ය. එම තැනැත්තා මුදල් ගෙවූ පසු ඔහුට තරුණිය විසින් රිසිට් පතක් නිකුත් කරන ලදි. රිසිට් පත අතට ගත් පුද්ගලයා පෝලිමෙන් ඉවත් වීමට සැරසුන විටම අර තරුණිය ඉදිරියට පැන ඒ පුද්ගලයාගේ අතින් අල්ලා ගන්නවා ඔහු පුදුමයෙන් බලා සිටියේ ය.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"මේ මොකද මේ. අතාරිනවා මාව"[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"මේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩියක් දෙකක් මෙතන ඉන්න. එළියට යන්න එපා."[/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"මේ පිස්සු ගෑණියේ මාව අතෑරපන්. මගේ වයිෆුත් බලන් ඉන්නවා. මගේ පවුල කඩන්නද හදන්නෙ"[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"මන් කියන දේ අහන්න මහත්තයා. ඔයා තව විනාඩි 5 ක් පරක්කු නොවුනොත් ඔයාගේ ජීවිතේ නැති වෙයි."[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"සැරයක් කිව්වා. මාව අතෑරපන්."[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"ඒයි ඒයි, මොකක්ද ඔතැන වෙන්නේ. සිතුමි ඔය මනුස්සයාව අතාරිනවා. තමුසෙ මොකක්ද කරන්නේ. මගේ බිස්නස් එක විනාශ කරනවාද ?"[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"නෑ සර්. මන් මේ මහත්තයාට උදව්වක් කරන්න හැදුවේ."[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"පිස්සු නොකර අතාරිනවා."[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]"මන් මේක ලේසියෙන් අරින්නේ නෑ. බලාගමු."[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අදාළ තැනැත්තා තමුන්ට තරුණිය ලබා දුන් රිසිට්පත ද තරුණියගේ මුහුණටම විසි කර තරහින් බනිමින් වෙළඳසැලෙන් පිටව ගියේ ය. බියගුල්ලා මේ සිදු වූ දෙය පිළිබඳව සිනහමුසු මුවෙන් බලා සිටියේ ය. මෙවැනි සිදුවීමක් ඔහු දුටු පළමු අවස්ථාව එය විය. ඔහු, අර තැනැත්තා පිටව යෑම නිසා තමුන්ගේ වාරය පැමිණීමෙන් කවුන්ටරයේ තරුණිය වෙත ලං විනි. නමුත් තරුණිය බලා සිටියේ ඔහු දෙස නොවේ. වෙළඳසැලේ වීදුරුවෙන් පෙනෙනා මාර්ගය දෙස ය. බියගුල්ලා ද ඇය බලා සිටි දෙස බැලුවේ ඇය උනන්දුවෙන් ඒ දෙස බලා සිටිනා නිසාවෙනි. එවිට ඔහුගේ දර්ශනයට පෙර දී තරහින් පිටවී ගිය තැනැත්තා හසු විය. ඔහු මාර්ගය හරහා යෑම සඳහා වෙළඳසැල අසල නැවතී දෙපස බලමින් සිටියේ ය. එසේ මදවේලාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ තැනැත්තා මාර්ගය මාරු විනි. නමුත් අඩි දෙක තුනකට වඩා ඔහුට මාර්ගය හරහා යෑමට නොහැකි වුනේ, වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී විසිවීම නිසාවෙනි. වෙළඳසැල තුළට ඒ ගැටීම සමඟ ගැටෙන හඬ ද ඇසිනි. එසේම කවුන්ටරයේ සිටි තරුණියගේ සුසුම් හඬද බියගුල්ලාට ඇසිනි. ඔහුට ක්ෂණයෙන් මේ ගැටුණු තැනැත්තාව විනාඩි කීපයක් ප්‍රමාද කරවීමට තරුණිය ගත් උත්සාහය සිහි විය. ඒ සමඟම පුදුමයට පත් බියගුල්ලා අර තරුණිය දෙසට අවධානය යොමු කළේ ය. නමුත් වෙළඳසැලේ සිටි අනෙක් අයවලුන් අනතුරේ ශබ්දය සමඟ වෙළඳසැලෙන් පිටතට දුව ගිය නිසා බියගුල්ලා ද ඒ පිරිසට එක් විය. වෙළඳසැලෙන් පිටවන විටත් බියගුල්ලා නැවතත් කවුන්ටරයේ සිටි තරුණිය දෙස හැරී බැලුවේ ය. ඔහුට මේ සිදුවීම මහා පුදුමයකි.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බියගුල්ලා දුටුවේ උනන්දුවා ද එහි සිටින බවයි. ඔහු තම ජංගම දුරකථනයෙන් කවුරුන් සමඟ හෝ සංවාදයේ යෙදේ. අනතුර සිදුකළ වාහනය පලා ගොසිනි. ලොරි රථයේ ගැටෙනවා තමුන් දුටු තැනැත්තා මාර්ගයේ කෙළවරක වැටී සිටී. එසේම එම ස්ථානයේ ලේ විලකි. මේ ලේ දකින බියගුල්ලා ක්ලාන්ත වී බිම ඇද නොවැටුනේ ඔහුව දුටු උනන්දුවා වහා ඔහු අසලට පැමිණ ඔහුව වත්තන් කර ගත් නිසාවෙනි. බිමවැටී සිටි තැනැත්තාගේ බිරිඳයැයි සිතිය හැකි මැදිවියේ කාන්තාවක ද පාරේ කොනක අඬමින් සිටී.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“මන් 119 ට කථා කරලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ අපිට. හිට් ඇන්ඩ් රන් කේස් එකක්.“[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බියගුල්ලාට මේවා ඇසුනේ නැත. ඔහු ලේ දකිනා විට අසීමාන්තිකව බිය වෙයි. බියගුල්ලා නම් නම පටබැඳීමට එක් හේතුවක් වූයේ ද මේ තත්ත්වයයි. මාර්ගය කෙළවරේ බිම වාඩි වී සිටි ඔහු යමක් සිහිවීම නිසාවෙන් මද වේලාවකට පෙර තමුන් ට මුණ ගැසුනු තරුණිය සිටි වෙළඳසැල දෙසට හිස හැරවීය. ඇය එහි ඇතුල්වීමේ දොරටුව අසල සිට බිම වැටී සිටින්නා වටා රැස්ව සිටිනා මිනිසුන් දෙස බලා සිටින බව ඔහුගේ නිගමනය විය. ඇය මේ මිනිසාට කීවේ තවත් විනාඩි කීපයක් වෙළඳසැලේ රැඳෙනා ලෙසිනි. ඇය, ඔහු ඉන් පිටවීමෙන් වැළැක්වීමට පුදුම සහගත උත්සාහයක් දැරුවා ය. නමුත් ඇගේ උත්සාහය පරයමින් මෝඩ මිනිසා කේන්තියෙන් වෙළඳසැලෙන් පිට වූ අතර එහි අවසානය දැන් තමාගේ ඇස් ඉදිරිපිට ඇත. ඇය විසින් ඔහුට වෙළඳසැලේම රැඳෙන්නට යැයි කීවේ ඇයි ද යන්න ඔහුට පැනයක් විය. ඇය, ඔහුට අත්වීමට යන සිදුවීම පෙර දී ම දුටුවා ද? නැත්නම් ඇය උමතුවෙන් ද? මෙවැනි විසඳුම් නොමැති පැන ඔහු ඉදිරියේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“වැඩක් නෑ. මිනිහා මැරිලා. ඔළුව කුඩුවෙලා. මොකට එහෙම පාර පැන්නද මන්දා.“[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උනන්දුවා පැමිණ කුඩා ජල බෝතලයක් බියගුල්ලාට දිගු කළේ ය. බියගුල්ලා හ්ම් කීවා පමණි. ජල බෝතලයෙන් උගුර තෙමා ගත් ඔහු, අත්ලට ජලය ගෙන මුහුණ සෝදා ගෙන නැගිට්ටේ ය.
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]“කොහොමින් කොහොම හරි කෑම ගන්නා බැරි වුනා අපිට. යන ගමන් වෙන කඩේක නවත්තමු.“
    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උනන්දුවා, බියගුල්ලාට ඉදිරියෙන් මාර්ගය හරහා ගියේ ය. උනන්දුවා පසුපස කාර් රථයට ගිය බියගුල්ලා ඊට ගොඩවීමට පෙර මොහොතකට පෙර මුණගැසුණු තරුණිය දෙස නැවතත් බැලුවේ ය. නමුත් ඇය තවදුරටත් ඔහුට නොපෙනි නි. ඒ අතරේ උනන්දුවා රථය පනගන්වා කොළඹ දෙසට ධාවනය කෙරෙව්වේ ය. [/FONT]
     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • (5)


    [FONT=&quot]සිතුමි කිසිඳු කතා බහකින් තොරව වෙළඳසැලෙන් පිටත් විය. ඇයට මෙය දැන් අමුත්තක් නොවේ. පසුගිය දින කීපය තුළ ඇයට රැකියා කීපයක් ම මේ ආකාරයෙන් අහිමි විනි. ඒ කිසිවක් ඇය විසින් සිතා මතා කරගත් අහිමිවීම් නොවන බව ඇය දනී. ඇය හැකි හැම විටම උත්සාහ කළේ අන්යන්ට උපකාර කිරීමට ය. නමුත් ඉන් ඇයට සිදුවූයේ කබලෙන් ලිපට වැටීමට ය. ඇය ට ඉන් කිසිඳු සතුටක් නො ලැබුනි. අද ද සිදුවූයේ එහි එක් පියවරක් පමණි. ඇය විසින් වෙළඳසැලට පැමිණි තැනැත්තාගේ මරණය දුටුවේ ය. ඔහුගේ උරුමකරු ඔහු පසුපස වේලාව එනතුරු බලා සිටිනවා ඇය දුටුවා ය. එය, ඒ තැනැත්තා දුටුවානම් ඇය කියනා දේ නොඅසන්නේ නැත. ඇයට පෙනෙන නමුත් අන්යන්ට නො පෙනෙන සෙවනැලි නිසා මේ සියල්ල සිදු වේ. ඇය මෙලෙස සෙවනැලි දකින සෑම කෙනකු ම ඉන් ටික වේලාවකට පසුව මරණයට පත් වෙයි. එපමණක් ද නොවේ, ඇය විසින් ස්පර්ශ්යෙන් සමහරුන් මිය යන ආකාරය දකියි. සාමාන්‍යයෙන් ඇය කළු උපැස් යුවලක් පලඳියි. ඒ ඇයට පෙනෙනා අන්යන්ට නො පෙනෙනා රූ ඇයට ද නොපෙනී ම සඳහා ය. අවාසනාවට ඒ උපක්‍රමය ඇයට කියා දුන් ඇයගේ ආදරය දිනූ තැනැත්තාගේ මරණය ද ඇයට වැළැක්වීමට නොහැකි විය. මෙනිසා ඇය සෑම දිනකම ගත කලේ දුකිනි. සන්තාපයෙනි. ඇය මේ වන විට බොහෝ දෙනකුගේ මරණය, මරණයට පෙර දැක ඇත. නමුත් ඒ කිසිවකු ඇයට ඉන් වළක්වාගැනීමට හැකි වූයේ නැත.
    [/FONT]



    [FONT=&quot]සිතුවිලි සයුරේ ම ගිලෙමින් ඈ, ඈගේ කුලී නිවසට පැමිණු නි. ඇයට කුසගිනි දැනේ. අද රැකියාව අවසන් කරනු ලැබුවේ රාත්‍රී ආහාරය පවා ලබා ගැනීමට අවස්ථාවක් නොසලස්වමිනි. මේ නිවසේ ඇය වාසය කළේ තනිවම ය. ඊට හේතුව වූයේ ඇගේ වෙනස් හැසිරීම් රටාව ය. ඇගේ මව වෙනත් නිවසක සිය දෙවන සැමියා ද සමඟ වාසය කරයි. මේ දෙවන සැමියාට දාව ඇයට සිතුමිට අමතරව තවත් දරුවකු ලැබී තිබිණි. කෙසේවෙතත් ඒ දරුවා නැත්නම් සිතුමිගේ සහෝදරයා ඇට මිදුළු වල රෝගයකින් පෙලෙයි. එහි ප්‍රතිඵලය වූයේ සිතුමිගේ බාප්පා බීමට ඇබ්බැහිවීමය. ඔහු සිතුමිට වෛර කරන්නේ ද වේ. මව ද සිතුමි ව නොසලකා හැරියේ ය. එසේම ඇය, ඇගේ අසනීප දරුවා හැකි හැමවිටම සිතුමිගේ දෑසින් ඉවත් කර තැබුවා ය. ඇය සිතුවේ සිතුමිගේ ඇස් සියල්ලන්ටම ශාපයක් ලෙසිනි. සිතුමි ද මවට වෛර කළාය. දැන් මව සිටීම ඇයට වදයකි. මන්දයත්, ඇය තනිව ජීවත්වීමට පුරුදු වී ඇති නිසාවෙනි. ශීතකරණයේ තිබූ චොක්ලටය අතට ගත් ඇය, රූපවාහිනිය ක්‍රියාත්මක කොට හරි බරි ගැසී අසුන් ගත්තා ය. චැනලයෙන් චැනලයට නාලිකා මාරු කරමින් යන ඇයට එක් චැනලයකදී ඇගේ සිත සුවපත් කළ රුවක් දක්නට ලැබිණි. ඒ ඇය ඒකපාර්ශ්විකව ආදරය කළ ගායකයා විය. ගැහැණු මිනිස්සු භේදයකින් තොරව ගායකයන්ට, නළුවන්ට ඔවුන්ටත් රහසේ පෙම් බඳිති. සිතුමි එලෙසින් පෙම් බැන්දේ ජනිත් වික්‍රමසිංහ නම් වූ මේ තරුණ ගායකයාට ය. ඔහුගේ රුවින් ඇගේ සාලය සැරසී තිබිණි. දැන් ජනිත් වික්‍රමසිංහ ඇය ඉදිරිපිට ය. ඇය ඇගේ සිහිනයේ තනිවිණි.
    [/FONT]



    [FONT=&quot] *****************
    [/FONT]


    [FONT=&quot]බියගුල්ලාත් උනන්දුවාත් පැමිණි රථය මැරයින් ඩ්‍රයිව් වෙත පැමිණ එක්තරා අවන්හලක් ඉදිරිපිට නතර කෙරිනි. ඒ වන විට වේලාව රාත්‍රී 7.30 පමණ වී ඇති අතර සෑහෙන පිරිසක් අවහන්හලේ විය. දෙදෙනාම අවහන්හලට එක්ව ඇතුලු වුවත් බියගුල්ලා ඉහළ මාලයට ගමන් කරනවා වෙනුවට ගමන් කළේ වැසිකිලිය දෙසට ය. ඔහු ගැන උනන්දු නොවූ උනන්දුවා ඉහළ මාලයට ගමන් කළේ තම කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සමඟ එක්වීමට ය. අද ඔවුන්ට සතුටුදායක දවසකි. පොලීසියට අනුබද්ධ බුද්ධි අංශයේ ඒකක 5 සාමාජිකයන් වූ ඔවුන්ට නොයෙක් පරීක්ෂණයන් පැවරුනත් ඒවායේ සාර්ථකත්වය අවම විය. නමුත් මේ පරීක්ෂණය නම් සෑහෙන දුරකට සාර්ථක වී තිබේ. ලද තොරතුරක් මත දින කීපයක් තිස්සේ ඔවුන් කළ සෙවීම් අනුව යමක් හමු වී ඇත. එය ඔවුන්ගේ ඒකකයට ජයග්‍රහණයකි. දැන් ඔවුන් එය සමරයි.
    [/FONT]



    [FONT=&quot]ඔහු වෙන්කර තිබු කාමරයට ඇතුල්වන විටත් අංශ ප්‍රධානියා ඇතුලු කණ්ඩායමේ සාමාජිකයන් මදුවිත තොලගාමින් සිටි අතර ඔහු දුටු විගසම ඉඳ සිටි අසුන්වලින් නැගිට ආචාරය පල කරන්නට විය.
    [/FONT]



    [FONT=&quot]‘වැහෙන්න ගිය යුනිට් එක බේර ගත්ත අපේ වීරයාට ජයවේවා.‘[/FONT]


    [FONT=&quot]‘හරි හරි මේ අරූ එන්න කලින් ඔය බිත්තර ගෙඩියයි, කජු මදයකුයි දියල්ලා මෙහාට‘[/FONT]


    [FONT=&quot]‘ඒ මොකට ද?‘[/FONT]


    [FONT=&quot]‘බලපල්ලකො‘[/FONT]


    [FONT=&quot]‘කෝ දැන් රනුක්‘[/FONT]


    [FONT=&quot]‘ඒකා ටොයිලට්. දැන් එයි. ඔයාලා සද්ද නොකර ඉන්නවලකො. මේ දීසියට රතු වයින් ටිකක් දාන්න මල්ලි‘[/FONT]


    [FONT=&quot]රතු වයින් දමා තිබූ දීසියට උනන්දුවා විසින් කජු මදයක් සවිකල බිත්තරය දමනු ලැබූවේ එය දකින්නකුට රුධිරයේ ගිලී ඇති ඇසක් මෙන් පෙනෙන ලෙසිනි. ඔවුන් මත්පැන් පානය කරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී බියගුල්ලා ද එහි පැමිණියේ ය. ඔහුට ද උණුසුම් පිළිගැනීමක් ලැබිණි. නමුත් ඒ පිළිගැනීම ක්ෂණයෙන් සිනහවක් බවට පත්විය. ඊට හේතුව රනුක්ගේ හැසිරීමයි. රනුක් එහි පැමිණිවිට ඔහුට පෙනෙන ලෙසින් උනන්දුවා බිත්තරය එක්වරම කටට දමා ගත්තේ ය. ගල්ගැසී එදෙස අපුලෙන් බලා සිටි රනුක් එක්වර දෑතින් ම සිය මුව වසා ගත්තේ ඔහුට පැමිණි ඔක්කාරය නිසාවෙනි.
    [/FONT]



    [FONT=&quot]‘මොකක්ද ඕයි තමුසෙ කලේ‘
    [/FONT]



    [FONT=&quot]රනුක් මුව වසාගෙනම ආ ආකාරයෙන්ම ඉන් බැහැර විය.
    [/FONT]



    [FONT=&quot]‘හික්ස් පොඩි ෆන් එකක් ගත්තා බොස්. උගෙන් හැර වෙන කාගෙන් ද ඒ වගේ ෆන් එකක් ගන්නේ ආ?‘[/FONT]


    [FONT=&quot]‘කව්ද ඒකාව අපේ යුනිට් එකට ගත්තේ‘[/FONT]


    [FONT=&quot]‘අපෙන් ද අහන්නේ. බොස්ම අරගෙන දැන් අපෙන් අහනවා කව්ද ගත්තෙ කියලා. ඇය දැන් වෙරි වැඩිද ඒකත් අමතක වෙන්න තරම්‘[/FONT]


    [FONT=&quot]‘අප්පා..... චැක්... මම ද ගත්තේ‘[/FONT]


    [FONT=&quot]‘බොස් මට ඒකව එපා. සපෝටර් විදියට වෙන කව්රුහරි පිරිමියෙක් මට දෙන්න‘[/FONT]


    [FONT=&quot]ඔක්කාරයෙන් සහ වසාගත් මුවින් යුත් රනුක් පහළ මලට පඩිපේලිය ඔස්සේ දුවගෙන මෙන් ආවේ තමුන්ගේ කටින් තවත් සුළුවේලාවකින් සියල්ල පිටවීමට ආසන්න නිසාවෙනි. ඔහුට ඊට පෙර වැසිකිලියට යෑමට අවශ්‍ය විය. අවාසනාවට පහළ මාලයේ රැස්ව සිටි පිරිස හේතුවෙන් ඔහුගේ ගමන අඩාල විනි. එහි ප්‍රතිඵලය වූයේ සිරකර ගෙන සිටි සියල්ල, බාධා බිඳ හෙලමින් හතර අතේ විසිරීමයි. ඔහුගේ මුවින් පිට වූ කහ පැහැ වමනය කීප දෙනකුගේ ම සිරුරු කරා ඇදී ගියත් ඒ කීප දෙනාගෙනුත් එක් මිනිසකුගේ හිසේ සිටම පැතිරුණි. සිදුවූයේ කුමක්දැයි කිසිවකුට එක්වරම අවබෝධ නොවුනත් පැමිණි දුර්ගන්ධයත් සමඟ සියල්ල විසඳිනි. ඔවුන් සියල්ලෝම ගොදුරකට කඩා පනින දඩයම් බල්ලන් මෙන් රනුක්ගේ ඇඟට කඩා පැන්නෝ ය. එහි ඇතිවූයේ මහා යුද්ධයකි.
    [/FONT]



    [FONT=&quot]මේ අතරේ රනුක් පසුපසින් කණ්ඩායමේ සිටි පරිගණක කටයුතු පිළිබඳව නිපුනයා පැමිණියේ ඔහුට සිදුවූයේ කුමක් ද යන්න සොයා බැලීමට ය. ඒ ප්‍රධානියාගේ උපදෙස් මත ය. පහළ මහලේ සිදුවන දෙය පඩිපේලියේ සිටි ඔහුට ක්ෂණයෙන් අවබෝධ විනි. ඒ සමඟම වේගයෙන් ආපසු දිව ගිය ඔහු තම සඟයන්ට වරෙල්ලා යැයි කියා කෑ ගසා පහළට දුව ගියේ ය. කණ්ඩායමේ අන් සාමාජිකයෝ ද ඔහු පසුපස පහළ මාලයට දුව ගියේ කුමක් හෝ වැරදී ඇති බව දැනුන නිසාවෙනි. එසේ දුව යන ඔවුන් ද එක් පොදියට යුද්ධයට එකතු වූයේ පාසැල් සමයේ ගැහුණු ළමයකු මුල්කර ගෙන සටන් වදින්නා වූ, සටනට හේතුවවත් නොදන්නා වු යෞවනයන් පිරිසක් සිහිපත් කරමිනි. සටන ඇදී යද්දී වීදුරු භාණ්ඩ, මේස පුටු එකිනෙක සිඳී බිඳී යන්නට ද විය. අවන්හලේ ආරක්ෂකයන්ට පවා එය පාලනය කිරීමට නොහැකි විනි. අවසානයේ සටන අවසන්වූයේ අවන්හල් සේවකයන්ගේ දැනුම් දීම මත පොලිස් නිලධාරීන් එහි පැමිණිම ද සමඟිනි. කීපදෙනකු හානියට හා පීඩාවට පත් ව තිබූ මේ සටනින් අඩුම හානිය වී තිබුනේ බියගුල්ලාට ය. ඒ ඔහු මේස දෙකක් පලිහක් ලෙසින් යොදා ගෙන සැඟව සිටි නිසාවෙනි. කෙසේවෙතත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමත්, අවන්හල් පරිපාලනයේ මැදිහත්වීමත් නිසා සටන සමථයට පත්විය. ඒකක 5 බුද්ධි අංශ ප්‍රධානියා එදා අවන්හලෙන් පිටවීමේ දී සපථ වූයේ පසුදින පළමු රාජකාරිය, බියගුල්ලා ඒකකයෙන් ඉවත් කිරීමෙන් අරඹන බවයි. [/FONT]


     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member


  • (6)​

    රනුක් තම කණ්ඩායමේ නිලධාරීන්ගෙන් මිදී නිවසට පැමිණියේ. ඔහු එනවිට ඔහුගේ පෙම්වතිය ඔහු බලාපොරොත්තුවෙන් සිටියා ය. ඒ වෙනකක් නිසා නොව එදින රනුක්ගේ උපන්දිනය වන නිසාවෙනි. ඇය වෛද්‍යවරියක වූ අතර ප්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරියක් ලෙසින් කටයුතු කළාය. ඇය රනුක් හා බැඳුනේ ඇය සේවය කල රෝහලේම සේවය කල රනුක්ගේ මවගේ දැන හැඳුනුම්කම් අනුව ය. කෙසේවෙතත් ඇය මව්පියන් නොමැත්තියක වූ ළමා නිවාසයක හැදී වැඩුණු තරුණියකි. ඇගේම මහන්සියෙන් වෛද්‍යවරයකු වූ නිසා සහ ඇය පිළිබඳව රනුක්ගේ මව දැන සිටි නිසා මේ සම්බන්ධතාවය බාධා විරහිතව ඉදිරියට ගලා යන්නට විය. රනුක් ද ඇයට ප්‍රේම කලේ ය.

    නිවසට පැමිණි රනුක් ඇය එහි සිටින බවක් නොදැන නානකාමරයට වැදුනේ දවසේ මහන්සිය ශීතල ජලයෙන් සෝදා හැරීමේ බලාපොරොත්තුවෙනි. ජල කරාමයෙන් වැටෙනා ජල බිඳු සිරුර පුරා ගලා යද්දී ඔහුට සනීපයක් දැනුනි. බිත්තියට අත් තබාගෙන හිසට ජලය වැටෙන්නට ඉඩ හැර සිටින ඔහුට එක්වරම සිහිපත් වූයේ පැය කීපයකට පෙර දුටු ආහාර අලෙවිසැලේ කවුන්ටරයේ සිටි සුන්දර තරුණියයි. ඇය මියගිය තැනැත්තා සමඟ හැසිරුණු ආකාරය, ඇගේ මුහුණේ තිබූ හැඟීම් මේ සියල්ල ඔහුට සිහිපත් විනි. සිතුවිලි සමුදායක් මැද නානකාමරයෙන් පිටතට පැමිණි රනුක් පුදුමයට පත්වූයේ තමාගේ නිවසම අඳුරින් වෙලී තිබීම නිසාවෙනි. නමුත් නානකාමරයේ විදුලි බුබුළු දැල්ව තිබේ. තමුන් නානාකාමරයට ඇතුලුවන විට නිවස ආලෝකමත්ව තිබිනි. කවුරුන් හෝ නිවසට ඇතුලු වී ඇත්ද යන සැකය ඔහුට ඇති වූයේ එසැණිනි. මෙනිසා ඔහු නිහඬව සාලයට ගමන් කලේ ය. පුදුමයෙකි. සාලය මැද රත්පැහැ ඉටිපන්දම් කීපයක් දැල් වේ. ඔහු එදෙස බලාගෙන ඉදිරියට ගමන් කලේ ය. එවිටම ඔහුට හුරු පුරුදු දෑතකින් ඇස් ආවරණය විනි. එහිම නැවතුන රනුක් තම දෑතින් ඒ දෑත් යුවල අල්ලා ගත්තේ සිනහවක්ද සහිතව ය.

    "මට නිකන්වත් හිතුන් නෑ, ඔයා ඇවිත් කියලා මේ වෙලාවේ"

    "ඇයි මට මෙහෙට එන්න නියමිත වෙලාවක් තියෙනවාද මහත්තයෝ"

    "අයියෝ නෑ අනේ. ඒත් ලයිට් නිවිලා තිබ්බ නිසා මන් අප්සට් වුනා. අනික මේ කැන්ඩ්ල්ස්.. මොකට ද මේ"

    "අනේ අයියෝ.. ඇයි රාළහාමි අමතකද ... අද ඔයාගේ උපන්දිනේ නේ."

    "මොකක්, මගේ උපන්දිනේ?..."

    "අනේ හොඳේ."..

    "යක⁣ඩෝ ඇත්ත නේන්නම්.."

    ඇස්වසා තිබූ දෑ⁣ත් මුදවා ලූ රනුක් පසුපසට හැරී ඒ දෑතේ හිමිකාරියගේ ඉනින් අල්ලාගෙන ඇය තමුන්ට ලන් කර ගත්තේ ය. ඇයගේ දෑත් ඔහුගේ ගෙල වටා එතිනි.

    "ආදරෙයි කියා ගන්න බැරි තරම් දීපිකා.."

    "මමත් එහෙමමයි රනුක්.."

    මදවේලාවක් එකිනෙකා සමඟ තුරුලු වී සිටි යුවල ඔවුන්ගේම ලෝකයේ ප්‍රිය සාදයකට පිය මැන්නහ.

    **********​

    උදෑසන සිතුමි අවදිවූයේ බලවත් හිසරිදීමක් ද සහිතව ය. ඇයට නින්ද අතරමැද දී බාධා වූ විට මේ තත්ත්වය ඇති වේ. අවදි වූ ඇය හිමින්සීරුවේ බැහැරට යෑමට සූදානම් විය. ඇගේ මිතුරියක පොල්ගහවෙල සිටී. රැකියාවක් නැති ඇය මව වෙතට යනු වෙනුවට මිතුරිය වෙත යෑමට තීරණය කළාය. සූදානම්ව මාර්ගයට පැමිණි ඈ, බස් නැවතුම්පලට ගමන් කලා ය. ඇය එහි යනවිටත් බස්රථයකට මගීන් එකතු කරමින් සිටිනවා ඈ දුටුවා ය. ඇයද එම බස්රියටම ගොඩවූවා ය. අසුනෙන් අසුනට අසුන් ගැනීමට හිස් ස්ථානයක් බලමින් ගිය සිතුමි එක් අසුනක් අල්ලා ගත්තා ය. ඇගේ ඇඳුම් බෑගය ගමන්මලු රාක්කයට ඇසිරූ ඇය, අසුන් ගත්තා ය. අසුන්ගෙන ටික වේලාවකින් ඇය ඇස් පියා ගත්තේ බස් රිය පිටත්වයෑමට තව වේලාවක් ඇති නිසාවෙනි. එසේම රාත්‍රියේ නින්ද නොමැතිවීමද ඇයට දැනිනි. නමුත් ඇයට නිදහසේ වැඩි වේලාවක් එසේ සිටීමට නොහැකි වූයේ ඈ පැළඳසිටි කණ්නාඩි කුට්ටම කව්රුන් හෝ එක්වරම ගැලවීම නිසාවෙනි. ඇය බැලුවේ ඒ කව්රුන්ද කියා යි. අවුරුදු 6, 7 ක කුඩා දැරිවියක් ඇගේ අව් කණ්නාඩි යුවල පළඳාගෙන සිනහවෙමින් සිටියා ය.

    "බබා දෙන්න ඕක මට. ඕක මගේ නේ."

    "ම්හු. දැන් මේක මගේ."

    "මේ අහන්න පැටියෝ නැන්දිගේ කණ්නාඩිය නැන්දිට දෙන්න"

    "බෑ බෑ. ඒක මගේ"

    කණ්නාඩිය දීම දැරිවිය ප්‍රතික්ෂේප කළ අතර සිතුමි එය ලබා ගැනීමට උත්සාහ කළාය. ඒ සමග දැරිවියගේ අතේ තිබූ කණ්නාඩිය බිම වැටිනි. බිම වැටුන කණ්නාඩිය පසකට විසිවුන අතර එය ඒ අසල අසුන්ගෙන සිටියකුගේ පාදයට අසු වී කැඩෙනවා සිතුමි බලා සිටියා ය. ඇයට දැරිය සමඟ දැඩි කේන්තියක් ඇති විනි. ඇගේ මුහුණේ ඉරියව් හඳුනාගත් කුඩා දැරිය එක්වරම හඬන්නට වූ අතර ඇගේ මව්යැයි සැලකිය හැකි කාන්තාවක් එතැනට පැමිණියා ය.

    "බලන්න මිස්. ඔයාගේ ළමයා කරපු වැඩේ. මගේ කණ්නාඩිය අරන් බිමට දැම්මා. අර මනුස්සයාගේ කකුලට පෑගිලා ඒක කැඩිලා ගියා."

    "මේ පොඩි ළමයෙක්නෙ මිස්. ඒ අය එහෙම තමයි. මන් ඔයාට සල්ලි දෙන්නම් එකක් ගන්න."

    "අනේ මේ ඔයාගේ සල්ලි ඔයා තියා ගන්න. ඒ වුනාට ළමයා හදා ගන්න"

    "මේ ගෑනියේ ම⁣ගේ ළමයා මන් හදා ගන්නම්. තමුසේ තමුසේගේ පාඩුවේ යන විදියට යනවා"

    "මොකක්ද තමුසෙ කියන්නේ"

    එක්වරම සිතුමිගෙන් කම්මුල් පහරක් අර කාන්තාවට වැදිනි. නොසිතූ සිදුවීමෙන් තුෂ්නිම්භූත වූ ඇය ද නිහඬව සිටියේ නැත. ගොරවමින් සිතුමිගේ ඇඟට කඩා පැන්නා ය. එහෙත් ඇයට පෙර ක්‍රියාත්මක වූ සිතුමි, ඇයව අසුන මත පෙර ලා ගත්තා ය. ඒ ඇසිල්ලෙන් අවට සිටියවුන් එහි පැමිණ ඔවුන් දෙදෙනා දෙපසට කරන්නට විනි. මෙවෙලේ සිතුමිගේ ස්වරූපය එක්වරම වෙනස් විය. ඇය කෑ ගසන්නට ගත්තා ය.

    "මේකෙ ඉන්න එපා. හැමෝම ඉක්මණින් බහින්න. මේ බස් එක ගිනිගන්නයි යන්නෙ. ඉක්මණින් බහින්න."

    "පිස්සුද මේ ගෑණිට. කෝ මේ කොන්දොස්තර? බිමට දාන්න මෙයාව"

    "මන් කියන දේ අහන්න. සේරමලා ඉක්මණින් බහින්න. මේ බස් එක ගිනි ගන්නවා."

    කඳුළු පිරි දෙනෙතින් යුතු ඇයව බස් රථයෙන් බිමට ඇදගෙන යෑමට කොන්දොස්තරවරයාත් රියදුරාත් කටයුතු ක⁣ල හ. එවිටත් ඇය සිටියේ එකම දේ කියමින් කෑ ගසමිනි. නැවතුම්පොලේ ඇති පොලිස් මුරපොලට ඇයව භාර දුන් රියදුරාත් කොන්දොස්තරවරයාත් ආපසු බස් රථයට ගමන් කළහ.

    "අනේ ඔෆිසර් අර බස් එකට යන්න දෙන්න එපා. ඒක ගිනිගන්නයි යන්නේ. මිනිස්සු මැරෙයි"

    ඇය කන්නලව් කළාය. නමුත් මුරපොලේ නිලධාරීන් ඒ ගැන එතරම් තැකීමක් නො⁣කලේ එය මනෝවිකාරයකැයි සිතමිනි. මේ අතර සිතුමි හදිසියේ ම නැගිට මුරපොලේ පිටවුම් දොරටුවට දුවගියාය. ඇය පසුපස පොලිස් නිලධාරියකු ද දුව ගියේ ය. ගතවූයේ මොහොතකි. හෙණ හඬ නගිමින් බස්රිය තුළ පිපිරීමක් සිදු වී ගින්නක් හට ගන්නා ලදි. එහි ශබ්දයට මුරපොලේ වීදුරු පවා කුඩු වී ගියේ ය. සිතුමි මෙන්ම පසුපසින් දුවගිය පොලිස් නිලධාරියා ද විසි වී බිම වැටිනි.

    බස් නැවතුම්පොලේ රැස්ව සිටි පිරිස් ගින්න නිවීමට යුහුසුළු වූහ. නමුත් ඉතා වේගයෙන් ගින්න පැතිරී තිබිනි. සමහරුන් පණපිටින් දැවෙනවා ද දක්නට ලැබිනි. එහි එකම ගාලගෝට්ටියකි. ගින්න නිවෙනවිට කීප දෙනකුගේ දිවි බේරී තිබූ නමුත් බහුතරයක් දෙනා ගින්නට හසු වී තිබිනි. සිතුමිගේ කණ්නාඩිය ගලවා ගත් දැරිවිය මෙන්ම ඇගේ මවද ඒ ගින්නෙන් දැවුණු පිරිස අතර විය.

    ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණෙන විට රැස් වූ පිරිස විසින් ගින්න අඩක් නිවා තිබිනි. මුරපොලේ නිලධාරීන් ද ඒ සඳහා සහයෝගය දැක්විය. ගිනිනිවන භ⁣ටයෝ මෙන්ම හමුදා නිලධාරීන් ගිනිනිවීමේ කර්තව්‍යයේ යෙදී සිටිය හ.

    "කෝ ඒ කෙල්ල?"

    "මේ ඇතුලෙ ඉන්නවා සර්."

    "ඔහෝ මොකක්ද මෙයා කියන්නේ"

    "එයා අඬනවා විතරයි සර්. අපි බෑග් චෙක් කරා. ඒකෙ කිසිම සැක හිතෙන දෙයක් නෑ. හැබැයි ඔය බ්ලාස්ට් වුන බස් එකේ කන්ඩක්ටරුයි ඩ්‍රයිවරුයි තමා එයාව මෙතනට අරන් ආවේ. ඒ වෙලාවෙත් මෙයා කෑ ගහ ගහ හිටියේ බස් එක ගිනිගන්නවා කිය කිය."

    "ඒ කියන්නෙ මෙයා දැනන් ඉඳලා තියෙනවා බ්ලාස්ට් වෙනවා කියලා නේද?"

    "අනිවාර්යෙන්ම සර්. මෙයා දන්නවා"

    "මේ වෙලාවේ කරන්න දෙයක් නෑ. පත්තරකාරයොත් ඇවිල්ලා. මෙයාව ඇරෙස්ට් කරන්න සැකපිට."

    කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිතුමිව පොලිස් ජීප් රථයට නංවා ගනු ලැබිනි. එවෙලේත් ඇය හඬමින් සිටියා ය. ඇයව ජීප් රියට නංවා ගනිද්දී මාධ්‍යවේදියෝ ඇගේ ඡායාරූප ලබා ගත් අතර සිද්ධිය ඒ වන විටත් ප්‍රධාන ප්‍රවෘත්තියක් ව තිබිනි. ඇය රැගත් ජීප් රිය බස් නැවතුමපොලෙන් පිටවන තුරුම මාධ්‍යවේදීන් එ් පිළිබඳව විස්තර කළහ. ඇය ද ජිප් රථයේ වීදුරුවෙන් බලා සිටියේ දැවෙමින් පවතින බස්රිය දෙසිනි. ඇගේ අතක කැඩී ගිය කණ්නාඩිය ද විය.


     
    • Like
    Reactions: Assassin Galaa