පෙනෙන නොපෙනෙන

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලියන ඒවා පෝස්ට් කරගන්න බෑ නේ. දැම්ම ම එඩිට් කරන්න කියනවා.

    මෙහෙම කරල බලපන්. කාගෙ හරි පෝස්ට් එකකට රිප්ලයි වගේ දාන්න බලපන් මේ කරල තියෙනවා වගේ....
     

    hpalpola

    Well-known member
  • (20)​

    නවාතැන් පොළෙන් පිට වූ සිතුමි පාරට පැමිණ කුලී රියකට නැගුනේ ය. ඒ වන විට ඇගේ ස්වරූපය පිටට පෙනුනේ හෝන්දු මාන්දු ගතියෙන් පෙලෙන්නියක ගේ ස්වභාවය මෙනි. තලත්තෑනි රියදුරා පසු කණ්නාඩියෙන් හදිසියේ ම දුවගෙන මෙන් පැමිණ කුලීරථයට නැගි ඇගේ හැසිරීම කීප විටක් ම නිරීක්ෂණය කළේ ඇය යම් කිසි පීඩාවකින් පෙළෙන්නෙක් ද නැත්නම් කරදරයකට ලක්වූයෙක්දැයි නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඇය සඳහන් කළ ලිපිනය ඔහු දන්නේ නැත. නමුත් කොළඹ මාර්ග පිළිබඳව ඇති දැනුම නිසා අදාළ ලිපිනය සොයාගැනීමට රාත්‍රියේ වුවද කරදරයක් නොවන බව ඔහු විශ්වාස කළේ ය.

    ‘මිස්... ඔයාට මොකක් හරි අසනීපයක්වත් කරදරයක්වත් ද... ‘

    ‘මොකක්..... නෑ... ඇයි අහන්නේ‘

    ‘නෑ මිස්.... මිස් දිහා බැලුවම නිකන් බයවෙලා වගේ පේන්නේ ... ඒකයි ඇහුවේ... මිස් හරියට මගේ වාහනේ ඉස්සරහට පැන්නෙ කව්රු හරි එලවන් ආවා වගේ නේ.‘

    ‘නෑ.. මට එහෙම කරදරයක් නෑ... අංකල් මන් කිව්ව ඇඩ්ඩ්‍රස් එකට මාව ඇරලවන්නකො... මට ටිකක් හදිස්සියි ... ඒකයි.‘

    ඒ වන විට වර්ෂාව අඩු වෙමින් තිබිණි. රාත්‍රී දහය, එකොළහ වන විට කොළඹ මාර්ගයන්හි සෙනඟ ගැවසෙන්නේ අඩු වශයෙනි. වාහන ගමන් කරයි. නමුත් කොළඹ නගරය නො නිදන නගරය ය. පුවත්පත් වාර්තා, පොලිස් වාර්තා අනුව රැයක් දවාළක් නොමැතිව යම් යම් අපචාරයන් මේ නොනිදන නගරයේ සිදු වේ. මිනිසුන් සංකීර්ණවෙත්ම, දියුණුවෙත්ම ශිෂ්ඨත්වයෙන් බැහැරට යාම දැක ගැනීමට හැකි බව වැඩිහිටියන් කතා කරන්නේ මේ පරිසරයේ සිටිමින් ය.

    රනුක් දිසානායක ලෙසින් අප හඳුනන තැනැත්තා, මින් ඉදිරියට රනුක් දිසානායක ලෙසින් ම හැඳින්වෙනු ඇත. ඔහු හිරි පොද මැදින් ඇවිද ආවේ දැනට දින කීපයකට පෙර තරුණයකු සියදිවි නසාගත් ස්ථානයට ය. ඒ ස්ථානයට යාබද ව ඇති වැටකට දෑතින් බර දී හේත්තු වූ ඔහු එදා වූ සිදුවීම සිහිපත් කළේ ය.

    ‘උඹ මහ ලොකු මිනිහෙක්නම් මන් යාළුවෙලා ඉඳපු කෙල්ලව සෙට් කරගන්නෙ නෑ මට හොරෙන්.. උඹ යාළුවෙක් නෙමෙයි. පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇන්නේ..‘

    ඔහුට එදා කණුවට නැග කෑ ගසමින් සිටි තැනැත්තා සිහිපත් විය. ඔහු අද මේ ඉන්නා තැනට ම වී ඒ තරුණයා දෙස බලා සිටියේ කේන්තියෙනි.

    ‘මොන මඟුලක් ද මූ කරන්නේ... යකෝ මැරෙනවානම් මැරියන්කො.. දැන් දවස් කීයක් ද.... මමත් පස්සෙන් එනවා, මූත් කෑ ගහනවා විතරයි.... අද වෙලාව ඇවිල්ලත් පරක්කු කරනවානේ.... කියවිල්ල නවත්තලා පැනපන් යකෝ...‘

    ‘දැන ගනින් ........... දැන ගනින්.... මන් හොල්මනක් වෙලා ඇවිල්ලා උඹෙන් පලිගන්නවා.... ඔව් උඹ මගේ යාළුවා වගේ ඉඳලා පිටිපස්සට පිහියෙන් ඇන්නට මන් උඹෙන් පලිගන්නවා... මේ ආත්මෙ බැරිනම් ලබන ආත්මෙ හරි.... ලෑස්ති වෙලා ඉඳපන්...‘

    පලිගැනීමේ චේතනාව වචනයෙන් ලොවට පෙන්නුම් කළ ඔහු, කණුවේ සිට බිමට පැන්නේ හිස පහළට හරවා ගෙන ය. දෑත් බැඳගෙන තරුණයා ඉහළ සිට වැටෙනවා ඔහු බලා සිටියේ ය.

    ‘යන්තම් ඇති.... මට ඇති වෙලා ඉඳියෙ.. අම්මපා...‘

    මිනිසුන් කෑ ගසන්නේ ඔවුන්ට මෙවැනි සිදුවීම් එතරම් ම දැක ගැනීමට නොමැති නිසාවෙනි. සෙනග අතරින් රිංගා ගොස් බිම වැටුණු සිරුර දෙස බැලූ ඔහුට දක්නට ලැබුනේ චොරු වී ගිය පැපොලක් මෙන් වූ තරුණයාගේ හිසයි. මොළකෑලි අසල විසිරී තිබිණි.

    ‘කාලකන්නි..‘

    ඔහුට එදා සිදුවීම, අද වූවා මෙන් ඇස් ඉදිරිපිට මැවී පෙනේ.

    ‘චික්.. එදා මන් ඌට මැරෙන්න නොදී ඉන්න තිබ්බෙ... .ඒත්...‘

    ‘අඩේ මේ ඉන්නේ..... අපි හැමතැනම හොයනවා.. මෙයා මෙහෙ වැටක් බදන් ඉන්නවා...‘

    ඔහු හැරී බැලූ විට දුටුවේ තමන්ගේ මිතුරන් දෙදෙනා එහි පැමිණි සිටින ආකාරය ය.

    ‘අපි මිනිහා ව පරිස්සමෙන් තියලා තිබ්බෙ.‘

    ‘යකුනේ.. මන් තොපිට කී සැරයක් කීවද ඌව බොහොම පරිස්සමට බලාගන්න ඕනා කියලා.. ඇයි තේරුම් නොගන්නේ... අපි සේරම ඉවරයි නේද ඌ පැන්නොත්.. ඔව් ඉතින් උඹල දෙන්නට මොකද මටනෙ කෙලවෙන්නේ..‘

    ඔහු කෑ ගැසුවේ ය. ඔහුගේ කෑ ගැසීමට ප්‍රතිචාර දැක්වුයේ තොප්පිය පැළඳසිටි වයස්ගත තැනැත්තා ය.

    ‘දැන් ඔහේ කියන්නේ අපේ වැඩ සේරම නවත්තලා, ඒ රනුක්ගේ ආත්මය දිහා බලන් ඉන්න කියලා ද අපිට ... ආ...?‘

    ‘ඇයි යකෝ දැනටත් තියෙන වැඩ ටික කරලා ඉවර කරගන්න බෑ. මේ යක්ෂ මිනිස්සු රටට, ලෝකෙට බරක්. උන්ව අරන් එන්න කියලා තප්පරෙන් තප්පරේ අපිට බල කරනවා. තමුසෙ ඒ අස්සෙ එක ආත්මයක් වෙනුවෙන් සේරම වැඩ නවත්තලා බලන් ඉන්නයි කියලා කෑ ගහනවා. මොන විකාරයක් ද?‘

    සිතුමි සිටියේ දැඩි වේදනාවකිනි. ඇය දෙස රියදුරා විමසිල්ලෙන් බලා සිටියේ ය.

    ‘ඇත්තටම මිස් අපි හොස්පිට්ල් එකට පොඩ්ඩක් යමුද, මට බයයි මගේ වාහනේ දි මිස්ට කරදරයක් වේවි කියලා..‘

    ‘අනේ අංකල් මට එහෙම ලෙඩක් නෑ ... අපි යමු ඉක්මනට.‘

    ඒ වන විට ඔවුන් ගමන් කළ රථය ද රනුක් නැවතී සිටි ස්ථානය පසු කරමින් මාර්ගයේ අනෙක් තීරුවෙන් ධාවනය වෙමින් තිබිණි. ඔහුව මුලදී ඇය හඳුනා නොගත්ත ද ළං වන විට හඳුනා ගැනීමට හැකි විය.

    ‘රනුක්.... නෑ.. දිනුක්..‘

    ඇය තවත් ළං වෙද්දී දුටුවේ ඔහු අසලම රැඳී ඇති කළු සෙවණැලි දෙකකි.

    ‘අනේ දෙවියනේ.. දිනුක්.... ඔයා ළඟ ඒවා තියෙනවා....‘ ඇය තමාට ම කියා ගත්තා ය.

    ‘අංකල්, කාර් එක ඉක්මණට නවත්තන්න... අයියෝ නවත්තන්න... මට බහින්න ඕනා...‘ ඇය කෑ ගැසුවා ය.

    ‘පිස්සුද මිස් මෙතන නවත්වන්න බෑ. කැමරා තියෙනවා. දඩයක් කන්න වෙයි..‘

    ‘ප්ලීස් නවත්තන්න ඉක්මනට‘

    ඇගේ කරදරය නිසා කැමරා පසු කොට මද දුරක් ගොස් සුදුසු ස්ථානයකදී ඔහු කුලී රථය නැවැත්වූවේ ය. ඉක්මණින් ම ඔහු දෙසට බෑගයෙන් ගත් මුදල් නෝට්ටු කීපයක් විසි කළ ඇය, රථයෙන් බැස රනුක් සිටිනා දෙසට දිව ගියා ය.

    ‘අපිට සමාවෙන්න ලොක්කා... අපි මිනිහාව හොඳට ලොක් කරලා තියලා තිබ්බෙ.. කොහොම පැන්නද මන්දා ....‘

    ‘පලයව් බොරු පච නොකෙළ. මට තාම හිතාගන්න බෑ මන් අහවල් එකට උඹල වගේ මෝඩයො දෙන්නෙක් ව විශ්වාස කරලා ඌව බලාගන්න පැවරුවද කියලා.‘

    ‘මොකක් අපි දැන් මෝඩයො ද?‘

    ‘උඹ දැන ගනින්....‘

    තොප්පිය පැළඳ සිටින්නා ට රනුක්ගේ කථාව නිසා ඇති වූ කෝපය පිට කළේ රනුක් පහර දෙමිනි. නමුත් ඒ එක් පහරක් හෝ රනුක් ට වැදුනේ නැත. ඒවා සුළඟේ පා වී ගියේ ය.

    ‘හික්ස්.... මන් කිව්වෙ .. හා මෝඩ නැද්ද... ‘ රනුක් ඔහු දෙස බැලුවේ උපහාසාත්මක බැල්මකි.

    ‘උඹ දන්නවා ද අපිව මෝඩයෝ කළේ කව්ද කියලා. උඹ... උඹ තමයි... අපි එපා කියද්දී උඹ උගේ ඇඟට රිංගුවා.. දැන් අපිව කන්න හදනවා..‘

    ‘මම.... මේ මම... උඹලව මෝඩයෝ කලා... අනේ මේ...පල‘

    රනුක්, ඔහුගේ තොප්පියෙන් අල්ලා ඔහුව පසුපසට තල්ලු කර දැමුවේ සැනෙකිනි. ඒ සමඟම පය පැකිලුනු රනුක් කැරකී මාර්ගයට වැටිණි. එසේ වැටෙනවාත් සමඟ ඔහුගේ ජැකට්ටුවේ තිබූ පළිඟු බෝලය, සාක්කුවෙන් පිටතට විසි වී මාර්ගය දිගේ, මාර්ගය මැද්දට වන්නට පෙරලී ගියේ ය. එදෙස බලා සිටි ඔහු වහාම එය අහුලා ගැනීම සඳහා පාර මැද්දට දුව ගියේ මාර්ගයේ ගමන් කරනා වාහන ගැනවත් නොසිතමිනි. මැද්දට වන්නට නැවතුණු පළිඟුව සංඥාවක් නිකුත් කරන්නට විය. එහි දුවගොස් එය අතට ගත් ඔහු සංඥාව විමසා බැලීමේ දී දුටුවේ කාන්තා රුවක් එහි ඇඳෙන ආකාරය යි. ඒ සමඟම ‘දිනුක්... අයින් වෙන්න... දිනුක්...‘ යැයි කෑ ගසමින් තමන් දෙසට දුව එන කාන්තා රුවක් ද දක්නට ලැබිණි. ඒ කාන්තාවගේ මුහුණ දෙස බලා නැවත පළිඟුව දෙස බැලූ කල මේ තමුන් දකින්නේ එකම රුවක් ය යන්න ඔහුට පසක් විය. නමුත් එවිට ම නොනැවැත්වී හැඬවෙන්නා වූ වාහනයක නලා නාදය ඔහුගේ සිතුවිලි වෙනස් කළේ, ඔහු එදෙසට හැරී බලමිනි. වේගයෙන් රථයක් ඔහු දෙසට පැමිණෙමින් තිබිණි. රථය ඔහු සමඟ ගැටෙන අවස්ථාවත්, දුව ආ කාන්තාව ඔහුගේ ඇඟට පිනූ අවස්ථාවත් එක්වරම මෙන් සිදුවුනේ ඔහු ඒ රථයේ මාර්ගයෙන් ඉවත් කරමිනි. ඔහුගේ ඇඟේ ගෑවී නොගෑවී මෙන් වේගයෙන් රථය පසු කර ගියේ ය. රනුක්, තරුණිය ද සමඟ පෙරළී පසෙකට වැටිණි.

    ‘මොකක්... මෙයාගේ ආත්මෙද ඒ පාර මට අරන් එන්න කියන්නේ...‘ ඔහු තමාට ම කියා ගත්තේ ය.

    බිම වැටුණ තරුණිය, හිමින් සීරුවේ ඔහු දෙස ඇස් යොමා බැලුවේ ය.

    ‘ඇති යන්තම් ඔයා බේරුනා...‘ ඔහුට එය ඇසිණි. ඒ සමඟ ඇගේ ඇස් පිය විය.

    ***********​

    ‘මේ මනුස්සයා නිසා අපිටත් වෙන්නේ මහ කරදර වැඩ. මුලින්ම අර කරුමෙ පැනලා ගියා. දැන් ඌ ඉන්න තැනක් හොයා ගන්න බැහැ. ඌව හොයන්න කියල ඇවිල්ලා මේ නර ශරීරෙට රිංග ගත්තා. දැන් ඒ මඟුලෙන් එළියට එන්න බෑ. ඒකත් කමක් නෑ කියහන්කො. අපිවත් පැටලුවානේ.‘

    ‘එහෙම කියන්න එපා. අපි කැමැත්තෙන් නෙ ආවේ.. හා නැද්ද?‘

    ‘අනේ මේ තියාගනින් උඹේ කැමැත්ත. ඉහළට ආරංචි වුනොත් කැමැත්ත තේරේවි.‘

    ඔවුන් දෙදෙනා කථා කරමින් සිටියදී සිතුමිව කර තබා ගෙන රනුක් ද නිවසට පැමිණියේ ය. ඇයව රැගෙන විත් සැටිය මත දැමූ ඔහු ඉනේ අත ගසා ගෙන ඇය දෙස බලා සිටියේ ය.

    ‘මන් මෙහෙට ආපු දවසෙ ඉඳන් මේ ගෑණිගෙන් පුදුම වදයක් තියෙන්නේ.. චැහ්.‘

    ‘හෝව් හෝව්... පොලිස් රාළහාමි. අපි දැක්කා ඔහේ ඒ ගෑණු මනුස්සයාව බදාගෙන බිම පෙරලෙනවා.‘
    ‘බදාගෙන බිම පෙරලෙනවා... මම... උඹල දෙන්නට පිස්සුද බොලව්.. මන් මොකට ද මේ කුණු ගඳ ගහන ඇඟ බදාගෙන පාරේ පෙරලෙන්නේ.‘

    ‘එහෙනම් අපි ඒ දැක්කේ..‘

    ‘අනේ මේ.... මට හිතා ගන්න බැරි මේ ගෑණි කොහෙන් එතැනට පාත් වුනාද කියලා.... යකෝ මන් යන යන තැනට එනවානේ..‘

    ‘ඒක නෙමේ. අපි දැන් මොකද මෙයාට කරන්නේ...‘

    රනුක් ඇය දෙස පරීක්ෂාශීලීව බැලුවේ ය. ඇගේ කරවටා ඇති අත්බෑගය ඔහු දුටුවේ එවිට ය. ඉක්මණින් ම එය ඇගේ උරහිසෙන් පන්නා ගත් ඔහු එහි ඇති සියළු දෑ බිම හෙළුවේ ය. බෑගය කරෙන් ගලවා ගන්නා විට ම අසුන් ගෙන සිටි දෙදෙනා නැගිට්ටේ ඔහු කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ නිසාවෙනි. පනාවේ සිට කාන්තාවකට අයත් ආම්පන්න ආදී සියළු දේ සට පට හඬින් බිම වැටිණි.

    ‘මේ තියෙන්නේ ... බලනවලා මේ ගෑණි ඉන්න තැනක විස්තර හොයාගන්න පුළුවන් ද කියලා මේවයින්.‘

    අදාළ ලට පට අතරේ සිතුමි අවසන් වරට සේවය කළ වෙළඳ ව්‍යාපාරයෙන් ලැබී තිබිණු හැඳුණුම්පතක් ද විනි. එය ඇහැ ගැටුනේ තරුණ ගැටයාට ය.

    ‘ඔන්න ඔය .. ඕකෙ තියෙනවා.‘

    රනුක් එය අතට ගෙන බැලුවේ ය.

    ‘හරි මන් මේ මනුස්සයාව මෙතැනට දාලා එන්නම්.‘

    එසේ කිව් ඔහු ඇයව ආපසු පහසුවෙන් උස්සා කර මත තබා ගත්තේ ය.

    ‘කොහේද ඒ පාර යන්න හදන්නේ‘

    කිසිඳු පිළිතුරක් නොදුන් ඔහු ඇයව ද කරේ තබා ගෙන පිටවීමේ දොර දෙසට ඇවිද ගියේ ය.

    ‘කියන දේ අහනවාකො.... කොහේද යන්නේ...‘

    ඊට කන් නොදුන් ඔහු දොර විවෘත කරගෙන පිටව යනායුරු ඔවුන් දෙදෙනා බලා සිටියහ. නමුත් වැඩි වේලාවක් නොගොස් නැවතත් ගිය ආකාරයෙන් ම රනුක් ඇයවත් කරේ තබාගෙන කාමරයට පිවිසුනේ ය.

    ‘හික්ස්... මෝඩ මිනිහා.. මිනිස් ඇඟට රිංගුවාම ඒවත් දන්නෙ නෑ නේ ද? මතක නැති වුනාද තව මිනිහෙක් එක්ක අපිට අන්තර්ධාන වෙන්න බැරි බව.‘

    ‘මන් දන්නවා අයිසෙ... මට ටිකක් අමතක වුනා..‘

    ඔහු නැවතත් ඇයව රැගෙන වෙනත් දොරකට ගමන් කළේ ය. එසේ ගමන් කරන විට ඇගේ හිස බිත්තියේ දඩස් හඬින් වැදිනි. මෙය දුටු ඔවුන් දෙදෙනා නැවතත් පුටුවෙන් සිටවුනි.

    ‘මොකක් ද මිනිහො කරන්නේ. ඔය අහිංසකීගේ ඔළුව පලන්න ද හදන්නේ..‘

    ‘අහිංසකී... මේ ගෑණි මට දැන් මහ වදයක් වෙලා තියෙන්නේ..‘

    කෙසේ හෝ ඔහු ඇයව, ඇගේ නිවහනය රැගෙන ආවේ ය. ඇඳ මතට ඇයව විසි කළ ඔහුගේ ඇස් නතර වූයේ බිත්තිවල අලවා තිබූ පිරිමි රුව දැකීමෙනි. නොයෙක් ඉරියව් වලින් සිටිනා තරුණයකුගේ ඡායාරූප වලින් ඇගේ කාමරයේ බිත්තියේ කොටසක් ආවරණය වී තිබිණි.

    ‘මොකෙක් ද යකෝ මේ. මෙයාගේ කොල්ලා වත් ද?‘ ඔහු තමාට ම කියා ගත්තේ ය. වටපිට බැලූ ඔහුට එල්ලා තිබූ රෙදි පටක් දක්නට ලැබිණි.

    ‘මෙයා නිකන් අමුතු කෙනෙක් වගේ...‘ තමාටම කියා ගනිමින් ඔහු ඇය දෙස හැරී බැලුවේ ය.

    ‘හ්ම්... තව ටිකක් ඔහොම ම ඉන්නවා. මට දැන්ම තමුසෙගෙ ආත්මෙ පරලෝකෙට ගෙනි යන්න හිතෙන්නෙ නෑ. ඒත් වෙලාව ආවම තමුසෙට මා එක්ක යන්න වෙනවා.. අර මෝඩයා අල්ලගත්ත ගමන් ඒ වෙලාව උදා වෙනවා. එදාට මන් තමුසෙව සතුටින් පරලෝකෙට එක්ක යනවා..‘

    **********​
     
    • Like
    Reactions: Nu1Dnk

    hpalpola

    Well-known member
  • යුනිට් 5 කණ්ඩායමේ නිලධාරීන් ඒ වන විටත් රාජකාරීයේ යෙදී සිටියේ සිදු වූ මිනීමරුමට අදාළ ව කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව පසුතැවිලි වෙමිනි. උනන්දුවා ස්ථානයෙන් රැගෙන ආ සීසීටීවී දර්ශන පිරික්සමින් සිටියේ කුමක් හෝ හෝඩුවාවක් දැන ගැනීමට ලැබේවිය යන විශ්වාසයෙනි. නමුත් මෙතෙක් කිසිවක් හමුවූයේ නැත. අනෙක් නිලධාරීන් ද කුමක් හෝ කාර්යයක නියැලී සිටින බව දක්නට ලැබිණි. ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී එහි පැමිණියේ ඔවුන්ගේ ප්‍රධානියා ය.

    ‘සේරම ඉවර වෙන්නයි යන්නේ.... තමුසෙලා මාවත් කාලා, තමුසෙලත් නැහෙනවා....‘

    ‘ඇයි බොස් මොකෝ ඒ සැරේ වුනේ...‘

    ‘ඒ සැරේ මොකෝ වුනේ අහන්නේ... මහ දවල් මිනීමැරුමක් වෙනවා. හැබැයි අපිට කිසිම සාක්ෂියක් නැහැ. ඒ වෙනුවට අපේ කණ්ඩායමේ එකෙක් මළමිනිය ලඟ තියාගෙන කෑම ඕඩර් කරලා එතැන ඉඳන් සනීපෙට කනවා. ඒකෙ බිල දාලා තියෙන්නෙ අපේ ගිණුමට.‘

    ‘සර් දන්නවනේ රනුක් ට..‘

    ‘මේ මේ හැම මඟුලට ම උට වෙඩි වැදුනා කියලා කියන්නෙපා. අනෙක ඌ විතරක් ද මේ යුනිට් එකට ඉන්නෙ. උඹලටත් පුළුවන්නෙ සාක්ෂි හොයාගන්න.‘

    ‘අපි උත්සාහ කරනවා සර්.. නැතුව නෙමෙයිනේ..‘

    ‘උත්සාහ... අනේ මන් දන්නෙ නෑ ඒවා.. හැබැයි හෙට මේ යුනිට් එක විසුරෝනවා කියලා අයි ජී ඕඩර් කරලා තියෙනවා. තමුසෙලා වගේ නිකම්මු ටිකක් මොන ඩිපාර්ට්මන්ට් එකකින් බාර ගනීද කියලා මට තාම හිතා ගන්න බැහැ...‘

    ‘එතකොට බොස් කියන්නේ අපි නිකම්මු කියලා ද ආ.‘

    ‘නැත්නම් ... ඒ නමත් හොඳ වැඩියි තමා.. කෝ යකුනෙ අපිට සාක්ෂි‘

    ‘සාක්ෂි ඉතින් නිකන් හම්බවෙන්නෙ නෑ සර්.. අපි හොයන්න ඕනා..‘

    ‘ඉතින් උඹලා ඔය සාක්ෂි හොයනවාද?‘ ඔහු කෑ ගැසුවේ ය. කිසිවකු පිළිතුරු දෙන්නට ගියේ නැත.

    ‘සාක්ෂි හෙව්වත් නැතත් උදේට ඔක්කොම ෆයිල් ටික සී අයි ඩී එකට දෙන්න වේවි. ඒ යක්කුත් බලන් ඉඳියේ මේක වැහෙන කම්.. දැන් ඉතින් සේරටම සතුටු ඇති...‘

    කෑ ගසමින් ඔහු, ඔහුගේ කාමරයට පිටව ගිටෙය් ය.

    ‘ලොක්කා දෙතුන් විඩක් ම නිකම්මු නිකම්මු කියලා අපිට කිව්වා.. මට ඒක දිරවන්නේ නෑ බොස්...‘

    කණ්ඩායමේ සාමාජිකයකු කීවේ සියල්ලන්ට ම ඇසෙන්නට ය.

    ‘ඒකෙ වරදක් මන් දකින්නෙ නෑ..‘ උනන්දුවා ඒ වන විටත් මොනිටරය දෙස බලාගෙන ම කථා කළේ ය.

    ‘මොකක් ද වරදක් නැත්තේ...‘

    ‘වරදක් නැත්තෙ අපි නිකම්මු නිසා.. දැන් බලපන් උඹ. මහ ලොකුවට විවේචනය කළාට උඹට පුළුවන් ද පොලිස්කාරයෙක් වෙලත් පිස්තෝලෙකින් වෙඩි තියන්න? උඹේ අත ගැහෙනවා. ඉලක්ක නැහැ. එතකොට තමුසෙ. තමුසෙට මොන වැඩේ කරන්න ගියත් මුලින්ම හැදෙන්නේ චූ බර.‘

    ‘සිරාවට. මේවා අහන් ඉද්දී ආයිත් බර හැදෙනවා තමයි‘

    ‘දැක්කානෙ, එතකොට රනුක්.. ඌට මළමිනියක් බලන්න බෑ වමනෙ යනවා. තැන නොතැන ඌට වැඩක් නෑ.‘

    ‘හරි හරි මේ දැන් බොස් අපිටනෙ බයින්නෙ. එතකොට බොස්ට මුකුත් අවුලක් නැද්ද‘

    ‘ඇයි මට නැත්තෙ. මට තියෙන අවුල තමයි මල පනින එක.‘ මෙසේ කියමින් උනන්දුවා කෑ ගසන්නට ගත්තේ ය.

    ‘යකුනේ මට මගේ කේන්තිය පාලනය කරන්න බැහැ. ඒ නිසා අපරාධකාරයන්ව කනවා. අද මට ප්‍රමෝෂන් නැත්තෙ ඇයි. මූලික අයිතිවාසිකම් නඩු නිසා. ඒවා එක ලොක්කෙක්වත් බලන්නෙ නෑ. ඒ වුනාට උන් එනවා අපිට වැඩ කරන හැටි උගන්වන්න. මහලොකු ටීම් ලීඩර්. මගේ සමකාලීනයො, පහල එවුන් ලොකු තැන්වලට ප්‍රමෝෂන් වෙනවා. දැන් කොණ්ඩෙත් ඉදිලා. හැබැයි මන් මෙතැන. උඹලත් එක්ක. කියහල්ලා අපි නිකම්මු නෙමෙයිනම් වෙන කවුද‘ ඔහු කියවයි.

    ‘මගේ කේන්තිය නිසා නෙමේද උඹලා මට පිස්සු බල්ලා කියන්නේ.. මොකෝ මන් දන්නෙ නැතුවද?‘

    ‘මේ අහන්න අපි මේ ගැන රණ්ඩුවෙලා වැඩක් නෑ. කිව්වනෙ ලොක්කා කථාව. අපිට ෆයිල් බාර දෙන්න හෙට වෙනකන් කාලය තියෙනවා. මොකක් හරි සාක්ෂියක් හොයාගත්තොත් අපි දිනුම්.‘

    ‘තමුසෙ නම් කියයි, නැති එකනෙ ප්‍රශ්නේ.‘

    මේ අතරෙ නැවතත් උනන්දුවා සෙවීම පටන් ගත්තේ ය. ටිකෙන් ටික දින ආපස්සට යයි. ඔහු එදෙස විමසිල්ලෙන් බලා සිටී. හදිසියේ ම ඔහුගේ ඇස ගැටුනේ පුරුදු රුවකි.

    ‘රනුක්... උඹ මොනවාද මිනිහො මෙතැන කරන්නේ.... ම් ම් ඒකත් මාසෙකට කලින්.‘

    මිනීමැරුම සිදු වූ රෝහලේ පාරේ ඇති සීසීටීවී කැමරාවක රනුක් දිසානායකගේ රුව මසකට පමණ පෙර දී සටහන්ව තිබිණි.

    ******************​
     

    hpalpola

    Well-known member
  • සිතුමි ඇස් ඇරියේ හිසේ මද වේදනාවක් ද සමඟිනි.

    ‘කොහේද මේ...‘

    තමුන් සිටින්නේ තමුන්ගේ ම නවාතැනේ බව ඇයට වැටහුනේ මද වේලාවක් ගත වීමෙන් පසුව ය. ඉහත දී සිදු වූ දේ ඇගේ ඇස් ඉදිරිපිට චිත්‍රපටියක රූප රාමු මෙන් ඇඳෙන්නට පටන් ගත්තේ ය. දිනුක්... ඔහුට කුමක් සිදුවූයේ ද? ලොරියේ වැදීමට ගිය ඔහුව ඇය බේරා ගත්තා ඇයට මතක ය. ඔළුව කසමින් වටපිට බලද්දී හෑන්ඩ් බෑගය ද පසෙක තිබෙනවා දුටු ඈ එය පරීක්ෂා කළ විට පෙර දී ඇයට හමු වූ ලිපි කවරය ම හමු විනි. ඇය එය අතට ගෙන කල්පනා කළාය.

    ‘ඔව් අන්තිම වතාවට උත්සාහ කරලා බලනවා. එයාගෙන් ඇර මේ විස්තර හොයා ගන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ.... එක සැරයක් ට්‍රයි කරමු.‘

    හෑන්ඩ් බෑගය කර වටා දා ගත් ඇය කාමරයෙන් පිටව යන්නට හදද්දී තවත් දෙයක් ඇගේ ඇස ගැටිණි. එය නම් පෙර දින සිය දිවි නසා ගැනීමට එල්ලනු ලැබූ ලණුවයි.

    ‘ඔහ්.... කව්ද එයා.... හරි මතක් වුනා... තාරක... තාරක... එයාව හම්බ වෙලා බැලුවොත්...‘

    ටික වෙලාවකින් සිතුමි සිටියේ රනුක් දිසානායක පදිංචිව සිටින නිවසේ ගේට්ටුව ඉදිරිපිට ය.

    ‘මේක තමයි ඇඩ්ඩ්‍රස් එකේ හැටියට ගේ. මට මේ ගේ අමතක වෙන්න විදියක් නෑ....‘

    ඇයට ඇගේ කුඩා කාලය සිහිපත් විනි. අවුරුදු ගාණක් තිස්සේ දිනුක් ලබා දුන් ලිපිනයට ලිපි යවනු ලැබූවත් ඒ කිසිවකට දිනුක්ගෙන් පිළිතුරු නොලැබීම නිසා ඇය දිනක් ඒ ලිපිනය සොයා බස් රියක නැගී වීර චාරිකාවක පැමිණියාය. චාරිකාවේ අවසන් ප්‍රතිඵලය ඉතා බිහිසුණු වූ බව ඇයට මතක ය. එදා ඈ මේ නිවස ඉදිරිපිට ට පැමිණ සීනුව නාද කළ විට ප්‍රථමයෙන් ම එළියට පැමිණියේ කාන්තාවකි. කාන්තාව පසුපසින් දිනුක් ද එළියට ආවේ ය. සිතුමි අසල වූ කණුවකට මුවා වී ඒ සියල්ල බලා සිටියේ අඬමිනි. ඇගේ ලිපි කිසිවකට පිළිතුරු නොදුන් දිනුක් නිවසට වී සිටී. කිසිවකු නැති නිසා අම්මාත් පුතාත් ගේට්ටුව වසා ඇතුළට ගියහ. තමුන් සිටි තැනින් ඉවත් වූ ඈ අඬන්නට වූවා ය.

    ‘කව්ද ඔයා ඇයි මෙතන ඉඳන් අඬන්නෙ?‘

    ඇගේ වයසේ ම වැනි වයසක පිරිමි ළමයකු ඇගෙන් එදා එසේ විමසනු ලැබූ විට ඇය කළේ අඬමින් ම එතැනින් පැන දිවීමයි. එදා තමුන් සොයා පැමිණි ලිපිනය ඉදිරියේ ම අද ඇය රැඳී සිටී. අසල නවතා තිබූ රථය ද ඇය හඳුනා ගත්තා ය.

    ‘යකෝ මේ තියෙන්නෙ මෙයාගේ වාහනේ නේ. එතකොට මේකා...‘

    ඇය ගේට්ටුවේ හිඩැස් අතරින් එබෙමින් බැලුවේ ඇතුල පෙනෙන්නේ ද යන්නයි. අසලක තිබූ බංකුවක් ගෙන ඒ උඩ නැගී ගේටුටව ඉහළින් බැලීමේ දී යන්තමින් නිවසේ සිදුවන දේ ඇගේ ඇස ගැටුණි.

    ‘මොකක්... මොකක් ද ඒ පාර මෙයා කරන්නේ....‘

    ජනෙල් වීදුරුවලින් ඇය දුටුවේ නොයෙක් තැන් වල ගම් ටේප් අලවමින් සිටිනා රනුක් ය.

    ‘පිස්සුවත් ද? නැත්නම් මොකට ද මේ... ඈ අර ෆ්‍රිජ් එකේ දොර නේද අලවන්නේ....‘

    ටික වෙලාවක් ඒ සියල්ල බලා සිටි ඈ, ආපසු හැරී යන්නට විය.

    *********

    නිවසට ඇතුළු විය හැකි සෑම දොරක්ම, ජනේලයක්ම වසා දැමීමට රනුක් කටයුතු කළේ ය. එපමණක් නොව විවෘත කළ හැකි සෑම දොරක්ම ඔහු වසා දැමුවේ ය. ශීතකරණයේ දොර ද වසා දැමූයේ ඒ ආකාරයෙනි. සියල්ල නිම වූ පසු ඔහු පුටුවක වාඩි විය.

    ‘හරි... දැන් අරුන් දෙන්නට හිතෙන හිතෙන විදියට එන්න වෙන්නේ නෑ... එන්න තැනක් නෑ නේ... වැහුවා සේරම..... දැන් මට කරදරයක් නැතිව නිදා ගන්න පුළුවන්.‘

    නමුත් ඔහුගේ ඇසට අසු නොවූ එක් ස්ථානයක් ඒ වන විටත් තිබුනේ විවෘතව ය. එයින් ඇසුණු ශබ්දය නිසා උඩ විසි වී ගිය ඔහු දුටුවේ කාමරයට ඇතුළු වෙන යහළුවන් දෙදෙනායි.

    ‘චික් .... මට එතැන පෙනුනෙ නෑනේ.‘

    ‘පෙනුනෙ නෑ... තමුසෙ මේ වහලා වහලා දාලා තියෙන්නේ අපි එන හින්දානේ... යකෝ මෙයාට උදව් කරන්න හිතන් අපි එනවා යනවා. මෙයා අපිට එන්න බැරි වෙන්න දොරවල් වහනවා... අයියෝ... මමත් මේ මිනිහට උදව් කරනවානේ ලැජ්ජ නැතුව.‘

    ‘උදව්... අනේ තොපිලගේ උදව්... හරි... කියනවා දැන් මොකක් ද කාරණාව.‘‘

    ‘කාරණාව ද.... කාරණාව තමයි... නෑ ඕනා නෑ එක්කෝ....‘

    ‘ඔන්න ඉතින්...‘

    ‘ලොක්කා කියන්න අප්පා....‘

    ‘කාරණාව තමයි දැන් උඹ... උඹව දුටු තැන අල්ලන්න නියෝග කරලා මහ මණ්ඩලයෙන්.‘

    ‘මොකක් ....‘

    ‘ඔව්... එච්චරයි අඩුවෙලා තිබුනේ... ඒකත් වෙලා. දැන් හැමෝම උත්සාහ කරන්නේ තමුන්ව අල්ලා ගන්න.‘

    ‘මාව අල්ලන්න..‘

    ‘ඔව්... මේ අහනවා මනුස්සයො... හොඳට මතක තියා ගන්නවා. ඔය ශරීරෙට රිංගුවට විතරක් වැඩක් නෑ. ඒ ශරීරෙ අයිති මිනිහා වගේ ඉන්න බලනවා. නැත්නම් හැමෝම බලනවා මොකක්ද මේ මිනිහට වුනේ කියලා. අනික තමුසෙට යාළුවන්ට වඩා ඉන්නෙ තරහකාරයො...‘

    ‘ඒ උන් මට ඊර්ෂ්‍යා කරන නිසා.‘

    ‘මොන මගුලෙන් හරි... මන් කියන්නෙ ඇත්ත තත්ත්වෙ. අනික ඊයෙ හවස ගියෙ නැද්ද ටවුන් එක පැත්තෙ ඇවිදින්න....‘

    ‘ලැජ්ජා නැද්ද මිනිහො මගෙ ඔත්තු බලන්න.‘

    ‘ආහ්.... බම්බුවෙ ඔත්තු.... කවුරුහරි කියලා තියෙනවා සමහරවිට ඒ තමුසෙ වෙන්න ඇති කියලා. වෙලාවට දැකලා තියෙන්නෙ පිටිපස්සෙන්. ඒ නිසා අඳුනා ගෙන නෑ. අනික මාර දූතයින්ගෙන් ප්‍රශ්නයක් නෑ.‘

    ‘එහෙනම්...‘

    ‘ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙන්. හදිසියෙ හරි මිනිස්සු අඳුනගත්තොත් තමුසෙ කව්ද කියලා සේරම ඉවරයි. හොඳට මතක තියා ගන්නවා. තාමත් හොඳ කට්ටඩි මේ රටේ ජීවත් වෙනවා. තමුසෙට වඩා ලොක්කො ඒ මිනිස්සු අල්ලනවා. එහෙම වුනොත් කථාව ඉවරට ම ඉවරයි.‘

    රනුක් කිසිත් නොකියා අසා ගෙන සිටී.

    ‘දැන් තමුසෙ සෑහෙන කාලයක් ඔය ඇඟ ඇතුළට වෙලා ඉඳියා. තැන් තැන්වල ඇවිද්දා. මිනිස්සු හම්බවුනා. ඇය බැරි ඔය ඇඟ අයිති එකා වගේ හැසිරෙන්න.‘

    ‘ඒ කියන්නෙ මගේ හැසිරීම ඒ තරම් ම අවුල් ද?‘

    ‘නැත්නම්... ඕනා කෙනෙක් දන්නවා මේ ඉන්නෙ ඉස්සර උන්න මිනිහා නෙමෙයි කියලා. සම්පූර්ණයෙන් ම වෙනස් කෙනෙක්. ඇයි යකෝ සමහර වෙලාවට අර මොකක් ද ආ ටැලිෆෝන් එක. තමුසෙ ඒක අල්ලගන්නෙ අනෙක් පැත්තට. අනික ඔය ඇඳන් ඉන්න ඇඳුම...‘

    ‘ඇඳුම ගැන වචනයක් කියන්න එපා. ඒකට මන් හරි ආශයි.‘

    ‘රෙද්ද තමයි. හිඟන්නෙක් විදියට ඉන්න එපා මිනිහො...‘

    ‘කට වහපන්... යකෝ මිනිස්සු දිහා බලන් ඉන්න එකයි. උන් ඉන්න විදියට ඉන්න එකයි කියන්නේ සම්පූර්ණෙන්ම වෙනස් දේවල් දෙකක්....‘‘

    ‘ඒක තමයි බූරුවො කියන්නෙ..... ඔය ඇඟ අයිති එකා වගේ හැසිරෙනවා අරූව හොයාගන්නකන්. ඇත්ත පොලිස්කාරයෙක් වගේ හැසිරෙන්න උත්සාහ කරනවා.‘

    ‘අයියෝ.. ඕක මොකක් ද ඒක හරි සිම්පල් වැඩක් නේ. මට පටස් ගාලා අල්ලගන්න පුළුවන්.‘

    ‘ඒ කොහොමද?‘

    ‘කොහොමද අහන්නෙ ඔය ටීවී එකේ යන්නෙ ඕන තරම් පොලිස්කාරයන්ගේ වැඩ. ඒවයින් මන් ඉගෙන ගන්නම් සුටුස් ගාලා.‘

    රනුක් ගේ කථාව අසා යහළුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්තෝ ය.

    ‘මොන බම්බුව හරි. එහෙම හැසිරුනොත් විතරයි තමුසෙට ආයිත් තමුසෙගෙ තුවක්කුව ගන්න වෙන්නේ. අන්න ඒක මතක තියා ගන්නවා.‘

    ‘තුවක්කුව.. ඒ මොකටද?‘

    ‘ඇයි ගොයියො. මෙයා මේ ඇඟට රිංගුවෙ ඇයි. අර තුවක්කුව දැකලා. ඇඟට රිංගලා ඉන්න එකෙක් එළියට ගන්න නම් මෙන්න මෙතැන හිලක් හදන්න ඕනා. ඒක හරි ලේසියෙන් කරන්න පුළුවන් පතොරොමකින්. ඒකයි මෙයා මේ ඇඟට රිංගුවෙ. අවාසනාවට මෙයාගේ පිස්සු වැඩ නිසා තුවක්කුව දැන් මෙයා ලඟ නෑ.‘

    ‘ඇති ඇති ඇති මට දැන් ඕක අහන් ඉඳලා ඇති වෙලා. හරි.. මන් පොලිස්කාරයෙක් වගේ හැසිරෙන්නම්. තුවක්කුව මගේ ලඟට ඉක්මණට ම ගන්නවා. එකම දේ උඹලා දෙන්න මට වදයක් නොවි ඉඳපල්ලා...‘

    ‘ම් ම්...‘

    ‘මූගේ නම ඇවිල්ලා රනුක්. රනුක් දිසානායක. මම හිතන්න ඕනා මම තමයි රනුක් දිසානායක කියලා. හරිනෙ. පොලිස්කාරයෙක් හැසිරෙන හැටි අල්ලගත්තම කථාව ඉවරයි. ඊට පස්සෙ තුවක්කුව ගත්තා අරූව හොයා ගත්තා. කථාව ඉවරයි. අනික පොලිස්කාරයෙක් වගේ හැසිරෙන එක කජු කනවා වගේ සිම්පල් වැඩක්.‘

    ‘හික්ස්... ඔය වගේ පම්පෝරි ගහපු කීප දෙනෙක් ම විනාශ වෙලා යනවා මන් දැකලා තියෙනවා.‘

    ‘උඹත් මකබෑවිලා පලයන් ඌරා... මන් එහෙම වෙන්නෙ නෑ....‘

    එතැන් පටන් රනුක්ගේ කාර්යය වුයේ පොලිස් නිලධාරියකු හැසිරෙන ආකාරය පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. විවිධ චැනලයන්හි පොලිස් නිලධාරීන්ට අදාළ නාට්‍ය, චිත්‍රපටි ප්‍රචාරණය වන අතර ඔහු ඒවා නරඹමින් හිතේ තබා ගත්තේ ය. රාත්‍රිය ගෙවා අවසන්වන විට පොලිස් නිලධාරියකුගේ සාමාන්‍ය හැසිරීම ගැන ප්‍රමාණවත් තොරතුරු ඔහුගේ මතක ගබඩාවට ගබඩා වී තිබිණි.

    ‘හිතපු තරම් අමාරු නෑ පොලිස් කාරයෙක් වෙන්න. අපරාධකාරයො අල්ලන එක තමයි එකම දේ මට කරන්න තියෙන. හරි පුතා... දෙන්නම් වැඩේ.‘

    ********
    තවත් දවසක උදාව. 80 වත්ත යනු කොළඹ ම පිහිටි තවත් ප්‍රදේශයකි. විවිධාකාරයේ අයවලුන් එහි ජීවත් විය. ධනවතුන්ගේ සිට එදා වේල සොයා ගෙන ජීවත්වන්නන්ගෙන් එය පිරී තිබිණි. වංචාකාරයන්ගේ සිට දානපතියන් දක්වා එහි ජීවත් වූ අතර සියල්ලෝ ම සාමයෙන් කල් ගෙවූ හ. ඒ සාමය එදා බිඳී ගියේ හදිසියේ ඇති වූ සිදුවීමකිනි. සුධර්මා රදළියගොඩ යනු 80 වත්තේ ජීවත් වූ කෑම කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකි. ඇගේ සැමියා මසක පමණ කාලයක සිට ආගිය අතක් නොමැති විය. ඔහු සාමාන්‍යයෙන් එවැනි තැනැත්තෙකි. අනුන්ට ගිනි ගෙඩි දෙමින් ජීවත්වන නිසා එක් තැනක වැඩි කාලයක් ජීවත්වීමට ස්වභාවිකවම ඔහුට නොහැකි විනි. නමුත් අද ඔහුව රැගෙන විත් ඇත්තේ ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ තවත් පාතාල කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් විසිනි. සුධර්මාගේ නිවස ඉදිරිපිට නතර කළ වෑන් රථය සහ එයින් පසු ඇති වූ තත්ත්වය දෙස අසල්වැසියන් රැස් වී බලාන සිටියේ කම්මුලේ අත් ගසාගෙනය.

    ‘කළුවා... සේරම බඩු එළියට දාපල්ලා. වටිනා කියන සේරම.. අනික අල්මාරිවල බලහන් සල්ලි හංගලා තියෙනවා ද කියලා. රත්තරං බඩු තියෙන ඒවා සේරම ගනින්... යකෝ... මූව අල්ල ගෙන හිටපල්ලා...‘

    ‘අනේ එහෙම කරන්න එපා.. මට ටික දවසක් දෙන්න මන් සල්ලි දෙන්නම්..... අනේ..‘

    ‘කට වහපන් පරයා... බණ්ඩියා විකුණන්න පුළුවන් හැමදේම ගනින්....‘

    ටික වෙලාවකින් ගොඩනැගිල්ල තුළ තිබූ ඩී ෆ්‍රීසරයට ඔවුන් විසින් එළියට රැගෙන එමින් තිබිණි.

    ‘අයියෝ... ඕක ගෙනියන්න එපා. මගේ ගෑණි මහන්සිවෙලා හම්බ කරපු සල්ලිවලින් ගත්තෙ....‘

    ඔහු මැරයා පෙරලමින් දුවගොස් ශීතකරණයේ එල්ලුන අතර පොර බැදීමේ දී සිදු වූයේ ශීතකරණය බිම වැටීමයි. ඒ සමඟ ම විවෘත වුන දොරෙන් අතක් එළියට වැටිනි. මැරයෝ ඇතුළු සියල්ලෝම ඒ සිදුවීමත් සමඟ බියට පත් වී පසෙකට පැන්නෝය. ශීතලට අයිස් බැඳී තිබූ සුධර්මාගේ සිරුර ඇගේ සැමියා ඇරුණු දොරෙන් අඳුනා ගත්තේ, මහ හඬින් කෑ ගසමින් හඬන්නට පටන් ගත්තේ ය.

    මේ අතර රනුක් පොලිස් නිලධාරියකුගේ චරිතය රඟපෑමට සූදානම් ය. රනුක්ගේ ඇඳුම් අල්මාරි පරීක්ෂා කළ ඔහුට රූපවාහිනියේ දුටු ඔහුගේ හිත්ගත් පොලිස් නිලධාරීන් ඇඳ සිටි ආකාරයේ ඇඳුම් දක්නට නොලැබිණි.

    ‘මොන බම්බුවක් ද මේ. මේවා අඳින්න පුළුවනැයි පොලිස්කාරයෙක්ට. මොකෙක් ද මූ... රස්තියාදුකාරයෙක් වගේ නේ.‘

    එවිට ම නිවසේ සීනුව නාද විනි. ගේට්ටුව ඇර බැලූ විට ඔහු දුටුවේ පාර්සලයක් අතින් එල්ලා ගෙන සිටිනා මැදිවියේ තැනැත්තෙකි.

    ‘ඇයි...‘

    ‘මහත්තයා. මේ අර ඩ්‍රයික්ලීන් කරන්න දුන්න ඇඳුම් ටික. මන් අරගෙන ආවා ඕන්‘

    ‘ඇඳුම්...‘

    ඒ ඇඳුම් අතර තිබූ එක් ඇඳුමක් ඔහුගේ අවධානයට ලක්විනි.

    ‘මේක...‘

    ‘ආ මේකද. මහත්තයා කිව්වෙ නිතරම මළගෙවල්වල යන්න වෙනවා ඒකට ගැලපෙන ඇඳුමක් ගේන්න කියලා. ඉතින් මන් මේ ඇඳුම ගෙනාව.‘

    ‘මේක හරි.‘

    ‘එතකොට මේවා.‘

    ‘ඕව මට වැඩක් නෑ. තමුසෙට ඕනා දෙයක් කර ගන්නවා.‘

    බ්ලේසරය ඇතුළු කළු පැහැ සූට් කට්ටලය අතට ගත් රනුක් ගේට්ටුව වසා දැමුවේ අර තැනැත්තා පුදුමයෙන් බලා සිටියදී ය.
     
    • Like
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • **********​

    ඒ වන විටත් බිහිසුණු මනුෂ්‍ය ඝාතනය ගැන තොරතුරු සෑම මාධ්‍යයකම ප්‍රචාරණය වෙමින් තිබිණි. මිනීමරුවා විසින් ඝාතනය කරනු ලැබූ කාන්තාව ශීතකරණයක දමා තිබූ අතර එවැනි මිනීමැරුම් පිළිබඳව නිතර වාර්තා නොවීම ප්‍රවෘත්තිය දෙස වැඩි ජන ප්‍රතිචාරයක් ලැබීමට හේතුවක් විය. ඒකක 5 නිලධාරීන් අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කරමින් සිටියේ සොකෝ නිලධාරීන් ද සමඟිනි.

    ‘කොහොම ද මේක කලේ... කව්ද අප්පා මෙහෙම දෙයක් කරන්නේ....මෙහෙම ගහන්නෙ කොහොමද ගෑණියෙක්ට‘

    ‘පෝස්ට් මෝටන් එකෙන් තමයි දැන ගන්න වෙන්නේ මරණයට හේතුව මොකක් ද කියලා. ටිකක් ඉන්න වෙයි. හැබැයි බැලු බැල්මට නම් එහෙම මුකුත් පේන්නෙ නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙනවා මොකක් හරි ලකුණක්.‘

    සොකෝ නිලධාරියා පෙන්වන මෘත ශරීරයේ බෙල්ලේ ඇති සලකුණ උනන්දුවාගේ ද නෙත ගැටුණත් එහි අර්ථය ඔහුට වැටහෙන්නේ නැත.

    ‘සමහරක් විට මෙයාගේ බෙල්ල මිරිකුවා වත්ද කව්රු හරි.‘

    මළසිරුර දෙස බලා සිටින උනන්දුවා කල්පනා කරන්නේ මේ මිනීමැරුම කෙසේ සිදුවූවක් ද යන්නයි. ඒ වන විටත් අසල්වාසිනීගෙන් ප්‍රශ්න කරමින් තිබිණි.

    ‘ඇත්තමයි සර්. මන් අවුරුදු 15 ක් විතර මැරකම් කලා. අද තමයි පළමු වතාවට පොලීසියට උදව් කරන්නේ. මම තමයි මේක 119 ට කිව්වෙත්.. ඔව්....‘

    ‘හරි හරි පම්පෝරි වැඩක් නෑ. අර මිනිහාව අල්ලගත්තෙ ඇයි තමුසෙ.‘

    ‘මෙහෙමයි සර්. ඒකා මගෙන් සල්ලි ගත්තෙ කෑම කඩයක් දානවා කියලා. ණය හරිද. සල්ලි ගත්ත ගත්තමයි ඊට පස්සෙ මූ මිසින්. මන් කිව්වෙ ඒ මනුස්සයා අතුරුදහන්. ඉතින් මන් හෙව්වා හෙව්වා. අන්තිමේ දී ඊයෙ හවස මූව මට පංචිකාවත්තෙදි අහු වුනා. සල්ලි නැති නිසා මෙතනට අරන් ආවේ බඩු ටිකක් හරි සල්ලිවලට හරියන්න අරගන්න කියලා.‘

    ‘ඉතින් එහෙම කරන්න තමුන්ට නීතියෙන් බලයක් තියෙනවා ද?‘

    ‘මේකයි සර්.... ‘

    ‘ගොත ගහන්නෙ මොකද තමුසෙ.. හරි තමුසෙ කොච්චර කාලයක් තිස්සෙ ඒ මනුස්සයාව හෙව්වද?‘

    ‘සර්ට කියන්න මාසයක් විතර හෙව්වා සර්... මට හරියටම කියන්න පුළුවන්. මොකද සල්ලි දුන්නෙ ගියමාසෙ මුල වගේ. ඊයෙනෙ මූව අහුවුනේ මට.‘

    ‘හ්ම්...‘

    ‘සමාවෙන්න මහත්තයා. මම ඉන්නෙ අර ෂොප් එකේ. ඔය කඩේ මාසයක විතර ඉඳන් වහලා තිබුනේ.‘

    ‘මාසයක් විතර වහල තිබුන කියලා කියන්නෙ නේද?‘

    ‘ඔව්. ඒ දෙන්න එක්ක කඩේ ඇරපු දවසෙම මහා රණ්ඩුවක් ගියා. කඩේ මිනිස්සුත් ඉඳියා. ඒත් රණ්ඩු වුනා. කොහොමත් එයාලා රණ්ඩු වෙනවා. එයාලගේ හැටි.‘

    ‘ඒ කියන්නෙ මෙතක කෑම කඩයක් කරන් ගියා කියලානේ කියන්නේ.‘

    ‘ඒකට තමයි සර් ඔය මනුස්සයා මගෙන් ණය ගත්තෙ.‘

    ‘රණතුංග... තාම ඔය මැරිච්ච කෙනාගේ මනුස්සයාව අහු වුනේ නැද්ද?‘

    ‘මං මෙතනට එද්දිම ඒකා පැන ගත්තා. ඒ වුනාට පැට්‍රොල් කාර් එකක් මන් යවලා තියෙන්නෙ. අනික පාර වහලා තියෙන්නෙ. වැඩි දුරක් දුවන්න වෙන්නෙ නෑ. අපිට මිනිහව අහු වේවි.‘

    ඔවුන් කථා කරමින් සිටියදී ම එම ස්ථානයට පැමිණියේ ඒකක 5 ප්‍රධානියයි. ඔහු අපමණ සතුටකින් සිටියේ ය. ඒ බව මුහුණෙන් ම පෙනිනි.

    ‘මේ අහනවා රණවීර, අතට ආපු චාන්ස් එක නම් නැති කරගන්න එපා. අපි පච වෙලා ඉන්න වෙලාවේ මේක කොහොම හරි ගොඩ දාගන්න ඕනා. නැත්නම් නම්බුව ඉවරයි. දන්නවනේ යුනිට් එක වහන්න කියලා තිබුනේ. මේකෙන් තමයි දැන් අල්ලන් යන්නෙ‘

    ‘හරි සර්... පුළුවන් උපරිමෙන් ම අපි උත්සාහ කරනවා.‘

    ‘කෝ එතකොට මිනීමරුවා. ඒ කිව්වෙ මෙයාගේ මනුස්සයා.‘

    ‘සර් මිනිහා අපි එද්දිම පැන්න. ඒත් වැඩි දුරක් යන්න වෙන්නෙ නෑ. ටීම් දෙක තුනක් ම මිනිහාව හොයනවා. වත්තෙ මිනිස්සුත් සපෝර්ට් කරනවා.‘

    ‘හැම තැනම හොයනවලා. කොහොමහරි ඌව අල්ලගන්න ඕනා.‘

    ‘හරි සර්.‘

    ‘අප්පද බොල‘

    ‘ඇයි මොකෝ...‘

    ‘සර් අර එන්නෙ රනුක් නේද?‘

    ‘කෝ.... අම්මට හුඩු.....‘

    සෙනග පීරමින් ඔවුන් සිටිනා දෙසට ඇවිද එන රනුක් දුටු බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇස් නළලට ගියේ වෙනත් කිසිවක් නිසා නොවේ, කිසිදිනක දැන නැති තරම් කඩවසම් අයුරින් ඔහුව දක්නට ලැබීම නිසාවනි. කළු පැහැ ෂර්ටය උඩින් කළු පැහැ බ්ලේසරය පැළඳ කොණ්ඩය ද ඉහළට පීරා පැමිණෙන රනුක් දුටු උනන්දුවාට එක්වරම සිහිපත් වූයේ හොලිවුඩ් නළුවෙකි.

    ‘අඩේ... ඉක්මනට ඕක වහපල්ලා.. වහපල්ලා කොල්ලනේ.‘

    මළ සිරුර වසන අවස්ථාවේ දී රනුක් එතැන ය.

    ‘කව්ද තමුසෙට එන්න කිව්වෙ. ආ කව්ද තමුසෙට එන්න කිව්වෙ.‘

    ‘මන් ගියා පොලිසීයට. එතැනදි කිව්වා කට්ටිය මෙතැන කියලා. ඉතින් මන් ආවා මෙතැනට.‘

    ‘මොකටද ගියෙ‘

    ‘මට මගේ තුවක්කුව ඕනා ආපහු...‘

    ‘මොකක්..‘

    ‘ඔව්.. තුවක්කුවක් නැති පොලිස් කාරයෙක්ගෙන් මොකක් ද ඇති වැඩේ. මට තුවක්කුව ඕනා.‘

    ‘තුවක්කුව දෙන්න තරම් හොඳ තත්ත්වෙක තමුසෙ නෑ. ඒ නිසා ඒ ගැන කථා කරන්න එපා. එච්චරයි.‘

    ‘බම්බුව.‘

    ‘මේක අපෙන් ගියොත් ගියා තමයි. අනේ ප්ලීස් වඳින්නම්. මේක අවුල් කරන්න එපා කොල්ලො.‘

    රනුක් ද පහත් වී මළ සිරුර පරීක්ෂා කළේය. ඔහු එය පරීක්ෂා කරනා ආකාරය උනන්දුවා බලා සිටියේ උනන්දුවෙනි.

    පොලිස්කාරයො මෙහෙම තමයි කරන්නේ. මේවා බලලා අපරාධකාරයො අල්ලන්නවා. හරි බලමු.

    රනුක් තමන්ට ම කියා ගත්තේ ය.

    ‘මෙහෙමයි ඔහේට අපරාධකාරයා අල්ලන්න මහන්සි වෙන්න දෙයක් නෑ. මොකද කියනවා නම් අපි දන්නවා කව්ද අපරාධකාරයා කියලා.‘

    ‘කව්ද?‘

    ‘මෙයාගේ කසාද මිනිහා.‘

    ‘මොකක්... කෝ දැන් එයා‘

    ‘එයා අපි එද්දි පැන්න. ඒත් අපි අල්ලගන්නවා තව ටිකෙන්. දැනුත් අපි හොයන ගමන්.‘

    කතා කරන අතර තුරේම රනුක් මළ සිරුරේ ගෙල ප්‍රදේශය පරීක්ෂා කළේ එහි ඇති සලකුණ දෙසට අවධානය යොමු කරමිනි.
     

    hpalpola

    Well-known member
  • ‘මන් කිව්වා නේද අද ඉඳන් ඔහේට වැඩ කරන්න තියෙන්නෙ ඔෆිස් එකේ කියලා. අහවල් එකට ද මනුස්සයො මෙතැනට ආවේ.‘

    රනුක් පොලිස් නිලධාරියා කියනා කිසිවකට සවන් නොදෙමින් මළ සිරුර පරීක්ෂා කිරීම සිදු කරන නිසා පොලිස් නිලධාරියා උත්සාහ කලේ රනුක්ගේ කමිසයෙන් ඇල්ලීමටයි. නමුත් සිදු වූයේ හිතීමටවත් නොහැකි දෙයකි. පොලිස් නිලධාරියා දෙසවත් නොබැලූ රනුක් තමුන්ගේ අතකින් පොලිස් නිලධාරියාගේ අත අල්ලා ගෙන පැත්තකට ඇඹරුවේ ය. එයින් දැනුන වේදනාවෙන් නිලධාරියා අයි අයි ගාමින් කෙඳිරි ගාන්නට විය.

    ‘රනුක් අතාරිනව ඔය මනුස්සයාව. අත කඩන්නද හදන්නෙ‘

    රනුක් කිසිවක් ගණන් නොගෙන ඔහුගේ අත අතැර දමා නැවතත් මළ සිරුර පරීක්ෂා කිරීමට ම යොමු වූයේ ය.

    ‘අම්මෝ... තව පොඩ්ඩෙන් මගෙ අත... මේකා....එන්න එන්නම ලොක්කො එක්ක ගේම ඉල්ලනවනේ.‘

    අත අල්ලා ගත්තා විනා ආපසු රනුක්ව ඇල්ලීමටවත් ඒ පොලිස් නිලධාරියා නම් ඉදිරිපත් නොවිනි.

    ‘රනුක්... කව්ද ඕයි මේ මනුස්සයාව මෙතැනට ගෙන්න ගත්තෙ.‘

    ‘අනේ සර්. අපි එන්න කියලා නෙමෙයි. එයාම ඇවිල්ලා. තව පොඩ්ඩෙන් මහ ගිනි විජ්ජුම්බරයක් වෙන්නේ දැන්. යන්තම් බේරුනා...‘

    ‘හරි හරි... මිනිහා කොහොමත් ලෙඩානෙ. දැන් මේකෙ තත්ත්වෙ මොකක් ද රණවීර.‘

    ‘මැරිලා ඉන්නෙ කව්ද කියලා අපි දැන් අඳුනාගෙන ඉන්නෙ. ඒ වගේම මැරුවෙ කව්ද කියලත් අඳුනා ගෙන ඉන්නෙ.‘

    ‘කෝ කව්ද මිනී මරුවා?‘

    ‘මෙහෙමයි සර්. අපි දැන් එයාව අල්ලන්න ටීම් යවලා තියෙන්නෙ. තව ටිකෙන් මිනිහාව අපිට අල්ලගන්න පුළුවන්. මොකද පැනලා යන්න බෑ එයාට අපෙන්.‘

    ‘මොන මගුලෙන් හරි ඌව අල්ල ගනිල්ලා. දන්නවානේ මේක අතට ආපු චාන්ස් එක. ඒක නැති කරගන්න නම් එපා දෙයියො...‘

    ‘හරි සර්...‘

    ‘අනික මේ යකා... මූව මෙතැනින් යවා ගන්න ඕනා. ඌ හැසිරෙන හැටි දැක්කමත් මට මල පනිනවා. අම්මපා.‘

    මේ කිසිවක් නෑසුන රනුක් සිය සම්පූර්ණ අවධානය යොමු කරන ලද්දේ මළ සිරුරටයි. ඔහු ඒ දෙස බලාගෙන කල්පනාවෙන් සිටිනායුරු උනන්දුවාගේ බලා සිටියේ ය. නමුත් වැඩි වේලාවක් එලෙසින් සිටීමට ඉඩ නොලැබිණි. අසලක වූ මහල් කීපයකින් යුත් බිල්ඩිමක උඩු මහලේ සිට කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගසමින් දඟලන අයුරු පහත රැස්ව සිටි පිරිසට දක්නට ලැබිණි.

    ‘මාව බේරාගන්නෝ... මාව බේරාගන්නෝ.....‘

    මොහොතකින් ඒ කාන්තාවගේ අසලින් මතු වූයේ පිරිමියෙකි. ඔහුගේ අතේ සුදු පැහැ යමක් වූ අතර එය අර කාන්තාවගේ හිසට ලං කොට තිබිණි.

    ‘මන් මගේ ගෑණිව මැරුවේ නෑ. මට යන්න දීපල්ලා. මන් මගේ ගෑණිව මැරුවේ නෑ.‘

    ‘සර් සර්.. ඔය ඉන්නෙ. මූව තමයි මන් මෙහෙට අල්ලන් ආවෙ.‘

    ‘අප්පට සිරි අන්න මැරිච්ච කෙනාගේ මිනිහා. රණේ ... උඩට යන්න ටීම් එකත් එක්ක. හොස්ටේජ්ව බලා ගන්න...‘

    උනන්දුවා වේගයෙන් උපදෙස් දෙද්දී එවැනිම වේගයෙන් රණතුංග තවත් නිලධාරීන් දෙතුන් දෙනකු සමඟ ඒ බිල්ඩිම වෙත දුව ගියේය. කෙසේවෙතත් රනුක් කිසිඳු හැලහොල්මනකින් තොරව තමුන්ගේ කාර්යයේ නිරත වෙමින් සිටී.

    ‘ඔය ගෑණු කෙනාව අතාරින්න. අපි කතා කරලා විසඳගමු.‘

    ‘බම්බුව. මන් මෙහෙන් ගිය දවසේ මගේ ගෑණි එක්ක රණ්ඩු වුනා තමයි. හැබැයි මන් ගෑණිව මැරුවෙ නෑ. අම්මපල්ලා මට එහෙම කරන්න බෑ.‘

    ‘හරි හරි අපිට තමුසෙ කියන එක ඇහෙනවා. ඔය මනුස්සයාව අතෑරලා පහලට එනවා. කතා කරලා විසඳගමු මේක.‘

    ‘බොස් අපි ඉහළට ආවා.‘

    හඬ එන්නෙ උනන්දුවාගේ වෝකිටෝකියෙනි. එය රනුක්ට ද ඇසෙයි.

    ‘හැබැයි ලඟට යන්න බැහැ. අර පිස්සගේ අතේ ආයුධයක් තියෙනවා. ගෑණිට මොකක්හරි උනොත්.‘

    ‘පරිස්සමෙන් රණේ. දෙන්නවම පණ පිටින් ඕනා.‘

    ‘ඒක තමයි අමාරු.‘

    ‘උඹලා මට මොකක් හරි කලොත් මන් මේකිව මරණවා. ඒකෙ දෙකක් නෑ. ලඟට එන්න එපා.‘

    ‘රණේ පරිස්සමෙන්.‘

    ඒ මිනිසාත් පොලිස් නිලධාරිනුත් සංවාදයේ යෙදෙන අතරේ ම ඇසුණු වෙඩි හඬත් සමඟ සියල්ලෝම බිමට පහත් වූහ.

    ‘අම්මට මොන් හු... පු... ද ඒ...‘

    ‘අරකගේ අතේ කොහොමද පිස්තෝලයක් තියෙන්නෙ? කව්ද යකෝ දුන්නේ?‘

    පසුපස හැරුණු උනන්දුවාත් ප්‍රධානියාත් දුටුවේ බිල්ඩිමේ ඉහළට දැනටත් දුම් දමන පිස්තෝලය මානාගෙන සිටින රනුක්වයි. ඔහු අසල පෙර දී අත් ඇඹරුමට ලක් වූ නිලධාරියා තුෂ්ණිභූතව සිටී. ඔහුගේ එක් අතක් තිබුනේ ඉණෙහි ය. සිද්ධ වී ඇති දේ උනන්දුවාට වැටහිනි.

    ‘මම දන්නෙ නෑ සර්... මම දුන්නෙ නෑ. සත්තයි මම දුන්නෙ නෑ.‘

    ‘මේවා තියෙන්නෙ පාවිච්චි කරන්න. වෙලාව ආවම පාවිච්චි කරනවා. නැත්නම් මොකටද මේවා...‘

    රනුක් කිසිඳු හැඟීමකින් තොරව පිස්තෝලය නිලධාරියාගේ ඉණේ තිබූ රඳවනයට එබුවේ ය. උනන්දුවා වේගයෙන් ගොඩනැගිල්ලට දුවගෙන ගියේ රනුක්ගේ ‘එල්ලය‘ ගැන ඔහුට අත්දැකීම් ඇති නිසාවෙනි. ඒ යන විටත් රණතුංග ඇතුළු පොලිස් නිලධාරීන් මරණාකාරියගේ සැමියා අත්අඩංගුවට ගෙන විලංගු ලා පහලට රැගෙන එමින් සිටින ලදි. උනන්දුවා ඉහළට නැග බැලූ විට පසෙක වැටී තිබූ සුදු පැහැ ආයුධය ඇස ගැටිනි. ඒ වනාහි පත්තර කොළයක එතූ ආනමාලු කෙසෙල් ගෙඩියකි.

    ‘යකෝ මේකෙන් ද මූ අපිව බය කලේ.‘

    කෙසේවෙතත් කෙසෙල් ගෙඩිය දුටු විට උනන්දුවා ගල් ගැසුනේ එහි තිබුණ උණ්ඩය ගමන් කළ මාර්ගය දැකීමෙනි. කෙසෙල් ගෙඩියේ මැදින් පතොරොම ගොස් තිබූ අතර පත්තර කොළයේ ද ඒ විවරය තිබිණි.

    ‘මොකක් ද මූට වෙලා තියෙන්නේ. මූ ජීවිතේට වෙඩි තියපු එකෙක් නෙමෙයිනේ.‘

    උනන්දුවාට රනුක් ඔහු සමඟ සේවයට ආ අලුත සිදු වූ සිදුවීමක් සිහිපත් විය. එදා අපරාධකරුවකු පසු පස හඹා යන අවස්ථාවේ දී අපරාධකරු අතින් උනන්දුවාගේ මරණය සිදුවීමට ඔන්න මෙන්න තිබියදී රනුක් එහි කඩා පැන්නේ පිස්තෝලය ද එල්ල කර ගනිමිනි. අපරාධකරු, ආයුධය රැගත් පොලිස් නිලධාරියා දැක එතැනින් පලා යන විට උනන්දුවා ඔහුට වෙඩි තබනා ලෙසින් රනුක්ට කීප විටක් කීවත් අත ගැහෙමින් අඬමින් සිටියා විනා නිකමට වෙඩිල්ලක් තැබුවේ නොවේ. එවැනි චරිතයක් වූ රනුක් මෙලෙසින් එල්ලය ගත්තේ කෙසේ ද යන්න උනන්දුවාට සත්‍ය ලෙසින් ම ප්‍රශ්නයක් විය. ඔහු පත්තර කොළය ගුලි කරමින් මළ සිරුර ඇති දෙසට පැමිණියේ ය. කෙසේවෙතත් කෙසෙල් ගෙඩියක් ආයුධයක් මෙන් තබා ගෙන සිටි සැකකරුවා මිනී මැරීමක් කිරීමට තරම් හිත සවිමත් අයෙක් ද යන කුකුස ඔහුගේ හිතේ කැකෑරෙමින් තිබිණි.

    ‘අන්තිමේ දී අපි මිනීමරුවාව අල්ලා ගත්තා. කේස් ක්ලෝස්...‘

    ‘ඔය මිනිහා නෙමෙයි මිනී මරුවා... නිකන් බොරුවට පිම්බෙන්න එපා ලොක්කා..‘

    රනුක් එලෙසින් කීවේ මළ සිරුර වෑන් රථයට පටවගන්නා අවස්ථාවේ දී අංශ ප්‍රධානියා විසින් කරනු ලැබූ ප්‍රකාශයට පිළිතුරු ලෙසිනි.

    ‘මොකක් ඒ සැරේ මොකක් ද මෙයා කියන්නේ...‘

    ‘සර් ටිකක් ඉන්න... මොකක් ද රනුක් කියන්නේ...‘

    ‘කියන්නෙද? කියන්නෙ මේකයි... මේ මිනිහගේ අතේ ...‘

    ඔහු විලංගු ලා සිටි සැකකරුගේ අත්වලින් අල්ලා ගත්තේ ය.

    ‘ඇඟිලි 10 ම තියෙනවා. ඒත් මැරිච්ච ගෑණිගෙ බෙල්ලෙ තියෙන ලකුණ බැලුවම පේනවා ගෑණිගෙ බෙල්ල මිරිකුව මිනීමරුවගේ අතේ එක ඇඟිල්ලක් නෑ කියලා. හොඳට බලනවා‘

    රනුක් ඒ වන විට වෑන් රථය අසල ට්‍රොලියේ තිබූ මළ සිරුරේ සුදු රෙද්දි පසෙකට ඇද දැමුවේ ය.

    ‘මේ බලනවා. මෙතන පැහැදිලිව ම මැද ඇඟිල්ල නැතුව අනෙක් ඇඟිලිවල පාර වැදිලා තියෙනවා. මේ මිනිහගේ මැද ඇඟිල්ල අත් දෙකේ ම තියෙනවා. එතකොට ඕනැ පොඩි එකෙක් ට .... ඒ කිව්වෙ ඕනෑ පොඩි එකෙක් ට කියන්න පුළුවන් මිනීමරුවා මේ මිනිහා නෙමෙයි කියලා.‘

    ‘එහෙනම් කව්ද...‘

    ‘ඒක මන් දන්නෙ නෑ ඕයි. හැබැයි කව්රු වුනත් ඒ කෙනා මැදඟිල්ල නැති කෙනෙක්.‘

    ‘මන් හිතන්නෙ මේ ඔෆිසර් කියන කතාව හරි.‘

    රනුක්ගේ පැහැදිලි කිරීමට සොකෝ නිලධාරියා පිළිතුරු ලබා දුන්නේ ඒකක 5 ප්‍රධානියාගේ කේන්තියෙන් පිපිරෙන දෑස් ඔහු වෙත යොමු කරවමිනි.

    ‘මම මගේ සුධර්මාව මැරුවෙ නෑ.. ඇත්තමයි.... මන් රණ්ඩු වුනා තමයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න බෑ මට.....‘

    සැකකරු මළ සිරුර දෙස බලමින් අඬමින් සිටියේ ය.

    ‘මට මගේ තුවක්කුව ඕනා ලොක්කා...‘

    ‘මොකක්?‘

    ‘මට මගේ තුවක්කුව ආපහු ඕනා...‘

    ‘ඇය මිනිහො මන් දැන් මගේ වැඩ පෙන්නුවානේ. මට තුවක්කුව ආපහු ඕනා.‘

    ‘උඹට පිස්සු ද මිනිහො.. උඹ වගේ පිස්සෙක්ට තුවක්කුවක් දුන්නොත් හොඳට හිටී. ඩොක්ටර්ස්ලා උඹට හොඳයි කියන කන් දෙන්නෙ නෑ...‘

    ‘බොස් බොස් ප්‍රෙස් එකෙන් බලා ඉන්නවා.... අපි යන්....‘

    පොලිස් කණ්ඩාය ම ආපසු ආයතනයට පැමිණෙන විටත් රනුක් ප්‍රධානියාගෙන් තුවක්කුව ඉල්ලමින් පෙරැත්ත කරමින් සිටියේ ය.

    ‘මන් හොඳින් ඉන්නෙ. දැක්කනෙ මගේ ඉලක්කෙ කොහොමද කියලා.. මට තුවක්කුව දෙනවා අයිසෙ...‘

    ‘මේ අහපන්. උඹට තීරණය කරන්න බෑ උඹ හොඳින් කියලා. ඒක තීරණේ කරන්නෙ මන්.. එතකන් දෙන්නෙ නෑ.. පුළුවන් දෙයක් කරපන්...‘

    ‘බොස් බොස් කෑ ගහන්න එපා....‘

    ප්‍රධානියා මහ හඬින් කෑ ගසයි. රනුක් පුටු තල්ලු කරමින් ගොස් ඔහුට නියමිත උනන්දුවාගේ පසෙකින් තිබූ පුටුවේ අසුන් ගත්තේ මේසයට ද පහරක් ගසමිනි. ඉන් පසුව ඔහු මේසයේ මුහුණ තබා ගත්තේ ය. උනන්දුවා ඔහු දෙස බලා සිටියේ ය.

    ‘රනුක්.. ඔයා හෝප් මෙන්ටල් හොස්පිටල් එකට ගියා නේද?‘

    ‘හෝප්? ඔව් ගියා. ඇයි?‘

    ‘ගියා... ඒ කියන්නේ මතකද ඔහේට... ඇයි ගියේ?‘

    ‘ඇයි බන්, උඹනෙ පිස්සු බල්ලො මට කිව්වෙ එතැනට යන්න කියලා.‘

    ‘මන් කියන්නෙ ඒක ගැන නෙමෙයි මෝඩයො. මන් කියන්නේ එතැන මිනීමැරුම වෙන්න කලින්... මොකද කියනවා නම් තමුසේ CCTV කැමරාවේ ඉන්නවා.‘

    ‘මම ඉන්නවා... මොකක්.... මට මතක නෑ නේ...‘

    ‘මෙහෙමයි ඔයාගේ පවුලේ කවුරු හරි මානසික රෝගියෙක් ඉන්නවා .....‘

    ‘කට වහගනින් හොඳේ.... මන් කිව්වනේ මට මතක නෑ කියලා..‘

    ‘ම් හරි හරි.... දැන් කොහොමත් ඉතින් ඒක අපෙන් ලිස්සලා ගිහින් ඉවරයිනේ.... රනුක් රනුක් සිරාවටම උඹට මුකුත් මතක නැද්ද?‘

    ‘ඇයි යකෝ දැන් සැරයක් කිව්වනේ මට මතක නෑ බොලව්...‘

    ‘හරි ඉතින් ඔච්චර හයියෙන් කෑ ගහන්න දෙයක් නෑ නේ...‘

    රනුක්ගේ කෑ ගැසීමට උනන්දුවා පසුපසට විසි වී ගියේ ය. මෙදෙස බලා සිටි ප්‍රධානියා දුරකථන ඇමතුමක් ගත්තේ රනුක්ගේ වෛද්‍යවරයාටයි. ඔහු රනුක්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළේ ය.

    ටික වේලාවකදී ඒකක 5 ප්‍රධානියාත් උනන්දුවාත් රණතුංගත් තවත් නිලධාරියකුත් සිටියේ විවේක කාමරයේ කෝෆි පානය කරමිනි.

    ‘ඒක මාර වැඩක් නේ බොස්. මිනිහා බොහොම හොඳට ඉන්නවානේ. අනික දැක්කනෙ ගත්ත ටාගට් එක. ආයිත් ඉතින් බොරු කියන්නේ මොකට ද මට නම් බෑ එහෙම ෂූට් කරන්න.‘

    ‘අනේ ද කියන්නේ...‘

    ‘අනික ඉස්සර වගේ නෙමෙයි නෙ. දැන් පොරට මළ මිනියක් වුනත් කිසි අවුලක් නැතුව බලන්න පුළුවන්නේ.‘

    ‘බොස් නරක ද අපි මිනිහට මෙඩිකල් ලීව් ඇපෘ කලොත්..‘

    ‘මේ අහනවලකො. ඩොක්ටර් කියන විදියට මෙයාට තව ටික කාලයක් යයි හොඳ තත්ත්වයට පත් වෙන්න. එයාලා කියන්නේ තාවකාලික මතකය නැතිවීමක් වෙන්න ඇත්තේ කියලා. මොනව උනත් ඉතින් වෙඩි උණ්ඩයක්නෙ. වැඩේ තියෙන්නෙ ඩොක්ටර්ට පුදුමයි මූට මෙහෙම සනීප වුන එක ගැන.‘

    ‘හරි බොස් දැන් අපි මොකද කරන්නේ...‘

    ‘මොකද කරන්නේ කියන්නේ ඩොක්ටර් කියන්නේ අපි මෙයාට කලින් වගේ සාමාන්‍ය විදියට සැලකුවොත් ඉක්මණිනන් හොඳ වේවි කියලා. හැබැයි අපි මෙයාට අසනීපෙ ගැන හිතලා වෙනස් විදියට සලකන්න ගියොත් කල් යාවිලු...‘

    ‘අඩෝ අඩෝ.... මෙතන මොකෝ මන් නැතුව මේ කට්ටිය සෙට් වෙලා... මොනව ද මේ බොන්නේ.... කෝ ‘

    ‘නාකි කොටා උඹේ කෝප්පෙ දියන් මට.....‘

    ‘මොකක්...‘

    ‘අම්මට සිරි පට්ට රසයිනේ.... මට හිතා ගතෑකි මිනිස්සු ඇයි මේවට ඇබ්බැහි වෙන්නේ කියලා... ම් ම්... නැද්ද නාකි කොටා...‘

    ප්‍රධානියා එක් වරම පුටුවෙන් නැගිටේටේ ‘උඹට මම‘.... කියමිනි.. නමුත් අසල සිටි නිලධාරියා ඔහුව අල්ලා ගත්තේ ‘ඉවසන්න ලොක්කා...‘ කියමිනි. අනෙක් අයද ඔහුව සන්සුන් කළේ ය.

    **********
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉක්මනට බඩු දාපන් . මට දැන් මේ කතාවේ මුලත් අමතක වෙලා.
     

    hpalpola

    Well-known member
  • මේ අතර සිතුමි කල්පනා කරමින් සිටියේ ඊළඟට ඇය ගන්නා පියවර සම්බන්ධයෙනි. පියා සම්බන්ධව එවා තිබූ ලිපිය ඇගේ අතේ තිබූ අතර ඇය එය එහෙ මෙහෙ හරවමින් සිටියා ය. රූපවාහිනියේ පැයෙන් පැය පුවත් අතරේ දී එදා වාර්තා වූ මිනීමරුමක සිදුවීම වාර්තා වෙමින් තිබූ අතර ඇයට එය ඇසිණි.

    ‘අද උදෑසන මෘත ශරීරිය සොයා ගෙන තිබූ අතර ඇගේ සැමියා මරණයට සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෘත ශරීරය සොයා ගන්නා විට තිබී ඇත්තේ ශීතකරණය තුළ බවයි පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ.‘

    ප්‍රවෘත්තියේ දී මරණයට පත් තැනැත්තියගේ ඡායාරූපයක් ද දර්ශනය වූ අතර සිතුමිට ක්ෂණයෙන් ඒ ඡායාරූපයේ සිටි තැනැත්තිය සිහිපත් විනි.

    ‘මොකක් මේ ඉන්නේ එදා මට පොලීසියේ දී හම්බවුන ගෑණු කෙනා නේ ද?‘

    බස් රියේ සිදු වූ පිපිරුම අවස්ථාවේ ඇය පොලීසියේ සිටින විට මේ කාන්තාව ජනිත් වික්‍රමසිංහ සමඟ සිටි තරුණයකු වෙනුවෙන් පෙනී සිටියා නොවේ ද? එදා ඇයගේ අතේ මැය අහම්බෙන් ගැටුණු අතර අයිස් කුටියක ඇය සිටිනවා මැවී පෙනිනි. අද එය සැබෑ වී ඇත. එවිට ය ඇයට ඔහුව සිහිපත් වූවේ.

    ‘කමක් නෑ... තවත් එක සැරයක් නැත්නම් අන්තිම සැරයටත් රනුක්ව හම්බවෙලා බලමු. හැබැයි මේ අන්තිම සැරේ.... ඔව්... අන්තිම සැරේ....‘

    ඇය පිටවන්නට සූදානම් වන විට ඒ කාන්තාව කථා කරමින් සිටි තරුණයා සිහිපත් විය. ඔහු නොවෙන්නට මේ වන විට ඇය මරු තුරුලේ ය.

    ‘ම් ම්... සිරාවට ඒකා මට උදව් කරන්න ඉඩ තියෙනවා. රනුක් බූරුස්ට වඩා ඒක ප්‍රයෝජනයි.‘

    *********

    ‘මන් කියන්නේ ඕක උනේ මෙහෙමයි. අර මනුස්සයා ස්ටේට්මන්ට් එකේ දි පැහැදිලිව කියනවා මිනිහා සෑහෙන්න ණය අරන් තිබුනා කියලා. ඉතින් ඕකට ගෑණියි මිනිහයි රණ්ඩු වුනා. රණ්ඩුව දුර දිග ගියා. ඒ රණ්ඩුවෙදි මිනිහා කඩෙන් යන්න ගියා. හැබැයි පස්සෙ හොරෙන් ඇවිල්ලා ගෑණිව මරලා දැම්මා. මරලා ෆ්‍රිජ් එකේ හැංගුවා. ඕක තමයි වෙන්න ඇත්තේ.‘

    රණතුංග කාන්තාවගේ මරණය සිදු වූ ආකාරය කණ්ඩායමට විස්තර කරමින් සිටින අතර අනෙක් අය ඔහුගේ දේශනය අසා සිටී. රනුක් පමණක් මේසයකට වී ඔහුගේ පාඩුවේ කොළයක රවුම් අඳිමින් සිටී. නමුත් ඔහුත් රණතුංගගේ කථාවට ඇහුම් කන් දෙමින් සිටියේ ය.

    ‘හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මන් මනුස්සයගේ කථාවත් හොයලා බැලුවා. මිනිහා කියන්නෙ බොරු කියලත් හිතන්න බෑ. ඒ කියන්නේ මාසයක් විතර මිනිහා ඔය තැනට ඇවිල්ලා නෑ.‘

    සියල්ලෝම පැටළුණු නූල් බෝලයක පැටලිලි අරිමින් සිටින සෙයකි. මේ අතර උනන්දුවා දුටුවේ මේසයක් අසලට වී රවුම් අඳිමින් සිටින රනුක් ය.

    ‘අනුන්ගේ මේසෙකට වෙලා අර යකා මොකක් ද අර කරන්නේ?‘

    ‘හික්ස් පොරට මල පැනලා ඉන්නෙ. ලොක්කා පිස්ටල් එක දුන්නේ නෑ නේ.‘

    මේ අතර ප්‍රධානියා ද කථා කරන්නට විය.

    ‘කව්රු මොනව කිව්වත් මට කියන්න තියෙන්නෙ, ඒ කියන්නේ මේක අනිවාර්යෙන්ම පලිගන්න කරපු වැඩක් කියලා තමයි. ඒ නිසා මැරිච්ච කෙනා එක්ක පහුගිය කාලේ සම්බන්ධ වෙලා උන්නු අය කව්ද කියලා හොයලා බලන්න. අපිට පොටක් පෑ දේවි. හරිද?‘

    ‘හරි සර්...‘

    ‘අම්මගේ රෙද්ද.... මට දැන් මේ බයිලා අහලා එපා වෙලා තියෙන්නේ. යකෝ මන් පොලීසියක ද මේ ඉන්නේ?‘

    රනුක් කියනා විට සියල්ලෝම හැරුනේ ඔහුගේ දෙසට ය. අනේ.. තවමත් ඔහු කඩදාසියක රවුම් අඳිමින් සිටී.

    ‘මොකක් ද? මොකක් ද දැන් තමුසෙ කියන්නේ?‘

    ‘ඒයි නාකි කොටා...‘

    ලොක්කාට මල පනී. නමුත් කරන්නට දෙයක් නැත. කථා කරන්නේ මානසික රෝගයකින් පෙළෙන තැනැත්තෙකි.

    ‘මේක තරහක් නිසා වෙච්චි දෙයක් නෙමෙයි අයිසේ.‘

    ‘ආහා... හොඳයි තමුසෙ මොකෝ එහෙම හිතන්නේ?‘

    ‘අන්න වැඩේ. හරි මන් කිව්වොත් මට ආපහු මගේ පිස්තෝලෙ දෙනවද ඔහේ.‘

    ‘හරි දෙනවා... හැබැයි උඹ මට පිළිගන්න පුළුවන් දෙයක් කියන්න ඕනා.‘

    ‘එහෙම බෑ සේරටම ඇහෙන්න කියලා පොරොන්දු වෙනවා. මට තමුසෙව ෂුවර් නෑ.‘

    ‘යකෝ මූ... හරි මන් උඹට උඹේ වෙපන් එක දෙනවා...‘

    ‘ඇහුනනේ හැමෝටම....අන්න හරි....‘

    ‘බොස් බොස්...‘

    ‘හරි ඉවසන්න ඉවසන්න...‘

    රනුක් වාඩි වී සිටි පුටුවෙන් නැගිට ගියේ පසෙක තිබූ සුදු පුවරුවක් ලඟට ය. එම පුවරුවේ මානසික රෝහලේ සිදු වූ මිනීමරුමට අදාළ ඡායාරූප සහ පුවත් පත් දැන්වීම් ආදිය අලවා තිබිණි.

    ‘ඔය කොහේද යන්නෙ?‘

    ‘මන් කලින් කිව්වා වගේ මෙන්න මේකෙ ඉන්න කෙනා මැරෙන්නෙ පලි ගැනීමක් හේතුවෙන්. මිනීමරුවා මේ කෙනත් එක්ක පට්ට තරහෙන් ඉඳපු කෙනෙක්.‘

    ඉන් පසු ඔහු ගියේ අද දින හමු වූ මෘත ශරීරයට අදාළ ඡායාරූප අමුණා ඇති පුවරුව අසලට ය.

    ‘හැබැයි මේ මිනීමැරුම එහෙම එකක් නෙමෙයි. මේක කිසිම පළිගැනීමේ චේතනාවකින් කරපු එකක් නෙමෙයි.‘

    කණ්ඩායමේ සියල්ලෝම ඔහු දෙස බලා සිටී. පංතියක උගන්වන ගුරුවරයකු බවට රනුක් දිසානායක මොහොතකට පත් වුනේ යුනිට් 5 නිලධාරීන් ඒ පංතියේ සිසුන් බවට පරිවර්ථනය කරමිනි.

    ‘මිනීමරුවා මේ කෙනාව මරන්නේ විඳවන්න පුළුවන් උපරිම වේදනාවක් එයාට දීලා. අපිට මෙයාව හම්බවෙන්නෙ අයිස් මිදුණ ඩී ෆ්‍රීසර් එකක් තිබිලා. අපි දන්නවා සාමාන්‍ය ශීතකරණයට වඩා ඩී ෆ්‍රීෂර් එක වෙනස්. මේ වගේ මිනීමැරුම් හරිම අඩුයි. තේරුනා ද? ඉතින් බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ මිනීමැරුම කරන වෙලාවේ මිනීමරුවාගේ හැඟීමුත් අයිස් වගේ ශීතලයි. මිදිලා තියෙන්න ඇත්තේ....‘

    ‘හිත් පිත් නැති මිනීමරුමක්?‘

    ‘මේ ගෑණිව බෙල්ල මිරිකලා මරලා නෑ. එයා අයිස් වෙලා නැත්නම් ගල්වෙලයි මැරිලා තියෙන්නෙ. ඒකත් එක්තරා ආකාරයක වධයක්.‘

    ‘වධයක්?‘

    ‘ඔව්.‘

    රනුක් හිමින් සීරුවේ පැමිණ පසෙකින් වූ මේසයක් මත වාඩි වූයේ ය.

    ‘ඇයි ඒ? හේතුවක් තියෙන්න එපැයි... අනේ නිකන් පලයන් බන් පච කෙළින්නෙ නැතුව. රෙද්ද අපරාදේ මගේ වෙලාව... බූරුවෙක් වගේ අහන් හිටියනේ මමත්,‘

    ආයතන ප්‍රධානියා කෑ ගසද්දී දුරකථනය නාද වූ අතර එයට පිළිතුරු දුන්නේ අවශේෂ නිලධාරියෙකි.

    ‘හෙලෝ.. මොකක්? ... හරි... ස්තූතියි..... පිස්සු පීකුදු‘

    ‘ඇයි මොකෝ කව්ද කථා කලේ....‘

    ‘JMO ඔෆිස් එකෙන් කෝල් එක. මට විශ්වාස කරන්නත් බෑ.‘

    ‘මොකක් ද කියපන්කො...‘

    ‘බොස් කෝල් එක ආවේ JMO ඔෆිස් එකෙන්. එයාලා කියනවා මැරුණ කෙනා මැරිලා තියෙන්නෙ ශීතලට හුස්ම හිරවෙලා ලූ. නැතුව වෙන හේතුවක් නිසා නෙමෙයි කියන්නේ‘

    ‘මොකක්?‘

    ‘ඔව්. මිනීමරුවා ඒ ගෑණු කෙනා පණ පිටින් ම ගල් වෙන්න ඇරලා.‘

    සියල්ලෝම එක්වරම බැලුවේ අසල මේසයක් මත වාඩි වී කකුල් පද්දමින් සිටිනා රනුක් දෙස ය.

    ‘රනුක්... මේ රනුක්...‘

    ප්‍රධානියා කථා කරද්දී රනුක් ඔහු දෙස බැලූවේ අවඥා සහගත සිනහවකින් මුව සරසා ගනිමිනි.

    ‘ඔහේට විශ්වාස ද මේ ගෑණු කෙනා මැරුනේ මේ වදේ හේතුවෙන් ම කියලා.? ඇයි කෙනෙක් ඒ වගේ වද දෙන්නේ?‘

    ‘ඒක කොහොම ද ඕයි මම දන්නේ?‘

    ‘ඒත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මොනවහරි තොරතුරක් ගන්න ඕනා වුනාම මිනිස්සු කෙනෙක්ට වද දෙන්නෙ නැද්ද?‘

    ‘මොන වගේ තොරතුරුද? ඔයා හිතන්නෙ මොනවා කියලද?‘

    ‘මන් කොහොම ද කොටෝ ඒක දන්නේ.‘

    ‘හරි හරි... මේ අහන්න රනුක්....‘

    උනන්දුවා සාවධානව මැදිහත් විය.

    ‘ඔය මිනීමරුවා තමුසෙ කියනවා වගේ කෙනෙක් නම් නිකන්ම මේ ගෑණිව මැරුවා වෙන්න බෑ නේ. අනික මරලා දාලා ඔහොම අහුවෙන්න ඒ කඩේ ෆ්‍රිජ් එකේ දාලා යන්නෙ නෑ නේ.‘

    ‘හහ් හහ් හහ්.....‘

    ‘මොකෝ හිනාවෙන්නෙ තමුසෙ....‘

    ‘පිස්සු බල්ලා... මන් හිතා ගෙන උන්නෙ මේ කණ්ඩායමේ ඉන්න වැඩ්ඩා තමුසෙ කියලා ඕයි.... ඒ වුනාට දැන් මට තේරුනා මට වැරදිලා කියලා...‘

    ‘උඹ...‘

    වේගයෙන් නැගී සිටි උනන්දුවා ව අසල සිටි නිලධාරියකු අල්ලා ගන්නා ලදි.

    ‘මේක ඇවිල්ලා වෝනින්ග් එකක්.... මිනීමරුවා කව්රු වුනත් එයාට අවශ්‍ය වුනේ තව කෙනෙක්ට වෝන් කරන්න. අනතුරු අඟවන්න. ඒ මැරිච්ච කෙනාගේ මිනිය දකින්න ඇරලා එයාට බය වෙන්න අරින්න.‘

    සියල්ලෝම ගල් ගැසී ඇහුම් කන් දී සිටී.

    ‘ඇත්තටම මට හිතා ගන්න බෑ ඇයි සමහර මිනිස්සු මළමිනියක් දකින දකින සැරයක් පාසා බය වෙන්නෙ කියලා. මිනිස්සු නම් මහ කාලකණ්නි අනුකම්පාව ම හොයන බයගුල්ලො ජාතියක්.‘

    ‘ඒ කියන්නෙ දැන් තමුසෙ කියන විදියට මිනීමරුවා ඒ ගෑණු කෙනාව මැරෙන්න ඇරලා ෆීසර් එක ඇතුලෙ දාලා ගියා කාවහරි බය කරන්න. මොකද මිනීමරුවා දැනන් උන්නා දවසක බොඩි එක හම්බවෙනවා කියලා. ‘

    ‘අන්න හරි. ඒක තමයි එයා බලාපොරොත්තු වුනේ. ඒ විතරක් නෙමෙයි මේ වෙද්දි ඔය සිද්ධිය ගැන විස්තර වගේම මළ මිනිය ගැන විස්තරත් ටීවී රේඩියෝ වල ගිහිල්ල ඉවරයි. මිනීමරුවා බලාපොරොත්තු වුනා වගේම එයාට පණිවිඩය දෙන්න ඕනා කෙනාට දැන් පණිවිඩය ලැබිලා ඇති. ඒ මෝඩ මිනිහා ඒකා ගෑණියෙක් වුනත් පිරිමියෙක් වුනත් දැන් බයේ හැංගිලා ගැහි ගැහි ඇත්තේ‘

    රනුක් දිසානායක ඒකක 5 ට වී සිද්ධිය විස්තර කරනා විටත් එක්තරා ස්ථානයක කාන්තාවක් උදෑසන හමු වූ මළිසිරුරේ ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් බලමින් හඬමින් සිටියා ය. ඇය ඉදිරියේ වූ මේසය මත X රේ ඡායාරූප කීපයක් මෙන්ම වෙද නලාවක් ද විනි.

    ‘සුධර්මා.... අනේ සුධර්මා....‘

    ‘ඒ කියන්නේ ඒක එහෙම නම් මේ අන්තිම මිනීමැරීම නෙමෙයි... හරි ද?‘

    රනුක් ඊට පිළිතුරු දුන්නේ ‘ඔව්‘ ලෙසින් හිස සෙලවීමෙන් පමණි.

    ‘ඒ කියන්නේ මැද ඇඟිල්ල නැති ඔය මිනීමරුවා ආයිත් සැරයක් මිනීමරණවා කියන එක....‘

    ‘බොහෝදුරට. එයා දුන්න මේ වෝනින් එක හරි විදියට වැඩ නොකළොත් ඒක තමයි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා..‘

    ‘ඒ මොකක් ද?‘

    ‘මමත් දැක්කනේ ඒ ගෑණිගේ මිනිය. ඒ මිනියෙ හැටියට ගෑණි මැරිලා මේ වෙද්දි මාසයක් විතර වෙනවා.‘

    ‘මාසයක් විතර.... කොහොමද තමුසෙ එහෙම කියන්නෙ මිනියක් බලලා. යකෝ බලහල්ලකො දෙයක් නිකන් කණාවට වගේ කියලා මිනියක් බලලා කියනවා මැරිලා මාසයක් විතර වෙනවලු. පිස්සු මූට. කොහොමද ඕයි එහෙම කියන්නේ‘

    කථාව අවසන් කිරීමට නොහැකි වුනේ තවත් පොලිස් නිලධාරියකු එහි පැමිණි නිසාවෙනි.

    ‘ඇති යන්තම්. කෝ මරණ පරික්ෂණ වාර්තාව අරන් ආවද?‘

    ‘ඔව් සර්... ඩොක්ටර් කිව්ව ඒ ගෑණු කෙනා මැරිලා සති 3 ක් 4 ක් අතර වගේ කාලයක් වෙනවා කියලා.‘

    ආපසු කණ්ඩායම තුළ ඇති වුනේ මීයාට පිම්බාක් වැනි නිහඬතාවයකි.

    ‘හැම තිස්සෙම මළ මිණී දකින මට මේක නිකන් කජු කනවා වගේ වැඩක් බොල.‘

    ‘තමුසෙ නම්....‘

    ‘නාකි කොටා.... දැන් දෙනවා මට මගේ පිස්තෝලෙ.... තමුසෙ පොරොන්දු වුනා....‘

    ‘සර් දෙන්න එපා සර්...‘

    ‘හරි හරි.... දෙන්නම්.... කරදර කරන්න එපා ඕකට.... පරිස්සමෙන් පාවිච්චි කරනවා‘

    ප්‍රධානියාගෙන් ලැබුණු පිස්තෝලය නිසා රනුක් පත්වූයේ සෙල්ලම් බඩුවක් ඉල්ලා අඬමින් සිටි දරුවකු, ඒ සෙල්ලම් බඩුව ලද පසුව විඳින්නා වූ සතුට වැනි සතුටකට ය. ඔහු එය කණ්ඩායමේ සාමාජිකයන් ට එල්ල කරමින් ඔවුන් බිය කරමින් විනෝද වූයේ ය.
     

    hpalpola

    Well-known member
  • @hpalpola kollo ithuru tikath damuko ☺️
    රස්සාවේ වැඩ අතරෙ ලියන්නෙ... පුළුවන් ඉක්මණින් දානවා.

    ඉක්මනට බඩු දාපන් . මට දැන් මේ කතාවේ මුලත් අමතක වෙලා.
    රස්සාවේ වැඩත් එක්ක ලියන්නේ... සමාවෙලා සැරින් සැරේ කියවන්න අමතක වෙන්න දෙන්න එපා...
    ------ Post added on Jun 15, 2021 at 3:38 PM

    කතාව කියවලා අදහස් දෙන හැමෝටම ස්තූතියි...
    ------ Post added on Jun 15, 2021 at 3:39 PM
     
    • Love
    Reactions: Assassin Galaa

    hpalpola

    Well-known member
  • පොලීසියේ මෙසේ වෙද්දී පෙර කී කාන්තාව දුරකථනයේ දිස්වන මළ සිරුර දෙස බලමින් හඬමින් සිටියා ය.

    ‘සුධර්මා මන් ගැන කිව්ව වත්ද? අනේ දෙවියනේ එහෙම නම් වෙන්න එපා.. මන් කොච්චර අමාරුවෙන් ද මෙහෙම ඉන්නෙ. නිකමට හරි මන් ගැන කිව්වනම් මාවත් හොයා ගෙන ඒවි. මාව මරලා දාවි. නෑ නෑ... එහෙම වෙන්නත් බෑ... සුධර්මා හොඳ කෙනෙක්... ඒකි මාව පාවලා දෙන එකක් නෑ.... ඒත්... මේ සේරම මගේ වරද... අනේ දෙවියනේ සුධර්මා මලේ මන් නිසා.....‘

    ඇගේ මේසය මත වෛද්‍ය උපකරණවලට අමතරව රනුක් දිසානායක සහ ඇගේ ඡායාරූපයක් ද තිබිණි.

    ‘ඒත් මොනවා හරි හේතුවකින් සුධර්මා මන් ගැන කෙල හැලුවා නම් අනිවාර්යෙන්ම මාවත් හොයා ගෙන ඒවි....‘

    ඇයට ඒ සිතුවිල්ලේ වැඩි වෙලාවක් ඉන්නට ඉඩ නොලැබුනේ එක්වරම පසුපසින් පැමිණි අයකු ඇගේ බෙල්ලට පිහියක් තබා කට මිරිකා තද කර අල්ලා ගත් නිසාවෙනි.

    ‘ආහ්....‘

    ඇගේ කටින් හඬක් පිටවුනේ නැත.

    ‘බය වෙන්න එපා. කෑ ගහන්නත් එපා.... උඹ දන්නවනේ මන් කව්ද කියලා...‘

    ඇය මේසය මත තබා තිබූ වීදුරුවෙන් එවිට තමුන්ගේ පිටිපස සිටිනා තැනැත්තා අඳුනා ගත්තා ය. එම තැනැත්තාගේ කම්මුලක ඇති කැපුම් තුවාලය ඇයට හොඳින් මතක ය. එය කිසිදා මැකී නොයන ලෙසින් ඇගේ මතකයේ තැන්පත්ව තිබේ. ඒ අතර ඇගේ මුව වසාගෙන තිබූ අත එතැනින් ඉවත් වී ඇගේ හිස මතට පැමිණිනි.

    ‘බය වෙන්න දෙයක් නෑ. ආ... උඹේ යාළුවා මැරිලා නේද? උඹ හිතන්නෙ මන් මැරුවා කියලද. අපෝ නෑ. මගෙයි ඕකෙයි කිසි සම්බන්ධයක් නෑ. මන් තවම පිස්සන් කොටුවෙන් පැනලා එන ගමන්.‘

    ඇය දඟලන්නට වූවාය.

    ‘හුඟ කාලෙකින් අපිට හම්බවෙන්න බැරි වුනා නේ ද තේජා... අඳුනගත්ත ද මාව‘

    ඇය පුටුවේ ඇන්ද තදින් අල්ලා ගත්තා ය.

    ‘බලපන්. ඒ බල්ලා දැනට අවුරුදු ගාණකට කලින් වැඩ කරපු විදියට ම තාමත් වැඩ කරනවා. හරි මට ඒවයින් වැඩක් නෑ. මට උඹෙන් උදව්වක් ඕනා.‘


    *********

    සිතුමි SIA ආයතන ගොඩ නැගිල්ලට ඇතුළු වී පිළිගැනීමේ කවුන්ටරය වෙත ගමන් කරමින් සිටියා ය.

    ‘ඌ මොකද මට මෙතැනට එන්න කිව්වේ....‘

    පිළිගැනීමේ කවුන්ටරයට ආසන්නයේ වූ පුවරුවක එල්ලා තිබූ ඡායාරූපයක් දුටු ඈ පුදුමයට පත් වී නැවතී එයට අවධානය යොමු කළාය.

    ‘ඇහ්... මේකා මොකද මේකෙ කරන්නෙ... ‘

    එහි තිබුනේ තාරක කුරේරාගේ රුවයි. සමාගමේ ප්‍රධානියා බවට පත් වූ පසුව ඔහුගේ ඡායාරූපයක් ද යොදා දැන්වීමක් මුද්‍රණය කරන ලද අතර ගොඩනැගිල්ලට පැමිණෙන පාරිභෝගිකයන්ට පෙනෙන ලෙසින් එය එහි එල්ලා තිබිණි. සිතුමිගේ ඇස ගැටුනේ එයයි. කෙසේවෙතත් ඡායාරූපයට යටින් සමාගමේ විස්තර තිබූ අතර එහි සටහන්ව තිබූ නමක් දුටු විට සිතුමිට විදුලියක් කොටන්නා සේ යම් දෙයක් සිහිපත් විය.

    ‘මොකක්.... 1998 දි සැමට සෙත රක්ෂණ සමාගම SIA සමාගම විදියට වෙනස් වෙලා තියෙනවා... සැමට සුව සෙත... ඒක.. අනේ දෙවියනේ....‘

    ඇය පිළිගැනීමේ නිලධාරිනියක් වෙත ගියේ දුවගෙන මෙනි.

    ‘ඇයි මිස්..

    ‘මට සමාවෙන්න. කියනවද මෙහෙ අනුරුද්ධ පෙරේරා කියලා කෙනෙක් වැඩ කරනවද කියලා.‘

    ‘මොකක් ද නම කිව්වේ?‘

    ‘අනුරුද්ධ පෙරේරා.....‘

    ‘එහෙම කෙනෙක් ගැන නම් දැනුවත් කමක් නෑ....‘

    නිලධාරිනිය හදිසියේ ම ආසනයෙන් නැගිට දොරටුව දෙස බලා සිටිනා නිසා සිතුමි ද ඒ දෙස බැලුවාය. එවිට ඇය දුටුවේ බල්ලා ද සමඟින් ඔහු පැමිණෙන ආකාරයයි. මේ අතර නිලධාරිනිය අසල සිටි තවත් කාන්තා නිලධාරිනියකට ‘බොස් එනවා...‘ කියා කීම නිසා තාරක යනු මේ ආයතනයේ ප්‍රධානියා ද යන සැකය සිතුමි තුළ ඇති විය.

    තාරක ද ඇතුල් වන විටම වාගේ සිතුමිව දුටුවේ ය.

    ‘ඔයා මෙහෙ.. ආවා එහෙනම්...‘

    ටික වෙලාවකින් පසුව සිතුමි සිටියේ තාරක කුරේරාගේ කාර්යාලයේ සැප පුටුවක වාඩිවී ය.

    ‘අපේ ඩේටා බේස් එකේ හැටියට නම් අනුරුද්ධ පෙරේරා කියලා කෙනෙක් පෙන්නන්නෙ නෑ සිතුමි. ඔයාට හොඳටම ෂුවර් ද එයා මෙහෙ වැඩ කරනවා කියලා.‘

    ‘වැඩ කරනවා ද කියලා ෂුවර් නෑ. හුඟ කාලෙකට කලින් තමයි මට මතක...‘

    ‘හරි අපි බලමු එහෙනම් පරණ කට්ටියගේ ඩේටා වල.... රයිට් මේ තියෙන්නෙ ... අනුරුද්ධ පෙරේරා.... ආහ්... සිතුමි එයා මේ කම්පැණිය පටන් ගනිද්දි අයින් වෙලා තියෙනවා. ඒකයි එයාගේ ඩේටා නැත්තෙ...‘

    ‘අයින් වෙලා?‘

    ‘ඔව්. කලින් කම්පැනි එකේ හිටියට මේක පටන් ගනිද්දි එයා අයින් වෙලා තියෙනවා.‘

    ‘ආහ්.... මේකයි.. ඔයාට බැරිද එහෙනම් එයාගේ ඇඩ්ඩ්‍රස් එකක්වත් හොයා ගන්න. ඒ විස්තර නැද්ද‘

    ‘මේකෙ හැටියට නම් සිතුමි අනුරුද්ධ අයින් වෙලා තියෙන්නෙ පිටරට පදිංචියට යනවා කියලා. මන් හිතන්නෙ නෑ එහෙම විස්තර හොයා ගන්න පුළුවන් වේවි කියලා.‘

    ‘මේකයි මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. මට පුළුවන් ද කෙනෙක්ගෙ රක්ෂණ විස්තර බලන්න...‘

    ‘වෙන කෙනෙක්ට නම් කරන්නෙ නෑ හරිද.. ඒත් ඔයාට මට බෑ කියන්න බෑ නේ. හොයලා දෙන්නම්..මොකක් ද නම...‘

    ‘එයාගේ නම අමල් විජේසිංහ.. ඇත්තම කියනවා නම් ඒ මගේ තාත්තා. දැන් තාත්තා මැරිලා.‘

    ‘එහෙම ද ... අමල් විජේසිංහ නේද ඉන්න මන් බලන්නම්....‘

    පරිගණකයෙන් ඒ නමට කිසිඳු තොරතුරක් නොලැබිණි.

    ‘ඔයාට විශ්වාසද මේ කම්පැනි එකේ එයාට රක්ෂණාවරණයක් තිබ්බා කියලා. මොකද කිසිම විස්තරයක් දෙන්නෙ නෑ නේ.‘

    ‘එයාට තියෙන්න ඕනා.. මමත් හරියට දන්නෙ නෑ. ඒත් අනුරුද්ධ පෙරේරා මගේ තාත්තා මැරුණ එක ගැන පොලීසියත් එක්ක එකතු වෙලා විස්තර හෙව්වා. අනුරුද්ධ කියන්නෙ කම්පැනි එකේ උන්න කෙනෙක්. ඒකයි මන් බැලුවේ. මොකද මන් අහලා තියෙනවා ඉස්සර රක්ෂණය මැරුණා කියල නිකන්ම දෙන්නෙ නෑ කියලා.‘

    ‘ඔව් එහෙම වෙන්නත් පුළුවන්. අනෙක් අතට ඔයාගේ තාත්තා වෙන විදියකට කම්පැණි එකට සම්බන්ධ වෙලා ඉඳිය ද දන්නෙත් නෑ නේ..‘

    ‘ඔව් නේද.. ඒකත් හරි...‘

    තොරතුරු සොයා ගැනීමට නොහැකි විම නිසා සිතුමිට ඇති වූ බලාපොරොත්තු කඩ වීම ඇගේ මුවෙන් ප්‍රදර්ශනය වූයේ තාරකට ද ඒ බව පෙනෙන්නට ඉඩ අරිමිනි.

    ‘මෙහෙමයි. අපි මේ කම්පියුටරයිස් කලා වගේම ඒ විස්තර ෆයිල්වලත් ගබඩා කරලා තියෙනවා. මට පුළුවන් ඒවයෙත් චෙක් කරලා බලන්න.‘

    ‘අනේ කරදරයක් නැත්නම් ලොකු උදව්වක්.‘

    ‘හැබැයි මට ඒ වෙනුවෙන් දෙතුන් දෙනෙක්ව දාන්න වෙනවා ෆයිල් අවුස්සලා බලන්න...‘

    ‘කරදරයක් නේද ඒ කියන්නෙ..‘

    ‘ආහ්... ඔයා වෙනුවෙන් ඒක කරදරයක් වෙන්නෙ නෑ. අනික මේ.. මම තමයි මේකෙ බොස්...‘

    තාරක සිතුමිට පෙන්නා සිටියේ මේසය මත තබා තිබු ඔහුගේ නාම පුවරුවයි.

    ‘ඔයාට බොහොම ස්තුතියි..‘

    මේ වන විට පිස්සු බල්ලාත් බියගුල්ලාත් සිටියේ මේ රක්ෂණ සමාගමේ ම වෙනත් මහලකය. ඔවුන් සුධර්මාගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී. ඇය සේවය කර තිබුනේ මේ රක්ෂණ සමාගමේ වීම මීට හේතුවයි.

    ‘ටික දවසක් අපි උත්සාහ කළා එයාව අල්ල ගන්න. හැබැයි එයාගේ සෙල්ෆෝන් එක වැඩ කලේ නෑ. ඉතින් මන් එයා දීලා තිබ්බ ඇඩ්ඩ්‍රස් එකටත් ගියා. එතැනත් කවුරුවත් හිටියෙ නෑ. පහුගිය කාලේ එයා හස්බන්ඩ් එක්ක එකතුවෙලා රෙස්ටුරන්ට් එකක් ඇරලා තිබුනා. ඒකත් වහලයි තිබුනේ. දැන් ඔබතුමා කියන්නේ එයා මැරිලා කියලා නේ ද?‘

    ‘ඔව් එයා මැරිලා.‘

    ‘ම් ඒකට කමක් නෑ.. මට දැන ගන්න පුළුවන් ද මෙහෙ කවුරුහරි වැඩ කරනවද කියලා දකුණු අතේ මැද ඇඟිල්ලක් නැති.‘

    ‘මොකක් මැද ඇඟිල්ල නැති කෙනෙක්...‘

    ‘ඔව් මැද ඇඟිල්ලක්...‘

    ‘ම් නෑ. එහෙම කෙනෙක් නම් නෑ ඔෆිසර්..‘

    ‘එහෙම නම් සුධර්මා එක්ක තරහෙන් උන්න කෙනෙක් හරි...‘

    ‘මන් දැනුවත්ව නම් නෑ. ඇත්තම කියනවා නම් එයා බොහොම හොඳින් හැමෝ එක්කම හවුලේ වැඩ කරපු කෙනෙක්. ඔෆිසර්ට කියන්න ඕනා නෑ නේ. රක්ෂණ ෆීල්ඩ් එකේ නගංරවලින් ඉන්න බෑ නේ.. මිස් සුධර්මාගෙන් ස‘විස් එක ගන්න කස්ටමර්ස්ලා උනත් එයාගේ වැරදි කිව්වෙ නෑ.‘

    ‘ඒකත් එහෙම ද. කමක් නෑ. හරි එක දෙයක්. යන්න කලින් මට ඔයාලගේ බොස්ව හම්බවෙලා යන්න පුළුවන් ද?‘

    ‘අපෝ ඔව්. බොස් ඇවිත් ඉන්නෙ දැන්. යන් අපි කථා කරමු..‘

    ‘රනුක් මන් ගිහින් එනකම් මෙතැනම ඉන්න..‘

    උනන්දුවා කියා ගියේ නිකටේ අත ගසා ගෙන ඇස් වසාගෙන සිටින රනුක්ට ය. ඔහුත් නිලධාරියාත් කොරිඩෝවක් දිගේ ගමන් කරමින් යන විට කලබලයෙන් මෙන් පැමිණෙන තරුණයකු දක්නට ලැබිණි.

    ‘සර්.. සර්...‘

    ‘ආ මිස්ට ගුණසේකර.. ඔයා මගේ බලු පැටියාව දැක්ක ද.. ඒකා නෑ නේ..‘

    ‘මන් බලන්නම් සර්. සර් මේ පොලිස් ඔෆිසර් කෙනෙක්. අපේ ස්ටාෆ් එකේ කෙනෙක්ගේ මරණයක් ගැන විමර්ශන කරනවා. සර්වත් හම්බවෙන්න ඕනා කිව්වා.‘

    ‘මාව... ඇයි ඔෆිසර්..‘

    උනන්දුවා කාමරයෙන් ගිය පසු රනුක් ආපසු අතට ගත්තේ පිස්තෝලයයි. ඔහු එය එහෙ මෙහෙ වනමින් එල්ලය පුරුදු වෙමින් සිටියේ ය. මෙසේ සිටිද්දී ඔහු සිටි කාමරයට ඇතුල් වූයේ බල්ලෙකි. බල්ලා රනුක්ගේ ලඟට පැමිණ බුරන්නට විය.

    ‘මොකෝ බල්ලො... පලයන් පරයා යන්න එනවා බුරන්න මට.‘

    ‘පල ඉතින් කිව්වම.. යකෝ බල්ලෙක් මොන රෙද්දටද කොම්පැණියක් ඇතුලෙ ඉන්නෙ.‘

    බල්ලා බුරන නිසා රනුක් කකුල් උඩට උස්සා ගත්තේ ය. නමුත් ඒ සමඟ රනුක්ගේ කකුල හැපීමට බල්ලා පටන් ගත්තේ ගොරවමිනි.

    ‘අම්මා.... අතෑරපන් පරයා.. කකුල අතෑරපන්....‘

    වේදනාවත් තරහත් නිසා රනුක්ගේ ඇඟ තුළින් දැඩි උණුසුමක් දැනුනි. කෙසේවෙතත් ශබ්දය ඇසී දුවගෙන ආ සේවකයකු බල්ලාගෙන් රනුක් ඉවත් කර ගත්තේ ය. ඒ වෙන විටත් රනුක්ගේ කකුලේ දත් පහර කීපයක් ම වැදී තිබූ අතර කලිසම ද ඉරී ගොස් තිබිණි.

    ‘සමාවෙන්න සර්... අනේ සමාවෙන්න...‘

    ‘අරන් පලයන් ඔය වල් පරයව පැත්තකට...‘

    ‘ඒ කියන්නේ මගේ සේවකයෙක් ද දැන් ඔය මැරිලා තියෙන කෙනා.‘

    ‘ඔව්.. මෙහෙමයි ඔයාට පුළුවන් ද ඔයාගේ මිනිස්සුන්ට කියන්න අපිට විමර්ශනයට හරියට සහාය දෙන්න කියලා.‘

    ‘අනිවාර්යෙන්ම.. ඔව් මන් ඒක හැමෝටම කියන්නම්..‘

    ‘බොහොම ස්තුතියි. ඒක කියන්නයි මට ඕනා වුනේ. එහෙනම් මන් යනවා..‘

    ‘ඕනම වෙලාවක උවමනාවක් වුනොත් කතා කරන්න ඔෆිසර්...‘

    ‘සර් සර්.... සමාවෙන්න... සර් බිංගා අර පහල උන්න ඔෆිසර්ව හපලා නේ..‘

    ‘අප්පට සිරි රනුක්... බල්ලෙක් කාලද....‘


    **********
    වෛද්‍යවරයා රනුක්ගේ කකුලට බෙහෙත් කරමින් සිටී.

    ‘මට සමාවෙන්න.. බල්ලට බෙහෙත් විදලා තියෙන්නෙ. ඇත්තම කියනවා නම් ඌ මීට කලින් කාවවත් හපලා නෑ. මට හිතාගන්න බෑ ඇයි ඌ නිකන්ම ඔයාව හැපුවෙ කියලා.. ඔහේ ඌට පයින් ගැහැව්වෙ එහෙම නෑ නේ..‘

    ‘පිස්සු ද යකෝ... ‘

    ‘සමාවෙන්න සර් සමාවෙන්න.. ඌ හොඳ පරම්පරාවක හොඳ බල්ලෙක්. මන් ඒවා හොඳට බලලයි ගත්තෙ.. මට හරි පුදුමයි. හොඳට ඉව තියෙන බල්ලෙක්.... උගෙ පරම්පරාවම හොඳයි. මළමිනී හොයන්න ඉඳන් පාවිච්චි කරලා තියෙනවා.‘

    ‘මළමිනී.....‘

    ‘ඔව් සර්.. හොඳ වැදගත් බල්ලෙක්...‘

    බල්ලාගේ ඉව ගැන කථා කරද්දී රනුක් ට දෙයක් වැටහිණි.

    ‘අම්මට සිරි. මන් ඉන්නෙ මේ මළකුණට රිංගලානේ. බල්ලට ඒක තේරුනා වත් ද? යකෝ සමහරක් වෙලාවට බල්ලන්ට පූසන්ට අපිව පේනවානේ... එහෙනම් ඒක තමයි වෙන්න ඇත්තේ...‘

    ඔහු තමන්ට ම කියා ගත්තේ ය.

    බෙහෙත් දමා අවසානයේ කාමරයෙන් එළියට එන විට රනුක් දුටුවේ කීපදෙනකු විසින් ට්‍රොලියක තබා තල්ලු කරගෙන එන රෝගියෙකි. එදෙස බලමින් එළියට පැමිණි ඔහු පිටව යාමට සූදානම් වන විට ඔහුගේ ඉදිරිපිට ට තවත් තැනැත්තකු ඇවිදගෙන පැමිණියේ ය. මෙනිසා රනුක් ඒ තැනැත්තාට යාමට ඉඩ දී පසෙකට විණි. නමුත් රනුක්ට තමුන් කළ අඥාන ක්‍රියාව ක්ෂණයෙන් අවබෝධ වූ නිසා එහිම නැවතිණි. ඔහුව පසුකර ගිය තැනැත්තා ද එලෙසින් ම පියවර කීපයක් ඉදිරියට ගොස් නතර විය.

    ‘ආහ්... ඒ මිනිහා මාව දැක්ක ද? නැත්නම් කොහොම ද මග ඇරියේ. ඒක බලන්න ඕන සේරටම කලින්‘

    ‘කෙළවුනා.‘
     

    hpalpola

    Well-known member
  • ඔහු වහාම සාක්කුවේ තිබූ ෆෝනය අතට ගෙන දුරකථන ඇමතුමක යෙදෙන්නා ක් මෙන් ආපසු හැරී ඒ තැනැත්තා සිටි දෙසට පැමිණියේ ය. ඔහු ද රනුක්ගේ ඉදිරියට ගොස් රනුක්ගේ ඇඟ හරහා ගමන් කර ආපසු හැරුණි. රනුක් ද ඇමතුමේ ම සිටිමින් ආපසු හැරී ඔහුට ඇඟ හරහා යාමට දෙමින් කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ ය.

    ‘හ්ම්.. නිකන් ම වෙන්න ඇති. මන් හිතුවෙ අපේ කෙනෙක් මාව දැක්කා කියලා..‘

    ඉන්පසු ඔහු කාමරය දෙස බලාගෙන සිටියේ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ට්‍රොලියේ සිටිනා තැනැත්තා බේරා ගැනීමට කරනා වික්‍රමය දෙස ය. ඔහුටත් සිරුරක් තුළට ඇතුල් වීමට කාලය පැමිණ තිබේ.

    මේ අතර සිතුමි ඔහේ ඇවිදගෙන ගොස් එක්තරා ස්ථානයක වාඩි වූයේ ඇගේ පියාගේ පසුමිබියද අතේ තබා ගනිමිනි.

    ‘චික් මන් හිතුවෙ මොනා හරි හොයාගන්න පුළුවන් වේවි කියලා. ඒත් වැඩක් වුනේ නෑ. ඇයි ඒක රට ගියේ. අඩුම තරමේ ඇඩ්‍රස් එකක් හරි.. කමක් නෑ කමක් නෑ.. ලෝකෙ කොහෙට ගියත් මගේ තාත්තාව මරපු එකා මන් හොයා ගන්නවා මයි. ඒක මන් කරනවා මයි.‘

    රනුක්ගේ බෙහෙත් සඳහා ගිය මුදල් ගෙවීමෙන් පසුව තාරක කුරේරා ගියේ තමුන්ගේ නිවසට ය.

    ‘බිංගා... බිංගා....‘

    කාමරයට ඇතුල් වන විට බිංගා අසල සිටි අයියා දැක තාරක ගල් ගැසී නතර විය.

    ‘ඔයා ඔයා ඇයි මෙහෙ.‘

    ‘ඇයි මට එන්න තහනම් ද? ආ... යකෝ මගේ ගෙදර ඕන තැනක මට ඉන්න පුළුවන්.‘

    ‘හරි හරි.. කෑ ගහන්න දෙයක් නෑ නේ.. ඔයා මට එන්න කිව්ව නම් මන් එනවා. ඒකයි ඇහුවේ.‘

    ‘මට උඹේ බයිලාවලින් වැඩක් නෑ. බලපන් ඔය පත්තර පිටුව දිහා. ඔය අද හවස පත්තරේ. අනික්වා මන් ගත්තෙ නෙට් එකෙන්.‘

    තාරක බිම වැටී තිබූ කොළ කීපය අහුලාගෙන කියවන්නට විය. ශීතකරණයේ තිබූ මළ සිරුර අයිති තැනැත්තිය රක්ෂණ සමාගමේ සේවිකාවක් බවට වන විස්තර එහි පළව තිබිණි.

    ‘දැක්ක ද.... යකෝ.. කම්පැණියක ලොක්කා වුනාම ඔය වගේ නිව්ස් යන එක වලක්වා ගන්න ඕනා. අනික මේක ඉන්ෂුවරන්ස් කම්පැනි එකක්. තේරුම් ගනින්. උඹව මේකේ ලොක්කා කලේ මම.. මමයි තාත්තට කිව්වෙ මේකෙ ලොක්කා කරන්න කියලා උඹව..‘

    ‘මට සමාවෙන්න... මන් මේවා ගැන දැනන් උන්නෙ නෑ.. ආයිත් මෙහෙම නොවෙන්න මන් වැඩ කරන්නම්...‘

    ‘මොකක්....‘

    පුටුවෙන් නැගිට තාරක සිටිනා තැනට සහෝදරයා පැමිණියේ ය.

    ‘හොඳට මතක තියා ගනින් බූරුවා. උඹ මුකුත් කරන්න ඕනා නෑ. උඹ මේ කම්පැනිය වැටෙන විදියටම වැඩ කරන්න ඕනා. මට ඕනා එකම දේ මේ කම්පැණිය බංකොළොත් වෙන්නයි. මට මේක විකුණන්න ඕනා බොල.‘

    ‘මොකක්....‘

    ‘ඔව්. ඒ නිසා පණ්ඩිත නොවී ඉන්න විදියට හිටපන්. අනික උඹට කොහොමත් සල්ලි දෙන්නෙ අපිනේ..‘

    ඔහු කෝපයෙන් කාමරයෙන් පිටව ගියේ ය.

    ‘මට තාත්තා පවරපු කම්පැණිය උඹට ඕනා විදියට විකුණන්න දෙන්නෙ නෑ අයියේ මම...‘

    තාරක වේදනාවෙන් තමුන්ට ම කියා ගත්තේ එහි වැටී තිබූ කොළයක් ද අතේ රඳවා ගනිමින් ම නැගිට්ටේ ය.

    ‘හ්ම්... මොකක්.... මේ මේ....‘

    ඔහුට ඒ කොළයේ තිබූ ඡායාරූපය එක්වරම හඳුනාගත හැකි විය. ඇය නම් එදා ඔහුට පොලීසියේදී හමු වූ තැනැත්තියයි. ඔහු ඒ කොළය පරීක්ෂා කළේය. එය රැකියා අයදුම්පතකි. විස්තර සියල්ල එහි විය.

    ‘අනුරාධා පෙරේරා....යකෝ එතකොට සිතුමි හෙව්වෙ අනුරුද්ද නෙමෙයි අනුරාධා...ම් ම් නම හම්බ නොවුනේ ඒකයි... ඒ වුනත් එදා පොලීසියේ දී එයා කිව්වේ මේ නම නෙමෙයිනේ..වෙන නමක් නේද? චික් මතක නෑ නේ.‘

    එවිට ම ඇය දෙස බලමින් සිතුමි කියූ දේ ද ඔහුට සිහිපත් විය.

    “අර ගෑණු කෙනාව මන් අඳුනන්නේ නෑ. ඒත් එයාත් මැරෙන්නයි යන්නෙ.“

    “මොකක්“

    “ඔව් එයත් මැරෙන්නයි යන්නෙ, මන් දැක්කා එයාගේ මරණය. ඒක සැහැල්ලු මරණයක්නම් නෙමෙයි.“

    ‘අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. ඒ කියන්නෙ සිතුමිට අනාගතේ කියන්න පුළුවන්. දෙන්නම් ජම්බු.‘