පෙම්වතකුගේ අවසන් පිටුව
පෙම්වතකුගේ අවසන් පිටුව-
ඔවුන් එන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් යන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් අහිමි බව දැන ප්‍රේම කළෙමි
සැබෑ ප්‍රේමවන්තයෙකු ලෙස
ආදරය නොලත්
අල්ලා නොගත්තෙමි ඔවුන්ව
ඉල්ලා සටන් නොවැදුණි මම
මල් ආසනය දැක පිදිය යුතුම
සැබෑ ප්‍රේම ප්‍රේමවන්තයකුගේ
ආදරය නොලත්
පින්නට පෙම් බඳිමි කඳුළු යැයි නොසිතමි
අළු යට ගිනි නොසොයමි දිය යට ගිනි නොපතමි
කළුවර මම පතනෙමි හිරු සඳු තරු එළි වී
සැබෑ ලෝකයක් පිණිස
ආදරය ලත්
-මාලන් විදානපතිරණ
පෙම්වතකුගේ අවසන් පිටුව-
ඔවුන් එන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් යන දෙස බලා ප්‍රේම කළෙමි
ඔවුන් අහිමි බව දැන ප්‍රේම කළෙමි
සැබෑ ප්‍රේමවන්තයෙකු ලෙස
ආදරය නොලත්
අල්ලා නොගත්තෙමි ඔවුන්ව
ඉල්ලා සටන් නොවැදුණි මම
මල් ආසනය දැක පිදිය යුතුම
සැබෑ ප්‍රේම ප්‍රේමවන්තයකුගේ
ආදරය නොලත්
පින්නට පෙම් බඳිමි කඳුළු යැයි නොසිතමි
අළු යට ගිනි නොසොයමි දිය යට ගිනි නොපතමි
කළුවර මම පතනෙමි හිරු සඳු තරු එළි වී
සැබෑ ලෝකයක් පිණිස
ආදරය ලත්
-මාලන් විදානපතිරණ




