මටනම් කෙල්ලෙක් නෑ,ඒත් කෙල්ලෙක් ඉන්න කාලෙක දාන නීති තියෙනවා.
1.පිලිවෙලට පිරිසිදුවට ඉන්න ඕනෙ,ඔහෙ එල්ලගෙන ඉන්න බෑ ගෙදර හිටියත් එලියෙ හිටියත් ඒක නීතියක්.
2.තැනකට යනකොට හොඳට අඳින්න ඕනෙ,කවුරුහරි ගෙන්නලා ඇඳ ගන්න ඕනෙනම් ඒකෙ ප්‍රශ්නයක් නෑ,කොටට අඳින්න ඕනෙ තැන්වල කොට්ටයි දිගට අඳින්න ඕනෙ තැන්වල දිගටයි අඳින්න ඕනෙ,70 දශකෙ වගේ ඇඳුම් ඇඳන් යන්න බෑ.
3.ෆේස්බුක් යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නෑ,මට පාස්වර්ඩ් ඕනෙත් නෑ,ඒත් ෆේස්බුක් නිසා ගෙදර වැඩ පාඩු වෙන්න බෑ,කොස්ස අතේ තියාගෙන ෆෝන් එකෙන් ෆේස්බුක් යනවා වගේ මගුල්නම් කරන්න බෑ.
4.අනිත් මිනිස්සු එක්ක හොඳට කතා බහ කරලා ඉන්න ඕනෙ,ගෑනු පිරිමි දෙගොල්ලොම.ගේ ගෙම්බො වගේ ඉන්න බෑ.
5.තැන්කට ගිහින් වැඩක් කරගන්න ඉගෙනගන්න ඕනෙ,බැන්කුවකට යන්න හදිසියෙ හොස්පිටල් යන්න,වාහනයක් ඩ්‍රයිව් කරන්න,වැදගත් තැනක ගිහින් හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ.
6.අපි දෙන්නගෙ ප්‍රශ්න අපෙ අම්මලා තාත්තලා හරහා විසඳගන්න බෑ,මල පැනලා අම්මලගෙ ගෙවල්වල යන්න බෑ.කිසිම විදියකින් අපේ ප්‍රශ්නවලට තුන්වෙනි පාර්ශවයක් හොට දාන්න බෑ.
7.දවසෙ උන දේවල් හවසට ඇවිත් දෙන්නම කතා කරන්න ඕනෙ,දෙයක් ඇහුවොත් බොරු කියන්න බෑ,බැන්න නොබැන්නා මොනවා උනත් කියන්න ඕනෙ,දෙන්නා අතරෙ රහස් බෑ.(ඒ වගේම පොඩි දේවල්වලට මල නොපන්න ගන්න මමත් දැනගන්න ඕනෙ,එතකොට තමයි ලොකු දේවලුත් හංගන්නෙ)
8.කිසිම විදියකින් වෙන කොල්ලෙක් කෙල්ලෙක් අපේ පවුල මැද්දට එන්න බෑ,එයා මල්ලි වගේ,අයියා වගේ,නංගි වගේ කිය කිය එන්න බෑ.ගොඩක් උන් ඔහොම එන්නෙ හොඳට නෙවෙයි.
9.පවුලෙන් පිට කිසිම තැනක මාව පහත් කරලා කතා කරන්න බෑ,මම එයාට එහෙම කරන්නෙත් නෑ.ඒයි,ඕයි,තමුසෙ කියලා කතා කරන්න බෑ.එක්කො ආදරේට කියන නමක්,මගෙ නම නැත්තන් මහත්තයා කියලා කතා කරන්න පුලුවන්.
10.කොහෙහරි ට්‍රිප් එහෙම යනවනම් මට කියන්න ඕනෙ කාත් එක්කද යන්නෙ කියලා,කෙල්ල විස්වාස නැතුව නෙවෙයි,යන උන් විස්වාස නෑ....එකට ඉන්න උන් අතරෙ තනිකරගන්න චාන්ස් හොයන උන් ඉන්න පුලුවන්
තව ටිකක් තියෙනවා දැනට මේ ඇති...