ඉංගිරියේ පෞද්ගලික ආයතනයක තරුණියක් පිහිපහර කා මියයයි
ඉංගිරිය නරගයේ පුද්ගලික ආයතනයක් තුළ සිකුරාදා (15 දා) දහවල් පෙම්වතකු පෙම්වතියට පිහියකින් ඇන ඝාතනය කර පලාගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ කහවත්ත දම්බුලුවත්ත පදිංචිව සිටි කෝනාර මුදියන්සේලාගේ ශ්‍රියානි කෝනාර නමැති 27 හැවිරිදි තරුණියකි. එම ආයතනයේම සේවය කරන සැකකරු එදින නිවාඩු ලබා සිට ඇති අතර එදින පෙරවරු එකොළහට පෙම්වතිය මුනගැසීම සඳහා පැමිණෙන බවට මියගිය තරුණියට දුරකථන ඇමතුමක් දී ඇති බවත් පොලිසිය කියයි.
සැකකරු පෙම්වතියට පැවසූ පරිදි එම වේලාවට ආයතනයේ පිටුපස ආරක්‍ෂක තාප්පයෙන් පැමිණ විනාඩි කිහිපයක් කතා බස් කරමින් සිට බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
ඝාතනය කිරීමට හේතුව මියගිය තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග සබඳතා පැවැත්වීම බව පරීක්‍ෂණවලදී අනාවරණය වී යෑයි පොලිසිය කියයි.
සැකකරු තරුණියගේ පිට ප්‍රදේශයට හා උදරය ප්‍රදේශයට පිහි පහරවල් තුනක් එල්ලකර ඇතැයි පොලිසිය කියයි.
පලාගිය සැකකරු 24 හැවිරිදි අයෙකි.

Code:
http://www.divaina.com/2011/07/18/news10.html