පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොව&#3495

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොව&#3495

    පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොවට බිහිවූ අයුරු මවගෙන් අසන පුතෙකුගේ සංවේදී සටහන

    මේ පෙම්වතියට තෑග්ගක් දෙන්න සල්ලි නොදුන්න නිසා අම්මාව මරා දමන සමාජයක්. ඒවගේම දස මසක් කුසේ හොවාගෙන තමන්ව ඇති දැඩි කළ අම්මාව ගෙදරින් අගුපිලට ඇද දමන සමාජයක්.
    එවැනි පිරිසක් අතර ඉන්න තවත් පුතෙක් අම්මාගෙන් අහනවා තමන් ඉපදෙද්දී අම්මට රිදුනා ද කියලා.
    මේ සංවේදී සටහන අපිට හම්බවුණේ ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවෙමින් තිබියදීයි.


    4255-hirugossiptrending-son-ask-from-his-mother-how-he-born-to-this-world2143597354.jpg



    රිදුනාද අම්මේ
    සීස කරද්දි
    ඇඬුවද අම්මේ
    කටුව අනිද්දි
    දැනුනද අම්මේ
    කුසය කපද්දි
    හිරි වැටිලා නේ
    නුබට නොදැනෙන්නේ
    කොෂ 7 ක්
    ඇතුලේයි මා ඉන්නේ
    හතම කපාලයි
    උඩට ගෙනෙන්නේ
    අම්මේ
    ඔබට රිදෙන් නෑ
    ඔබ
    බාගේට මැරිලා
    මාව දැකලා නුබ
    හිනා වුනාද
    ලඟට ගන්න බැ
    නුබේ හයිය නැ
    පෙකනි වැලේන් මා
    වෙන් කර දැන්මාලු
    අම්මාගේ කුස තුල
    මැහුන් හතක් මස
    මලකද සේ
    එලියට දැම්මාලු
    මුත්‍රා කලේත් ඇදෙදිලු
    මා ඇල්ලිමටවත් පනක් නෑලු
    දවසක් යන්නට ඉස්සර නැගිටින්න වුනාලු
    මාගේ අම්මා මා දැක සතුටු වුනාලු
    හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු
    දහ දුක් විඳ මගේ අම්මා මා හැදුවලු
    දිවි ඇතිතෙක් මගේ අම්මා හට මා ආදරේයිලු
    කුසේ තියන් දුක් වින්දෙත්
    එලියට ගන්නට වද වින්දෙත්
    ජිවිතයේ හැමදාමත් බිය වූයේත්
    මා නිසානේ හැම දේමත්
    මතු බුදු වන්නට මගේ අම්මා
    දෙයත් නමා දෙපා වදිමි මගේ අම්මා


    කතෘ නොදනී
    උපුටා ගැනීම http://gossip.hirufm.lk/4255/2015/0...rom-his-mother-how-he-born-to-this-world.html
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දහ දුක් විඳ මගේ අම්මා මා හැදුවලු
    දිවි ඇතිතෙක් මගේ අම්මා හට මා ආදරේයිලු
    :yes::yes::yes: