මේ සියල්ලෙන්ම අවසානයේ ඇයටද ඔහුටද ලැබුන දේ කුමක්ද හිත් වේදනාව පමණයි.අවුරුදු 48ක් ඔහු ඇය සමග මෙසේ දිවි ගෙව්වා.මහලු කාලය ගත කරද්දී ඔහුගේ දිනපොතේ ඔහු ඇගේ ගැන තරුණ කාලයේ ලියූ දේවල් ඇය ඔහුට ඇසෙන්න කියවද්දී දෙදෙනාම හඩා වැටුනා.ඒත් ආපසු හැරෙන්න බැරි තරම් ඔවුන් දුරස් වී හමාරයි.එක් මූසල රාත්‍රියක බිරිදට හොරෙන් පලාගිය ඔහු සීතලෙන් මහමග දින ගනනාවක් දුක් විද නිව්මෝනියාව වැලදී රුසියානු දුම්රිය පොලක මිය ගියා.
ඔහු ප්‍රසිද්ධ රුසියානු ලේඛක ලියෝතෝල්ස්තෝයි.මේ ඔහුගේ සැබෑ පෙම් කතාව.
විවාහයේ සතුට කවදාවත් මුදල්,ප්‍රසිද්ධිය,තාරුණ්‍ය කියන දේ මත රැදෙන් නැහැ.මානසික සැනසුම බොහෝ වැදගත්.එකිනෙකාට දක්වන ගෞරවය ,පිලිගැනීම තුල මානසික සතුට නිරායාසයෙන්ම උදා වේ.පෙම්වතුන්ගේ දිනයකට,උපන්දිනයකට සීමා නොවී නිතර ඔබේ සහකරුට සහකාරියට එම සතුට උදාකර දීම ඔබේ යුතුකම පමණක් නොව ඔබේ ජීවිතයට අනිකාගේ ආදරයේ උල්පත් දිය නිරතුරුවම ගලා එන මගද එයයි.පුංචි හාදුවකට,පුංචි තෑග්ගකට,ආදරණීය වචනයකට ජීවිතේ විඩා දහසක් නිවිය හැකී.ඒත් අපි කවදත් එයට පෙම්වතුන්ගේ දිනක්,උපන්දිනයක් එන තුරු සිටිමු.වරද අපි තුලම තබාගෙන අනිකාට නිතර සැක කරමින් දොස් දෙවොල් තබමු.
විවාහ නොවූ ආදර වන්තයන් සැබවින්ම වාසනාවන්තයි.මක්නිසාද යත් ඔබට තවමත් කාලය ඉතිරි බැවින්.ඔහු හෝ ඇය ඔබට අත්වැලක් වීමට තරම් ඔබ අල්ලා ගත් අත්ත ශක්තිමත් ද?ඔහු හෝ ඇයට ඔබව සතුටින් තැබීමට හැකි බවට විශ්වාසද?වැලන්ටයින් දා ඔබ ලග සිටින පෙම්වතා පෙම්වතිය සමග පතන පැතුම් හීන පමණක් නොවන්න ජීවිතේ යතාර්ථය දෙස එක් වරක් බලන්න.තවත් හිතන්න බොහෝ කල් රැදෙන්න තරම් ඔබගේ ගැලපීම සාර්ථක ද? පිලිතුර ඔව් නම් ඔබේ දිවි හිමියෙන් ඒ ආදරේට ගරු කරන්න.ඒ තුල කිමිදෙමින් ඔබේ ජීවිතේ මුතු කැටය සොයා ගන්න.ඔබට සුබ පෙම්වතුන්ගේ දිනයක්!