පෙම් කතාව සහ valentine

sodabothale

Member
Feb 23, 2016
2
1
0
blog_007.png
ඔන්න එකෝමත් එක කාලයක විවාදශීලි රැඩිකල් අදහස් හිමි රුසියානු තරුණයෙක් හිටියා.තාරුණ්‍යයට උපතින්ම හිමි දගකාරකමින් පිරී සිටි ඔහුගේ ජීවිතයට සූදුව ,මත්පැන්,තරුණියන් බොහොම සාමාන්‍ය අන්ග කීවොත් නිවැරැදි .මුදල්ද යහමින් තිබූ ඔහුගේ හිතුවක්කාර ජිවිතයේ සැගවුන වේදනාවන් ,මිනිස්සුන් ගැන ඔහුට දැනෙන දෑ ඔහු නිතර වචන වලට ගොනු කර මුද්‍රණයද කලා.එය ඔහුගේ විනෝදාංශය මෙන්ම රැකියාව වූ අතර එයින් ඔහු බොහෝ ධනවත් මෙන්ම ප්‍රසිද්ධ වීමට වැඩි කල් ගත උන් නැහැ. එක් දිනක් ඔහුට බොහෝම සුරූපි තරුණියක් හමුවූවා.මේ කෙලිලොල් ජීවිතය අවසන් කිරීමට සිතූ ඔහු ඒ සුරූපී තරුණිය වෙත විවාහ යෝජනා කලා.ඇය ඉතාමත් සතුටින් ඔහු සමග පෙමින් වෙලුන අතර ඔවුන් විවාහ දිවියටද එලඹුනා.ඔහුට අවුරුදු 34ක් ඇය අවුරුදු 16ක කෙල්ලෙක්.ඉතාම මිහිරි යුග දිවිය බොහොම අපූරුවට ගලා ගියේ ඉතාම ටික කාලයයි.තරුණියට ඔහුගේ අඩුපාඩු පෙනෙන්න ගත්තා."ඔහොම හිටන් ඉන් එපා.උරහිස් පස්සට ගෙන මෙහෙම ඉන්න." "ඔයාගේ නහය බොහොම දිගටියි.මම එයට අකමැති." "ඔබේ ගමන් විලාශය හරිම විකෘති ඔබ සිටුවරයෙක් ඊට සරිලන ලෙස ඇවිදින්න." මැසිවිලි වල ආරම්භය එලෙස සුලු සුලු දේ වූවත් ක්‍රම ක්‍රමයෙන් ඇගේ වාග් ප්‍රහාර බොහෝ දරුණු වූවා.ඔහුගේ පොත් වල කතෘ බාගයෙන් කොටසක් ඉල්ලා ඇය වාද කලා.දේපල සියල්ල ඇගේ නමට පවරන මෙන් ඇය කෑ ගැසුවා.නිතර නිතර ඔහුගේ කාර්යාලයට කඩා වැදී ඔහුට යම් යම් දේ පිලිගන්න බල කලා.එසේ නොවුණු විට ඇගේ සිහි විකල් වන තුරුම කාර්යාලය දෙවනත් කරමින් හඩා වැටුනා.

මේ සියල්ලෙන්ම අවසානයේ ඇයටද ඔහුටද ලැබුන දේ කුමක්ද හිත් වේදනාව පමණයි.අවුරුදු 48ක් ඔහු ඇය සමග මෙසේ දිවි ගෙව්වා.මහලු කාලය ගත කරද්දී ඔහුගේ දිනපොතේ ඔහු ඇගේ ගැන තරුණ කාලයේ ලියූ දේවල් ඇය ඔහුට ඇසෙන්න කියවද්දී දෙදෙනාම හඩා වැටුනා Read more >>
 
Last edited:
  • Like
Reactions: kolavari

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ සියල්ලෙන්ම අවසානයේ ඇයටද ඔහුටද ලැබුන දේ කුමක්ද හිත් වේදනාව පමණයි.අවුරුදු 48ක් ඔහු ඇය සමග මෙසේ දිවි ගෙව්වා.මහලු කාලය ගත කරද්දී ඔහුගේ දිනපොතේ ඔහු ඇගේ ගැන තරුණ කාලයේ ලියූ දේවල් ඇය ඔහුට ඇසෙන්න කියවද්දී දෙදෙනාම හඩා වැටුනා.ඒත් ආපසු හැරෙන්න බැරි තරම් ඔවුන් දුරස් වී හමාරයි.එක් මූසල රාත්‍රියක බිරිදට හොරෙන් පලාගිය ඔහු සීතලෙන් මහමග දින ගනනාවක් දුක් විද නිව්මෝනියාව වැලදී රුසියානු දුම්රිය පොලක මිය ගියා.

    ඔහු ප්‍රසිද්ධ රුසියානු ලේඛක ලියෝතෝල්ස්තෝයි.මේ ඔහුගේ සැබෑ පෙම් කතාව.

    විවාහයේ සතුට කවදාවත් මුදල්,ප්‍රසිද්ධිය,තාරුණ්‍ය කියන දේ මත රැදෙන් නැහැ.මානසික සැනසුම බොහෝ වැදගත්.එකිනෙකාට දක්වන ගෞරවය ,පිලිගැනීම තුල මානසික සතුට නිරායාසයෙන්ම උදා වේ.පෙම්වතුන්ගේ දිනයකට,උපන්දිනයකට සීමා නොවී නිතර ඔබේ සහකරුට සහකාරියට එම සතුට උදාකර දීම ඔබේ යුතුකම පමණක් නොව ඔබේ ජීවිතයට අනිකාගේ ආදරයේ උල්පත් දිය නිරතුරුවම ගලා එන මගද එයයි.පුංචි හාදුවකට,පුංචි තෑග්ගකට,ආදරණීය වචනයකට ජීවිතේ විඩා දහසක් නිවිය හැකී.ඒත් අපි කවදත් එයට පෙම්වතුන්ගේ දිනක්,උපන්දිනයක් එන තුරු සිටිමු.වරද අපි තුලම තබාගෙන අනිකාට නිතර සැක කරමින් දොස් දෙවොල් තබමු.

    විවාහ නොවූ ආදර වන්තයන් සැබවින්ම වාසනාවන්තයි.මක්නිසාද යත් ඔබට තවමත් කාලය ඉතිරි බැවින්.ඔහු හෝ ඇය ඔබට අත්වැලක් වීමට තරම් ඔබ අල්ලා ගත් අත්ත ශක්තිමත් ද?ඔහු හෝ ඇයට ඔබව සතුටින් තැබීමට හැකි බවට විශ්වාසද?වැලන්ටයින් දා ඔබ ලග සිටින පෙම්වතා පෙම්වතිය සමග පතන පැතුම් හීන පමණක් නොවන්න ජීවිතේ යතාර්ථය දෙස එක් වරක් බලන්න.තවත් හිතන්න බොහෝ කල් රැදෙන්න තරම් ඔබගේ ගැලපීම සාර්ථක ද? පිලිතුර ඔව් නම් ඔබේ දිවි හිමියෙන් ඒ ආදරේට ගරු කරන්න.ඒ තුල කිමිදෙමින් ඔබේ ජීවිතේ මුතු කැටය සොයා ගන්න.ඔබට සුබ පෙම්වතුන්ගේ දිනයක්!