සිරාවටම මටත් ඒකම තමයි තියෙන ප්‍රශ්නෙ

අනිත් එක ඇයි මේ කට්ටිය Payoneer වලට High Risk එකක් තියාගෙන සල්ලි තියාගෙන ඉන්නෙ කියන එක අනිත් ප්‍රශ්නෙ. මම නම් දවසකට වැඩිය ඕකෙ සල්ලි තියාගන්නෙ නෑ බං ඉස්සර ඉඳලම. එන හැම එකම එක්කො NRFC දානව නැත්නම් LKR Acc එකට දානව.
මගේ නම් කිසිම කාලෙක රෙන්ටල් එකක් ගෙවල නෑ බං. අකවුන්ට් එක හදද්දිම කාඩ් එකක් රික්වෙස්ට් නොකර නෝමල් බෑන්ක් අකවුන්ට් ටයිප් එකක් හැදුවෙ. කිසිම රෙන්ටල් එකක් නෑ.
මටත් LKR වලින් එන ඒව විනාඩි 5-15ත් අතර වගේ එන්නෙ. හිටපු ගමන් පැයක් යනව බොහෝ දුරට විනාඩි 10න් එනව. මාර ස්පීඩ්. හැබැයි NRFC එකට ගෙන්නුවොත් නම් දවසක් අඩුම යනව අනිවා. හිටපු ගමන් දවස් 5ත් ගිහිල්ල තියෙනව නිවාඩු සෙට් වුණොත්.
මගේ අකවුන්ට් එකේ නම් $50 ලිමිට් එක තියෙනව බං හැම තැනටම. Currency Convert කරද්දි ඩොලර් 50ක් ඕන අඩුම. තව LKR Withdrawal වලදි $50 ඕන. USD Currency එක NRFC ගන්නව නම් ඒත් $50යි මිනිමම්. GBP to NRFC ගන්නව නම් ලිමිට් එක පවුම් 300යි

ලෝඩ් කරද්දි නම් ප්‍රශ්නයක් නෑ. ගුරු එකෙන් ඩොලර් 10ත් ලෝඩ් කරන්න පුලුවන්.