පෙර ආත්මය මතකද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,862
    113
    canada
    පෙර ආත්මය මතකද?

    Past-Life-Regression-Therapy.png



    මම පොඩි කාලේ එක දවසක් ඉස්කෝලේ අලුත් සර් කෙනෙක් අව පාඩම උගන්වන්න. මට සර්ව දැකපු හැටියේම හිතුන කවද කොහේ හරි දකට තියෙන හොදට හුරු පුරුදු කෙනෙක් කියල. මට අඩ වගේ මතකයි.

    මගේ යාලුවෙක් ලංකාවේ එක නගරයක මහා පාරයි රේල් පාරයි හම්බවෙන තැනකට ගිහාම එතන හොදට හුරු පුරුදු තැනක් කියල අමුතු හැගීමක් දැනිල තියෙනවා. උ කියපු විස්තර මතක නැහැ.

    මගේ පොඩි එකත් නොයෙක් නොයෙක් විස්තර කියනවා කලින් හිටපු එක ගෙදරක් ගැන. එයා හිතින් මවාගත්තුව කියල අපි හිතන්නේ. (ඒ අස්සේ අතේ පල්වෙන බොරුත් දමල කියනවා)

    ඔයගොල්ලොන්ට මේ වගේ අත්දැකීම් නැද්ද? තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න. බොරු දමන්න නම් එපා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සවිඥානයට ඇති වන බාධා කිරීම් නිසා ඇති වන සිතීමේ රෝග එමගින් කථනයට සහ ලිවීමට ඇති වන බලපෑම මත වර්ගීකරණය කොට ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයා කථන පීඩනය (ඉක්මණින් නොනැවතී කථා කිරීම, වාක්‍ය මැදදී වෙනත් මාතෘකාවලට නොගැළපෙන ලෙස මාරු කිරීම , සිතීමේ හිස් බව, එලිසමයට අනුව කථනය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.


    සිතේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් නොමැතිකම

    මානසික විකෘතිතාවයේ වැදගත් සහ හඳුනාගත නොහැකි ලක්ෂණය වනුයේ අබාධයට ලක් වූ පුද්ගලයාට එය පිළිබඳ අවබෝධයක් නොමැති වීම එනම් අසාමාන්‍ය විකාර රූපී පුද්ගල අත්දැකීම් හා හැසිරීම් ගැන ඔහුට අවබෝධයක් නැත. උග්‍ර හදිසි මානසික විකෘතිතාවයක දී වුව ද එම පුද්ගලයෝ ඔවු‍න් අත් විඳින විකාර රූපී මායාවන් , විශ්වාස කළ නොහැකි මතයක් සත්‍යයන් නොවන බව අවබෝධ කර නොගනිති.

    මුල් කාලයේ දී එම අවබෝධය අඩුකමට හේතු ලෙස සාමාන්‍ය ක්‍රමය සිහි බුද්ධියේ අකර්මණ්‍යතාවය ද හෝ විඳ දරා ගැනී‍මේ හැකියාව මග හැරීම ලෙස විශ්වාස කරයි. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මඟින් හීනෝන්මාදය පමණක් ඇති පුද්ගලයින් තුළ මෙන්ම විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයින් කණ්ඩායම් තුළ ද සිත පිළිබඳ ඇති අවබෝධය හා සිහිබුද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව හඳුනාගෙන ඇත


    හීනෝන්මාදය යනු?

    හීනෝන්මාදය යනු සිතුවිලි හා සංවේදන ආශ්‍රිතව ඇතිවන වෙනස්වීමක් නිසා ඇතිවන තත්ත්වයකි.
    හීනෝන්මාදයේ රෝග ලක්ෂණ
    මෙම රෝගය සහිත පුද්ගලයන්ට අන් අයට නො ඇසෙන ශබ්ද හෝ කටහදවල් ඇසීම, අන් අය විසින් තමාගේ සිතුවිලි කියවන හෝ පාලනය කරන බව, මෙන්ම අන් අය ඔවුන්ට හානිකිරීමට උත්සාහ කරන බව නිතරම සිතේ.

    හීනොන්මාදය සඳහා බලපාන හේතු මොනවාද?
    මේ සඳහා විවිධ හේතු සඳහන් වේ

    1. ජානමය හේතු (genetic Factors)
    මෙම රෝගය සහිත මවු පියන් හෝ සහෝදරයන් සහිත පවුල්වල දරුවනට, රෝගය ඇතිවීමට 1% පමණ හැකියාවක් ඇත. එබැවින් පවුල් පසුබිම ඉතා වැදගත් කරුණකි.

    2. මොලය ආශ්‍රිත ගැටලු (Structural and functional problems of brain)
    මොලය ආශ්‍රිතව පවතින බොහෝ ව්‍යුහමය හා රසායනික කරුණු නිසාද මෙම රෝගය ඇතිවීමට ඉඩ ඇත.

    3. පාරිසරික සාධක (Environmental Factors)
    විශේෂයෙන්ම මෙම රෝගය කෙරෙහි යම් පාරිසරික බලපැමක්ද පවතින බව සොයාගෙන ඇත. විශේෂයෙන් කුඩාකල ඇතිවන් විවිධ ගැටලු (childhood trauma) , ළමා අපචාර (child abuse) වැනි කරුණු මගින් අනාගතයේ දරුවන්ට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් පවති.
    තවද මානසික ආතතියද (mental stress) ඉතා වැදගත් කරුණකි.

    4. මත්ද්‍රව්‍ය භාවිතය (Substance abuse)
    මෙම රෝගය සහිත පුද්ගලයන්ගෙන් බහුල සංඛ්‍යාවක් විවිධ මත්දව්‍ය වලට හුරුවූවෝ වෙති. ඒ අතර මත්පැන්, විවිධ මත්කුඩු හා හෙරොයින් වැනි ද්‍රව්‍යය වේ.

    හීනෝන්මාදය නිසා ඇතිවන් සංකූලතා මොනවාද?

    මෙම රෝගය සහිත පුද්ගලයන් නිතර ගැ‍ටුම් වලට මැදිවීම, ‍රැකියා ස්ථාන වල ගැ‍ටුම් ඇතිකර ගැනීම, මානසික තෘප්තිය අඩුබව වැනි ප්‍රශ්න නිසා පීඩා විදීම විදුවේ.

    හීනෝන්මාදය සඳහා ප්‍රතිකාර මොනවාද?

    මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි රෝගී තත්ත්වයක් නොවේ, එසේ නමුත් මේ පිලිබඳ තවමත් විවිධ පරීක්ෂණ පැවැත්වේ.
    මුලින් හඳුනා ගැනීම , සමාජීය සහයෝගය වැනි කරුණු මගින් රෝගියාට ඉතා හොද පරිසරයක් සකස් කිරීමේ හැකියාව පවතී.
    ප්‍රතිකාර සඳහා මානසික වෛද්‍යය වරයෙකු හමුවන්න. දිවයින් පුරා රෝහල්වල මානසික සායන පැවැත්වෙනබැවින් , ඔබට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් අයට එහෙම වෙනවා, තව සීන් එකක් හීන රැට දැක්කහම ගොඩක් හීන උදෙට දැක්කා වගේ මතකයි එත් මතක නැහැ, අවුරුදු ගනකින් ඒ හිනෙම කොටසක් එක්ක වැඩි දුර දැකලා පරණ හිනේ එක්ක හොදට මතක් වෙන අවස්තා ද තියෙනවා, මත් අත් දැකලා තියෙනවා එහෙම
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මටත් ඔහොම සීන් එකක් උනා.:):)
    අපිට AL වලට Double maths උගන්නන්න අලුත් සර් කෙනෙක් අවා. මටත් දැක්ක ගමන් හොඳට හුරුපුරුදුයි වගේ දැනුනා. පුදුමේ කියනෙ සර් මාව දැක්ක වෙලේම මගෙන් "හේමසිරි කොහොමද ඉතින්" කියලා ඇහුවා. :shocked: මාත් පුල් හොල්මන් වෙලා ගියා. පන්තියෙ උනුත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මූ කොහොමද එකපාරම "හේමසිරි" උනේ කියලා.:oo: පස්සේ අපි සර්ගෙන් ඇහුවා ඇයි මට එහෙම කතාකලේ කියලා. සර් කිව්වා දන්නැහැ මාව දැකපු ගමන් එහෙම කිය උනාලු. සර්ටත් මාව දැක්ක ගමන් හොඳට මතකයි වගේලු. ඊට කලින් හේමසිරි කියලා කෙනෙක්ව දන්නෙත් නැහැලු
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටත් ඔහොම සීන් එකක් උනා.:):)
    අපිට AL වලට Double maths උගන්නන්න අලුත් සර් කෙනෙක් අවා. මටත් දැක්ක ගමන් හොඳට හුරුපුරුදුයි වගේ දැනුනා. පුදුමේ කියනෙ සර් මාව දැක්ක වෙලේම මගෙන් "හේමසිරි කොහොමද ඉතින්" කියලා ඇහුවා. :shocked: මාත් පුල් හොල්මන් වෙලා ගියා. පන්තියෙ උනුත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා මූ කොහොමද එකපාරම "හේමසිරි" උනේ කියලා.:oo: පස්සේ අපි සර්ගෙන් ඇහුවා ඇයි මට එහෙම කතාකලේ කියලා. සර් කිව්වා දන්නැහැ මාව දැකපු ගමන් එහෙම කිය උනාලු. සර්ටත් මාව දැක්ක ගමන් හොඳට මතකයි වගේලු. ඊට කලින් හේමසිරි කියලා කෙනෙක්ව දන්නෙත් නැහැලු
    :eek::eek::baffled::baffled::oo::oo:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    මටත් ඕක තියනවා. සමහර මිනිස්සු ( ගැහැණු පිරිමි කෙල්ලෝ කොල්ලෝ ) දැකල පුරුදුයි වගේ... හොඳට හුරු පුරුදු ගතියක් දැනෙනවා.
    සමහර දේවල් සිද්ද උනාම මන් එක මිට කලින් හීනෙන් දැක්කනේ කියලත් මතක් වෙනවා...

    මන් හිතන්නේ මගෙත් මානසික වෙනස් කමක් ඇති.