සවිඥානයට ඇති වන බාධා කිරීම් නිසා ඇති වන සිතීමේ රෝග එමගින් කථනයට සහ ලිවීමට ඇති වන බලපෑම මත වර්ගීකරණය කොට ඇත. බලපෑමට ලක් වූ පුද්ගලයා කථන පීඩනය (ඉක්මණින් නොනැවතී කථා කිරීම, වාක්‍ය මැදදී වෙනත් මාතෘකාවලට නොගැළපෙන ලෙස මාරු කිරීම , සිතීමේ හිස් බව, එලිසමයට අනුව කථනය වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.
සිතේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් නොමැතිකම
මානසික විකෘතිතාවයේ වැදගත් සහ හඳුනාගත නොහැකි ලක්ෂණය වනුයේ අබාධයට ලක් වූ පුද්ගලයාට එය පිළිබඳ අවබෝධයක් නොමැති වීම එනම් අසාමාන්‍ය විකාර රූපී පුද්ගල අත්දැකීම් හා හැසිරීම් ගැන ඔහුට අවබෝධයක් නැත. උග්‍ර හදිසි මානසික විකෘතිතාවයක දී වුව ද එම පුද්ගලයෝ ඔවුන් අත් විඳින විකාර රූපී මායාවන් , විශ්වාස කළ නොහැකි මතයක් සත්‍යයන් නොවන බව අවබෝධ කර නොගනිති.
මුල් කාලයේ දී එම අවබෝධය අඩුකමට හේතු ලෙස සාමාන්‍ය ක්‍රමය සිහි බුද්ධියේ අකර්මණ්‍යතාවය ද හෝ විඳ දරා ගැනීමේ හැකියාව මග හැරීම ලෙස විශ්වාස කරයි. නමුත් පසුකාලීන අධ්‍යයනයන් මඟින් හීනෝන්මාදය පමණක් ඇති පුද්ගලයින් තුළ මෙන්ම විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයින් කණ්ඩායම් තුළ ද සිත පිළිබඳ ඇති අවබෝධය හා සිහිබුද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව හඳුනාගෙන ඇත
හීනෝන්මාදය යනු?
හීනෝන්මාදය යනු සිතුවිලි හා සංවේදන ආශ්‍රිතව ඇතිවන වෙනස්වීමක් නිසා ඇතිවන තත්ත්වයකි.
හීනෝන්මාදයේ රෝග ලක්ෂණ
මෙම රෝගය සහිත පුද්ගලයන්ට අන් අයට නො ඇසෙන ශබ්ද හෝ කටහදවල් ඇසීම, අන් අය විසින් තමාගේ සිතුවිලි කියවන හෝ පාලනය කරන බව, මෙන්ම අන් අය ඔවුන්ට හානිකිරීමට උත්සාහ කරන බව නිතරම සිතේ.
හීනොන්මාදය සඳහා බලපාන හේතු මොනවාද?
මේ සඳහා විවිධ හේතු සඳහන් වේ
1. ජානමය හේතු (genetic Factors)
මෙම රෝගය සහිත මවු පියන් හෝ සහෝදරයන් සහිත පවුල්වල දරුවනට, රෝගය ඇතිවීමට 1% පමණ හැකියාවක් ඇත. එබැවින් පවුල් පසුබිම ඉතා වැදගත් කරුණකි.
2. මොලය ආශ්‍රිත ගැටලු (Structural and functional problems of brain)
මොලය ආශ්‍රිතව පවතින බොහෝ ව්‍යුහමය හා රසායනික කරුණු නිසාද මෙම රෝගය ඇතිවීමට ඉඩ ඇත.
3. පාරිසරික සාධක (Environmental Factors)
විශේෂයෙන්ම මෙම රෝගය කෙරෙහි යම් පාරිසරික බලපැමක්ද පවතින බව සොයාගෙන ඇත. විශේෂයෙන් කුඩාකල ඇතිවන් විවිධ ගැටලු (childhood trauma) , ළමා අපචාර (child abuse) වැනි කරුණු මගින් අනාගතයේ දරුවන්ට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් පවති.
තවද මානසික ආතතියද (mental stress) ඉතා වැදගත් කරුණකි.
4. මත්ද්‍රව්‍ය භාවිතය (Substance abuse)
මෙම රෝගය සහිත පුද්ගලයන්ගෙන් බහුල සංඛ්‍යාවක් විවිධ මත්දව්‍ය වලට හුරුවූවෝ වෙති. ඒ අතර මත්පැන්, විවිධ මත්කුඩු හා හෙරොයින් වැනි ද්‍රව්‍යය වේ.
හීනෝන්මාදය නිසා ඇතිවන් සංකූලතා මොනවාද?
මෙම රෝගය සහිත පුද්ගලයන් නිතර ගැටුම් වලට මැදිවීම, රැකියා ස්ථාන වල ගැටුම් ඇතිකර ගැනීම, මානසික තෘප්තිය අඩුබව වැනි ප්‍රශ්න නිසා පීඩා විදීම විදුවේ.
හීනෝන්මාදය සඳහා ප්‍රතිකාර මොනවාද?
මෙය සම්පූර්ණයෙන්ම සුවකල හැකි රෝගී තත්ත්වයක් නොවේ, එසේ නමුත් මේ පිලිබඳ තවමත් විවිධ පරීක්ෂණ පැවැත්වේ.
මුලින් හඳුනා ගැනීම , සමාජීය සහයෝගය වැනි කරුණු මගින් රෝගියාට ඉතා හොද පරිසරයක් සකස් කිරීමේ හැකියාව පවතී.
ප්‍රතිකාර සඳහා මානසික වෛද්‍යය වරයෙකු හමුවන්න. දිවයින් පුරා රෝහල්වල මානසික සායන පැවැත්වෙනබැවින් , ඔබට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය