පෙර_ආත්මේ

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    11393313_803792399716376_7285662046151796790_o.jpg

    පෙර ආත්මේ කරපු පව් මේ ආත්මේ පල දෙන හැටි එඩ්ගා කේසි විස්තර කරයි

    එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද්‍රාවේදී තමා මෙයට වසර 12,500කට පෙර ආධ්‍යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර කර තිබේ. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස ආ බව විස්තර කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
    .
    එඩ්ගා කේසි පෙරදිග වැසියන් අතර වැඩිපුර කතා බහට ලක්වූයේ ඔහු පූර්ව ජන්මය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බැවිනි. අපරදිග වැසියන් පූර්ව ජන්මය පිළිබඳ මතය බැහැර කළත් අපරදිග වැසියකු වූ එඩ්ගා කේසි සිය මෝහන නිද්‍රාවේදී තමා මෙයට වසර 12,500කට පෙර ආධ්‍යාත්මික නායකයකු වශයෙන්ද, තවත් ජන්මයකදී ආර්ථික වශයෙන් දිළිඳු පුද්ගලයකු වශයෙන්ද ඉපිද සිටි අයුරු විස්තර කර තිබේ. ආර්ථික දුෂ්කරතාව ඔහුගේ වැඩි ආත්ම ගණනාවකදීම පසුපස ආ බව විස්තර කර ඇත. කේසි කුඩා අවධියේදී ජලයට මහත් සේ බියක් දක්වා තිබේ.
    .
    පසු කාලෙක ඔහු මේ පිළිබඳව තම කියැවීම්වලදී විස්තර කර ඇත.
    .
    "මයි ලයිෆ් අෑස් අ සියර්" නම් කෘතියේ සඳහන් කර ඇති අන්දමට බොහෝ දරුවන් ජලයේ බැස ක්‍රීඩා කිරීමට මහත් ආසාවක් දැක්වුවද කේසි ඊට තදින්ම අකැමැති විය. විශේෂයෙන්ම සීතල ජලයට ඔහු කොහෙත්ම කැමැත්තක් දක්වා නැත. උදේ ආහාරය ගැනීමේදී හෝ සීතල වතුරෙන් මුහුණ සේදීමට හෝ හෙතෙම මැළිවී තිබේ.
    .
    පසු කලෙක මේ පිළිබඳව විමසීමේදී කේසිගේ පෙර ජන්මයකදී ඒ ගැන සිදුවීම් කිහිපයක් හෙළි කර තිබේ.
    .
    මා කුඩා කාලයේදී මගේ කුඩා සහෝදරයාත් මාත් කැටුව මගෙ පියා ජලාශයක බෝට්ටු පැදීමට ගියේය. ඒ අවස්ථාවට මගේ පියාගේ මිතුරකු වූ "රික්" නමැති තැනැත්තාද එක්වී සිටියේය. විල මැදදී අනපේක්‍ෂිත ලෙස අපට මහා කුණාටුවකට මුහුණ දෙන්නට සිදුවිය. තදින් සුළඟද හැමුවේය. බෝට්ටුව පැද්දෙන්නට විය. බෝට්ටුව වතුරෙන් පිරෙන්ට පටන් ගත්තේය. විදුලි කෙටීමත්, අකුණු පිපිරීමත් නොකඩවා සිදුවිය. මා මියයනු ඇතැයි මට සිතුණි. නොමැරී මැරී බේරුණු ඒ සිද්ධිය මගේ ජීවිතයට ඉතා තදින් කාවැදී තිබිණි. පසුව මගේ පියාත් ඔහුගේ යාළු රික් මහතාත් මට කීවේ ඔවුන් ඒ අවස්ථාවේදී බියපත්ව සිටියේ බෝට්ටුව පෙරළෙනවාට වඩා බෝට්ටුවට අකුණක් ගහනු ඇතැයි යන කරුණ නිසා බවය.
    .
    කේසි කිසියම් ජන්මයකදී "බේ්‍රන් බි්‍රජ්" නම් තැනැත්තකු වශයෙන් ජීවත්ව ඇති බව ඔහුගේ කියැවීම්වල සඳහන්ව ඇත. ජෝන් බේ්‍රන් බි්‍රජ් ඒ ජීවිතයේදී මියගොස් ඇත්තේ ගඟක පහුරක් උඩදීය. (පහුරක් යනු ලී කොටන් කීපයක් එකට ගැටගසා ජලය මත පාවීමට සකස් කරගත් යාත්‍රාවකි).
    .
    කේසි, ජෝන් බේ්‍රන් බි්‍රජ් වශයෙන් ඉපිද සිටි සමයේදීද ඔහුට අධි මානසික ශක්තිය හිමිවී තිබේ. ඩබ්ලිව්.එච්. චර්ච් නමැති පර්යේෂකයා ලියූ "මෙනි හැපි රිටර්න්ස්" නම් කෘතියේ එඩ්ගා කේසිගේ පුත්‍රයා වූ හෆ්ලීන් විස්තර කළ කතාවක් ඒ සම්බන්ධව දක්වා තිබේ.
    .
    "මගේ පියාට නිතරම ආර්ථික දුෂ්කරතා තිබුණා. සල්ලි ළඟ රැඳුනෙම නැහැ. තාත්තා ඒකට හේතුව හැටියට කීවේ ඔහු බේ්‍රන් බි්‍රජ් වශයෙන් ඉපදිලා හිටපු කාලෙ කරපු අකුසල කර්මයක් පලදීල කියලයි. තාත්තා ඒ කාලයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළාලු. ඒ අවස්ථාවලදී තමාට සහජයෙන් ලැබී තිබුණ මානසික ශක්තියෙන් ඔහු සමඟ ක්‍රීඩා කළ අනිත් තැනැත්තන් සතු කාඩ් මොනවාද කියල දැනගෙන වංචනිකව සෙල්ලම් කර ඔවුන්ගේ සේසතම සූරාගත්ත විපාකෙ නිසාලු මේ ආත්මෙ දුප්පත් වෙලා සල්ලි හිඳිල යන්නෙ කියල කීවා.
    .
    ඒ විතරක් නෙවෙයි. මම ඒ කතාව පිළිගන්න අදිමදි කළාම මාත් එක්ක කාඩ් සෙල්ලම් කරලා එයා දිනල පෙන්නුවා. ඊට පස්සේ කාඩ් කුට්ටම මේසේ උඩට අතෑරලා ඔන්න ඕකයි මම කවදාවත් කාඩ් සෙල්ලම් කරන්නෙ නැත්තේ කියලා මූණේ කිසිම හිනාවක් නැතුව මා දිහා බලාගෙන කියල නැඟිටල යන්න ගියා."
    .
    කේසිගේ කියැවීම්වල කිසියම් කෙනකුගේ ක්‍රියාවකට පෙර ජන්මයකදී කළ දෙයක් බලපාන බව පැහැදිලිව සඳහන් කළේය. මේ කර්ම විපාකය පලදුන් දරුවකු ඔහු සුවපත් කළේය. එක්තරා යුවළකට ලැබුණු දරුවා පුතෙක් විය. ඔහු ඉතා ශාන්තදාන්ත දරුවෙක් විය. ඔහුට අවුරුදු දෙක සම්පූර්ණ වූ විට ඒ දෙපළට දුවකු ලැබිණි. එසේ දෙවැනි දරුවා ලැබීමෙන් පසුව පළමු දරුවා රාත්‍රියේ නිදාගත් කල නින්දෙන් ඇඳන් තෙමීමට පටන් ගත්තේය. එය ඉන් පසු සෑම රාත්‍රියකදී කෙරෙන සාමාන්‍ය සිද්ධියක් බවට පත්විය. තමාට තිබූ ආදරය තම නැඟණියට හිමිවීම නිසා තමා අනාරක්‍ෂිත තත්ත්වයට පත්වූවේය යන මානසික බලපෑම මේ ඇඳන් තෙමීමට හේතුව වන්නට ඇතැයි සිතූ දරුවාගේ මවුපියෝ ඔහුට වෙනදාටත් වඩා ආදරය පෙන්වමින් ඔහුගේ ඕනෑ එපාකම් ඉටු කළහ. මවුපියන්ගේ ආදරය කිසිම වෙනසක් නැති බව ඔහුට ඇඟවීමට ඔවුන් සෑම දෙදෙනා සෑම උත්සාහයක්ම දැරුවද දරුවා නම් පුරුද්ද අත්හැරියේ නැත. මේ නිසා දරුවාගේ මවුපියෝ ඔහුට අවුරුදු පහේදී මානසික වෛද්‍යවරුන්ගේ උපදෙස් පැතූහ. එහෙත් ප්‍රතිඵල සාර්ථක නොවිණි. දරුවාට අවුරුදු එකොළහක් වනතුරුත් පුරුද්ද නැවැතුණේ නැත. ඒ කාලයේදී ඔවුන්ට එඩ්ගා කේසි ගැන අසන්නට ලැබී දරුවාද කැටුව ගොස් කියැවීමක් ලබා ගත්තේය. දරුවා ඊට පෙර ජීවිතයකදී දේව ගැතිවරයෙකි. දරුවාට ශාන්ත ගති ස්වභාවය ලැබී තිබුණේ ඔහු දේවගැතිවරයකුව සිටි බැවිනි. එහෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරමින් මහජනයා රැවටූ යක් දෙවියන්ට ඔහුගෙන් සමාවක් නොලැබිණි. ඔහු ඔවුන්ට තදබල දඬුවම් දුන්නේය. අන්න ඒ කර්මයේ විපාක වශයෙන් මේ දරුවා මේ ජීවිතයේ ඇඳන් තෙමන බව කේසි කීය. මේ පුරුද්ද නැති කිරීමටද උපදෙස් දුන්නේය.
    .
    මේ දරුවා නිදාගන්න ගොස් නින්ද යාගෙන එන විට ඔහු ළඟින් සිට ඔහුගේ කනට ළංවී මෙසේ කියන්න. "ඔබ ඉතා කරුණාවත්ත කෙනෙක්. ඔබ ඉපදී සිටින්නේ රෝගීන් සුවපත් කරන්න. ඔබට හමුවන සෑම කෙනකුටම ඔබ උපකාර කරන්නකු වෙනවා. ඔබ හොඳයි කරුණාවන්තයි." දරුවා නින්දට වැටෙන තුරුම නොකඩවා ඔය ටික කනට ළංවී කියන්න යන්න කේසිගේ උපදෙස් විය. දරුවාගේ මව ඒ උපදේශය පිළිපැද්දාය.
    .
    එකොළාස් හැවිරිදි දරුවා එදින ඇඳ තෙමුවේ නැත. ඒ යෝජනාව කනට මිමිනූ කාලය තුළදී දරුවා ඇඳ තෙමුවේ නැත. මව ටික දිනකට පසුව ඒ යෝජනාව සතියකට වරක් කළාය. පසු කලෙක දී එය අත්හැර දැමුවාය. එහෙත් දරුවාගේ පුරුද්ද කිසිම දිනෙක යළි මතුවී ආවේ නැත.
    .
    පුනර් ජන්මය හෙවත් නැවැත ඉපදීම මේ කරුණු අනුව ප්‍රත්‍යක්‍ෂ වූ විට කේසි ඒ ගැන වැඩිපුර සොයා බලන්නට පටන් ගත්තේය.
    .
    කාම මිථ්‍යාචාරය මානව සංහතියේ පැවැත්මේ සිටම අත්වැල්බැඳුණු ක්‍රියාවකි. ලෝකයේ ප්‍රධාන පෙළේ ආගම්වලින් පිළිකෙව් කෙරෙන කාම මිථ්‍යාචාරයේ කර්මපලද තිබිය යුතුය යන ආකල්පයෙන් පැවැත්වුණු පරීක්‍ෂණවල තොරතුරුද කේසිගේ කියැවීම් මඟින් හෙළි වී තිබේ.
    .
    විවාහ දිවිය ගැන කලකිරුණ කාන්තාවක් කේසි කරා ආවාය. ඇයට ජීවිතය තිත්ත වී තිබිණි.
    .
    "මට මෙච්චර කරදර ඇයි?" ඇය ප්‍රශ්න කළාය.
    .
    "ඔබේ සැමියා තදින්ම මත්පැනට ඇබ්බැහි වූ අයෙක්."
    .
    කේසි ඇය කලකිරීමට හේතු සාධක ඉදිරිපත් කරන්නට වූවේය.
    .
    "ඔබ සමඟ විවාහ වීමෙන් පසු පළමු අවුරුද්දේම බිමට වැටුණා. ඒ සමඟම ඔහු සල්ලාල ජීවිතයකටද වැටුණා. එකක් අවසන් කර ඊට පසු තවත් එකක් වශයෙන් ඔහු අනියම් ප්‍රේම සම්බන්ධතාද පැවැත්වූවා. ඔවුන් අඹුවන් ලෙසද තබා ගත්තා. ඔබ නිවසේ බිරිය වශයෙන් සිටියදීම ඔහු වරක් එක් කාන්තාවක් ඔබේ නිවෙසටම කැ¼දවාගෙන ආවා නේද?"
    .
    කේසි ප්‍රශ්න කළේය.
    .
    ඇය හිස වහා එය අනුමත කළාය.
    .
    "ඒත් ඔබ ඔහුට ගෞරවයෙන් ආදරය කළා. ඔහු මෙතෙක් කාන්තාවන්ගෙන් අෑත්වී සිටින අවස්ථාවලදී ඔබ සැමියා සමඟ ඉතා කැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරුණා."
    .
    "ඔව්."
    .
    ඇය තොල් මතුලාය.
    .
    කේසි මොහොතක් නිහඬව සිටියේය. දැන් ඔබ මා සොයා ආවේ ඔබ තවත් කරදරයකට පත්වීමෙන් පසුවය. ඔබේ සැමියාට වෙනත් කාන්තාවකගෙන් වැලඳුණු සමාජ රෝග දැන් ඔබටත් බෝවෙලා තියෙනවා."
    .
    කාන්තාව කඳුළු සලමින් මුනිවත රැක්කාය.
    .
    "එසේ වීමට හේතුව ඔබ මීට පෙර ජීවිතයක ගෙවූ අසම්මත ජීවන රටාව. ඔබ ඒ ජන්මයේදී පෙරී නම් කොමදෝරුවරයකු යටතේ සේවය කළ නැවියකුගේ දියණියක්. ඔබේ පියා වූ ඒ නාවිකයාත් ඔබේ මවත් අතර තිබුණේ අසම්මත සම්බන්ධතාවක්. ඒ ජන්මයේ ඔබේ මව ජපන් තරුණියක්. ඒ නැවියාගේත් ඒ ජපන් තරුණියගේත් අසම්මත සම්බන්ධතාවේ ප්‍රතිඵලය ඔබ. සමාජයෙන් ඔබ අවජාතක බවට පත්වුණා. මේ නිසා ඔබ වැඩිවියට පත්වූ පසුව සල්ලාල ජීවිතයකට පෙලැඹුණා. පරදාර සේවනයේ යෙදුණා. ඔබ නිසා බොහෝ දෙනකුට මේ අන්දමේ වසංගත බෝවෙලා තියෙනවා. ඒ පරදාර සේවනයේ කර්ම පල මේ ජීවිතයේදීත් ඔබට අත්විඳින්නට සිදුවෙලා තියෙනවා."


    Source : https://www.facebook.com/dhammadana.page
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මචං තව විස්තර ලැබුනොත් පිම් එකකුත් දාපන් රෙප් දෙන්න බෑලු මේ වෙලාවේ එඩ්ගා කේසි ගැන තව හොයල එවපන් කොල්ලෝ.. තැන්ක්ස්
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Edgar Casey gana thawa godak thiyenawa Kannimahara Sumangala hamuduruwo translate karapu "Sansara Mandira' pothe. English book eka Many mansions.

    Puluwannam hoyagena balanna
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මචං තව විස්තර ලැබුනොත් පිම් එකකුත් දාපන් රෙප් දෙන්න බෑලු මේ වෙලාවේ එඩ්ගා කේසි ගැන තව හොයල එවපන් කොල්ලෝ.. තැන්ක්ස්



    tfs machan





    :)