පේදුරු~තුඩුව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කියන්න යන්නේ පුද්ගලිකවම මම ලංකාවේ යන්න බොහෝම කැමති තැනක්.පොඩි කාලේ ඉඳලාම මේතනට යන්න මම බොහෝම කැමැත්තෙන් හිටියේ. නමුත් දශක ගනනක් තිස්සේ පැවැතුන කාලකන්නි යුද්ධය නිසා ඒකට හැකියාවක් ලැබුනේ නෑ. නමුත් දැන් ඒ කුරිරු සටන නිමවෙලා. අපේ රටේ ඕනෑම තැනක යන්න අපිට නිදහස ලැබිලා. මම අද කියන්න යන්නේ අපේ රටේ උතුරු කෙරෝල ගැන. ඒ කියන්නේ පේදුරුතුඩුව.

    71743298_cfc88ebcaf_o.jpg



    උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයේ ව.කි.මි. 11.65ක් පුරා පැතිර පවතින නගරයක් තමයි පේදුරුතුඩුව කියන්නේ. ජනගහනය 20543යි. (2007 දත්ත) කි.මි. 3ක් පුරාවට දිවෙන බොහෝම අලංකාර මුහුදු තීරයක් මෙහි තියනවා. 2004 වසරේ සුනාමි ඛේදවාචකයෙන් බොහෝ හානි සිදු වූ නගරයක්. අඩි 4ක් පමන උසට මුහුදුවතුර නගරය පුරා පැතිරී තිබුනා. කොටි ත්‍රස්තවාදයේ යටත් විජිතයක් වී පැවති මේ අපූරු නගරය හමුදාව මගින් 1995 වසරේ මුදවාගනු ලැබුවා.

    4284989181_5cff92f5e0.jpg


    ඈත අතීතයේ සිටම පේදුරුතුඩුව කපු වගාවට ප්‍රසිද්ධයි. බොහෝම සාරවත් කපු වගාවක් මෙහි ඈත අතීතයේ මෙහි පැවතී තියනවා. පෘතුගීසි පාලන සමයේ පේදුරු නම් නාවිකයා විසින් මෙම නගරය සොයාගෙන තියනවා.ඔහු සිහි වීම පිනිස මේ නගරය පේදුරු යන නමින් නම් කල බව කියවෙනවා.

    4526902815_1af408d68c_z.jpg


    මෙහි ජීවත් වන්නන්ගේ මූලිකම රැකියාව ධීවර කර්මාන්තය. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පාලනය වන කුඩා වරායක් මෙහි පිහිටා තියෙනවා. මේ වරාය තුල පේදුරුතුඩුව වැසියන්ට තමන්ගේ රැකියා කරගැනීමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දී තියෙනව්වා.

    4526903813_0875df4f39_z.jpg


    4527530206_905d297eab_z.jpg



    මේ තියෙන්නේ කීරමන්ඩි පොකුණ. පේදුරුතුඩුවේ තියන තවත් අපූරු නිර්මාණයක්. බලන්න අපේ කුට්ටම් පොකුන මතක් වෙනවා නේ ??? ;)

    4440137527_33d221949d_z.jpg



    මේ තියෙන්නේ වල්ලිපුරම් කෝවිල. දමිළ බැතිමතුන්ගේ සිද්ධස්ථානයක්. පේදුරුතුඩුවට යනවා නම් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා.

    4284987969_cfaf77ac1f.jpg


    4285732084_e7852c000f.jpg



    පේදුරු තුඩුවේ තියන හොඳම පාසලක් තමයි Hartly College කියන්නේ. මේ පාසල පුද්ගලික පාසලක්. 1838 වසරේ ආරම්භ කල මේ පාසල පිරිමි පාසලක්.
    188767328_e94a037c5d.jpg


    මේ පාසලට වෙබ් අඩවියක් පවා තියෙනවා.
    Click Here

    දැන් මම කියන්න යන්නේ මම කැමතිම ස්ථානය ගැන. ඒ තමයි පේදුරුතුඩුව ප්‍රදීපාගාරය. :yes:
    65255311_97f78d94af_o.jpg


    1916 වසරේ ඉදිකල මෙම අපූරු නිර්මානය උසින් අඩි 105ක්. සෑම තත්පර 5කට වරක්ම මෙමගින් ආලෝක කදම්බයක් පිට කරනවා.

    පේදුරු තුඩුව බෝහෝම අපූරු නගරයක්. හැකි අවස්ථාවක ගිහිල්ලා ඇවිදලා එන්න කියලා කියන්න කැමතියි.

    4284988835_cd63f455a2.jpg


    4284988655_ffcc378f2a.jpg


    2399037_cc21ae2ab6_z.jpg


    2399038_d9b72faa65_z.jpg



    4526942371_628d84a5a2_z.jpg


    Leave a Comment.
    Thanks
    :yes::yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් අයියා
    රෙප් නම් දෙන්න බැලු
    මම මෙතනින් සමහර තැන් වලට ගිහින් තියනවා
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    thread aka hadan na mara mahan si wela tiyenwa...
    Ela ela...

    rep akak dan na ba lu ...
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    Wow.. Nice. I'm starting journeys to the North hopefully in about a month's time. I'll need alot of help with stuff.

    I visited Trinco last week though. Really, awesome. One of the most memorable experiences ever.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    4440137527_33d221949d_z.jpg



    maxxa place ekai, mata asai devundara thuduwa hamadama pass karagena yana mata lankava eha kone thiyena peduru thuduwata yanna lagadima yanawa ela good post rep+
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමදාමත් වගේ වටින ත්‍රෙඩ් එකක්

    Cheers Mr . Perera Uncle way to go :D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයිත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ... අපේ පෙරේරා සහෝදරයා දැම්මොත් දාන්නේ අංක එකේ පෝස්ට් තමයි... නියමයි මචං... :):):)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එකම රටේ සංස්කෘති දෙකක අගනා එකතුවක් සහ සුන්දරත්වයේ අපුරු උදාහරණයක්......... :)
    ස්තුතියි යාලුවා තොරතුරු වලට......:yes:

    රෙප් දෙන්න බැහැලු..:(