පොඩ්ඩක් හිනා වෙමු..

පොඩ්ඩක් හිනා වෙමු..

මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක මචන්ලා.සුලු සුලු අඩුපාඩු ඇති,ගනන් ගන්න එපා.ස්තූතියි.

මෝරා
ඔන්න දවසක් මෝර තාත්තයි,මෝර පුතයි ගොඩක් බඩගිනි වෙලා කෑම හොයාගෙන යනකොට දැක්කලු ගිලෙන්න යන නැවක්.නැවෙන් මුහුදට වැ‍ටුන මිනිස්සු පණ බේරගන්න දගලනවලු.
මෝර තාත්තා - "මගේ පස්සෙන් එන්න පුතා."
දෙන්නම කෑම(මිනිස්සු) දිහාවට ඉක්මණට ගියා.
මෝර තාත්තා - "මුලින්ම අපි වරලේ ටිකක් පෙන්නන ගමන් වට 2,3ක් මෙයාලගේ වටේට කැරකෙමු."
(මොහොතකට පසු),
මෝර තාත්තා - "නියමෙට කලා පුතා!දැන් අපි මුලු වරලම පෙන්නන ගමන් තව ටිකක් මෙයාලගේ වටේට කැරකෙමු."
(මොහොතකට පසු),
මෝර තාත්තා - "දැන් සේරම කමු"
හිතේ හැටියට ආහාර ගැනීමෙන් පසුව පියා සහ පුතා නැවත ගමන් කරන විට ,
මෝර පුතා - " ඇයි තාත්තේ අපි එයාලව එකපාරම කාලා දාන්නෙ නැතුව වටේට කැරකි කැරකි හිටියෙ?"
එවිට නුවණක්කාර පියා තම පුතාට මෙසේ පිළිතුරු දෙනවා,
"ඇතුලේ තියෙන ජරාව එලියට ගියාම රහ වැඩියි පුතා."


ප්‍රවීණයා
කාලය කළමනාකරනය පිලිබද ප්‍රවීණයෙක් දිනක් තම "ප්‍රවේසම් වීම" දේශනය අතරතුරදී,
"ඔයාල මේවා ගෙදරදී අත්හදා බලනකොට බොහොම ප්‍රවේසම් වෙන්න ඕනේ."
.
"ඒ ඇයි?"ප්‍රේක්ශකාගාරයේ සිටියෙකු ප්‍රශ්න කලා.
.
"මම මගේ බිරිදගේ රාත්‍රී කෑම පිලියෙල කිරීමේ රටාව ගැන අවුරුදු ගානක් අධ්‍යයනය කලා."ප්‍රවීණයා පැහැදිලි කලා."එයා ගොඩක් පාරක් ලිප,ශීතකරනය,මේසය සහ කැබිනට් එක ගාවට යනවා දැකලා දවසක් මම එයාගෙන් ඇහුවා,'පැටියෝ,ඇයි ඔයා ගොඩක් දේවල් එක පාරට අරගෙන යන්නේ නැත්තේ?'"
.
"ඒකෙන් කාලය ඉතුරු කරගන්න පුලුවන් උනාද?"නැවතත් ප්‍රේක්ශකාගාරයේ සිටියෙකු අසා සිටියා.
.
"ඔව්,ඇත්තෙන්ම."ප්‍රවීණයා පිලිතුරු දුන්නා.
"ඉස්සර එයාට රෑ කෑම හදන්න පැය බාගයක් ගියා.....දැන් මම විනාඩි 10න් රෑ කෑම හදනවා."

ස්ථාන මාරුව
සැමියා - "අපි අද ඉන්න විදිය මාරු කරලා බැලුවොත් නරකද?"
.
බිරිද - "හොද අදහස,එහෙනම් මම ගිහින් සෝෆා එකේ ටිකක් නිදාගන්නම් ඔයා සින්ක් එක ගාවට ගිහින් පිගන් සේරම හෝදලා දාන්න."


බය
දිනක් තම ඉගෙනීම් කාලය අතරතුරදී ප්‍රංශ සිසුවියක් ගුරුවරිය හට තමාට ඇති ගැටලු ඉදිරිපත් කලා.
"ගෑණු ළමයෙක් වෙන එක හරිම අමාරුයි."
"ඒ ඇයි?"ගුරුවරිය අසුවා.
"පිරිමියා කියනවා,'මම පරිසරයට හරිම ආදරෙයි',එහෙම කියලා සේරම ගස් කපනවා,
පිරිමියා කියනවා,'මම කුරුල්ලන්ට හරිම ආදරෙයි',එහෙම කියලා එයාලව කූඩු කරනවා.
පිරිමියා කියනවා,'මම මල් වලට හරිම ආදරෙයි',එහෙම කියලා මල අරගෙන සුවද බලලා විසික් කරලා දානවා."
"ඉතින් ඔයා ඇයි බය වෙන්නේ?"ගුරුවරිය කුතුහලයට පත් වෙනවා.
"කවදාහරි දවසක පිරිමියෙක් ඇවිත් කිව්වොත්,'මම ඔයාට ආදරෙයි' කියලා".....


වෙනස් වීම
අවුරුදු පතා තම සෞඛ්‍යය පරීක්ෂා කරවාගන්නා කාන්තාවක් තම පරීක්ෂණයට පැමිණ සිටි අවස්ථාවේදී එහි සිටි හෙදිය ඇගෙන් මෙසේ ප්‍රශ්න කරයි.
"ඔයාගෙ බර කීයද?"
"115"ඇය කියයි.
හෙදිය ඇයව තරාදියට ගෙන ගොස් ඇගේ බර මැන ගනියි.එවිට ඇගේ බර 140කි.
හෙදිය,"ඔයාගෙ උස?"
"අඩි 5,8"ඇය කියයි.
නැවත හෙදිය ඇගේ උස මැන බලන විට ඇගේ උස අඩි 5,5කි.
ඇය විසින් කාන්තාවගේ රුධිර පීඩනය මැන බලන විට එය ඉතා අධික වී තිබුණි.
"ඕක වැඩියි තමයි!!!!!"ඇය කෑ ගසන්නට විය.
"මම මෙහෙට එනකොට මම උසයි කෙට්‍ටුයි,ඒත් දැන් මම කොට මහත ගෑනියෙක්!@#$%^&*"


නුවණ
දවසක් යාලුවෝ දෙන්නෙක් ගමනක් යන්න පිටත් උනා.මේ දෙන්නා කැලයක් මැද්දෙන් යනකොට දැක්කා හාවෙක් ජරා කරල තියෙනව.ඒක දැකලා එක යාලුවෙක් අහනවා,
"අර මොනවද බන්?"
"ආ.ඒවා තමයි නුවණක්කාර වෙන්න ගිලින ගුලි"අනෙකා පිලිතුරු දෙනවා.
එවිට පළමු යහලුවා ඒවා 2,3ක් කාලා කියනවා,
"මේ මොන මල ජරාවක්ද?"
"දැක්කනේ,"අනිකා නැවත කියනවා."උබ දැනටමත් නුවණක්කාර වෙන්න පටන් අරන්."


අනාවැකිය
කාන්තාවන් තිදෙනෙක් තම කුලුදුල් දරු ප්‍රසූතියට ප්‍රථම වෛද්‍යවරයෙක් හමුවී තමාට ලැබෙන දරුවා පිළිබදව පූර්ව තොරතුරු විමසයි.
වෛද්‍යවරයා පළමු කාන්තාවගෙන් ඔවුන්ගේ එක්වීම පිලිබද කරුණු විමසයි.
"එයා හිටියේ උඩ."
"එහෙනම් ඔයාට පිරිමි ළමයෙක් ලැබෙයි."
දෙවන කාන්තාව,
"මම හිටියේ උඩ."
"එහෙනම් ඔයාට ගැහැණු ළමයෙක් ලැබෙයි."
තුන්වන කාන්තාව එකවරම හැඩීමට පටන් ගනියි.
"මොකද්ද නෝනා ප්‍රශ්නේ?"වෛද්‍යවරයා විමතියට පත් වෙයි.
"එතකොට මට හම්බෙන්න යන්නේ බලු පැටවු ද?"


සුපිරි මිනිසා
දවසක් කම්මැලිකමේ ඉන්න "සුපර් මෑන්" තමන්ට ඇතිවූ නොහොබිනා ආශාව ඉ‍ටුකර ගැනීමට කාන්තාවක් සොයා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටින අවස්ථාවෙදී "බැට් මෑන්" ඔහු අසලට පැමිණේ.
"මොකද නිකම් දුකෙන් වගේ?"බැට් මෑන් අසයි.
සුපර් මෑන් ඔහුට සියල්ල පැහැදිලි කර මෙසේ අසයි.
"මට කියපන් බලන්න මේ 'කොමික් දූපතේ' ඉන්න ලස්සනම කෙල්ල කව්ද කියල."
"වෙන කව්ද ඉතින් 'වොන්ඩර් වුමන්' මිසක්,ඔය ආසාව විනාඩියෙන් නැති කරගන්න පුලුවන් එයාට කියලා."
සුසුමක් හෙලන සුපර් මෑන්,
"එහෙම කරන්න බෑ බන්...එයා මගේ යාලුවනේ."
"එහෙනම් උබ ඕන මගුලක් කරගනින්"බැට් මෑන් පිටව යයි.
තම පියාසර මාර්ගයේදී ඔහුට "ග්‍රීන් ලෑන්ටර්න්" හමුවේ.
"මොකද මචන් ප්‍රශ්නයක්ද?"ඔහු සුපර් මෑන්ගෙන් අසයි.
"අනේ ඔව් බන්"සියල්ල නැවත පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔහුගෙන්ද පෙර ප්‍රශ්නයම විමසූ විට බැට් මෑන්ගෙන් ලැබූ පිළිතුරම ලබා නොසතුටින් නැවත ගමන් කරන විට "වොන්ඩර් වුමන්" තණ පිටියක් මධ්‍යයේ නිරුවතින් සිටිනු දකියි.
මින් ඉතාම කලබලයට පත් වන ඔහු,තම සුපිරි බලය යොදාගෙන තත්පරයකටත් අඩු කාලයකදී තම සිතේ තෙරපෙමින් තිබූ අශාව ඉශ්ට කරගෙන පිටව යයි.
(මොහොතකට පසු)
වොන්ඩර් වුමන් - "මොකද්ද අනේ ඒ ආපු සද්දේ?"
ඉන්විසිබල් මෑන් - "අනේ මන්දා,ඒ මොනවා උනත් දැන් මගේ පිටිපස්ස සෑහෙන්න ඇදුම් කනවා."


ගත්තේ මගේ පිටරට ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන්.හරි අමාරුවෙන් තමයි සිංහලට පරිවර්තනය කොර ගත්තේ.කලිනුත් කිව්වා වගේ මේක මගේ පළවෙනි ත්‍රෙඩ් එක මචන්ලා.එහෙට මෙහෙට දගලල තමයි ත්‍රෙඩ් එකක් දාන හැටිත් හොයාගත්තේ.වැරදි මොනවහරි තියෙනවනම් සොරි වෙන්න ඕනෙ..(ඉදිරි පි‍ටු බලන්න.)
 
Last edited:
රෙප් බලාගෙනම මේවා පරිවර්තනය කලේ නෑ මචන්ලා,කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කත් සතු‍ටුයි.හිනා ගියානම් ඒ ඇති.උබලා කාටහරි පුලුවන්නම් රෙප් දෙන හැටි එහෙම දාලා තියෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දාපන්.ජය වේවා.....:D
 

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වැලි ගොව්වා;12253681 said:
    රෙප් බලාගෙනම මේවා පරිවර්තනය කලේ නෑ මචන්ලා,කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කත් සතු‍ටුයි.හිනා ගියානම් ඒ ඇති.උබලා කාටහරි පුලුවන්නම් රෙප් දෙන හැටි එහෙම දාලා තියෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දාපන්.ජය වේවා.....:D

    rep 5k dena hitiye. koheda uba epalune. mona karannada. onna BUMP ekak.
     
    සමීක්ෂණය
    ඊයේ දිනයේ රජයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් බියර් පානය පිලිබදව අපූරු සොයාගැනීමක් සිදු කලා.මෙයින් තහවුරු වූයේ බියර් වල අධික වශයෙන් කාන්තා හෝමෝන අඩංගු බවයි.
    මෙය ඔප්පු කිරීම සදහා ඔවුන් සිදු කල අපූරු පරීක්ශනයයි මේ.
    පළමුව මේ සදහා පිරිමින් 100 දෙනෙක් සහභාගි කරගැනුනි.
    ඔවුන්ට බියර් පයින්ට් 6 බැගින් පානය කිරීමට ලබාදුනි.
    මෙහිදී පෙනී ගිය ආකාරයට බියර් පානය කල පසුව පිරිමින් 100% ගේම බර වැඩි විය.ඉන්පසු ඔවුන් ‍තෝර‍තෝංචියක් නොමැතිව දොඩවන්නට පටන් ගත්හ.අධිකව හැගීම්බර වීමද,වාහන එළවීමට නොහැකි වීමද,සිහිබුද්ධියෙන් යමක් කිරීමට ඇති හැකියාව අවම වීමද,සිදු නොවූ දෙයකට පවා රණ්ඩු සරුවල් ඇතිකරගැනීම සහ තමාගෙන් සිදුවූ වරදකට සමාව ඉල්ලීම ප්‍රතික්ශේප කිරීම මෙය සහතික කිරීම සදහා ඉදිරිපත් කර තිබූ කරුණු අතර විය....:)

    (කාන්තාවන්ට පහර ගැසීමක් සදහා පරිවර්තනය කරන ලද්දක් නොවේ,හුදෙක්ම සිනහවීම සදහාය.)